මම අවුරුදු 9ක් ම ඩුබායි හිටියෙ. විදින්න ඕනෙ හැම දහදුකක්ම වින්ද. ඒ ඉන්න ගමන් මන් දිගටම ලන්කාවට සල්ලි එව්ව. ඒ සල්ලි වලින් පර්චස් 6ක් අරන් පොඩි ගේ කෑල්ලක් ගහගත්ත. මන් රට හිටපු හින්ද නෝනගෙ නමට තමයි ඉඩම ගත්තෙ. පස්සෙ 251 පොඩි වැනට් වෑන් එකකුත් ගත්ත. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. මන් නොදැන හිටියට පහුගිය අවුරුදු 1 හමාරක් තිස්සෙ මගේ ගෑණිට වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් තිබිල. මේ පරට්ටි මන් දහදුක් විදල හදාගත්ත ගේයි වෑන් එකයි ඒ මිනිහගෙ නමට හරවල. ඒ මේ අප්‍රේල් වල. මන් ලන්කාවට ආවෙ මේ මාසෙ මුල. ඒ වෙනකොට හැම දෙයක්ම අර මිනිහට අයිති වෙලා. ගෑනි අඩ අඩ කියනව මන් ඒ මිනිහට රැවටුනා කියල. වෙලාවකට මට හිතෙනව ඕකුන් දෙන්නටම පිහියෙන් ඇනල හිරේ ගියත් කමක් නෑ කියල. ඒත් මගේ අහින්සක දරු පටව් දෙන්න වෙනුවෙන් මන් ඉවසනව. ඒ මදිවට මගේ අතෙත් සතපහක් නෑ. මොකද ගිය මාසෙ පඩියත් මන් ගෑනිට ලන්කාවට එව්ව. මේ පර බැල්ලි සල්ලි ඉදන් අර මිනිහට දීල. මගේ අතේ තිබුන සල්ලි වල පොඩි එවුන් දෙන්නට අනන් මනන් ගෙනාව. කොයී දේ කරන්නෙත් උන් දෙන්න වෙනුවෙන් නේ. හරි හම්බ කරන් ලන්කාවට ආවම ටිකක් හිතේ නිවි සැනසිල්ලෙ ඉන්න ඒකටවත් මට පිනක් නැද්ද කොහෙද බන්. මේකනන් මගේම පවුකාර කම. අනේ හත් දෙයියනේ උබලවත් කියපන් මන් දැන් මොනවද කරන්න ඕනෙ කියල. මොකද්ද මේකට නීතියෙන් කරන්න ඕනෙ. හරියට ඇස් දෙකවත් පියවෙන්නෑ මේ ප්‍රශ්න හින්ද. නීතියෙන් මේකට කරන්න පුලුවන් දේ දන්න කෙනෙක් ඉන්නවනන් පින්සිද්ද වෙයි මට මොකද්ද කරන්න ඕනෙ කියපන්. මට මේ වෙලාවෙ මුකුත් කල්පනා වෙන්නෙත් නෑ. මේ වෙලාවෙ මට මේක කියන්න කෙනෙකුත් නෑ. පින්සිද්ද වෙනව. මට උදව් කරපන්. නීතියෙන් මන් මොනවද කරන්න ඕනෙ

thama dikkasada karala nehene oya...oya oyage wife tane ewwe hema dema...eya gawa thiyenna epai ewa...den wena kenekge namata thiyeddi nikanma oppu wenawane wereddak wela thiyenawa kiyala...enisa naduwe wedi wasiyak ganna puluwan oyata...

