ෂර්ලොක්_හෝම්ස්ගේ_ඇත්තම_විස්තර(ආතර්_කොනන්
ලෝකයේ අංක එකේ රහස් පරීක්‍ෂක කතාකරුවා වන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් වෘත්තියෙන් වෛද්‍යවරයකු බවත්, එක්‌දහස් අටසිය ගණන්වල එංගලන්තයේ ජීවත් වූ වෛද්‍යවරුන් අතරින් භූතාත්ම සහ මළ පෙරේතයන් සමඟ වැඩිම සම්බන්ධයක් පැවැත්වූ වෛද්‍යවරයා බවත් වැඩි දෙනා අදටත් නොදනිති. භූතාත්ම සමඟ ගනුදෙනු කරන ක්‍රම දෙකක් තිබේ. පළමුවැනි ක්‍රමයට අනුව ගනුදෙනුකරුවා භූතාත්ම සමඟ අදහස් හුවමාරු කරන ආකාරය ඉගෙන ගත යුතුය. දෙවැනි ක්‍රමය වූ කලී කිසිදු පෙරහුරුවක් නැතිව තමා තුළම උපන් හැකියාව හෙවත් In Born Talent හරහා භූතයන් සමඟ කතා කිරීමය. ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් තුළ මේ දෙවැනි ක්‍රමයේ කුසලතාව විය. එහෙත් ඔහු එය ප්‍රයෝජනයට ගන්නේ තරුණ වියට එළැඹීමෙන් පසු ය.
1859 මැයි 22 වැනිදා කතෝලික අයර්ලන්ත පවුලක සාමාජිකයකු ලෙස එඩින්බරෝවේදී උපන් කොනන්ඩොයිල් අපස්‌මාර රෝගියකු වූ සිය බේබදු පියා නිසා ඉමහත් දුක් සහිත ළමා කාලයක් ගත කළේය. වැඩි කාලයක් රෝහල්වල ගත කළ පියා (චාල්ස් ඩොයිල්) නිවසේ ගත කළ කෙටි කාලය තුළ තම දරුවන්ට මහත් සේ ආදරය පෑවේය. ගෙදර ආර්ථික තත්ත්වය අන්තිම විය. කොනන්ඩොයිල් ට අධ්‍යාපනය දෙන ලද්දේ ඡේසුයිට් නිකායේ පූජකයන් විසිනි. මේ කරුණාවන්ත පූජකයෝ ඔහු වෛද්‍ය විද්‍යාලයට යවා වෛද්‍යවරයකු කළහ. ඔහුට වෛද්‍යවරයකු ලෙස ජීවිතය පටන් ගන්නට සිදුවන්නේ කතුරු, පිහි, හැඳි වැනි මුළුතැන්ගෙයි භාණ්‌ඩවලට ලෝක ප්‍රකට පළාත වූ එංගලන්තයේ ෂෙෆීල්ඩ් ප්‍රදේශයේ ය. තරුණයකු වූ ඔහු වෙත ලෙඩුන් පැමිණියේ නැත. ඒ නිසා තල්මසුන් දඩයම් කරන නැවක ශල්‍ය වෛද්‍යවරයා ලෙස ඔහු සේවයට බැඳෙයි. මුහුදු ජීවිතය විසින් ඔහුගේ ගත සහ සිත යන දෙකම රළු කරනු ලබන්නේය.
ඔහුගේ ඊළඟ පත්වීම දකුණු මුහුදේ නැවක සර්වාංග වෛද්‍යවරයා ලෙසය. යම් ප්‍රමාණයකට ජීවිතය ගොඩ දා ගත් පසු ඔහු කසාදයක් බඳී. ඔහුගේ මනාලිය ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට ආ මොළේ උණ රෝගියකුගේ සහෝදරිය වූ ලුයිස් ය. මෙතැන් සිට ජීවිතය යහපත් වෙයි. ආධ්‍යාත්මිකවාදය සහ භූත විද්‍යාව ගැන ඔහු තුළ තිබූ කුසලතාවන් අවදි වන්නට පටන් ගනී.
ජෝන් වෙස්‌ලි යනු මෙතෝදිස්‌ත දේවගැතිවරයෙකි. වෙස්‌ලි කොලේඡ් ලෙස ඔහුගේ නමින් ලොව පුරා මෙතෝදිස්‌ත පිරිමි පාසල් ඇත. ක්‍රිස්‌තියානි සභාවට අයත් වෙස්‌ලි උපන්නේ 1703 දී ය. ඔහු 1791 දී මළේය. කතෝලික ප්‍රතිපත්තිවලට කොතරම් එරෙහි වුවද ජෝන් වෙස්‌ලිගේ ආත්මය සමඟ නිතර කතාබහ කරන ඇමරිකන් කාන්තාවක එක්‌දහස් අටසිය ගණන්වල ජීවත් වූවාය. චිත්ත තරංග හරහා භූතාත්ම සමඟ කතා කළ හැකිය යන භෞතික විද්‍යාත්මක න්‍යායය ඇය විශ්වාස කළාය. ඡේ. හොස්‌ටිස් නමැති මේ කාන්තාව ජෝන් වෙස්‌ලිගේ ආත්මය සමඟ කතා කරන විට ඒ අහල පහල සිටි පැරැණි රජවරුන්ගේ භූතාත්ම ද ඇය සමඟ කතා කරන්නට වූහ. මේ අත්දැකීමෙන් වශීකෘත වූ ආතර් කොනන්ඩොයිල් ඡේ. හොස්‌ටිඩ්ගේ භූත සංවාද වලට නිතර සහභාගි විය.
1880 වන විට භූත විද්‍යාව නමැති අලුත් විෂය මාරුතයක් බවට පත් වී එංගලන්තය පුරා හමන්නට විය. වංශවත් වික්‌ටෝරියානු විසිත්ත කාමරවල එක්‌රැස් වූ ධනවත් ගැහැනු සහ මිනිස්‌සු භූතයන් විසින් කරනු ලබන සංවාද සහ ප්‍රාසංගික අවස්‌ථා බලමින් සතුටට පත් වූහ. සමහර භූතයෝ තමන් සහ අදහස් හුවමාරු කර ගන්නා අයගේ අණ පරිදි යෝධ අයිස් කුට්‌ටි මැවූහ. මේවා ඉන්ද්‍ර ජාල නොවීය.
එක් රැයක සිය අවසාන රෝගියාට ද ප්‍රතිකාර කිරීමෙන් පසු දොස්‌තර කොනන් ඩොයිල් කෙටි කතාවක් ලිවීමට තැත් කළේය. මේ කතාවේ ප්‍රධාන චරිතය ෂෙරින්ෙෂර්ලොක් හෝම්ස් හෝම්ස් ය. පසු කාලයේදී ෂර්ලොක් හෝම්ස් බවට පත් වන්නේ ඔහුය. A Study In Scarlet නැමැති ඒ කතාව සඟරාවක පළවූ අතර මහත් සේ ජනප්‍රිය විය. ෂර්ලොක් හෝම්ස් ගේ මිත්‍රයා දොස්‌තර වොට්‌සන් ය. මේ චරිත දෙකම ෆෙන්ඩොයිල්ගේ චරිතයේ පැතිකඩ දෙකකි. ෂර්ලොක් හෝම්ස් යනු සැබෑ පුද්ගලයකු ලෙස සිතූ ජනයා එම කතාවල එන බේකර් වීදියේ 'කාමරය' සොයා ලන්ඩනය පුරා ඇවිදින්නට වූහ. තම කතන්දර කලාව ජනප්‍රිය වන බව දුටු දොස්‌තර ආතර් කොනන්ඩොයිල් වෙද නළාව පසෙක තබා මුදල් සෙවීම පිණිස කතන්දර කලාවට බැස්‌සේය. 1902 වන විට ඔහු නයිට්‌වරයෙකි.
කොනන්ඩොයිල්ගේ කතා කිසිවක් කෙළින්ම ගුප්ත විද්‍යාවට සම්බන්ධ නැත. එහෙත් එම කතා කියවන විට නිතරම ගුප්ත ගතියක් දැනෙයි. ඔහුගේ විශිෂ්ටතම ෂර්ලොක් හෝම්ස් කතාව වූ ඔThe Hound of Baskervilles(මෙය රුදුරු බලුව යනුවෙන් සිංහලට පරිවර්තනය වී ඇත.) තුළ ගුප්ත විද්‍යාත්මක ආවේශශයක් ඇත.
වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින අතරම කොනන් ඩොයිල් යුද සෙබළෙක්, දේශපාලනඥයෙක් ලෙස කටයුතු කළේය. ඔහුගේ පවුල් ජීවිතය විශාල වියවුලකි. මුලින් විවාහ වූ තරුණිය සහ ඔහු අතර ආලයක් නොවීය. එහෙත් ඔහු ඇයට (ලුවිස්‌ට) ආරක්‍ෂාව සහ සහයෝගය සැපයීය. 1897 වන විට ඇය ක්‍ෂය රෝගයෙන් බරපතළව ඔත්පළව සිටියාය. මේ අතර එම වසරේ මාර්තු 15 වැනිදා ඔහුට ගායිකාවක වූ ජින් ලෙකී හමුවෙයි. එහෙත් වික්‌ටෝරියානු සම්ප්‍රදායේ මිනිසකු වූ කොනන් ඩොයිල් සිය රෝගී බිරිඳ ජීවතුන් අතර සිටින තාක් කල් ජීන් ලෙකී සමඟ විවාහ වීම ප්‍රතික්‍ෂේප කරයි. ඔවුන් විවාහ වන්නේ කොනන්ඩොයිල්ගේ පළමු බිරිය වන ලුයිස් මියගොස් වසරකට පසු 1908 දී ය. පළමුවැනි ලෝක යුද්ධයේදී පුතා වන කිංග්ස්‌ලි මිය යයි. ඒ 1918 දී ය. එය ඔහුට දරා ගැනීමට බැරි තරම් දුකකි. මේ අතර ශ්‍රීමත් ඔලිවර් ලොඡ් විසින් ලියන ලද 'රේමනස්' නමැති පොත ඔහුට කියවන්නට ලැබෙයි. ඒ පොතෙන් කියෑවෙන්නේ ඔල්වර් ලොඡ් සිය මියගිය පුත්‍රයා සමඟ අධි මානසික බලයෙන් සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නා ආකාරයයි. සිය මියගිය පුතා සමඟ කතා කිරීම සඳහා අධි මානසික ශක්‌තිය සොයා යැමට ආතර් කොනන්ඩොයිල් මෙතැන් සිට පටන් ගනී. මෙතැන් සිට ඔහු තමා සතු පවුම් මිලියන ගණන් වැය කරමින් එංගලන්තය පුරා යමින් චිත්ත බලය හා ගුප්ත විද්‍යාව ගැන දේශන පවත්වන්නට පටන් ගනී.
ආතර් කොනන්ඩොයිල් කියන පරිදි කෙනකු මළ පසු ඔහුගේ හෝ ඇයගේ මනෝකාය හෙවත් චුති චිත්තය ශරීරයෙන් නික් මී මළ සිරුර අසල ගැවසෙන්නට පටන් ගනී. ගත මියගොස් ඇති බව මනෝකාය දනී. තම ඉඳුරන්ගෙන් තවදුරටත් වැඩක් ගැනීමට නොහැකි බව මනෝකායට වැටෙහෙයි. මේ අතර මීට පෙර මියගිය භූතාත්ම පෙර කී මනෝ කයට හමුවෙයි. එම භූතාත්ම මේ අලුත් භූතයා තම තමාජයට ඇතුළත් කර ගනී. ඉන් පසු අලුත් භූතාත්මය නිද්‍රාවකට එළැඹෙයි. එය ජීවත්ව සිටියදී තමන් අත් විඳි දුක් කරදරවල ප්‍රමාණයට අනුව දින කිහිපයක සිට මාස කිහිපයක් දක්‌වා දීර්ඝ වූ නිද්‍රාවකි. මෙය නින්දකට වඩා හති ඇරීමකට සමානය. කොනන්ඩොයිල්ගේ භූත ආශ්‍රය පිළිබඳව ඔහුගේ මව මහත් නොකැමැත්තෙන් පසු වූවාය. එසේම ඔහුගේ දෙවැනි බිරිය ද මෙය මහත් අවදානම් කටයුත්තක් යෑයි තීරණය කළාය. මේ අතර දිනක් භූතයන් සමඟ චිත්ත තරංග ඔස්‌සේ අදහස් හුවමාරු කර ගනිමින් සිටි කොනන්ඩොයිල්ට පළමුවැනි ලෝක යුද්ධයේදී මියගිය සිය පුත්‍රයා මෙන්ම දෙවැනි බිරියගේ සහෝදරයා වූ මැල්කම් ලෙකී හමුවිය. මේ නිසා ජීන් ලෙකී (දෙවැනි බිරිය) මහත් උද්දාමයට පත් වූවාය. ඩොයිල් භූතාත්ම සමඟ ගනුදෙනු කළේ අරාබි ක්‍රමවේදයන් අනුවය. භූතයන් කියන දේ ඒ ක්‍රමවේදය හරහා ලිවීමට ඔහුට හැකි විය.
සිය ජීවිතයේ අවසාන කාලයේදී ඇමරිකානු හිර ගෙදරක සිටි අධි මානසික ශක්‌තිය සහිත අපරාධකාරයකු වූ මොරේල් හමුවීමට කොනන්ඩොයිල් ගියේය. ශරීරයෙන් මනෝකාය ඉවතට ගෙන ස්‌වල්ප වේලාවක් පවත්වාගෙන යැමට (හෘද ස්‌පන්දනය යළි ඇති කිරීමට තරම් සුදුසු කාලයක්) මේ සිරකරුට හැකි විය. මේ අතර ගුවන් විදුලි යන්ත්‍රය නිර්මාණය කළ ගුග්ලිඑල්මෝ මාර්කෝනි ඔහුට වැදගත් කතාවක් කීවේය. මීටර් 30,000 ක් ඈතට ගුවන් විදුලි තරංග යවන විට කිසියම් අද්භූත සංඥා වර්ගයක් තමන්ට හමුවන බව මාර්කෝනි කොනන්ඩොයිල්ට කීවේය. ඒවා පිටසක්‌වල ජීවීන් නිකුත් කරන තරංග බව මාර්කෝනිගේ මතය විය. එහෙත් කොනන්ඩොයිල් කීවේ ඒවා භූතාත්ම නිකුත් කරන තරංග බව ය.
1930 දී අභාවප්‍රාප්ත වන විට කොනන්ඩොයිල් යුරෝපය පුරා ජනප්‍රියව සිටියේ ෂර්ලොක් හෝම්ස්‌ගේ නිර්මාපකයා ලෙස නොව ප්‍රවීණ භූත විද්‍යාඥයකු ලෙසිනිs. මෙය ආසියාව නොදන්නා කතාවකි.
කොනන්ඩොයිල්ට වැරැදුණු තැන
ගුප්ත විද්‍යා ශාස්‌ත්‍ර ලෝකය තුළ ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල්ට වැරැදුණු තැනක් විය. ඒ "Cottingley- සුර දූතිකාවෝ" නමැති සිද්ධියයි. 1917 දවස එංගලන්තයේ යෝක්‌ෂයර් පළාතේ කොටිංග්ලි ගමේ ජීවත් වූ 16 හැවිරිදි එල්සි රයිට් සිය ඥති සහෝදරිය වූ දස හැවිරිදි ප්‍රාන්සෙස් ග්‍රීෆිත් සමඟ සෙල්ලම් කිරීම සඳහා නිවස අසලින් ගලා බස්‌නා ගංගාව වෙත ගියා ය. එසේ යන විට ඇය තම පියාගේ කැමරාව ද රැගෙන ගියාය. ගං තීරයේ තම ඥාති සොයුරිය තැබූ එල්සි ඡායාරූප පහක් ගත්තාය. ඒවා මුද්‍රණය කරන ලද කල්හි කුඩා ප්‍රාන්සස් වටා සිටින කුඩා සුර දූතියන් කිහිපදෙනකු දැක ගත හැකි විය. පින්තූරය පුවත්පත්වල පළවූ දින පටන් මාසයක් පමණ ගතවන තුරු එංගලන්තය වෙන කිසිදු කතාවක් නැතිව මේ සිද්ධිය ගැන ම කතා කරන්නට විය. ගුප්ත ශාස්‌ත්‍රයෙන් ආසක්‌තව සිටි ශ්‍රීමත් කොනන්ඩොයිල් ද මේ සිද්ධියට ඉමහත් ප්‍රචාරයක් දුන්නේය. එහෙත් මාසයකට පසු මේ ඡායාරූපය දෘෂ්ටි ප්‍රයෝග මගින් වංචනික ලෙස සකස් කරන ලද බව එල්සි රයිට් කීවාය. ඒ වන විට සුරංගනාවන් ගැන පොතක් ලියමින් සිටි ශ්‍රීමත් කොනන්ඩොයිල් එම පොතට ද මෙම පින්තූර ඇතුළත් කළේය.
උපුටා ගැනීම "දිවයින "