එහා පැත්තෙ

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔන්න මේකත් ඊමේල් මගින් ආපු English එකක්. දන්න සිංහලෙන්ම කස්ටියට බලාගන්න දානව. රීපෝස්ට් නම් සොරි! හොදයි නම් අනිත් අයටත් බලන්න සලස්වන්න.

    එහා පැත්තෙ එකා

    j2mq.jpg


    ගමනක් යන ගමන් හදිසි අවශ්‍යතාවයක් නිසා මම පොදු වැසිකිලියකට ඇතුල් වුනා. මගේ වැඩේ කරගෙන යද්දිම එහා පැත්තෙ පාටිෂන් එකේ මනුස්සයා කියනවා,

    "ආ.. කොහොමද?"
    :shocked:
    සාමාන්‍යයෙන් මෙතන කතාබහක් නොකෙරෙන තැනක් වුනත් ටිකක් ලැජ්ජාවෙන් මං උත්තර දුන්න,

    "වරදක් නෑ" :baffled:
    මගේ වැඩේට ආයෙමත් බාධා කරමින් මෙයා අහනව,

    "ඉතිං, මොනවද කරන්නෙ?"
    (යකෝ මේකෙ ඇතුලෙ වෙන මොනව කරන්නද:angry:)
    කොහොම හරි කේන්තිය යට ගහගෙන මං කිව්වා,

    "ඔයා වගේම තමයි, ගමනක් යන ගමන්"
    මට නිකම් මොකක්ද වගේ මේ මනුස්සය මාත් එක්ක කතා කරපු හැටි. කොහොමහරි මගේ කාර්යය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යෝදය අහපි,

    "මං ඔහෙට එන්නද?"

    :oo::baffled::oo::baffled::oo::baffled:
    හෑඃ!!! ඔන්න මගෙ රතුකට්ට පනිනව ඕං. කමක් නෑ. එළියට යන්න හදන ගමන් මං උත්තර දුන්න,

    "බෑ...මං මෙතන ලොකු වැඩක්!"

    ආයෙත් එහා පැත්තෙ පොර කියනව ඇහෙනව,


    "මේ, මං ඔයාට තව ටිකකින් ගන්නම්, මේ එහා පැත්තෙ ඉන්න පිස්සා මං කියන හැම එකටම උත්තර දෙනව!"

    Phone එකත් අරන් වැසිකිලි යද්දි ඔහොම දේවල් වෙනවා ඈ! ;)


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,698
    113
    Gampaha
    ඔරිජිනල් කතාව මීට වඩා දිගට ලස්සනට ලියල තියෙනවනෙ බන්. උබට කම්මැලිවත් හිතුනද?? :rofl: