සූර්පිට ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ගුවනේ

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    සූර්පිට ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ගුවනේ

    මත්පැන් පානය කර සිටි බව කියන ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු අඩි 35,000ක් පමණ ඉහළ අහසේදී වැසිකිළියේ දොර යැයි සිතා ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සහා කර ඇතැයි වාර්තා වේ.

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකින් පසු කොදෙව් ශාන්තලුසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්‍රීඩකයින්ද රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ ඊයේ (01) මෙය සිදුවී ඇත.

    එම ක්‍රිකට් ක්‍රීඩකයා ගුවන් යානයේ දොර වැරෙන් ඇද විවෘත කිරීමට විනාඩි 2ක පමණ කාලයක් උත්සහා දරා ඇති අතර මෙය දුටු ගුවන් යානයේ සිටි සෙසු මගීන් කලබලයට පත්ව ඇතැයි පැවසේ.

    සෙසු ක්‍රීඩකයින් කෑ ගසා එය නතර කිරීමට ද උත්සහා දරා ඇතැයි වාර්තා වේ.

    ලාංකික ක්‍රීඩකයින් ගුවන් යානයට ගොඩවීමට පැය 4ට පෙර මත් පැන් පානය කර ඇති බව ද අනාවරණය වී ඇත.

    කෙසේ හෝ ගුවන් යානයේ සේවකයින් වහා එම ස්ථානයට පැමිණ එම ක්‍රීඩකයාව සන්සුන් කිරීමට සමත්ව තිබේ.

    ලාංකීය අනන්‍යතාව සහිත ඇඳුම් පැළඳ ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායමක් ගුවන් යානයේ සිටි බව එහි සිටි මගියෙකු අනාවරණය කර ඇත.

    බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන එහි මගීන් 229 දෙනෙකු සිටි බවද පැවසෙයි.

    බීමතින් සිටි ක්‍රීඩකයා වැසිකිළියට යාමේ අවශ්‍යතාවයෙන් ගුවන් යානයේ දොර විවෘත කිරීමට තැත් කර ඇති බවත් ඔහු ඇල්කොහොල් පානය කර ඇති බව හෙළි වී ඇති බවත් ඔහු‍ගේ නම සඳහන් කිරීමට නොහැකි බවද එම බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ නිලධාරියෙකු පවසා තිබේ.


    source: adaderana.lk
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කවුද ඕයි ඒ?
    funny-drunk-guy-falling-roof-surf-board-animated-gif.gif