ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

kingdewi

Well-known member
  • ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    අපි කවුරුත් දන්නවා ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම කියන්නේ අතිශයින්ම වැදගත් ජාතික මෙහෙවරක් .ඒ වගේම බොහොම උතුම් සත් ක්‍රියාවක් .

    922699_536712616386393_993669211_n.jpg


    මේකෙදි හැමෝගෙම අරමුණ වෙන්න ඕනේ ,අපි ඒ කියන්නේ කඳවුරු සංවිධායකයන් සහ ජාතික ලේ දීමේ සේවය වියදම් කරන මුදලට , දරන ශ්‍රමයට සරිලන සුරක්ෂිත ලේ පැකට්ටු ප්‍රමාණයක් ජාතික ලේ සංචිතයට ලබාදීම තමයි .

    Donate+blood.jpg


    blood20.jpg
    එතෙන්දි ..
    රුධිර දායකයාගේ සුරක්ෂිතතාවයත් හැමෝගෙම වගකීමක් බවත් මතක තියාගන්න ඕන .

    ඉතින් අද මගේ අරමුණ තමයි රාජකාරියෙන් ලැබුන අත්දැකීම් හා දැනුම බිඳක් ඔයාලත් එක්ක බෙදාගන්න එක .

    අරමුණු වෙන්න ඕනේ මෙහෙමයි

    ජාතික , ආගමික , පුද්ගලික හෝ ඕනෙම අරමුණක් මුල්කරගෙන අපිට ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරන්න පුළුවන් .හැබැයි මේක සාමුහික උත්සාහයකින් තමයි සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ .

    හිතමිතුරු සමාජ , ක්‍රීඩා සමාජ ,සමිති ,ස්වෙච්චා සංවිධාන ,රජයේ \පුද්ගලික ආයතන වගේ ඒවායේ මෙවැන්නක් සාර්ථකව සංවිධානය කරන්නට පුළුවන්.

    හැබැයි ඉතින් පුද්ගලයෙක් ප්‍රසිද්ධ වීමට , නිකම්ම ප්‍රදර්ශනයට කරන ලේ දන්දීමේ කඳවුරු නම් අසාර්ථක වෙන බව අත්දැකීමෙන්ම කියන්නට පුළුවන් .

    දිනය වෙන්කර ගන්නේ මෙහෙමයි

    ඔයාලට කැමති විදියට , එකියන්නේ රුධිර දායකයන්ට වඩාත්ම පහසු දිනයක් තෝරාගන්න .
    හැබැයි තෝරාගන්න දිනය ගැන, ඊට මාසයකටවත් කලින් ලඟම ලේ බැංකුව එක්ක සාකච්චා කරන්නම ඕන .
    මොකද හදිසියේ සංවිධානය කරන කඳවුරු වලට දින දෙන්න වෙන්නේ ඉඩකඩ තියෙන විදියටනේ .

    ස්ථානය තෝරාගැනීමත් හරිම වැදගත්

    DSCN2118.jpg


    224435_198595096864815_1332555_n.jpg
    *ප්‍රසිද්ධ පොදු ස්ථානයක් නම් වඩා හොඳයි

    *ගමන් පහසුව ,වාහනයක් ගෙන යෑමේ පහසුව අනිවාර්යයි

    *ප්‍රමාණවත් ආලෝකය හා වාතාශ්‍රය තියෙන ශාලාවක් වෙන්න ඕන

    *ශාලාව තුල පිරිසිදුව ,දුවිලි අවමව තියෙන්න ඕන

    *අවට පරිසරය පවිත්‍ර වෙන්න ඕන

    *ජල පහසුව , විදුලි සැපයුම තියෙන්න ඕන

    *වැසිකිලි පහසුකම් තියෙන්න ඕන

    මෙන්න මේ උපකරණ සහ සම්පත් හොයාගන්න වෙනවා

    6.jpg


    imgres

    *කාර්යාල මේස තුනක්

    *සාමාන්‍ය පුටු දහයක්

    *කුඩා ස්ටුල් පහක් (හෝ වෙනුවට අමතර පුටු පහක්)

    *ලේ පරිත්යාගශිලින් ට අසුන් ගැනීමට පුටු හෝ බංකු

    *විදුලිපංකා හතරක්

    420627_295493197175004_423729893_n.jpg

    ලේ දුන්න අයට සලකමු මෙහෙම

    *ලේ දීමට ඉස්සෙල්ල පිරිසිදු වතුර වීදුරුවක් දෙන්න ඕන . ඒකට පානිය නලජලය හෝ උතුරවා නිවාගත් ළිං ජලය හෝ බෝතල් කල ජලය යොදාගන්න පුළුවන් .

    *ලේ දුන්නට පස්සේ කෙටි ආහාරයක් සහ පානයක් දෙන්න ඕනේ ,
    මේකට බනිස් ,මාළු බනිස් සැන්ඩ්විච් වගේ දෙයක් හෝ රෝල්ස් ,පැටිස් වැනි දෙයක් හෝ ලබා දෙන්න පුළුවන්
    බීමට, කිරි කොපි එකක් නම් හොඳටම ගැලපෙනවා .නැත්නම් කෝපි , කිරි ,තේ ,තැඹිලි හෝ කිරි පැකට්ටු වැනි දෙයක් වුනත් දෙන්න පුළුවන්

    *කැමති නම් අමතර සමරු තිළිණ හෝ සහතික ලබා දෙන්න පුළුවන් .මේවා අවශ්‍යම නෑ.වඩාම වැදගත් ස්වේච්චාවෙන් ලේ දන්දීම තමයි .

    935745_526452940745694_154614350_n.jpg


    මෙන්න මෙහෙම හොයාගනිමු ලේ දෙන්නට සුදුසු අයව

    *වයස 18 ත් 55 ත් අතර නිරෝගී 50kg හෝ වඩා බර ඇති අයහට මාස හතරකට වරක් ලේ දන්දෙන්න පුළුවන්

    *සුදුසු පුද්ගලයන් හොයල කෝල් කරලා , හමුවෙලා කියල ,ඒකියන්නේ පුද්ගලිකවම දැනුවත් කරලා ලේ දන්දීමට ආරාධනා කරන්න ඕන

    *සාර්ථක ලේ දන්දීමේ කඳවුරක් සඳහා අවමව රුධිර දායකයන් පනස්දෙනෙක් වත් ලේ පරිත්‍යාග කරන්න ඕන

    කරමු ප්‍රචාරේ මෙහෙම

    *පෝස්ටර් පත්‍රිකා බැනර් ,පුවත්පත්, රුපවාහිනි ,ගුවන්විදුලි දැන්වීම් දාන්න පුළුවන්( පෝස්ටර් ලේ බැංකුවෙන් දෙනවනේ )

    *පොදු ආයතන තුල නම් රැස්වීමක් පවත්වන්න පුළුවන්

    *ශබ්දවාහිනී මගින් කඳවුරු පවත්වන දිනයේ හා පෙර ප්‍රචාරය කරන්නත් පුළුවන්

    *ලිපි මගින් දැනුම්දෙන්නත් පුළුවන්

    *ලේ දන්දීමේ කඳවුර පවත්වන දිනය ස්ථානය හා වෙලාව පැහැදිලිව ප්‍රචාරය කරන්න ඕන

    සංවිධායක මණ්ඩලය මෙහෙමයි

    ප්‍රධාන සංවිධායක මහතා \මහත්මිය ලේ බැංකුව එක්ක කෙරෙන ගනුදෙනු කරන්න ඕන ,
    එයා යටතේ මෙන්න මේ අනු කමිටු තිබ්බොත් ලේසියි ,
    *ලේ පරිත්යාගශිලින් සෙවීමේ කමිටුව

    *ප්‍රචාරක කමිටුව

    *ශාලාව හා ස්ථානය පිළියෙළ කිරීමේ කමිටුව

    *සංග්‍රහ කමිටුව

    සංවිධායක කමිටු රැස්වීම විටින් විට තියල ප්‍රගතිය සමාලෝචනය වැදගත් .ඒ වගේම ලේ දන්දෙන්නට ප්‍රමාණවත් පිරිසක් ගෙන්වාගන්නට නොහැකි බව දැනුනොත් වැඩසටහන කල්දමිම හෝ කලින්ම දන්වා අවලංගු කිරීම කරන්න ඕන

    පසු ඇගයුම්

    ලේ දන්දීමේ කඳවුර අවසානයේ සාර්ථක ආසාර්ථක භාවය ලේ බැංකුව සමඟ සමාලෝචනය කරන එක ඉදිරි වැඩසටහන් සාර්ථක කරගන්නට හරිම වැදගත් බවත් මතක තියා ගන්න ඕන .


    ඔන්න දැන් ඉතින් ගැටළු සහ ප්‍රශ්න වලට ත්‍රෙඩ් එක විවුර්තයි :)
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොහොම පින් වැඩක් අපිත් මේ වගේ කදවුරක් තියන්න ඉන්නේ ඉස්සරහට වැදගත් වෙයි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්... :yes:


    නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ? :rolleyes:
     
    • Like
    Reactions: U_knw_me

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!

    වටිනව ඇහ්..................:)

    තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
    කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............
     

    kingdewi

    Well-known member
  • බොහොම පින් වැඩක් අපිත් මේ වගේ කදවුරක් තියන්න ඉන්නේ ඉස්සරහට වැදගත් වෙයි
    ඕන දෙයක් තියෙනවනම් අහන්න :)
    ගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්... :yes:


    නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ? :rolleyes:
    හොඳ අදහසක් කවියෝ

    ස්තුතියි තරි:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!

    වටිනව ඇහ්..................:)

    තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
    කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............

    අඩෝ කලන්තෙත් දානවද ? :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    watina thread ekak.mona wage ayatada le denna bari kiyala kiyanna puluwanda?
    1-සමාජ රෝග සහිත අය
    2-හෙපටයිටිස් හැදුනු අය
    3-ලියුකීමියාව සහිත අය
    4-ගැබිණි සහ කිරි දෙන මව්වරු
    5-බර කිලෝ 50ට අඩු අය.
    6-නියමිත හිමොග්ලොබින් ප්‍රමාණ නැති අය.

    ඉතිරි හෝ මග ඇරිච්ච අය කිං ලොක්ක කියයි...............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ කලන්තෙත් දානවද ? :nerd:
    නැතුව............
    සමහරුන්ට පයින්ට් එකක් අදින එක දරන්න අමාරුයි බං..........
    අනික ලේ දැක්කම කලන්නෙ දාන සෙට් එකක් ඉන්නව නේ...........

    (අපි වගේ ඩ්‍රැකියුලලා නෙවෙයි නේ බං හැමෝම)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැතුව............
    සමහරුන්ට පයින්ට් එකක් අදින එක දරන්න අමාරුයි බං..........
    අනික ලේ දැක්කම කලන්නෙ දාන සෙට් එකක් ඉන්නව නේ...........

    (අපි වගේ ඩ්‍රැකියුලලා නෙවෙයි නේ බං හැමෝම)

    මම නම් තාම එකපාරයි ලේ දුන්නේ බං... ප්‍රසිද්ධ ලේ දීමකට තාම ගිහිල්ලා නෑ... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?
    ඒ හදිසි අනතුරකදී පෞද්ගලික රෝහලකින් ලේ දීලා.....
    ඒකෙන් පස්සෙ තමා ජාතික ලෙ දීමේ සේවය මුළුමනින්නම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගත්තේ.....

    දැන් චෙක් කරලා, හරි ලේ තමා හැම තැනටම යන්නේ එකම තැනකින්......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?

    කතන්දර :)
    ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා :rofl:
     

    kingdewi

    Well-known member
  • watina thread ekak.mona wage ayatada le denna bari kiyala kiyanna puluwanda?

    *අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
    *බර 50kg වලට අඩු අය
    *රෝගයකින් පෙලෙන අය
    *බෙහෙත් පාවෙච්චි කරන අය
    *පැය හයක් වත් නින්දක් නොලැබූ අය
    *නිරාහාරව සිටින අය
    *ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
    *තුවාල සහ සමේ ආසාදන ඇති අය
    *හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
    *ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
    *Sexual workers ලා
    *තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්

    ...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ :rofl::rofl:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    machan class ekaka wage (institue ekaka wage)blood donate karanawanam awama ganak thiyenwada machan..donate karanna ona..................