ආදරය ගැන යමක් - ඒත් මම කවියෙක් නම් නොවේ

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආදරය ගැන යමක් - ඒත් මම කවියෙක් නම් නොවේ

    images


    මගෙ කලින් ත්‍රෙඩ් එහෙම දැකපු කෙනෙක්ට මතක ඇතිනෙ මං බොහෝ විට විහිලු කතාවක් නෙ ඔයාලට ගේන්නේ... අද මට ලාච්චුවක් අස්සෙ තිබිල අවුරුදු 4ක් පරණ කොල කෑල්ලක් හම්බුණා. නිදාන කතාව අහන්න කලින් මේ පද පේලි බලල ඉන්නකො.

    සොඳුරු වූ මගෙ ඒ අතීතේ නැවත ඒ දෝ මා කරා
    පැතුම් හද බැඳ සිටිමි සැමදා නුඹට පමණක් පෙම් පුරා
    ගෙවුනු මොහොතක ඒ නිමේෂය සිහිනයක් දෝ මට
    හැඟේ
    සිතාගන්නට නොහැක මටනම් අහිමි ඇයි සිනහව ඇගේ

    නින්ද යහනට වඩින යාමේ මන්ද හදවත ගොලු වුනේ
    චන්ද්‍ර මඩලයි මනෙත ගැටුනේ සුන්දරයි ඔබ සිහි වුනේ
    වැන්ද වෙහෙරට පිදුව කුසුමට පැතුම නුඹ පමණයි අනේ
    ලන්දු නුඹ නම් සුන්දරයි හරි ඇත්තමයි මගෙ පණ වැනේ

    අහස් කුස තුල රුවන් කැට වැනි ගුවන් තලයම හැඩ වෙනා
    දහස් ගණනින් තරු දිලෙයි රෑ නමුත් නැත මම සතුටිනා
    දෙඇස් නුඹගේ එතරු පරයන අහස දුටු මට සිහි වුනා
    රහස් නොකරම
    නොසඟවා මම කියමි නුඹමයි උවමනා

    නැගේ සිහියට හැමවෙලේ නුඹ බැරිය අමතක කරන්න
    නගේ නොසිතේ වෙන කෙනෙක් ගැන මෙවන් තරමට සිතන්න
    මගේ හදවත අරක්ගෙන නුඹ බැහැනෙ පන්නා හරින්න
    අගේ මටනම් නුඹම පමණයි, ඕනෙ මට මෙය කියන්න

    කවුරු හරි ඇහුවොතින් දිනයක සුරඟනක් කවුදැයි
    මගෙන්
    සෞමි මම නුඹ පෙන්නලා කියනවා සත්තයි "අර බලන්"
    කවුරු හිටියත් හරස් වෙන්නට දුරස් වෙන්නෑ මම ඔබෙන්
    පවුරු පදනම් මම තකන්නෑ ලැබෙනතුරු මදහස ඔබෙන්

    (2009-05-22)


    මං උසස් පෙළ කරන්න හිටිය කාලෙ වුනු සිද්ධියක් මේක. මං යාලුවෙක් විදියට ආශ්‍රය කරපු කෙල්ලෙක් ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් කියන්න ගිහින් උන අකරතැබ්බයක්. මං ඒකිට ලයින් කියල මීටර් වෙලා, තිබුණ යාලු කමත් නැති වුණා. ආයෙ යාලු කරගන්න හැදුවට හරි ගියෙම නෑ. එහෙම හිතේ දුකෙන් පංති ඇරිල ආපු දවසක රෑ තමයි මේ කවි පෙළ ඔහොම ලියවුනේ. ඉතින් මට හිතුනා ඔයාලාගේ අදහස් දැනගන්න එක්ක මේක දාන්න. වැරදි ඇති, මොකද මං කවියෙක් නෙවෙයි. ඒත්, හිතල බලන්න හිතට තදින් දැනෙන සමහර දේවල් අපි තුලින් සමහරවිට අමුතුම හැකියාවන් ගේනව නේද කියල...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඇත්තටම ලස්සනයි මල්ලි. ඔයාට නිර්මාණ කිරීමේ හැකියාවක් තියනවා. දිගටම ලියන්න.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඇල්වින් සහ ගෝලයෝ;15279637 said:
    සුපිරියි මචෝ....කියන්ඩ වචන නෑ
    ගොඩක් ස්තුතියි :)

    පට්ටයි....මේ වගේ ලස්සන දැක්කොත් මං අනිවා රෙප් දෙනව...ඒත් උඹට රෙප් දෙන්න බෑ කියනව බං....
    තැන්කු වේවා! ඒකට කමක් නෑ :)
    ඇත්තටම ලස්සනයි මල්ලි. ඔයාට නිර්මාණ කිරීමේ හැකියාවක් තියනවා. දිගටම ලියන්න.
    බොහොම ස්තුතියි. ලියල තියෙන්නෙ ඔච්චරමයි. ඒ ලිව්වෙත් "හිත ගිය තැන මාලිගාව" හින්ද වෙන්න ඇති. ආයෙත් ලියවුනොත් මං දාන්නම්. :)

    ස්තුතියි :lol:

    ස්තුතියි :lol:
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මේක සිරා කවි පෙලක්නේ සහෝ...
    උබනම් සිරාම කවියෙක්.... :yes::yes::yes::yes::yes:
    ආදරය සහ විරහව දැනුනහම ගොඩක් දෙනෙක්ට කවි ස්තුවිලි පහල වෙනවා මචන්...
    ඔය අදටත් ජනප්‍රිය විරහ ගීත වලට හේතුව ඇත්තටම උන ආදර කතාවල් තමයි..
    උදාහරණ ඕනේ නැනේ ඉතින්...:):):):)
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේක සිරා කවි පෙලක්නේ සහෝ...
    උබනම් සිරාම කවියෙක්.... :yes::yes::yes::yes::yes:
    ආදරය සහ විරහව දැනුනහම ගොඩක් දෙනෙක්ට කවි ස්තුවිලි පහල වෙනවා මචන්...
    ඔය අදටත් ජනප්‍රිය විරහ ගීත වලට හේතුව ඇත්තටම උන ආදර කතාවල් තමයි..
    උදාහරණ ඕනේ නැනේ ඉතින්...:):):):)

    මං එහෙම කවියෙක් නෙවෙයි. ඒත් මටම හිතුන දේ තමයි මේකෙන් තේරෙනවා විරහවේ හාස්කම. ගොඩක් ස්තුතියි මචං. හැමෝම මේ නිර්මාණය රස විදිනවනම් ඒ ඇති.
    අර ජනප්‍රිය ගීත වලට උදාහරණ ගැන කිව්ව නේද? නරකද ත්‍රෙඩ් එකකින් බෙදා හදා ගත්තොත්? අපි ආසයි ගීත වල නිදන්ගත කතා අහන්න
    :)
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    really superb ++
    බොහොම ස්තුතියි. රෙප් වලට වඩා ඕන උනේ ඔයාලට රසවිදින්න දෙයක් දෙන්න. මෙච්චර කල් ලාච්චුවක පොත් වලට යට වෙලා තිබුණෙ
    romantic.
    maath liyanawa nisadas wage ewa.ewanan methana daanna ba.
    ස්තුතියි. බෙදා හදා ගත්තොත් නම් හොදයි
    :baffled::rofl::oo::dull::no::growl::nerd::frown::lol::(:eek::shocked::nerd: කමක් නෑ ඉතිං
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,916
    9,352
    113
    එක තැනක නෑ
    එල මචන්. සිරාවටම නියමයි බන්.
    You have given out too much Reputation in the last 24 hours, try again later. : (
    අදට මගේ රේප් ඉවරයි හෙට අනිවා දෙන්නම් මචන් :D :D
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එල මචන්. සිරාවටම නියමයි බන්.
    You have given out too much Reputation in the last 24 hours, try again later. : (
    අදට මගේ රේප් ඉවරයි හෙට අනිවා දෙන්නම් මචන් :D :D

    රෙප් නම් මොනවද :) රස වින්ද නම් ඇති. මගෙ Elakiri Jokes එකේ ඒවත් වෙලාවක බලන්න. :D ගොඩක් ස්තුතියි :)