මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,919
    9,362
    113
    එක තැනක නෑ
    මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?

    botnets21.png

    අද ලෝකයේ නොයෙක් රටවල පාවිච්චි කරන පරිගණක තුනකින් එකක් පාලනය කරන්නේ සයිබර් අපරාධකරුවෙකි(Cyber criminal).දුර රටක සිටින සිටින මෙම අපරාධකරුවා අපේ නිවසේ හෝ කාර්යාලයේ තිබෙන පරිගණකය සිය ග්‍රහණයට ගන්නේ ඉතා සූක්ෂම තාක්ෂණික උපක්‍රම යොදා ගනිමිනි.ඔහුගේ ග්‍රහණයට ලක්ව තිබෙන්නේ පරිගණක 1,2ක් නොවේ,පරිගණක කෝටි ගණනකි.මේ පරිගණක සියල්ල එකිනෙකට සම්බන්ධ කර තනි ජාලයක් සේ ක්‍රියාත්මක කල හැකිය.එය බොට්නෙට් එකක් (Botnet)ලෙස හැදින්වේ.
    අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන පරිගණක කෝටි ගණනක් එක් නරක අරමුණකට මෙහෙයවිය හැකි බොට්නෙට් යනු ,පරිගණක ආරක්ෂාව අතින් අද ලොව තිබෙන ලොකුම අර්බුදයයි.එනම් එය ලොව දැවැන්තම සයිබර් අර්බුදයයි.මෙහි දිග පළල තේරුම් ගත හැක්කේ බොට්නෙට් වල ක්‍රියාකාරීත්වය තේරුම් ගත් විටයි.


    botnet_001.jpg


    බොට්නෙට් එකක දළ සැකැස්ම

    බොට් (bot)යන වචනය බිඳී ආයේ ,රොබො හෙවත් රොබොට්(Robot) යන ඉංග්‍රීසි වචනයෙනි.මේ කියන්නේ,රොබෝ යන්ත්‍ර ගැන නොවේ.රොබො වැඩසටහන් (robot programs)ගැනය.යම් දෙයක් ඉකරන්නට පුළුවන් පරිගණක වැඩසටහනක් හඳුන්වන්නේ රොබෝ වැඩසටහනක් කියාය.
    ස්ර්ච් එන්ජිමක්,යම් සෙවුමකට ගැළපෙන වෙබ් පිටු සොයා යන්නේ ස්පයිඩර්ස්(Spiders) යනුවෙන් හඳුන්වනු ලබන ස්වයංක්‍රීයාකාරී වැඩසටහන්වල උදව්වෙනි.ස්පයිඩර්ස් යනු රොබෝ වැඩසටහනකට උදාහරණයකි.
    බොට්නෙට් වලට සම්බන්ධ රොබෝ වැඩසටහන් හඳුන්වන්නේ අයිආර්සී බොට් (IRC bot)යන නමිනි.
    අයිආර්සී බොට් (IRC-Internet Relay Chat)යනු එම වේලාවේම සන්නිවේදන කටයුතු කල හැකි(real time chat communication) තාක්ෂණික ප්‍රොටොකෝලයකි. අයිආර්සී සේවා සපයන ස් ර්වර්ස් වෙත කාටත් පාහේ සම්බන්ධ වීමට පුළුවනි. නොයෙක් අයිආර්සී ස් ර්වර්ස් තවත් ඒවා සමඟ එක් වී ජාල තනා ගෙන තිබේ.මේ ජාල හරහා අප්‍රසිද්ධව සන්නිවේදනය කරන්නට පුළුවනි

    අයිආර්සී බොට් තැනෙන්නේ මෙම අයිආර්සී ස්ර්වර්ස්(IRC Servers) ඔස්සේ ස්වයංක්‍රීයව විධාන හැසිරවීම තුළිනි.මේ විධාන නපුරු වු තරමට ගොඩනැගෙන ජාලයේ අරමුණද නපුරු වෙයි.බොට් නෙට් එකක් තනා ගැනීමට සිතන්නා හෙවත් බොට්කරු(Bot operator) මුලින්ම කරන්නේ මේ සඳහා ගැළපෙන මෘදුකාංගයක් සොයා ගැනීමයි.දක්ෂ ක්‍රමලේඛ ශිල්පීහු ඒවා ලියති.එසේ නොහැකි අය මේවා අන්තර්ජාලයෙන් සොයා ගනියි.සමහරු ඒවා සුළු වෙනස්කම් කොට පාවිච්චි කරයි.

    බොට් වැඩසටහනක් යනු හානිකර (Malicious) වැඩසටහනකි.එය බොට්කරුවාට අවශය පරිදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.මේවා පලමුව අන්තර්ජාලය හරහා පතුරවා හැරෙයි.ආරක්ෂාව අඩු පරිගණක තුලට විත් ඒවා හි ක්‍රියාත්මකවෙයි.එය සිදුවන්නේ පරිගණකයේ අයිතිකරුට නොදැනෙන ලෙසය.එවැනි වැඩසටහන් හඳුන්වන්නේ ට්‍රොජන් මැල්වෙයා(Trojan) නමිනි,මෙය අනෙකුත් වයිරස් හෝ නරක වැඩසටහන් වලට වඩා වෙනස්ය.එනම් ,අයිතිකරුට නොදැනෙන ලෙස ක්‍රියාත්මක වන්නට එයට හැකියාව ඇත.

    බොට්කරු විසින් තම අණසකට ගනු ලබන අනුන්ගේ පරිගණක සියල්ල එක්කොට,තනි ජාලයක් සේ ක්‍රියාත්මක කරවන්නට ඔහුට පුළුවන.එහිදී පරිගණක අයිතිකරු කරන වැඩවලට ඉඩදී,ඔහුට නිතරම ප්‍රයෝජනයට ඕනෑවෙන්නේ නැති පරිගණක ධාරිතාවය බොට්කරු තමන්ගේ මෙන් හසුරවයි.මෙසේ බොට්කරුගේ විලාසයට හැසිරෙන පරිගණක සොම්බි පරිගණක කියා හඳුන්වයි.

    සොම්බි යනු අප්‍රිකානු භාෂාවකින් ගත් වචනයකි.මළගිය ප්‍රාණකාරයෙක් ආවේශවී ඒ ප්‍රාණකාරයාටත් ඕනෑ වැඩකර දෙන මිනිසුන් සිටිතැයි සමහර අප්‍රිකානුවෝ විශ්වාස කරති.එවැනි ආවේශ ගත් අයට කියන්නේ සොම්බි කියාය.හරියට බොට්කරු ආවේශ වූ පරිගණකයක් මෙනි.එය අයිතිකරුට මෙන්ම බොට්කරුටත් සේවය කරයි.


    botnet_map.png


    ලෝකය පුරා C&C ස්ර්වස්(කහ පාට) සහ සොම්බි පරිගණක(නිල් පාට) වල පැතිරීම

    බොට්කරු තම ග්‍රහණයට ගත් පරිගණක සියල්ල එක් කොට තනි ජාලයක් තනයි.තනිපුද්ගලයෙකුගේ අණට යටත් මේ ජාලයට අයත් පරිගණක කෝටි ගණනක ධාරිතාවය එක්වර යොදාගත් විට එය සුළුපටු බලයක් නොවේ. බොට්කරුට දැන් මේ බලය පෙන්වා යටිකූට්ටු වෙළඳාමක් පටන් ගන්නට පුළුවන.

    fig_1.jpg


    බොට්නෙට් එකකින් කල හැකි දේ

    බොට්නෙට් සේවය මිලදී ගන්නෝද ජාවරම්කරුවෝ වෙති.ප්‍රසිද්ධ නම් ඇති බෙහෙත් වර්ගවල බොරු බෙහෙත්(counter-feit drugs) විකුණන්නන් එක් පිරිසකි.මේ බෙහෙත් ගැන කියවෙන විස්තර පත්‍රිකා සහ වෙබ් ලින්ක්ස්,ඉමේල් ගිණුම් වලට අතොරක් නැතිව එවීමට ඔවුහු බොට්නෙට් කුලියට ගනිති.
    ජනප්‍රිය මෘදුකාංග වල 'හොර පිටපත්' (pirated copies)විකිණීමට මෙන්ම කිසි හැකියාවක් නැති ප්‍රතිවයිරස විකිණීමට,බොට්නෙට් හරහා ඉමේල් එවන්නෝ සිටිති.මේ සියල්ල ස්පෑම් ඉමේල්ය.
    වෙබ් අඩවි අවහිර කීරීම සඳහාද බොට්නෙට් භාවිතා කරයි.බොට්නෙට් එකේ ඇති පරිගණක සියල්ල හරහා වෙබ් අඩවියකට එක් වර පිවිසෙන්නට තැත් කලවිට මැවෙන බොරු තදබදය නිසා වෙනත් කෙනෙකුට මේ වෙබ් අඩවියට පිවිසෙන්නට බැරිය.මෙවැනි ප්‍රහාරයක් හඳුන්වන්නේ 'DDoS(Distributed Denial of Service)' කියාය.මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ කොන්තරාත්තුව භාර ගන්නා බොට්කරුවෝ ඉන් මුදල් උපයති.
    බැංකුවක හෝ වෙනත් වගකිවයුතු ආයතනයක වෙබ් අඩවියක් සේ පෙනෙන ලෙස සැකසූ බොරු වෙබ් අඩවි තිබේ.මේ වෙබ් අඩවි වලට යන ගනුදෙනුකරුවෝ තමන්ගේ බැංකු ගිණුමේ මුරපද ,ක්‍රෙඩිට් කාඩ් අංක යනාදිය ඒවාට ලබාදෙයි.මෙය ෆිෂිං (Phishing)කියා හඳුන්වයි.මෙසේ පුද්ගලයන් නොමඟ යවා තොරතුරු රැස්කර ගන්නා බොට්නෙට් තිබේ.බොට්කරු මේ තොරතුරු අවශය අයට විකුණා මුදල් උපයයි.


    මචන්ලා උඹලා බොට් නෙට් එකක් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා නෙ, කොහොමද වැඩේ නේද ? ඊළඟ ත්‍රෙඩ් එකෙන් බොට් නෙට් එකක් හදන හැටි කියලා දෙන්නම් :yes: :yes: . එහෙනම් මම කැපුනා. වැඩක් උනා නම් අපිටත් සලකපල්ලා. සැලකුවත් නැතත් බම්ප් එකක් නම් අනිවා දාපන් :yes: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මගේ ලැපු එකත් සොම්බියෙක් ද මංද බං......
    මේ ළගකදී මූ යකා නැටුව නේහ්......

    ඒ මදිවට මම ගිය නැති සයිට් වගේකුත් තිබ්බා බ්‍රව්සර් හිස්ට්‍රි එකේ...........


    මට දැන් මැවිල පේනව මගේ ලැප යකෙක් වෙලා, ඇස් උඩ තියං මං පිටිපස්සේ පන්නනවා....
    උඹ කිව්ව එකෙන් පස්සේ පපුව දනවා යකෝ.....:dull:
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,919
    9,362
    113
    එක තැනක නෑ
    පුළුවන් හැමෝටම රේප් දුන්නා


    :)

    elakiri eelaga thread eka ikmanata dapan machan

    අනිවා මචන්. ඉක්මනට ඊළඟ ත්‍රෙඩ් එක දාන්නම් :)


    තැන්ක්ස්

    :shocked::shocked::shocked::shocked::shocked: baye be..

    එල එල :):)

    elaga thread eka enakan balan innawa ban,,dapan next thred eka dala pm ekk k

    එල මචන් මම පි එම් කරන්නම් :):)

    rep+ denna balu:(
    bump

    අවුලක් නෑ බොස්. තාම රේප් දුන්නේ නෑ මමත් මේ කමෙන්ට් එක දාලා පුළුවන් එවුන්ට මම රේප් +3 ගානේ දෙනවා


    :)

    පොඩ්ඩා1;15282202 said:
    කිරි අප්පොච්චියේ ... :shocked::shocked::shocked:

    :):):):eek:

    pattayi ahhh... :):):) rep +

    එල එල

    මචං මගේ ලැපු එකත් සොම්බියෙක් ද මංද බං......
    මේ ළගකදී මූ යකා නැටුව නේහ්......

    ඒ මදිවට මම ගිය නැති සයිට් වගේකුත් තිබ්බා බ්‍රව්සර් හිස්ට්‍රි එකේ...........


    මට දැන් මැවිල පේනව මගේ ලැප යකෙක් වෙලා, ඇස් උඩ තියං මං පිටිපස්සේ පන්නනවා....
    උඹ කිව්ව එකෙන් පස්සේ පපුව දනවා යකෝ.....:dull:

    අඃ :shocked::shocked: දතා, මේ මතක් කරලා රෑට නිදාගන්නකොට කොම්පීටරේ නිදි කොරවන්නේ නැතුව ෂට් ඩවුන් කොරලා. සුවිච් එකත් ඔෆ් කරපන්. නැත්තම් ඔටෝ ඕන වෙලා උඹව කන්ඩ එයි :lol::lol: තැන්ක්ස් බොසා :)


    :):)

    තොත්ත බබා;15282382 said:

    එල එල

    Valuable info ...........

    තැන්ක්ස් බොස් :)

    elakiri eelaga thread eka ikmanata dapan machan

    ඉක්මනට දානවා මචන් :):)

    thanks for sharin useful info....

    එළකිරි බොස් :)

    bump ela... rep+

    තැන්ක්ස් කොල්ලෝ :)


    :):) එල

    පට්ට සහෝ.. ඊළඟ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ අපිව දැනුවත් කරන්න.. :D

    අනිවා මචන් එල :):)