අපේ අම්බුලුවාව trip එක
ඔන්න ඉතින් 1වෙනි පාර trip එක ගියාට පස්සේ trip උණ හොදටම හැදුනා. ඒ නිසාම 2013-06-23 ආයිත් trip එකක් යන්න සෙට් වුනා. මුලින්ම හිතාගෙන හිටියෙ කොත්මලේ යන්න කියලා. හැබැයි එහෙට රිදෙන්න වහිනවා කියලා දැනගත්තට පස්සේ කට්ටිය පොඩ්ඩක් trip එක යන්න අදිමදි කරන්න ගත්තා. ඒ නිසාම google map දෙයියන්ගේ පිහිටෙන් අම්බුලුවාව යන්න කට්ටියම කැමති වුනා...
2013-06-23
ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා එහෙම මම පිලියන්දලින් පිටත් වුනා. මාලඹේ දි තව 3 දෙනෙක් සෙට් වෙනවා කියලා කලින්ම කියලා තිබුනා.. කිවුව වගේම කට්ටිය වෙලාවට ඇවිල්ල හිටියා. ඔන්න අපි සෙට්එකම කඩවතට යන්න පිටත් වුනා. එහෙ තමයි අපේ නඩේ ගුරා ඉන්නේ. අපි කොකටත් කියලා මගදිම කෝල් එකක් දීලා බැලුවා.. මෙන්න මේකා තාම නිදි

කොහොම හරි උදේම ජාතිය අමතා කථා කරාට පස්සේ අපි කඩුවෙල ටවුන් එකට එනකොට මිනිහා ටවුන් එකටත් ඇවිත්...

නුවරපාරේ තමයි අපි ගියේ. පොලිස් මාමලා හැගිමුත්තං කරනවා. අනේ බලන්නකෝ ඉතින් ලොකු වෙලත් සෙල්ලමටමයි හිත

නිවාඩු දවස හින්දා නුවර පාරේ වැඩිය වාහනත් නෑ. එ නිසා 60-70 වගේ ගියා.
මේ ඉන්නේ අපේ සෙට් එක...
නුවර පාර සුපිරියට තිබුනට හෙම්මාතගම පාරනම් ගන්න දෙයක් නෑ.. ඒ මදිවට මගදි වහින්නත් ගත්තා.
කොච්චර වැස්සත් ෆොටෝමන් බරටම වැඩ..
[
ආ.. තව දෙයක් කියන්නම ඕන. අපේ කැමරාමන් ගෙනාවා පට්ට කැම් එකක්. මිනිහා කිවුව විදිහටනං ඒක බරගානක් වටින කැම් එකක්. කොච්චර වටිනවද කිවුවොත් එක ෆොටෝ එකක් ගහපු ගමන් කැම් එක ඹ්ෆ් වුනා.. ඒ වෙලාවේ ඉදලා මිනිහා කැම් ගැන නෝ කථා..

කොහොම හරි චුරු චුරු වැස්සෙම අපි ගමන ගියා..
අම්බුලුවාවට යන පාරනම් මාරම ලස්සනයි. හරියට නිකං සිහරාජේ වගේ..
අම්බුලුවාවට ඇතුල් වෙන්න එක්කෙනෙක් රු 25ක ටිකට් එකක් ගන්න ඕන. ගොඩදෙනෙක් වාහන එතන නවත්තලා පයින් තමයි යන්නේ. අපි ගිය දවසෙනම් පට්ට මීදුම. වාහනයක් ලගට එනකම්ම පේන්නේ නෑ.
මෙහෙට ගොඩාක්ම එන්නේ කපල් තමයි.. මෙහෙ හරි සීතලයිනේ ඉතිං

අපේ තව යාලුවො සෙට් එකක් ගිනිගත්හේනේ ඉදලා එනවා කියලා කොල් කරලා තිබුනේ. අපි ගමනාන්තයට යනකනුත් ඒ අය ඇවිල්ල හිටියෙ නැති නිසා අපි උඩට ගියා..
ටික වෙලාවකින් අනිත් සෙට් එකත් ආවා....
අපි පැයක් විතර ඇවිදලා ඇතිවුනාම ආයිත් එන්න පිටත් වුනා. අපි ආවේ ගිනිගත්හේන පැත්තෙන්. එන්කනුත් තැනින් තැන වැස්සා. වැස්සේ එන එකෙත් අමුතු ගතියක් තියනවා...
ඔන්න ඔහොමයි අපේ 2වෙනි trip එක අවසාන වුනේ.... පට්ටම trip එකක්.
තව දෙයක් කියන්න ඕන...
අම්බුලුවාවේ යනවනම් කෑම අරන් යන්න. එහේ එක කෑම කඩයයි තියෙන්නේ. එකේ රයිස් එකක් රු 300 වෙනවා. මෙලෝ රහක් නෑ.
අනිත් එක ඩ%යිව් කරනවනං බීලා එහෙම යන්න එපා. වැටුනොත් දවසක් විතර වැටෙන්න වෙයි..