තැබෑරුමකට වෙලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැබෑරුමකට වෙලා

    නිතර මං යන්නෙ නැති
    තැබෑරුමකට වෙලා........
    නොබොන බීමක් අරං..
    ලා අදුරෙ සැගවිලා....
    හිතට හිත නැති තැනක
    පාලුවේ කිමිදිලා....
    ආයෙමත් එන්නෙ නැති...
    අතීතය සිහි කලා......

    අකීකරු ඔබේ හිත..
    මගේ කර ගමි කියා....
    වතාවක් දෙකක් නොව...
    තවත් පසුපස ගියා......
    දිනක් සතියක් ගෙවී..
    වසරකුත් පැන ගියා...
    අහිමි නෑ හැම දාම...
    කීවා ආදරෙ ඔයා......

    ගෙවී ගිය වසර තුන
    පුරා හිත පාවෙලා.....
    ආදරේ සොදුරු තැන්
    එකින් එක සිහි කලා....
    සිනාවෙන් කථාවෙන්
    හැගීමෙන් මත් වෙලා...
    දෙතොල් අග ආදරේ...
    හාදුවෙන් යා කලා...

    පසුම්බිය මොනරු පිරි..
    ආදරේ යට කලා...
    ඒ දිනේ සිට මගේ....
    ආත්මය සැගවිලා.....
    තාවකාලික නමුත්...
    විරහ දුක් පොගවලා...
    මධු විතේ රස ගගුල්...
    හිතේ දුක් නැති කලා....


    images


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාවකාලික නමුත්...
    විරහ දුක් පොගවලා...
    මධු විතේ රස ගගුල්...
    හිතේ දුක් නැති කලා....

    මෙන්න මේක තම‍යි ගොඩක් අ‍ය වරද්දගෙන ඉන්න තැන.......:oo::oo::oo:
    බිව්වා කි‍යලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.....:no::no::no:
    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......වෙරි හිඳුනට පස්සේ ප්‍රශ්නේ දෙගුණ වෙනවා.......:baffled::baffled::P:P

    හැබැ‍යි උඹ ලි‍යලා ති‍යෙන්නේ ඇත්ත සිද්ධි‍යක් මචන්......ඇත්ත ඇති සැටි‍යෙන්ම ලි‍යලා ති‍යනවා.......:yes::yes::cool::cool:
    රෙප් පසුවට.........:dull::dull::dull:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාවකාලික නමුත්...
    විරහ දුක් පොගවලා...
    මධු විතේ රස ගගුල්...
    හිතේ දුක් නැති කලා....

    මෙන්න මේක තම‍යි ගොඩක් අ‍ය වරද්දගෙන ඉන්න තැන.......:oo::oo::oo:
    බිව්වා කි‍යලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.....:no::no::no:
    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......වෙරි හිඳුනට පස්සේ ප්‍රශ්නේ දෙගුණ වෙනවා.......:baffled::baffled::P:P

    හැබැ‍යි උඹ ලි‍යලා ති‍යෙන්නේ ඇත්ත සිද්ධි‍යක් මචන්......ඇත්ත ඇති සැටි‍යෙන්ම ලි‍යලා ති‍යනවා.......:yes::yes::cool::cool:
    රෙප් පසුවට.........:dull::dull::dull:

    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......
    ඔන්න ඕක තමා මාත් කියලා තියෙන්නෙ එතන :rofl::P
    තෑන්කූ මචං

    3.gif
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    මධු විතේ රස ගගුල්...
    හිතේ දුක් නැති කලා....
    :yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මධු විතේ රස ගගුල්...
    හිතේ දුක් නැති කලා...

    විරහවට නෙවෙයි අනිත් දුක්ඛ දෝමනස්සයින් වුනත් නැතිකරන්න මේක උදව් වෙනව. ඒ කියන්නේ තාවකාලිකව අමතක වෙනවා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(

    විරහවට නෙවෙයි අනිත් දුක්ඛ දෝමනස්සයින් වුනත් නැතිකරන්න මේක උදව් වෙනව. ඒ කියන්නේ තාවකාලිකව අමතක වෙනවා.
    11.gif
    ඇත්ත. තාවකාලිකව අමතක කිරීමත් එක්තරා ආකාරයක දිගු කාලීන දුකක ඇරඹුමක් :sorry: