කොල්ලන්ගේ (සල්ලාලයන්) ඇට තලන කෙල්ලන්ගේ කරš

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොල්ලන්ගේ (සල්ලාලයන්) ඇට තලන කෙල්ලන්ගේ කරš

    කොල්ලන්ගේ (සල්ලාලයන්) ඇට තලන කෙල්ලන්ගේ කරාටි..

    Usha-Vishwakarma-red-brigade.jpg

    එක්‌දහස්‌ නවසිය හැත්තෑ එකේ අප්‍රියෙල් කැරැල්ල (ජවිපෙ සන්නද්ධ අරගලය) පැවැති කාලයේදී එවකට තරුණයන්ව සිටි මේ රටේ අනාගත බුද්ධිමතුන්ගේ පරම්පරාවෙන් අඩුම ගණනේ 25% ක්‌වත් යුද හමුදාව සහ පොලිසිය විසින් අතුරුදන් කරවන ලදි. එම ක්‍රියාවලියට සමගාමීව 1971 දී බංග්ලාදේශයේ යුද හමුදාව එරට බුද්ධිමතුන් අතුරුදන් කරවීමෙහි නියුතුව සිටියේ ඔවුන් නිතරම ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස්‌ අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කළ නිසාය.

    මෙසේ අතුරුදන් කරවන ලද බංග්ලාදේශ ජාතිකයන් අතර එක පවුලේ සහෝදරයෝ දෙදෙනෙක්‌ වූහ. ඉන් පළමුවැන්න "නැවියාගේ බිරිඳ" නමැති විශිෂ්ට නවකතා පොත ලියූ ෂහිදුල්ලා කායිසෙර්ය. දෙවැන්නා වූ කලී ඔහු සොයා ගිය ඔහුගේම මලනුවන් වූ සහීර් රයිහාන්ය.

    රයිහාන් යනු බංග්ලාදේශය විසින් බිහි කළ හොඳම සිනමාකරුවන්ගෙන් කෙනෙකි. ෂහිදුල්ලා කායිසෙර් අතුරුදන් වූ පසු ඔහු ලියු "නැවියාගේ බිරිඳ" යුනෙස්‌කෝ සංවිධානය විසින් ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය කරවන ලදි. මේ පොත විශිෂ්ට වන්නේ ඇයි?

    බංග්ලාදේශයේ වැඩවසම් පිරිමින් විසින් පාගාගෙන සිටි කාන්තාවන්ගේ අයෝමය ශක්‌තිය එම පොත මගින් හුවා දක්‌වන ලද නිසාය. මෙම පොතෙහි ප්‍රධාන චරිතය වන තරුණ රූමත් බිරිඳක්‌ කෙළසීමට ඉඩම් හිමියකු තැත් කරන සැටිත් එම බිරිඳ ඉඩම් හිමියාගේ ජනනේන්ද්‍රින් තලා දමා ඔහුගෙන් බේරෙන සැටිත් මේ පොතේ ඉතා විනීත ලෙස විස්‌තර කර ඇත. මේ පොතේ සුනාමියක්‌ ගැනත් එයි. ලේඛක කයිසෙර් එය හඳුන්වන්නේ මුහුද ගොඩ ගැලීමක්‌ ලෙසය.

    පිරිමියා වෙතින් ගැහැණිය ලිංගික අපහරණයට ලක්‌වීම ඉතිහාසය පුරාම සිදුවූවකි. සමහර කාන්තාවෝ එයට එරෙහිව නැගී සිටි අතර තව සමහරු එය විඳ දරාගෙන ජීවිතයේ ඉතිරි හරිය ගත කළහ. මෑත කාලයේදී ඉන්දියාවෙන් ස්‌ත්‍රී දූෂණ විශාල වශයෙන් වාර්තා වීමට පටන් ගත්තේය. සැබෑව නම් ස්‌ත්‍රී දූෂණය කවදත් කොයි රටෙත් තිබුණ බවය. ඒවා මෙතරම් පුළුල් ලෙස පුවත්පත් සහ රූපවාහිනි ඔස්‌සේ එළියට එන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය.

    වසර 2011 දී ඉන්දියාවේ සිදුකරන ලද ස්‌ත්‍රී දූෂණ ගණන 24000 කි. ඒවායින් 2000 ක්‌ම සිදුකර ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේය. ඉන්දියාවේ අගනුවර වූ නව දිල්ලිය මෙහි පිහිටා තිබේ. එය ස්‌ත්‍රී දූෂකයන්ගේ අගනුවර ලෙස හඳුන්වනු ලැබේ. වසර 2013 ජුනි අවසානය වන විට නව දිල්ලියෙන් වාර්තාවූ ස්‌ත්‍රී දූෂණ ගණන 463 කි. එය පසුගිය වසරේ (2012) මුල් මාස 6 තුළ දිල්ලියෙන් වාර්තා වූ ස්‌ත්‍රී දූෂණ ගණන මෙන් දෙගුණයකි. මුළු මහත් ඉන්දියාවේ පරිපාලන අගනුවර නව දිල්ලිය වුවද එය පිහිටි උත්තර් ප්‍රදේශයට වෙනම අගනුවරක්‌ තිබේ. එහි නම ලක්‌නව්ය. විශාල ජන ඝනත්ත්වයක්‌ ඇති ලක්‌නව් ද ස්‌ත්‍රී දූෂණවලට නිරාවරණයවූ නගරයකි.

    මේ නගරයේ දූවිල්ලෙන් වැසී ගිය කාර්ය බහුල මුඩුක්‌කු ප්‍රදේශයක මේ දිනවල මේ ලිපියේ කතා නායිකාව වෙසෙන්නීය. ඇගේ නම ඌෂා විශ්වකර්මය. විසිපස්‌ හැවිරිදි ගුරුවරියක වන ඌෂා විශ්වකර්මට විශාල කරාටේ පන්තියක්‌ තිබේ. එයට ඇතුළත් කර ගනු ලබන්නේ තරුණියන් සහ ගැහැනු ළමයින් පමණි. මේ පන්තියේ අරමුණ ස්‌ත්‍රී දූෂකයන්ට පහර දී ඔවුන්ගේ ඇට (අස්‌ථි) තලා බෙලහීන තත්ත්වයට පත් කිරීමය. මේ පන්තියට එන තරුණියන්ගෙන් මුදල් අය කරනු නොලැබේ. මේ කරාටේ පන්තියේ සිටින තරුණියන් හමුදාව හඳුන්වන්නේ Red Brigade යන නමිනි. ඔවුන්ගේ ඇඳුම කලු ලිහිල් කලිසමක්‌ සහ රතු පැහැති කුර්තාවකි.
    Usha-Vishwakarma-leader-.jpg
    පුරුෂයකුගේ ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවට බේරී යාමේ ක්‍රමයක්‌ තිබිය යුතු බවත් ඒ සඳහා අතපය පාවිච්චි කළ යුතු බවත් තේරුම් ගන්නා විට ඌෂාට අවුරුදු 15 ක්‌ වත් නැත. පාසල් වේලාවෙන් පසු පාඩම් අසා ගැනීම සඳහා ඇය පාසලේම ගුරුවරයකුගේ නිවසට යාමට පුරුදුව සිටියාය. දිනක්‌ මේ නිවස තුළ ඌෂා සහ ගුරුවරයා පමණක්‌ තනිවිය. එදා ඌෂා අල්ලාගත් ඔහු ඇය සිප ගන්නටත් වෙනත් කර්මාන්ත කටයුතුවලටත් සූදානම් විය. ගුරුතුමාගේ යටි බඩට සිය දනහිසෙන් වැරෙන් පහර දෙකක්‌ දුන් ඌෂා ඔහුගේ දිව එළියට ඒමටත් ඇස්‌ දෙක උඩ හිඳුවීමටත් සලස්‌වා පැන දිව්වාය.

    එහෙත් පාසලේදී ඌෂා හමුවූ විට ගුරුතුමා කිව්වේ වෙන කතාවකි. ඇගේ චරිතය හොඳ නැති බව ඔහු ගුරු මණ්‌ඩලයට කීවේය. ගුරුතුමාගේ දුෂ්චරිතවත් ස්‌වභාවය ගුරු මණ්‌ඩලය විසින් නොපිළිගන්නා ලදි. එය ඌෂා සතු අමිහිරි මතකයකි. මීට අමතරව ඇගේ හිත පාරවන තවත් යමක්‌ පාසලේදී සිදුවිය. දිනක්‌ ඇගේ පන්තියේ සිසුවියක දූෂණයට ලක්‌ විය. පොලිසිය දූෂකයාගෙන් අල්ලස්‌ ගෙන මේ සිද්ධිය පැමිණිලි පොතේ ලියා ගැනීම පවා ප්‍රතික්‌ෂේප කළේය. දූෂකයා මේ සිසුවියගේ සෙලියුලර් දුරකථනයට ලිංගික කරුණු සහිත කෙටි පණිවුඩ එවා තිබිණ. එබඳු අසංවර දේ "සාක්‍ෂි" වශයෙන් වුවද දුරකථනයේ තබා ගැනීම වැරදි බව විදුහල්පතිගේ මතය විය. ඒ අනුව අවසානයේදී දූෂකයාවට එරෙහිව නොව සිසුවියට එරෙහිව පරීක්‍ෂණ අරඹන ලදි. අවසන් ප්‍රතිඵලය වූයේ ඇය වෙනත් පාසලකට මාරු කිරීමය.

    මේ අත්දැකීම් අනුසාරයෙන් ඌෂා උගත් ලොකුම සහ හොඳම පාඩම කුමක්‌ද? වනචර පිරිමින්ට කණ පැලෙන්නට පහර දිය යුතු බවය. පසුගිය දෙසැම්බරයේ දිල්ලියේ බස්‌ රියක ගමන් කළ 23 හැවිරිදි ශිෂ්‍යාවක දූෂණය කර ඇය මැරූ පිරිමින් 6 දෙනා ද ඌෂාගේ සිත තුළ ගිනි ජාලාවක්‌ දල්වා තිබිණ. Red Brigade සංකල්පය තුළින් අනාගත ඉන්දියාවේ පමණක්‌ නොව මුළු ලෝකයේම අසංවර පිරිමින්ට උත්තර ලබා දීමට තරුණියන්ට පුළුවන.

    පසුගියදා මේ කරාටේ පන්තියේ පුහුණුව ලද එක්‌ කණ්‌ඩායමක්‌ විසිර ගිය අතර තරුණියන් 100 කින් සමන්විත අලුත් කණ්‌ඩායමක්‌ ඇතුළත් වූහ. ඌෂාගේ ගෝලයෝද ඇය බඳුවම ජීවිතයේ එක්‌ අවස්‌ථාවකදී හෝ පිරිමින් අතින් අපහරණයට ලක්‌වූ අය වෙති. එබඳු අය ශාස්‌ත්‍රය උගන්නේම "දෙන්නම් බැටේ" අරමුණ හිත දරාගෙනය. එබඳු තරුණියන් තුච්ඡ පිරිමින්ගේ සල්ලාල ලෝකයට මුදාහැරීමෙන් උසස්‌ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.

    Usha-Vishwakarma-red-brigade.2.jpg
    Usha-Vishwakarma-red-brigade.1.jpg

    පිරිමින් ගේ අභිමතාර්ථයන් ඉදිරියේදී සහ කොන්ද පණ නැති පොලිස්‌කාරයන් ඉදිරියේදී ඉන්දියානු ගැහැනිය ඉතා දරුණු ලෙස අසරණ වන බව දිල්ලියේ මහ ඇමැති ෂෙයිලා ඩික්‌සිත් මහත්මිය පසුගියදා ප්‍රසිද්ධියේ පැවැසුවාය. (ඇය ඉන්දියාවේ අනාගත අගමැතිs වීමේ වාසනා මහිමය දරාගත් කාන්තාවකි.) එහෙත් පොලිසියට කුද ගසා ගන්නා ලෙස කියා සල්ලායන්ට පාඩම් උගන්වන ක්‍රමවේදයක්‌ ඌෂා සතුව තිබේ.

    ඇය එය කරන්නේ තම Red Brigade හරහාය. ඒ මෙසේය, ඔවුහු මුලින්ම සල්ලාල පිරිමින් හඳුනා ගනිති. ඉන්පසු කණ්‌ඩායමක්‌ සමග රාත්‍රි කාලයේදී සල්ලාලයාගේ නිවසට ගොස්‌ ඔහුගේ පවුලේ අයට ඔහු ගැන පැමිණිලි කරති. එය සාර්ථක නොවන්නේනම්, දෙවන පියවර වශයෙන් ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස්‌ අවමන් කරති. එයද අසාර්ථක වන්නේ නම් Red Brigade "සෙබළියන්" 15 දෙනෙක්‌ ප්‍රසිද්ධ ස්‌ථානවලදී ඔවුන් කාම අපරාධකරුවන් බව චෝදනා කරමින් සෙරෙප්පුවලින් පහර දෙනවා ඇත. සල්ලාලයා ප්‍රතිප්‍රහාර එල්ල කළොත් ඔහුට මව් කිරි සිහිපත්වන පරිදි දරුණු ගුටි ලැබෙනවාද ඇත.

    ඌෂා විශ්වකර්ම තම කරාටේ පන්තියට දැරියන් බඳවා ගැනීමේදී ලිංගික අපහරණයෙන් පීඩාවට පත් වූවන් එකතු කර ගැනීමට වඩාත් ප්‍රිය කරයි. සල්ලාලකමට එරෙහි මානසිකත්වයක්‌ ඔවුන් තුළ තිබේ. ඒ නිසා එයට එරෙහි වීමේ පොදු අරමුණට යාම පහසුය.

    ඌෂාට අතවර කළ පාසල් ගුරුතුමාට විරුද්ධව ඇයත් ඇගේ පවුලේ අයත් පොලිසි ගියහ. එහෙත් පොලිසිය එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්‌ෂේප කළේය. දිනක්‌ රාත්‍රියේදී ඌෂා පාඩම් කිරීම සඳහා ඇගේ මිතුරියකගේ නිවසට ගියාය. ඒ අතර පොලිසිය ඌෂාගේ නිවසට කඩා පැන ඇය ගෙයක්‌ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බවත් හොරබඩු සෙවීමට අවශ්‍ය බවත් කියමින් ගේ අනෙක්‌ පැත්ත පෙරළුහ. "ඉන්පසු" ගුරුතුමා වරදට පොළඹවා ගැනීමට ඌෂා උත්සාහ කළේය යනුවෙන් පැමිණිල්ලක්‌ ලැබී ඇති බව කීවේය. එහෙත් ඌෂාගේ පවුලේ විරෝධය ඉතා දැඩි වීම නිසා එම පැමිණිල්ල ඉල්ලා අස්‌කරගනු ලැබීය.

    Usha-Vishwakarma-red-brigade.3.jpg

    ඉන්දියානු තරුණිය ඉතා ලඡ්ජාශීලී සත්ත්වයෙකි. තමන්ට අසාධාරණයක්‌ වුවද එය ප්‍රසිද්ධ වීමෙන් සිදුවිය හැකි අනාගත හානි සළකා නිහඬව සිටීමට ඇය සූදානම්ය. ඌෂාගේ කරාටේ පන්තියට එන දැරියන්ගේ මානසික මට්‌ටම මේ සාම්ප්‍රදායික ක්‍රමය අභිබවා යන පරිදි සකස්‌ කරනු ලැබේ. ඌෂාගේ ගෝලයන් වැඩි දෙනා අවුරුදු 15 ක්‌ පමණ වයස්‌වූ අය වෙති. මෙය "පුපුරා හැලීමට" සූදානම් වයසකි. සිය මාමා අතින් ගෙදරදී අනාථ වූ 11 හැවිරිදි දැරියක්‌ ද ඔවුන් අතර සිටින්නීය. මතු යම් දිනෙක මේ දැරිය සිය මාමාට ජීවිතයටම මතක සිටින තැනකට පහරක්‌ දෙනු ඇත. තමා බෙලහීනයකු බවට පත් වූයේ තම වලත්ත කමනිසා බව ඔහු එදාට තේරුම් ගන්නවා ඇත.

    පසුගියදා ඌෂාගේ ගෝලයකුට අතවර කිරීමට පැමිණි සල්ලාලයෙක්‌ කණ දෙදරා යන පරිදි කම්මුල් පහරක්‌ කෑවේය. ඒ අතර තවත් සල්ලාල තරුණයකුට සෙරෙප්පු පහරවල් කිහිපයක්‌ දීමෙන් පසු ඔහුගේ පවුලේ අය ඌෂා හමුවීමට පැමිණ එයට ස්‌තුති කළහ. මෙම දෙවැනි ප්‍රහාරයට නිමිත්තවූ දැරියගේ නම ලක්‍ෂ්මීය. ඇගේ වයස අවුරුදු 16 කි. පිරිමි ළමුන් ඇගේ අඟ පසඟ ගැන අසංවර කතා නිතර කීහ. ඇගෙන් පහරකෑවේ එයින් එකකු පමණි. සෙසු අය හමුවීමට ඇය අපේක්‍ෂාවෙන් සිටියත් ඇය දුටු වහාම ඔවුහු සැඟවෙති.

    ඌෂා විශ්වකර්මගේ කතාව මුළු ලෝකයටම පාඩමකි. ගැහැනිය නිතරම ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව නැඟී සිටිය යුතුය. අවසාන විසඳුම මරාගෙන මැරීම නම් එය වුව කළ යුතුය. නැත්නම් ප්‍රචණ්‌ඩත්වය විසින් ඔවුන් ගිල දමනවා ඇත.

    ගත්තේ මෙතනින්...

    ලිපියේ අයිතිය කතෘ තුමා සතු වේ.

    මොකද කියන්නේ අපිත් ලංකාවේ දාමුද මේ වගේ කරාටි පන්තියක්..හැබැයි ඉතින් මම තමයි මාස්ටර්...
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Uba dammot ekak kohenhari ussala , adult ekak nattam kunuharapayak dala adult karanawa. :D

    Ube rep thama pirune nadda ban?

    :lol::lol:..මට රෙප් ඕනි නැහැ මචන්..මොකෝ මේ රෙප් විකුනලා සල්ලි ගන්න පුළුවන් කියලද..එහෙම නැත්නම් රෙප් ටික මට කන්න පුළුවන්ද..මෙහෙමයි මචන් කොහේ හරි වැදගත් දෙයක් තිබුනොත් අනිත් අයට පෙන්නන එක වැරැද්දක්ද..කොහෙන් ඉස්සුවත් කමක් නැහැ මුල් කොපි එකට හානියක් නොවෙන්න.අනික මම වෙන තැනක තියන එකක් උස්සලා තමන්ගේ වගේ දැම්මෙත් නැහැනේ මස්සිනා.ඒක නිසා තරහා ගන්න එපා හොඳේ.:yes:.මම රෙප් ඕනි උනොත් උඔට කියන්නම්කෝ....:lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    mata rep power naha thama :(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Uba dammot ekak kohenhari ussala , adult ekak nattam kunuharapayak dala adult karanawa. :D

    Ube rep thama pirune nadda ban?

    වැදගත් දෙයක් උස්සල, උස්සපු තැන දැම්මනම් කිසි වැරැද්දක් නෑ මම හිතන විදිහට.
    අනික rep පුරවන්නම නෙමෙයිනේ කට්ටිය ත්‍රෙඩ් දාන්නේ.
    ඔයාගේ කොටු 11 පිරුණම ඔයා ත්‍රෙඩ් දාන එක නවත්තන්නද හිතන් ඉන්නේ?:confused::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:..මට රෙප් ඕනි නැහැ මචන්..මොකෝ මේ රෙප් විකුනලා සල්ලි ගන්න පුළුවන් කියලද..එහෙම නැත්නම් රෙප් ටික මට කන්න පුළුවන්ද..මෙහෙමයි මචන් කොහේ හරි වැදගත් දෙයක් තිබුනොත් අනිත් අයට පෙන්නන එක වැරැද්දක්ද..කොහෙන් ඉස්සුවත් කමක් නැහැ මුල් කොපි එකට හානියක් නොවෙන්න.අනික මම වෙන තැනක තියන එකක් උස්සලා තමන්ගේ වගේ දැම්මෙත් නැහැනේ මස්සිනා.ඒක නිසා තරහා ගන්න එපා හොඳේ.:yes:.මම රෙප් ඕනි උනොත් උඔට කියන්නම්කෝ....:lol::lol:

    :yes::yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    වැදගත් දෙයක් උස්සල, උස්සපු තැන දැම්මනම් කිසි වැරැද්දක් නෑ මම හිතන විදිහට.
    අනික rep පුරවන්නම නෙමෙයිනේ කට්ටිය ත්‍රෙඩ් දාන්නේ.
    ඔයාගේ කොටු 11 පිරුණම ඔයා ත්‍රෙඩ් දාන එක නවත්තන්නද හිතන් ඉන්නේ?:confused::lol:

    apo na mama kohomath blog walin ussala 18+ title ekak gahala thread market karaganne na, so rep kotu mata prashnayak na
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අනිවාර්යෙන්ම ලන්කාවෙත් මෙ වගේ සංවිධානයක් ඇතිවුනානමි හොදයි.
    මොකද ඔය වගේ උන්ගේ ඇට කුඩු වෙන්න දෙන එක තමා හොදම දේ.
    අපේ නීතියත් බල්ලට ගිහිල්ලා තියන නිසා.:)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනිවාර්යෙන්ම ලන්කාවෙත් මෙ වගේ සංවිධානයක් ඇතිවුනානමි හොදයි.
    මොකද ඔය වගේ උන්ගේ ඇට කුඩු වෙන්න දෙන එක තමා හොදම දේ.
    අපේ නීතියත් බල්ලට ගිහිල්ලා තියන නිසා.:)

    උඹ කියපු කථාව සහතික ඇත්ත මචන්..මගේ ළඟ මේ දවස් වල මසුරන් නැහැ.නැත්නම් මම දානවා උඹගෙ කටේ මසුරන්....:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    apo na mama kohomath blog walin ussala 18+ title ekak gahala thread market karaganne na, so rep kotu mata prashnayak na

    එහෙම ඉතින් market කරන්න 18+ title දානවනම් හරි නෑ තමයි. ඒත් එහෙම දාල හරි හොඳ දෙයක් බෙදනවානම් ඉතින් ලොකු ප්‍රශ්නයකුත් නෑ. අන්තිම ප්‍රතිපලය කවුරු හරි මොකක් හරි හොඳ දැනුමක් ලබාගන්නවනේ.

    ඒත් වැඩේ තියෙන්නේ මම ඔයා දාල තියන thread ටික බැලුවම 18+ title දාල market කරන්න හරි හරියාකාර හොඳ thread එකක්වත් දාල නෑ. මේක පුද්ගලික ප්‍රහාරයක් නෙමෙයි. ඒත් කෙනෙක් රෙප් එකතු කරන්න හරි මොකක් හරි හොඳ දෙයක් දාන එක හෙලා දකින එක හරි මදි. ඔයා හොඳ threads කිහිපයක්වත් දාල මේ කතාව කිව්වනම් පොඩ්ඩක් හරි සාධාරණයක් තියනව.

    කොහෙන්වත් උස්සන්නේ නැතුව thread දාන්න තියන කැමැත්ත බොහොම හොඳයි. ඉදිරියට ඔයාගෙම හොඳ නිර්මාණයක් වන thread එකක් බලන්න අසාවෙන් බලන් ඉන්නවා මම ඒක නිසා. best of luck.:)
     
    ubata penna mama thread danne na pute, ubala wage jobless na api :lol:

    mata penna ba kunuharapa poems dagena e thread bump kara kara adana me pora wa, muta mega thread ekak daganna puluma kahillak tibbe issara, :D EK eke member kenekma karana ewa horen danna gihillat ahuwela cha una, paw uba muta kahina eke mega thread ekak dala bump karala diyan uba muta
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ubata penna mama thread danne na pute, ubala wage jobless na api :lol:

    mata penna ba kunuharapa poems dagena e thread bump kara kara adana me pora wa, muta mega thread ekak daganna puluma kahillak tibbe issara, :D EK eke member kenekma karana ewa horen danna gihillat ahuwela cha una, paw uba muta kahina eke mega thread ekak dala bump karala diyan uba muta

    මල්ලි අපිත් හොඳ ජොබ් කරන බුවාලා තමයි..උඹ හිතන් ඉන්නේ එළකිරියෙ හොඳ ජොබ් කරන එකම එකා උඹ කියලාද..කොහෙද වැඩ කරන්නේ.මැනිං මාර්කට් එකේද.කථාව නම් ඒ වගේ.අද ජොබ් එකට ගියේ නැත්ද..එළකිරිය පැත්තේ ආවේ.
    images
    [/IMG]

    උඹගෙ කහනවද අපි කොපි කලාම..උඹගේ බම්පු ව උඹම තියාගනින්..උඹට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව...​
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ubata penna mama thread danne na pute, ubala wage jobless na api :lol:

    mata penna ba kunuharapa poems dagena e thread bump kara kara adana me pora wa, muta mega thread ekak daganna puluma kahillak tibbe issara, :D EK eke member kenekma karana ewa horen danna gihillat ahuwela cha una, paw uba muta kahina eke mega thread ekak dala bump karala diyan uba muta

    එතකොට මෙතැන් thread දාන්න jobless වෙන්න ඕනෙද?:lol:
    මම job එකක් කරනවද නැද්ද කියල ඔයා දැනගත්තේ කොහොමද?:confused:

    එහෙම පෙන්න බැරි කමක් තියනවනම් ඒ වගේ thread එකකට ගිහින් මේක කියන්න. මමත් support කරන්නම්. :)

    හැබැයි thread දාන්න තරම් වෙලාවක් නැත්නම්, thread දාන අය විවේචනය කරන එක පොඩ්ඩක් විතර හරි නෑ නේද? පොඩ්ඩක් ලොල් සහගත වෙනවා නේද වැඩේ එතකොට? අර වැදී බණ කියනවා වගේ.:lol:

    P.S- මෙතන හැමෝටම වෙලාව ගොඩක් නෑ. ලොකු thread එකක් දාන අය දවස් ගානක් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා තමයි thread දාන්නේ. ඔයාට උදව්වක් වෙයි මේ ක්‍රමය.:)
     
    :lol::lol::lol:

    Jobless kiyanne Profession ekak tiyanawa kiyana eka neme ban, aiyooo :lol::lol:

    Ubata wada tiyanawa nam anunta kahinne nathuwa hitapan ban, aru ubata Manin market eken genat dei monahari balan hitapan :D
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මල්ලි අපිත් හොඳ ජොබ් කරන බුවාලා තමයි..උඹ හිතන් ඉන්නේ එළකිරියෙ හොඳ ජොබ් කරන එකම එකා උඹ කියලාද..කොහෙද වැඩ කරන්නේ.මැනිං මාර්කට් එකේද.කථාව නම් ඒ වගේ.අද ජොබ් එකට ගියේ නැත්ද..එළකිරිය පැත්තේ ආවේ.
    images
    [/IMG]

    උඹගෙ කහනවද අපි කොපි කලාම..උඹගේ බම්පු ව උඹම තියාගනින්..උඹට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව...​

    podiyata dapan ban penawa, Hoda job gana mama kohewath kiyala na :lol::lol:

    mama job ekak karannet na, jobless kiyanne profession ekak karanawa kiyala neme, ane manda mun nam :lol::lol:

    Koheda school giye? ubai arui 2ma eka school ekata wage gihin tiyenne :lol::lol:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol::lol:

    Jobless kiyanne Profession ekak tiyanawa kiyana eka neme ban, aiyooo :lol::lol:

    Ubata wada tiyanawa nam anunta kahinne nathuwa hitapan ban, aru ubata Manin market eken genat dei monahari balan hitapan :D

    මචන් මම මේ thread එක දාපු කෙනාගේ පැත්ත ගන්නවවත් එය ගැන හොඳ කියනවවත් නෙමෙයි. ඒත් ඔයා කියපු කතාව වැරදි තැනදී වැරදි විදිහට කිව්වා කියන එක තමයි මම කියන්නේ. කෙනෙක් වරදක් කරනවානම් ඒක කියන එක කාටවත් කහිනවා නෙමෙයි. ඔයාට ඔය attitude එකේ ඉන්න ඕනෙනම් සද්දෙට කලින් වැඩ පෙන්නන්න. එතකොට මටවත් මොනවත් කියන්න බෑ. මම දන්නවා ඔය වයසට තමන්ගේ වැරද්දක් පිලිගන්නවා කියන බොහොම අමාරු දෙයක්. ඒත් අපි හැමෝම වැරදි කරනවා. ඒවා පිළිඅරගෙන වැරදි හදාගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ.:)