අනේ මචන් ....

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    බුදු මචන්ලා වෙතයි ... උදා වෙන සුන්දර අගෝස්තුවේ , වාසනාවන්ත දෙවනි දිනයෙහි සුන්දර සහ කඩ වසම් සමග එලකිරි කොල්ලෙක් වන එනිමි කුමරුගේ 26 වන ජන්ම දිනය යෙදී තිබේ ... ඔන්න ඉතින් එදාට මගෙ ගෑනු යාලුවා මට පොඩි තෑග්ගක් අරන් දෙන්නයි යන්නේ.පොඩි කිවට මට නම් ඒක ගොඩක් ලොකුයි.එයා කිව්ව මට ටීවී එකක් අරන් දෙනව කියල , මෙන්න මේ මොඩල් තුනෙන් කැමති එකක් තෝරගන්න කියල.එයාට දරන්න පුලුවන් ප්‍රමානයට තියෙන්නෙ ඒ තුන තමයි කිව්ව.ඉතින් මචන් මන් වැඩිය ටීවී බලන එකෙක් නෙමෙයි.ඒත් මන් ගොඩක් ෆිල්ම්ස් බලනව සහ ගේම්ස් ගහනවා.අයියා ගානෙ හම්බුනා harman kardon amplifier එකක් සහ JBL 5.1 sound system එකක්.සුපිරි බාන්ඩෙ.මේ තියෙන්නෙ පහලින් .
    1947.jpg


    ඉතින් මන් කල්පනා කරා ඒ තුනම මගෙ කාමරේට සවි කරගෙන දීර්ඝ කාලීනව හුදෙකලා වෙන්න මගෙ කාමරය ඇතුලේ.දැන් තියෙන ප්‍රශ්නෙ මචන් අර ටීවී තුනෙන් කොයි එකද ගන්නෙ කියන එක.ඒ එකක්වත් full HD ඒව නෙමෙයි.HD Ready විතරයි.ඒකට කමක් නැහැ මචන්ලා මොකද ඒ ගාන තමයි මගෙ කෙල්ලට දරන්න පුරුවන් සීමාව,ඒකි පවු හින්දා මන් ඔය අනන් මනන් ගැන කියන්න ගියෙ නැහැ බන්.ලද දෙයින් අම්මට සිරි වෙන්ඩ සතුටු වෙනවා.ඕන් එහෙනන් පහලින් තියෙනව models තුන සහ උබලට ලේසි වෙන්න ඒවගෙ details තියෙන sites වල links ටිකත්.කරුනාවෙන් හිතල උබලගෙ වටිනා කාලය කැප කරල මට කියපන් මචො ඕකෙන් කොයි එකද හොද කියල.

    1) Toshiba 32PU200 (32") අද මන් අබාන්ස් එකට ගිහින් මේක දාල බැලුවා.මේකට නම් මට ටිකක් හිත ගියා බන්

    PU200_Right_MR.jpg

    1434_bigx.jpg


    http://www.toshibamea.com/ProductDetails/3313/LED_TV_32PU200/52237?pageid=3313

    2) LG LS3400 (මේකෙ මෙනු එක නම් සුපිරි බන්,ඒත් එච්චර ලුක් නෑනෙ බන්.අනේ මන්දා)

    L49-3217_chiclet01_ibp_mn_2022203.jpg


    http://www.lg.com/us/tvs/lg-32LS3400-led-tv

    3) philips 32pfl3507-98 (මේක නම් දැකලත් නෑ දන්නෙත් නෑ බන්)

    philips_32pfl3507h.jpg


    http://www.philips.com.sg/c/televisions/3500-series-81-cm-32-inch-hd-ready-32pfl3507_98/prd/


    මට Full HD නැතුවට කමක් නැහැ මචන්ලා .. මේ ටිකෙන් හොද කොයි එකද කියපල්ලකෝ ... උබලට ගොඩාක් පින්

    :):):)