දියවැඩියාව නිට්ටාවටම සුව කරන බෙලි කොළ කෂ&#3535

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දියවැඩියාව නිට්ටාවටම සුව කරන බෙලි කොළ කෂ&#3535

    දියවැඩියාව නිට්ටාවටම සුව කරන බෙලි කොළ කෂායදියවැඩියා රෝගය නිසා පීඩා විඳින රෝගීන් වැඩි වෙමින් පවතින බව පෙනේ. මධුමේහය නමින් දේශීය වෙදකමේ හඳුන්වන මෙම රෝගය ප්‍රමේහ රෝගයකි. ප්‍රමේහ රෝගයේ අවසාන ප්‍රතිඵලය ලෙස දියවැඩියා රෝගය හැඳින්විය හැකිය. ඉස්සර කාලයේ මෙම රෝගය බහුල වශයෙන් දක්නට නොලැබිණි. ව්‍යායාම නොකරන සැප ආහාර බුදින අයට මෙම රෝගය වැලඳුණි. එහෙත් දැන් වයස් භේදයක් උස් පහත් භේදයක් නැතිව මෙම රෝගය වැලඳේ.

    දියවැඩියා රෝගය නොසලකා හැරිය හැකි රෝගයක් නොවන්නේය. දැනගත් විගස ප්‍රතිකාර කළ යුතුයි. වැඩි වශයෙන් මෙම රෝගයෙන් පීඩා විඳින්නේ කාන්තා පක්‍ෂයයි. එක දිගට ප්‍රතිකාර ගැනීමෙන් ව්‍යායාම නොකිරීමෙන් අතුරු ආබාධ ඒමට පුළුවන. අතපය හිරි වැටීම, ඇඟපත වේදනාව, ක්ලාන්ත ගතිය, ඇඟ දුර්වල වීම ඇතිවිය හැකිය. මෙම රෝගය නිසා ඇස් පෙනීම දුර්වල රෝගීන් 48% දක්වා ප්‍රමාණයක් බව සොයාගෙන ඇත. මෙයට අමතරව, හෘද රෝග, වකුගඩු රෝග, නෂ්ටකාමය වැනි රෝගද ඇතිවිය හැකිය.

    දියවැඩියාව පාලනය කරගනිමින් සුවකරගත හැකි ඔෟෂධ දේශීය වෙදකම තුළ ඇත. පැරැන්නන් මේ සඳහා භාවිත කළ පානයක් පහතින් සඳහන් කරමි. මේ සඳහා ගුණදෙන ශාකයකි. බෙලි කොළ යොදා ගනිමින් සකස් කරගන්නා කෂාය දින 21ක් පානය කිරීමෙන් රෝගය සුවකර ගත හැකිය.

    පළමු දින බෙලි කොළ 7 අමු ගම්මිරිස් ඇට 7යි, දෙවැනි දින බෙලි කොළ 14 අමු ගම්මිරිස් ඇට 14යි, තුන්වැනි දින බෙලි කොළ 21 අමු ගම්මිරිස් ඇට 21යි කොටා මිරිකා ඇල් දියෙන් මිශ්‍ර කර හිස් බඩ බොන්න.

    නැවැත කොළ 7යි, ඇට 7 පළමු දින මෙන් දින 21ක් පානය කිරීමෙන් දියවැඩියා රෝගය සුවකර ගත හැකිය.

    විශ්වකීර්ති ආයුර්වේද වෛද්‍ය
    චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ
    0725384288
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දිය වැඩියා රෝගීන් සඳහා බම්ප් එකක් ....:D