වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි
වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි 'ලක්බිම' හෙළිකරයි
ජල ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වී සිටි ජනතාවට වැලිවේරියේ දී ඊයේ (01) සවස ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. තුවාල ලැබූ තිහකට වැඩි පිරිසක් ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල ප්‍රතිකාර ලබති.
හඳුනා නොගත් පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිවේරිය නගරයේ තැනක වැටී තිබෙන බව යුද හමුදාව ප්‍රකාශ කරයි.
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන මහත්වරුන් වැලිවේරිය පොලිසියට අද (02) උදේ පැමිණ සිද්ධිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක යෙදී සිටි බව වාර්තා වේ.
මේ අතර වැලිවේරිය නගරයට ඇතුළු වන සියලුම ප්‍රදේශ ආරක්ෂක අංශ මගින් වසා දමා දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.
ඊයේ (01) සවස ජනතාවට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරය එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන්ට එල්ල කළ ප්‍රහාරයක් තරම් දරුණු මුහුණුවරක් ගත්තේය.
වැලිවේරිය නගරයේ හත්දහසක් පමණ ජනතාව ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කළ අවස්ථාවේ රටේ සියලුම ජනමාධ්‍ය ආයතනවලට අයත් ජනමාධ්‍යවේදීන් රාශියක් වැලිවේරිය නගරයේ මහල් ගොඩනැගිල්ලක සිට සිද්ධිය රූගත කරමින් සිටියහ. මෙම අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් දුටු ආරක්ෂක අංශ, වැටවලට සිටුවා තිබූ පොලු කඩා ගෙන ඒ දෙසට පැමිණියහ.
“ එකෙක් දුවන්න එපා. තොපිට ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.”යි කියමින් ජනමාධ්‍ය වේදීන් සතු කැමරා උපකරණ පැහැර ගන්නට ඔවුන් තැත් කළහ. එම අවස්ථාවේදී ගොඩනැගිලෙන් පිටතට පැනගත් ජනමාධ්‍යවේදීන් ජනතාව අතරට දිව ගියහ. “තොපිව මරලා දානවා එක ෆොටෝ එකක් ගත්තොත්.” යැයි යළි පවසා ජනතාවට පොලුවලින් පහර එල්ල කරන්නට වූහ.
කාන්තාවන්ට සහ ළමුන්ටත් පොලු පහර එල්ල විය. මේ තරම් දරුණු ලෙස පහර එල්ල කිරීමක් මීට පෙර කිසිදාක අප දැක නැතැයි ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් පවසති.
කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා එම අවස්ථාවේ ජීප් රථයක් උඩට නැග උස් හඬින් පැවසුවේ “ඒවා ගැන අපිට වැඩක් නැහැ..” යනුවෙනි. මෙම මෙහෙයුමට යුධ හමුදා කමාන්ඩෝ බලකායේ කර්නල් ශාමාල් සිල්වා ද සහභාගිවී ඇත.
ජනතාවට පහර දීම සඳහා යොදවනු ලැබූ හමුදා කණ්ඩය යුද සමයේ රටේ ඉතා ජනප්‍රිය හමුදා කණ්ඩය වූ 58 කණ්ඩය බව දැන ගන්නට තිබේ. මන්නාරමේ සිට මුලතිව් දක්වා එල්.ටි.ටි.ඊ. සමග දරුණු යුද්ධයකට මෙම හමුදා කණ්ඩය මුහුණ දී සිටියදී රටේ ජනතාව ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූහ.
රාත්‍රී 8 – 9 වෙනතුරු දිගින් දිගටම වෙඩි හඬ ඇසින. එකක් බැගින් පුපුරන වෙඩි හඬ වාගෙම රතිඤ්ඤා වැළක් පුපුරා යන්නා සේ එක දිගට පතරොම් පුපුරා යන හඬද පැහැදිලිව ඇසුණි. වැලිවේරිය නගරයට පිවිසෙන මාර්ග සියල්ල වසා දැම්මේය.
රාත්‍රියේ වැලිවේරියේ පිහිටි කතෝලික දේවස්ථානයට පැමිණි ආරක්ෂක නිලධාරින් පල්ලියේ රැකවරණ මත සිටි තරුණයින් පිරිසක් පැහැර ගෙන ගිය බව වාර්තා වේ.
වැලිවේරිය, ගල්ඔලුව, රතුපස්වල, කහපාන ප්‍රදේශවල වැසියන් කරන්නේ මොකක්දැයි හැඟීමක් නැතිව සිය නිවෙස්වල සිරකරුවන් බවට පත් වී සිටිති.
මෙම ප්‍රශ්නයට මුල් වූ කර්මාන්ත ශාලා භූමියේ තිබූ කන්ටේනර් රථ කිහිපයක් කලබලය මැද්දේ පිටත්කර යවා ඇත. ඒවායේ තහනම් ද්‍රව්‍ය තිබෙන්නට ඇතැයි ජනතාව තුළ සැකයක් පවතී.
බීමට ජලය ඉල්ලා කළ සාධාරණ සටනකට මේ අකාරයට දරුණු විදියට පහර දී වෙඩි තබා මිනිසුන් ඝාතනය කරද්දී ජනතාවට වස පොවන්නට කටයුතු කළ කර්මාන්ත ශාලා අයිතිකරුවන් සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගැනීම බලවත් අසාධාරණයක් බව ජනතාව පවසති.
ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ ඡායාරූප ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රී 11 ට පමණ ගම්පහ රෝහලට අප ගියෙමු. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, අජිත් මාන්නප්පෙරුම සහ පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද රෝහලේ සිටියහ.
අද (02) උදේ වනවිට ගම්පහ රෝහලට පොලිස් ආරක්ෂාව දැඩි ලෙස යොදා තිබිණි.
Source : http://mirror.lk/sinhala/news/10832-weliweriya-attack

Last edited: