ලංකාව_in Gravity Film

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Gravity, Harry Potter ඇතුළු ප්‍රමුඛ චිත්‍රපට රැසකට ලාංකිකයෙකුගේ සහාය

    ලංකාවෙ සුපිරි කොල්ලෙක්

    දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණ අතින් හොලිවුඩය හා සසඳන විට ලාංකික අප තවමත් ප්‍රාථමික අවදියේ සිටින බව බොහෝ දෙනාගේ මතයයි. එසේ වුවත් නුදුරේ දී තිරගත වීමට නියමිත Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ එක්තරා දර්ශණයක පසුබිමින් ලංකාව දර්ශණය වීම එම මතය අභියෝගයට ලක්කරන පුවතකට මඟ පෑදීමක් වුනා. ඇත්තෙන්ම මේ දර්ශණය නිර්මාණය කොට ඇත්තේ ලාංකිකයෙක්. නමින් තරංග රාජකරුණා වන ඔහු Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටුයුතු කර ඇත. මීට අමතරව ඔහු Harry Potter and the Deathly Hallows: Part 1, Star Wars: Episode I – The Phantom Menace, Ra.One, Dredd සහ World War Z වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රාශියකම ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු හා දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.

    දැනට Industrial Light & Magic ආයතනයේ සේවයේ නියුතු තරංග, මීට ප්‍රථම Pixar Animation Studios සහ Dream works වැනි සුප්‍රසිද්ධ ආයතන වලද සේවය කර ඇත.

    47879_10151133175623673_1111379363_n.jpg

    පහතිනු දැක්වෙන්නේ ග්‍රැවිටි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ පසුබිමින් ලංකාව දැක්වෙන ඇයුරුයි.

    Source Cinema.lk
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,347
    113
    එක තැනක නෑ
    කව්රු ඔය මොන විදිහට අපේ ලංකාව ගැන හිතන් හිටියත් අපේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ වැඩ්ඩො, අපේ යට ඉස්සරහට යන්ඩ විදිහක් නැති එකයි ප්‍රශ්නේ, අලුත් දෙයක් හොඳ දෙයක් කරන කෙනෙක්ට රටේ ලොක්කොන්ගෙන් කිසිම උදව්වක් නැහැ. ජයවේවා සහෝ. ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණවලට දායක වෙලා අපේ ලක් මවට ගවුරවයක් දෙන්ඩ ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. :yes: :yes: :D රේප් ++ :)
     
    • Like
    Reactions: cool-sasika

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    කව්රු ඔය මොන විදිහට අපේ ලංකාව ගැන හිතන් හිටියත් අපේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ වැඩ්ඩො, අපේ යට ඉස්සරහට යන්ඩ විදිහක් නැති එකයි ප්‍රශ්නේ, අලුත් දෙයක් හොඳ දෙයක් කරන කෙනෙක්ට රටේ ලොක්කොන්ගෙන් කිසිම උදව්වක් නැහැ. ජයවේවා සහෝ. ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණවලට දායක වෙලා අපේ ලක් මවට ගවුරවයක් දෙන්ඩ ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. :yes: :yes: :D රේප් ++ :)
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif