සිංහයා සහ හොරිකඩ බල්ලන්

ඔබෙන් තොරව මේ ලෝකය පැවතිය නොහැක. ඔබ කෙතෙක් කල් පවතීද එතෙක් කල් ලෝකය පවතී. ඔබ කොතෙක් කල් සතුටින් හිඳීද ඒ තාක්කල් ලෝකය සතුටෙන් හිඳියි. ඔබ දුක්වන්නෙ කවදාද එදිනට ලෝකය දුක්වනු ඔබට පෙනෙනු ඇත. ඔබ ලෝකයම මිස ලෝකයේ කොටසක් නොවේ. මේ නිසා ඔබ ඔබම සමග ජීවත්වන්න. අනෙකා ගැන කරදර නොවීම යනු අනෙකා අමතක කිරීම හෝ ආත්මාර්ථකාමී වීම නොවේ. අනෙකා ගැන කරදර නොවීම යනු අනෙකා ඔබ පිලිබඳව දරන මතය පිලිබඳව ඔබ වෙනසක් නොගැනීමයි.
ඔවුහු ඔබ දෙස බලා හිඳිති. ඒ ඔවුන්ගේ පුරුද්දය. ඔවුනට වෙන වැඩක් නැත. ඔවුන්ට ජීවිතයේ ඇති ලොකුම කර්තව්‍යය ඔබ දෙස බලා හිඳීමය. තම දරු මල්ලන් අයාලේ යද්දීත්, සැමියා අන් ගැහැනුන් සමග යහන්ගත වෙද්දීත්, බිරිඳ වෛශ්‍යාකමේ යද්දීත් ඔවුන්ට ඇත්තෙ එකම එක කර්තව්‍යයකි ඒ ඔබ දෙස බලා හිඳීමය.
ඔවුන් අසූචි වලවල්වල බුදියමින්ද,නැගිටිමින්ද? පෙරලෙමින්ද, කෑමොර දෙමින් එකම දෙයක් කොඳුරයි. ඒ ඔබ තුල යම් අවුලක් අපිරිසිදු බවක් ඇති බවය. ඔබ දුඟද බවය. මිනිසුන් එහෙමය. උන් දන්නෙ ගව මහේෂාදීන් සේ තප්පුලන්නට පමනි. ඔබ වෙහෙස නොවන්න. නටනා අයට නටනා වන්නමක් නටන්නට ඉඩහරින්න. ඔබ ගැන කතා පතුරුවන්නට ඉඩහරින්න.ඔබ ගැන මඩ ප්‍රචාර පතුරන්නට ඉඩහරින්න. ඔබ ගැන අවලාද නගන්නට ඉඩ හරින්න. හැකිනම් ඒ සඳහා තව තවත් හේතු සපයන්න. ඒ සඳහා දිරිදෙන්න.එවිට ඔවුන් උන් උන් තැන්වලට හිඳගෙන රන්චු රන්චු ගානෙ ජීවිත කාලය පුරාම ඔබ ගැන හිත හිතා ඔබටම මඩගසනු ඇත. ඔවුන්ගෙ පවුල් පන්සල් අයාලේ යනු ඇත. දරුමල්ලන් නූගතුන් වනු ඇත. පරම්පරා විනාශව යනු ඇත. දුප්පතුන් වනු ඇත. ප්‍රශ්න ඇත්තන් වනු ඇත. ශාප ලද්දන් සේ විඳවනු ඇත. ඒ ඔවුන්ගේ උරුමයයි. ඔබ ඔබගේ කර්තව්‍යය කරන්න. අනෙකා කුමක් කීවද, හදවතට එකඟව ඔබ කරන්නෙ යහපත් වැඩක් නම් එය දිගටම කරන්න. ඔබේ තරමට වඩා උත්කෘෂ්ට ලෙස ඒ කර්තව්‍යය හොඳින් කරන්න. මිනිසුන්ට හිතෙන තරමට ඒ කර්තව්‍යය ආකර්ෂනීය කරගන්න.
ඔබ දිනනු ඇත. නිකමුන්ට ඉරිසියාකාරයින්ට, ඕපදූප අම්මන්ඩිලාට බැන නොවදින්න. සාප නොකරන්න. කිසි විටෙකත් පහර නොදෙන්න. මන්දයත් ඔවුන් ලොම් හැලීගිය ඇඟ වණ වූ ශාපලත් සුනඛයන් වගේය. උන්ට පහරදීමෙන් ඔබේ අතපය කිළුටු විය හැකිය. ඔවුන්ගේ යථාර්ථයට ඔබට කල හැක්කේ එකම එක දෙයකි. එනම් වඩාත් සතුටින් සහ සොඳුරුව ජීවත්විමේ කලාව තේරුම්කරවීමයි. ඔබ එලෙස ආදර්ශමත් වූවා යැයි කියා ඔවුන් හැදෙන්නේද නැත. වසර විසි තිස් ගනනක් ඉපැරණි මහා ගසක අතුපතර වැඩුනු හැඩය සහ එහි ගමන්මග හිටිහැටියේ වෙනස් කල නොහැක. ඔවුහු බහුතරයක් විනාශ මුඛයට යමින් සිටිති.එහෙත් ඔබේ සිතේ ශක්තිය උදෙසා ඔවුන්ට අනුකම්පා කරන්න හැදෙන්නට උපදෙසක් දෙන්න.
ඔවුනට වෛර නොකරන්න. කිසිදා බැන නොවදින්න. ජීවත්වීම උදෙසා හදවත් ආධ්‍යාත්මයේ අමිල සම්පත් කිසිත් නැති ඒ අසරණ අසරණියො ඔබ ගැන නොදනිති. නොදන්නා කමින් ඔබට සාප කරති. යා යුත්තේ කොහෙදයි කියා මග සොයාගත නොහැකිව සිටින ඒ අහින්සකයන්ට මෛත්‍රී කරන්න.
තමන්ගේ නොවන අනුන්ගෙ ඕපාදූප ගින්නේ දැවෙන ඒ මිනිසුන්ට හැකිනම් දිය දෝතක් දෙන්න. ඔවුන් මේ සන්සාර මාවත දෙස යා ගත නොහැකිව ලතවෙන සිඟමන් යදින්නන්ය. සැන් පවුඩර් තවරා රන්,රිදී ආභරණ පළඳා ඔබ ඉදිරියේ පෙනී උන්නද ඔවුන්ගෙ හදවත්වල ඇත්තෙ ඉරුණු වැරහැලිය. තමන්ගේ යැයි කියාපාන්නට දෙයක් නැතිකමින්, අනෙකාගෙ දෙනෙත් තමන් වෙත ඇදගන්නට හැකියාවක් නැතිකමින් අනෙකාට අත්පොලසන් දෙනවා වෙනුවට ඔවුහු අනෙකාට ඉරිසියා කරති. ඔව්න් නොතකා ඔබ ඔබේ ගමන යන්න.
ආදරණීය එලකිරි වාසීනි,epic fail;000** said:මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.
මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......
අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................![]()

Last edited: