අපි ගොඩක් අය වාහන එලවනවා. හැබැයි වාහනේ වැඩ කරන හැටි දන්නේ බොහොම ටික දෙනයි. මම හිතුව මම දන්න දේවල් ටිකක් කට්ටියත් එක්ක බෙදා ගන්න. මගේ වැරදි තියනවා නම් පෙන්නලා දෙන්න.
ඔන්න වැඩේ පටන් ගත්ත.
මම මුලින් හිතුවේ වාහනේ එන්ජිම ගැන කියල දෙනවා කියල. ඒ උනාට ගොඩක් අය එන්ජිම ගැන දන්නවා. ඒ නිසා මම බ්‍රේක් වලින් පටන් ගන්න හිතුව. ඕන නම් එන්ජිම ගැන පස්සේ කියල දෙන්නම්.
වාහන බ්‍රේක්
ප්‍රධාන වශයෙන් වාහන වල බ්‍රේක් කොටස් 2 කට වර්ග කරන්න පුළුවන්.
1. ඩිස්ක් බ්‍රේක්
2. ඩ්‍රම් බ්‍රේක්
ඩිස්ක් බ්‍රේක්
ඩිස්ක් බ්‍රේක් වල වර්ග 2 ක් පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.
1. Floating type
2. Fixed type
මේ තියන්න්නේ Floating type ඩිස්ක් බ්‍රේක් පද්දතියක්. මෙහිදී කැලිපරය සහ පිස්ටනය යන දෙකම බ්‍රේක් යෙදීමේදී චලනය වෙනවා. Fixed type පද්දතියකට වඩා මිලෙන් අඩු මෙන්ම කාර්යක්ෂමතාව ද තරමක් අඩුයි. නමුත් ඩ්‍රම් බ්‍රේක් වලට වඩා කාර්යක්ෂමතාවය වැඩියි.
මේ තියන්නේ Fixed type බ්‍රේක් පද්දතියක්. මේකෙදි වෙන්නේ පිස්ටන් දෙකක් ඩිස්ක් එක දෙපැත්තෙන්ම තද කරන එක. මිලෙන් අධික නමුත් කාර්යක්ෂමතාවය වැඩිය. හේතුව බ්‍රේක් එක සමානව වැඩි වර්ගඵලයකට දීමට හැකි වීම සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.
ඩ්‍රම් බ්‍රේක්
ගොඩක් බර වාහන වල සහ සැහැල්ලු වාහන වල පසු පස රෝද වලට තියන්නේ ඩ්‍රම් බ්‍රේක්
මෙතන වෙන්නේ අපි බ්‍රේක් පාගන විට බ්‍රේක් ඔයිල් ඇවිත් මෙතන තියන පිස්ටන් දෙක දෙපැත්තට තද කරනවා. එමගින් break shoes ඩ්‍රම් එකට තද වෙන එක තමයි වෙන්නේ. මේවා ඩිස්ක් බ්‍රේක් පද්දති වලට වඩා මිලෙන් අඩු වන අතර කාර්යක්ෂම බැවින්ද අඩු වේ. අධික වේග වලදී මේවයේ කාර්යක්ෂමතාව ඉතාමත් අඩුය. බොහෝවිට අධික වේග වලදී ප්‍රතිචාර දැක්වීම ඉතාමත් අඩුය. බ්‍රේක් පද්දතියේ ඇති කොටස් ප්‍රමාණය වැඩි වීමද එක්තරා අවාසියකි. නමුත් නඩත්තු වියදම් තරමක් අඩුය. බොහෝ වාහන වල පිටු පස රෝද වලට යොදා ගැනෙන්නේ වාහනයේ වැඩි බරක් ඉදිරිපස රෝද දරන අවස්ථා වලදීය (ඉදිරිපස එන්ජිම.)
Anti-lock break system
ABS කිව්වම ගොඩක් අය දන්නවා. හැබැයි වෙන දේ දන්නේ බොහොම ටික දෙනයි. තව අය මේක automated break system වලට වරදවා වටහාගෙන ඉන්නවා. මුලින්ම කියන්න ඕන මේක ස්වයංක්‍රිය ව වෙන දෙයක්. නමුත් මේක සාර්ථක වෙන්න නම් අපි බ්‍රේක් ගහන්න ඕන. නැතුව ඉබේ බ්‍රේක් වදින්නේ නෑ.
මේ පද්දතිය තියන්නේ වාහනයේ රෝද ලිස්සා යන එක වලක්වන්න. ඒ කියන්නේ අපි අනතුරක් වෙන්න යනකොට බොහෝවිට ඇඩ්රිනලින් ප්‍රතික්‍රියා නිසා බ්‍රේක් එක උඩ නගිනවා. එතකොට බ්‍රේක් තද වෙලා රෝද හිරවෙනවා. එතකොට අවාසි කිහිපයක්ම වෙනවා. සයන්ස් කරන අය නම් මේක ගැන දන්නවා. අනිත් අයටත් තේරෙන්න කියල දෙන්නම්. පළවෙනිම දේ තමයි රෝද ලිස්සන වෙලාවට අපි සුක්කානම මොන පැත්තට හැරේව්වත් වැඩක් නෑ. වාහනේ ලිස්සන නිසා වාහනේ හැරවෙන්නේ නෑ. අනිත් දේ තමයි ලිස්සන වේලාවට ඝර්ෂණ සංගුණකය අඩු වෙනවා. ඒ කියන්නේ රෝදත් පොළවත් අතර තියන ඝර්ෂණය අඩු වෙනවා.
එතකොට වාහනේ නවතින්න යන දුර වැඩි වෙනවා.
දැන් බලමු මේ පද්දතියෙන් කරන්නේ මොකක්ද කියල. මේ පද්දතිය තනියම වැඩකරන්නේ නැහැ. ගැඹුරට විස්තර පස්සේ කියන්නම්. මේ පද්දතිය වාහනයේ තියන ප්‍රධාන පරිඝනකයකින් (ECU) තමයි පාලනය වෙන්නේ. පරිඝනකය සංවේදක 4කින් නොකඩවා වාහනේ රෝද 4 න් වෙන වෙනම feedback ලබා ගන්නවා. පරිඝනකය නොකඩවා බලන් ඉන්නවා වාහනේ රෝද මොනයම් හේතුවක් නිසාවත් හිර වෙලාද කියල. එහෙම හිරවෙලා කියල දැනෙන මොහොතේම පරිඝනකය බ්‍රේක් පද්දතියට අන කරනවා බ්‍රේක් අතාරින්න කියල
ඔව් ඔව්. break release කරන්න කියනවා. එතකොට ඔය බ්‍රේක් පද්දතිය අනේ ඉතින් අපිටත් මොකෝ කියල අතාරිනවා. ඊට පස්සේ පරිඝනකය බලනවා අපි තාමත් බ්‍රේක් ගහගෙනද කියල. ඉතින් අපි බ්‍රේක් ගහගෙන නම් පරිඝනකය ආපහු කියනවා බ්‍රේක් පද්දතියට ගහපන් බ්‍රේක් කියල.
ඔන්න ඉතින් බ්‍රේක් වදිනවා. දැන් අපහු පරිඝනකය බලනවා රෝද හිර වෙලාද කියල? එහෙම හිර වෙලා නම් අපහු බ්‍රේක් අතාරිනවා......ඔන්න ඔය විදියට අපි බ්‍රේක් තද කරන් ඉන්න කල් ඔය විදියට වෙනවා. මේවා වෙන්නේ තප්පරයෙනුත් 1000 න් පංගු වලින් විතර. ඒ නිසා අපිට ගැස්සෙනවා දැනෙන්නේ නැහැ. දැනට තියන වාහන වල බ්‍රේක් මේ විදියට වෙන වෙනම එකිනෙකට ස්වායත්තව පාලනය කරන්න හැකියාව තියනවා. ඒ කියන්නේ එක රෝදයක් විතරක් ලිස්සනවා නම් ඒකට විතරක් කලින් කියපු දේවල් වෙනවා. මේ ඔක්කොම දේවල් වෙන්නේ පරිඝනකය, සංවේදක 4 සහ break pump එක ආධාරයෙන්. නමුත් අද මේ පද්දති මේ කියනවට වඩා ඉතාමත් සංකිරණයි. මේ පද්දතිය වැඩ කරන්න එන්ජිමෙන්, accelerator එකෙන්, බ්‍රේක් වලින් සහ වාහනේ වේගය යන මේ හැම එකෙන්ම වගේ feedback පරිඝනකය ලබා ගන්නවා.
අම්මෝ අදට ඇති. ඊළඟ එකෙන් Traction control ගැන සහ Stability control ගැන කියල දෙන්නම්. මේ මොනවා වාහනේ තිබුනත් අපි පරිස්සමින් ගියේ නැති උනොත් අපේ විතරක් නෙවෙයි, පාරේ යන අනිත් මිනිස්සුන්ගෙත් ජිවිත අනතුරේ. ඒ නිසා රේස් යන්න කලින් දෙපාරක් හිතන්න. කලින් කිව්වා වගේ වැරදි පෙන්නවා දෙන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාගෙනම යන්න.
ඔන්න වැඩේ පටන් ගත්ත.
මම මුලින් හිතුවේ වාහනේ එන්ජිම ගැන කියල දෙනවා කියල. ඒ උනාට ගොඩක් අය එන්ජිම ගැන දන්නවා. ඒ නිසා මම බ්‍රේක් වලින් පටන් ගන්න හිතුව. ඕන නම් එන්ජිම ගැන පස්සේ කියල දෙන්නම්.
වාහන බ්‍රේක්
ප්‍රධාන වශයෙන් වාහන වල බ්‍රේක් කොටස් 2 කට වර්ග කරන්න පුළුවන්.
1. ඩිස්ක් බ්‍රේක්
2. ඩ්‍රම් බ්‍රේක්
ඩිස්ක් බ්‍රේක්
ඩිස්ක් බ්‍රේක් වල වර්ග 2 ක් පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.
1. Floating type
2. Fixed type
මේ තියන්න්නේ Floating type ඩිස්ක් බ්‍රේක් පද්දතියක්. මෙහිදී කැලිපරය සහ පිස්ටනය යන දෙකම බ්‍රේක් යෙදීමේදී චලනය වෙනවා. Fixed type පද්දතියකට වඩා මිලෙන් අඩු මෙන්ම කාර්යක්ෂමතාව ද තරමක් අඩුයි. නමුත් ඩ්‍රම් බ්‍රේක් වලට වඩා කාර්යක්ෂමතාවය වැඩියි.
මේ තියන්නේ Fixed type බ්‍රේක් පද්දතියක්. මේකෙදි වෙන්නේ පිස්ටන් දෙකක් ඩිස්ක් එක දෙපැත්තෙන්ම තද කරන එක. මිලෙන් අධික නමුත් කාර්යක්ෂමතාවය වැඩිය. හේතුව බ්‍රේක් එක සමානව වැඩි වර්ගඵලයකට දීමට හැකි වීම සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.
ඩ්‍රම් බ්‍රේක්
ගොඩක් බර වාහන වල සහ සැහැල්ලු වාහන වල පසු පස රෝද වලට තියන්නේ ඩ්‍රම් බ්‍රේක්
මෙතන වෙන්නේ අපි බ්‍රේක් පාගන විට බ්‍රේක් ඔයිල් ඇවිත් මෙතන තියන පිස්ටන් දෙක දෙපැත්තට තද කරනවා. එමගින් break shoes ඩ්‍රම් එකට තද වෙන එක තමයි වෙන්නේ. මේවා ඩිස්ක් බ්‍රේක් පද්දති වලට වඩා මිලෙන් අඩු වන අතර කාර්යක්ෂම බැවින්ද අඩු වේ. අධික වේග වලදී මේවයේ කාර්යක්ෂමතාව ඉතාමත් අඩුය. බොහෝවිට අධික වේග වලදී ප්‍රතිචාර දැක්වීම ඉතාමත් අඩුය. බ්‍රේක් පද්දතියේ ඇති කොටස් ප්‍රමාණය වැඩි වීමද එක්තරා අවාසියකි. නමුත් නඩත්තු වියදම් තරමක් අඩුය. බොහෝ වාහන වල පිටු පස රෝද වලට යොදා ගැනෙන්නේ වාහනයේ වැඩි බරක් ඉදිරිපස රෝද දරන අවස්ථා වලදීය (ඉදිරිපස එන්ජිම.)
Anti-lock break system
ABS කිව්වම ගොඩක් අය දන්නවා. හැබැයි වෙන දේ දන්නේ බොහොම ටික දෙනයි. තව අය මේක automated break system වලට වරදවා වටහාගෙන ඉන්නවා. මුලින්ම කියන්න ඕන මේක ස්වයංක්‍රිය ව වෙන දෙයක්. නමුත් මේක සාර්ථක වෙන්න නම් අපි බ්‍රේක් ගහන්න ඕන. නැතුව ඉබේ බ්‍රේක් වදින්නේ නෑ.
මේ පද්දතිය තියන්නේ වාහනයේ රෝද ලිස්සා යන එක වලක්වන්න. ඒ කියන්නේ අපි අනතුරක් වෙන්න යනකොට බොහෝවිට ඇඩ්රිනලින් ප්‍රතික්‍රියා නිසා බ්‍රේක් එක උඩ නගිනවා. එතකොට බ්‍රේක් තද වෙලා රෝද හිරවෙනවා. එතකොට අවාසි කිහිපයක්ම වෙනවා. සයන්ස් කරන අය නම් මේක ගැන දන්නවා. අනිත් අයටත් තේරෙන්න කියල දෙන්නම්. පළවෙනිම දේ තමයි රෝද ලිස්සන වෙලාවට අපි සුක්කානම මොන පැත්තට හැරේව්වත් වැඩක් නෑ. වාහනේ ලිස්සන නිසා වාහනේ හැරවෙන්නේ නෑ. අනිත් දේ තමයි ලිස්සන වේලාවට ඝර්ෂණ සංගුණකය අඩු වෙනවා. ඒ කියන්නේ රෝදත් පොළවත් අතර තියන ඝර්ෂණය අඩු වෙනවා.
එතකොට වාහනේ නවතින්න යන දුර වැඩි වෙනවා.
දැන් බලමු මේ පද්දතියෙන් කරන්නේ මොකක්ද කියල. මේ පද්දතිය තනියම වැඩකරන්නේ නැහැ. ගැඹුරට විස්තර පස්සේ කියන්නම්. මේ පද්දතිය වාහනයේ තියන ප්‍රධාන පරිඝනකයකින් (ECU) තමයි පාලනය වෙන්නේ. පරිඝනකය සංවේදක 4කින් නොකඩවා වාහනේ රෝද 4 න් වෙන වෙනම feedback ලබා ගන්නවා. පරිඝනකය නොකඩවා බලන් ඉන්නවා වාහනේ රෝද මොනයම් හේතුවක් නිසාවත් හිර වෙලාද කියල. එහෙම හිරවෙලා කියල දැනෙන මොහොතේම පරිඝනකය බ්‍රේක් පද්දතියට අන කරනවා බ්‍රේක් අතාරින්න කියල

ඔව් ඔව්. break release කරන්න කියනවා. එතකොට ඔය බ්‍රේක් පද්දතිය අනේ ඉතින් අපිටත් මොකෝ කියල අතාරිනවා. ඊට පස්සේ පරිඝනකය බලනවා අපි තාමත් බ්‍රේක් ගහගෙනද කියල. ඉතින් අපි බ්‍රේක් ගහගෙන නම් පරිඝනකය ආපහු කියනවා බ්‍රේක් පද්දතියට ගහපන් බ්‍රේක් කියල.
ඔන්න ඉතින් බ්‍රේක් වදිනවා. දැන් අපහු පරිඝනකය බලනවා රෝද හිර වෙලාද කියල? එහෙම හිර වෙලා නම් අපහු බ්‍රේක් අතාරිනවා......ඔන්න ඔය විදියට අපි බ්‍රේක් තද කරන් ඉන්න කල් ඔය විදියට වෙනවා. මේවා වෙන්නේ තප්පරයෙනුත් 1000 න් පංගු වලින් විතර. ඒ නිසා අපිට ගැස්සෙනවා දැනෙන්නේ නැහැ. දැනට තියන වාහන වල බ්‍රේක් මේ විදියට වෙන වෙනම එකිනෙකට ස්වායත්තව පාලනය කරන්න හැකියාව තියනවා. ඒ කියන්නේ එක රෝදයක් විතරක් ලිස්සනවා නම් ඒකට විතරක් කලින් කියපු දේවල් වෙනවා. මේ ඔක්කොම දේවල් වෙන්නේ පරිඝනකය, සංවේදක 4 සහ break pump එක ආධාරයෙන්. නමුත් අද මේ පද්දති මේ කියනවට වඩා ඉතාමත් සංකිරණයි. මේ පද්දතිය වැඩ කරන්න එන්ජිමෙන්, accelerator එකෙන්, බ්‍රේක් වලින් සහ වාහනේ වේගය යන මේ හැම එකෙන්ම වගේ feedback පරිඝනකය ලබා ගන්නවා.අම්මෝ අදට ඇති. ඊළඟ එකෙන් Traction control ගැන සහ Stability control ගැන කියල දෙන්නම්. මේ මොනවා වාහනේ තිබුනත් අපි පරිස්සමින් ගියේ නැති උනොත් අපේ විතරක් නෙවෙයි, පාරේ යන අනිත් මිනිස්සුන්ගෙත් ජිවිත අනතුරේ. ඒ නිසා රේස් යන්න කලින් දෙපාරක් හිතන්න. කලින් කිව්වා වගේ වැරදි පෙන්නවා දෙන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාගෙනම යන්න.
Last edited: