වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building
ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත විශේෂ (අමතර) ශක්‌තිජනක ආහාර භාවිතයෙන් පාසල් දරුවන්ට හා ක්‍රීඩකයන්ට ස්‌නායු ආබාධ වැළඳෙන බව හෙළි වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඊයේ (14 වැනිදා) අනාවරණය කළේය.
දිගු කාලීනව අංශ භාගය වැනි රෝගවලට ගොදුරු විය හැකි බවද ඔහුගේ මතයවේ.
මහාචාර්ය ද සිල්වා මෙම කරුණු අනාවරණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මේ වන විටත් ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත ශක්‌තිජනක පානවලට ඇබ්බැහි වී ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
මෙම අධි ක්‍රියාකාරී පෝෂණීය සංඝටක ශරීරගත වීමෙන් ඉතා වේගවත්ව ස්‌නායු පද්ධතිය අප්‍රාණික කරන අතරම දිගුකාලීනව අංශභාග වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට හැකි බවද හෙතෙම පැවැසීය.
දැඩි උණුසුමක එම පාන වර්ග රත් කිරීමට භාජන කළද එහි අඩංගු සංඝටක විනාශ නොවන බවද ඔහු අවධාරණය කළේය.
ඇතැම් අවස්‌ථාවලදී මෙම පාන වර්ග දිගුකාලීනව භාවිත කිරීමෙන් හුස්‌ම ගැනීමේ අපහසුතා ඇතුළු නොයෙකුත් රෝගී තත්ත්වයන් හට ගන්නා බවද හෙතෙම පැවැසීය.
පාසල් දරුවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශක්‌ති වර්ධනය උදෙසා යෑයි ප්‍රචලිත කරමින් රුපියල් පන්දහසත්, දසදහසත් අතර අධික මිල ගණන්වලට මෙම ශක්‌ති වර්ධක පාන වර්ග අලෙවි කරන බව පැවසූ මහාචාර්ය ද සිල්වා කෙනෙකුගේ මොළය වර්ධනය වීමට හෝ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය වීම කෙරෙහි මෙම පාන වර්ගවල කිසිදු බලපෑමක් නැති බවද අවධාරණය කළේය, වැඩිම බලපෑමක් ඇත්තේ ජානවල බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
කුරුම්බා, තැඹිලි, ජීවනී ආදි දේශීය පාන වර්ගවල ශරීරයට අවශ්‍ය වන ශක්‌තිජනක පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ද හෙතෙම පැවැසීය.

Last edited: