හැමදාම නගින පඩිපෙළ

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    හැමදාම නගින පඩිපෙළ

    හැමදාම අපි එක එක ජාතියේ පඩි පෙළවල් වල ගියාට පඩි පෙළවල් වර්ග හැමෝම දන්නේ නැ නේ ...
    කව්රු හරි ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්න හිතුවේ.

    කුකුළා කියන්න වගේ “උබලට මොන පඩිපෙළවල්ද බන් “ කියල හිතන්නේ නැතුව කියවලා බැනලා හරි පලයන් :P :P

    සාමානයෙන් පඩි පෙළක් යොදා ගන්නේ එක මට්ටමක සිට තවත් වෙනත් මට්ටමකට ප්‍රවේශ වීම සඳහා සහ ගින්නක් වැනි අනතුරකදී ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්විම සඳහායි
    (තව වැඩ වලටත් යොදා ගන්න පුළුවන් -
    If_you_know_what_I_mean._normal.png


    ඉතින් ඔයටික වෙන්න සාමානයෙන් පඩිපෙලක් නැගීම බැහිම දුෂ්කර ක්‍රියාවක් නොවිය යුතුයි

    සාමානයෙන් පඩි පෙළක පඩියක දිග(tread එක) 8 ”-11 ” අතරත් , උස(riser එක) 6”ක් 7”වගෙ තියෙනවනම් තමයි අමාරුවක් නැතුව නගින්න බහින්න පුළුවන් ...

    තව පඩි 12 කට විතර පස්සේ landing එකක් දානවානම් තවත් හොඳයි මොකද එක දිගට පඩි 15 කට වඩා නගිද්දී කකුල් වලට ටිකක් අමාරුයි ...

    තව ඉතින් පඩි පෙලේ ඔක්කොම පඩි වල දිග එකම දිගකුයි උස එකම උසකුයි තියෙනවනම් අනතුරු සිද්ද වෙන්නේ අඩුවෙන්. එක එක පඩි එක එක සයිස් උනොත් බිම තමයි ... (දැන් ඉතින් උබල ගෙයි පඩි චෙක් කරන්න ඔනී නැ ඒවා නියමෙට ඇති :D :D )


    ඔන්න දැන් තමයි වර්ග ටික

    පඩි පෙළක් ප්‍රදාන වශයෙන් හැඩය අනුවයි හදන්න ගන්න අමුද්‍රව්ය‍ අනුවයි වර්ග කරන්න පුළුවන්

    අමුද්‍රව්ය‍ සීන් එක හැමෝම දන්නවා නේ (උදා: කොන්ක්රී‍ට් , ලී , යකඩ , ගඩොල් , කළුගල් වගේ පඩිපෙළවල් )

    පඩිපෙළේ හැඩය අනුව වෙනස් වෙන්නේ පහල විදියට (සිංහලෙන් නම් දන්නේ නැති නිසා ඉන්ගිරිසියෙන් නම් ටික දාන්නම්)



    1.Straight –Flight Stair (direct-flight කියලත් කියනවා )

    මේක තමයි ඉතින් ලේසිම එක .. මේකේ ඔක්කොම පඩි තියෙන්නේ එකම පැත්තකට යන්න

    Straight-flight-Oak-stair-2.jpg
    stair_layout1.jpg



    මේකේ මැදට landing එකක් අවොත් එකට කියන්නේ Broken Straight –Flight Stair කියලා

    QLD%20academy%20creative%20ind_21232_04.JPG
    Stair%20Mid%20landing.PNG



    2. Half –turn stair (Dog –Leg stair කියල කියන්නෙත් මේකටම තමයි )

    අතරමගදී අංශක 180 කින් හැරෙන පඩි පෙළවල් තමයි මේ නමින් හඳුන්වන්නේ (එක ළඟම හැරෙන්නේ)
    47022.jpeg
    dl.jpg

    stairs+done.jpg



    3. Open well (open newel) stair

    මේකත් අතරමගදී අංශක 180 කින් හැරෙන එකක් තමයි හැබැයි මැද හිඩැසක් තියෙනවා (එක ළඟ නෙමෙයි හැරෙන්නේ )
    DSC02042.jpg
    17283.jpg




    4. Quarter turn stair

    අතරමගදී අංශක 90 කින් හැරෙන පඩි පෙළවල් තමයි මේ නමින් හඳුන්වන්නේ
    stairs01.gif
    Mr-Skill-Quarter-Turn-Staircase1.jpg




    5. Elliptical /Geometric stair

    ඉලිප්සයක් හැඩේට තමයි මේක යන්නේ
    staircases_05.jpg




    6. Spiral stair

    දඟර හැඩයට තියෙන පඩි පෙළවල් තමයි මේ නමින් හඳුන්වන්නේ
    spiralstairs.jpg
    stairs07.gif


    ඔයිට අමතරව මේ ක්‍රම දෙකක් තුනක් එකට එකතු කරලා පඩිපෙල් තියෙනවා


    ගෙදරකට තියෙන ඉඩ ප්රතමාණය අනුව මේවයින් එකක් යොදා ගන්න පුළුවන් ...

    අපේ ගෙදරනම් ඉතින් එන්ටර් වෙලා උඩ බලපුගමන් වහලේ තියෙන නිසා මෙව්වා නැ
    උබලගේ ගෙදර තියෙන්නේ මොනවගේ එකක්ද කියල comment එකකුත් දා ගෙන
    නැත්නම් තව කට හරි වැදගත් වෙයි කියල හිතෙනවනම් පොඩි බම්ප් එකක් දාගෙන යන්න
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,700
    113
    Gampaha
    අපේ ගෙදර මේ දෙක තියෙනව. Straight-Flight Stair with landing and quarter turn stair