National Geographic Traveler - ඡායාරූප තරඟය 2013

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    National Geographic Traveler - ඡායාරූප තරඟය 2013


    සෑම වසරකම පැවැත්වෙන නැෂනල් ජියෝග්‍රැෆික් සමාජයේ (National Geographic Society) නැට්ජියෝ ට්‍රැවලර් සඟරාව (National Geographic Traveler) මගින් මෙහෙයවන "නැට්ජියෝ ට්‍රැවලර් ඡායාරූප තරඟය" මෙවරත් පැවැත්වින. 2013 අප්‍රේල් මස පලමුවැනිදා ඇරඹුනු මේ තරඟයේ ඡායාරූප භාරගැනීම ජූනි 30 වැනිදායින් අවසන් විය. මේ කාළය තුල 15,500කට අධික ඡායාරූප සංඛ්‍යාවක් තරඟය වෙත ඉදිරිපත්කල අතර මේ ඡායාරූප (1) Travel Portraits, (2) Outdoor Scenes; (3) Sense of Place; and (4) Spontaneous Moments ලෙස කාණ්ඩ 4කට වර්ගීකරණය කොට නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ විධායක ඡායාරූපකරණ අධ්‍යක්ශකවරුන් හා තවත් සම්මානලාභී ඡායාරූප ශිල්පීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් අගැයිමට බඳුන්කොට ජයග්‍රාහකයින් තෝරන ලදී.

    මෙහිදී අගැයිමට බඳුන්වුනු ඡායාරූප කිහිපයක් ඔබගේ රසවින්දනය වෙනුවෙන් ඉදිරිපත් කරමු...

    සැ:යු: මේ සියළු ඡායාරූපවල අයිතිය නැෂනල් ජියෝග්‍රැෆික් සමාජය සතුය. (Note: National Geographic Society is the copyright owner of all photographs shown here.)

    [1]

    ඡායාරූපය : මහා බාධක කොරල්පරය අසල, නැගෙනහිර ඔස්ට්‍රේලියාව
    ඡායාරූප ශිල්පියා : ක්‍රිස්ටියන් රොත්

    [2]

    ඡායාරූපය : සහරා කාන්තාරයේ ජීවත්වන ෆෙනෙක් නම්වූ කාන්තාර හිවල් පැටවෙකු (The fennec, or desert fox)
    ඡායාරූප ශිල්පියා : ෆ්‍රැන්සිස්කෝ මින්ගොරන්ස්

    [3]

    ඡායාරූපය : දකුණු අයිස්ලන්තයේ දර්ශණයක්
    ඡායාරූප ශිල්පියා : ෆ්ලොරින් සුකෝ

    [4]

    ඡායාරූපය : ලොඩියන් (jellyfish) රෑනක් සමග පිහිණන කිමිදුම්කාරිය, බහාමාස් දිවයින්, දකුණු ඉන්දීය කොදෙව් දූපත්
    ඡායාරූප ශිල්පියා : චියාන් චොන්ග්

    [5]


    ඡායාරූපය : දින කිහිපයක් වයසැති ජෙන්ටූ පෙන්ග්වින් පැටවුන්, ඇන්ටාක්ටිකාව.ඡායාරූප ශිල්පියා : රිචර්ඩ් සිඩ්ලි

    [6]

    ඡායාරූපය : ඔස්ට්‍රේලියාවේ කැරිජිනී ජාතික වනෝද්‍යානය මෙවැනි ගල් පොකුණු (rock pools) හා ගිරිදුර්ග වලට ප්‍රසිද්ධය.
    ඡායාරූප ශිල්පියා : ඉග්නේෂියෝ පැලසියෝස්

    [7]

    ඡායාරූපය : මෙම කුඩා දැරිය සිය පියාව දකින්නේ සත් මසකට පසුවය. අමෙරිකානු නාවික හමුදා නිළධාරියෙකුවූ ඔහු පර්සියානු ගල්ෆ් කළාපයේ සත් මසක නාවික මෙහෙයුමකින් පසුව පැමිණි මොහොත, සැන් ඩියේගෝ නුවර, කැලිෆෝනියාව
    ඡායාරූප ශිල්පියා : අමීර් ඇබ්‍රමොවික්

    [8]

    ඡායාරූපය : සංචාරකයින්ගේ වාහන හොඳින් හුරුපුරුදු මේ චීටාවන් කාචයට හසුවූයේ කෙන්යාවේ මසායි-මාරා ජාතික වනෝද්‍යානයේදීය.
    ඡායාරූප ශිල්පියා : යනායි බොන්හේ

    [9]

    ඡායාරූපය : ධාන්‍යයකට සමවැදී මෙන් පියානෝ වාදනයට සවන්දෙන කුඩා දැරිය, ක්වීන්ස්ටවුන්, නවසීලන්තය
    ඡායාරූප ශිල්පියා : නිකොලා සෙමර්නික්

    [10]

    ඡායාරූපය : සැඟවසිටීමේ දක්ශයෙකු වන Eastern Screech Owl බකමූණා, ඔකිෆෙනෝකී වගුරුබිම, ජෝර්ජියා ප්‍රාන්තය, එක්සත් ජනපදය
    ඡායාරූප ශිල්පියා : ග්‍රැහැම් මැක්ජෝර්ජ්

    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    machan dan lankawe godak ewun photographerla unta me wage thread ekak daala penna ona photography kiyanne monawada kiyala..
    matanam lankawe photographerla penna ba ban..cam ekak gattama hitanne uu professional kiyala..:angry::angry:
     
    • Like
    Reactions: IDG

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa machan..
    11.gif

    TFS.. :)