බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව

    අපි මේ thread එකේ බෞද්ධ ධර්මය සහ විද්‍යාව සම්බන්ධ වෙන්නේ කොහොමද? අනිකුත් මිථ්‍යා විශ්වාසයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරමු. මේ සඳහා ඔබගේ දැනුම සැවම සමග බෙදාගන්න දායක වන්න :)

    මේක ElaKiri PRO! section එකේ තියෙන්නේ ඒක නිසා off topic යන්න එපා

    හරි පටන් ගමු මේ ලෝකේ අගම් වර්ග 2කට බෙදන්න පුලුවන්...

    01. Abrahamic Religions (Christianity , Islam , Judaism)

    One supreme creator GOD (දෙවියෝ) කියල විශ්වාස කරනවා. මිනිසුන්ගේ ගැලවුම් කාරයා දෙවියෝ කියල විශ්වාස කරනවා.
    අපි වගේ කර්මය (KARMA) සහ නැවත ඉපදීම(reincarnation) විශ්වාස කරන්නේ නැහැ...

    02. Dharmic Religions (Buddhism, Hinduism , Jainism and etc)

    මේකෙ පොඩි වෙනසක් තියනවා.. හින්දු ආගම එක දෙවියෙක් නෙමෙයි දෙවියෝ ගොඩාක් විශ්වාස කරනවා. ඒ වගේම හින්දු ආගම අපි වගේ කර්මය (KARMA) සහ නැවත ඉපදීම (reincarnation) විශ්වාස කරනවා. එතකොට අපේ නිර්වාණය හින්දු ආගමේ මෝක්ශ වලට සමානයි. අපේ නිර්වානය චතුරාර්‍ය සත්‍ය වලින් අවබෝද කරගන්න පුලුවන් අතර හින්දු ආගමේ මෝක්ශය අවබෝධ කරගන්න යෝගා සම්ක්‍ය පුහුණු වීම් වලින් කරන්න පුලුවන්.

    නමුත් මෝක්ශයේ පොඩි වෙනසක් තියනවා... හින්දු ආගමට අනුව ප්‍රධාන කුල 4ක් තියනවා
    1. බ්‍රාහ්මණ 2. ක්ෂත්‍රීය 3. වෛශය 4. ශුද්‍ර
    (මේවා 10 11 වසර බුද්ධාගම පොතේ තියන දේවල්-old syllabus)

    අපි නැවත ඉපදෙද්දී අපේ හොඳ ක්‍රියාවලින් අපි හොඳ කුල වල ඉපදෙනවා.. හොඳ කුල වල අයට තමයි මෝක්ශයට ලඟා වෙන්න පුලුවන්...

    නමුත් නිර්වාණයේ ඔහොම දෙයක් නැහැ, අපිට ගති සම්පත්තියකින් උසස් ධනවත් තැනක ඉපදෙන්න පුලුවන්, නමුත් නිර්වාණයට යන මගට අඩු තැනක ඉපදීම බාධාවක් නෙමෙයි...

    හින්දු ආගම වේද ග්‍රන්ථයන්හි බ්‍රාහ්මීය බලපෑම් වලින් ඉගැන්වෙන සත්ව හින්සනය (බිලි දීම ) සහ තද කුල ක්‍රමය වෙනස් කරමින් බෞද්ධ ධර්මය ලොකු වෙනසක් කලා....

    බෞද්ධයෝ සරණ යන්නේ දෙවියන්ගෙන් නෙමෙයි....
    දෙවියන්ගේ පිහිටෙන් බෞද්ධයන්ට නිවන අවබෝධ කරගන්න බැහැ...
    දෙවියන්ගේ හාස්කම් ඇත්තද බොරුද කියල මම කියන්නේ යන්නේ නැහැ. නමුත් හාස්කම් නැති බෞද්ධ ධර්මයට බටහිර විද්‍යාඥයින්ගේත් ලොකු පැහැදීමක් තියනවා.

    Quantum Science and Buddhism (මම මේක මීට කලිනුත් share කලා)

    Books about Quantum Buddhism
    http://www.quantumbuddhism.com/qb-newindex.php

    (Quantum Science ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් මේ ගැන තව විග්‍රහයක් කලොත් හොඳයි...)

    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spiritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.
    -Albert Einstein

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism.
    -Albert Einstein

    A human being is part of the whole, called by us 'Universe'; a part limited in time and space. He experiences himself, his thoughts and feelings as something separated from the rest--a kind of optical delusion of his consciousness. This delusion is a kind of prison for us, restricting us to our personal desires and affection for a few persons nearest us. Our task must be to free ourselves from this prison by widening our circle of compassion to embrace all living creatures and the whole nature in its beauty. Nobody is able to achieve this completely but striving for such achievement is, in itself, a part of the liberation and a foundation for inner security.
    -Albert Einstein

    බටහිර ලෝකය ටිකෙන් ටික බෞද්ධ ධර්මයට ඇදිලා එද්දි අපේ මිනිස්සු මිථ්‍යාවට රවටිලා බොරු දේවල් කරනවා.මේ පවිච්චි කරන PC එක mobile phone එක හැමදේම විද්‍යාවේ අතුරුඵල, බුදු දහම කියන්නේ මනසේ විද්‍යාව.

    මිනිසාගේ මැවීම මුලුමනිම ප්‍රතික්ෂේප කරන පරිණාම වාදය මේ හැමදෙයක්ම බුදු දහමට පටහැඬි නෑ නමුත් අනිත් ආගම් වලට එහෙමෙ නැහැ...

    අපි අන් ආගම් වල තියන හොඳ දේවල් අගය කල යුතුයි... ඒ වගේම අපි අපේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන යුතුයි.

    මේ thread එකේ ගොඩාක් reply බැලුවාම මාර දුකක් දැනෙන්නේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1574146
    රටේ බහුතරය බෞද්ධ කිව්වට වැඩි හරියක් නිවැරදි බෞද්ධ ධර්මය අවබෝධ කරගෙන නෑ වගේ. :no:

    P.S. - මම උපතින් සිංහල බෞද්ධයේක් නොවෙමි, නමුත් මගේ මව් භාෂාව සිංහල, මම හදුනේ සිංහල බෞද්ධ සමාජයක. මේ දෙක රැක ගැනීම මගේ වගකීම...

    Buddhism and science more articles:
    http://en.wikipedia.org/wiki/Buddhism_and_science

    Oxford university
    Buddhism and Science
    http://www.voicesfromoxford.org/video/B-S-Introduction/87

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බුද්ධ ධර්මය ගැන අන්‍යාගමිකයෝ නොදන්නා දේ බොහොමයි. බුද්ධාගමේ මැවුම්වාදයක් පිළිගන්නේ නැහැ. ඔබලා මෙන් ලෝකය මැවූ පුද්ගලයෙක් සිටී යන්න පිළිගන්නේ නැහැ. ඇත්තේ ඇතිවෙමින්, පවතිමින් මොහොතින් මොහොත වෙනස් වෙමින් විනාශය කරා යන චක්‍රයක් බවයි අපගේ පිළිගැනීම. බුදුන් වහන්සේ මේ ක්‍රියාවලිය විස්තර කර ඇත.

    නමුත් මේ සියල්ලේ ආරම්භය ගැන දේශනා කිරීම ආරම්භ කළේ නම් එය දේශනා කර අවසන් කිරීමට උන්වහන්සේගේ සහ ශ්‍රාවකයන්ගේද ආයුෂ ප්‍රමාණවත් වන්නේ නැති බව සඳහන් වෙනවා සහ මනුශ්‍යයන්ට පෙර සඳහන් කළ නොනවතින චක්‍රයෙන් ගැලවී ශූණ්‍යත්වය කරා යෑමට ලෝකය ඇතිවූයේ කෙසේද යන්න කිසිසේත්ම ගැටළුවක් නොවන බව බුදු දහම පවසනවා.

    එය හරියට යමෙක් විත් පිහියෙන් ඔබට ඇන ගියා නම් ඔබ රුධිර වහනය නතර කරන්නේද නොමැතිව, බෙහෙත් දමාගනනේද නොමැතිව ඇති එම ගැටළුවට ලබා ගතයුතු විසඳුම පසෙක තබා ඔබට අණිනු ලැබූ පිහිය කිනම් ලෝහයක එකක්ද, එය කිනම් වර්ෂයේ නිෂ්පාදිතද, එය නිශ්පාදනය කළ රට කුමක්ද, කර්මාන්ත ශාලාව කුමක්ද යන්න සොයනවා වැනියි.

    මෙම පැහැදිලි කිරීම කළ විට සමහර අන්‍යාගමිකයන් උපහාසයෙන් පවසන්නේ බලන්න.. ඔබලා මෙවැනි කතාවක් විශ්වාස කරනවා යන්න අපට අදහා ගන්නත් අමාරුයි. ඔබලාට පිළිතුරු නැහැ. බලන්න ලොව මැවූවේ දෙවියන් වහන්සේ බවට අපගේ ආගමේ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා ඔබලාට නොමැතිවුනාට කියා.

    මේ නිසා මැවුම් කාරයෙක් නොමැතිනම්, එසේ නම් ලෝකය හැදුනේ කෙසේද යැයි මේ නිසා අන්‍යාගමිකයෙක් ඇසිය හැකියි. කෙසේද අපි මේ ආකාරයෙන් සිටින්නේ. ගස්වැල් මේවා ඇතිවුනේ කෙසේද යන්න ඇසිය හැකියි.

    එම ප්‍රශ්ණයට දිව පිළිතුරු දිය යුත්තේ ප්‍රශ්ණයකින්මයි. හොඳයි අප මැවීමක් පිළිගන්නේ නැහැ. ඔබේ මතයට අනුව ලෝකය ඇතිවූයේ කෙසේද ?

    පිළිතුර වන්නේ දෙවියන් වහන්සේ, අල්ලාහ් හෝ වෙනත් දේවියෙකුගේ හෝ දෙවියන්ගේ නම්.

    එසේ නම් ඒ දෙවියාගේ ආරම්භය සිදුවූයේ කෙසේද ? උන් වහන්සේ මැවූවේ කවුද ? උන්වහන්සේගේ ආරම්භය ඇතිවූයේ කවදාද කෙසේද ? මෙය අපගේ දෙවැනි ප්‍රශ්ණයයි.

    අන්‍යාගමිකයාගේ පිළිතුර වියයුත්තේ නොදනී, එය පවසා නැත, එය දෙවියන් වහන්සේගේ රහස්, දෙවියන් වහන්සේ ප්‍රශ්ණ කරන්නට අපට අයිතියක් නැත හෝ උන් වහන්සේ ආරම්භයේ පටන් සිටියා යන්න ආගමෙහි උගන්වා ඇති බවයි

    බලන්න මිත්‍යාවක තරම. ඒ පිළිතුර පැහැදිලි ලෙස පිළිතුරක් නොදන්නා ගැටළුවකට පැලැස්තරයක් ඇලවීමක් බව ඔවුන්ට නොදැනෙක ලෙස ඔවුන් හසු කරගෙන ඇති අන්දම.

    අන්‍යාගමික පුද්ගලයා විසින් මැවීම ගැන ඇසූ ප්‍රශ්ණයට බෞද්ධයා විසින් බුදු දහමට අනුව ලෝකය මැවූවෙක් නැති බව කී විට අන්‍යාගමිකයා උපහාසයෙන් සිනාසුනේ අපගේ ආගමේ මැවූවේ දෙවියන් වහන්සේ ලෙස පිළිතුරක් දී ඇති බව කියමින්.

    දෙවන වර බෞද්ධයා දෙවියන් වහන්සේ මැවූවේ කවුද ඇසූ විට අන්‍යාගමිකයා පසෙකට වන්නේ පිළිතුරු නොමැති බැවින්. ඔවුන්ගේ පෘතග්ජන මනසට වටේ ඇති සියල්ල මැවූ කෙනෙක් සිටී යන්න විශ්වාස කළ යුතු නිසා එක් දෙයකට සියල්ල පොයින්ට් කර පවසනවා ඒ එක් දෙය සියල්ල මැවූ බව. ඉන් පසුව ඒ එක් දෙය මැවූවෙක් නොමැති බව පවසමින් මග හැර යනවා.

    ZK3BrLO.jpg

    pS3lCcg.jpg
     
    Last edited:
    • Like
    Reactions: charitha chandi

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බොහොම ස්තූතියි අර්ථවත් සංවාදයකට ආරම්භයක් ලබා දීම සම්බන්ධව. මේ වේලාවේ කියවීමට නොහැකි නිසා සලකුණක් දමාගත්තා පසුව කියවීමට.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    බොහොම ස්තූතියි අර්ථවත් සංවාදයකට ආරම්භයක් ලබා දීම සම්බන්ධව. මේ වේලාවේ කියවීමට නොහැකි නිසා සලකුණක් දමාගත්තා පසුව කියවීමට.

    පුලුවන් වෙලාවක මේ video series ටික බලන්න
    http://www.voicesfromoxford.org/video/B-S-Introduction/87

    oxford university එකේ session එකක්.
    Cognitivism and Buddhist psychology, Relativity and emptiness වගේ topics ගැන කරන හොඳ සාකච්චා ටිකක්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bookmark කරා මචං...
    පස්සේ කියවන්නම්.
    ඒත් මුලින්ම මට කියන්න තියෙන්නෙ බුදු දහම විද්‍යාව එක්ක සසදන්න එපා කියන එක. මොකද විද්‍යාව කියන්නෙ සත්‍ය නෙවේ. කාලෙන් කාලෙට විද්‍යාව වෙනස් වෙනවා. අලුත් මත එනවා, පරණ මත බිඳෙනවා.
    ඒත් බුදු දහම කියන්නෙ අකාලික දහමක්. ඒ කියන්නෙ කාලයත් සමග වෙනස් නොවෙන දෙයක්. හරියටම ඉපදෙන සියල්ලෝ මැරෙනවා වගේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    bookmark කරා මචං...
    පස්සේ කියවන්නම්.
    ඒත් මුලින්ම මට කියන්න තියෙන්නෙ බුදු දහම විද්‍යාව එක්ක සසදන්න එපා කියන එක. මොකද විද්‍යාව කියන්නෙ සත්‍ය නෙවේ. කාලෙන් කාලෙට විද්‍යාව වෙනස් වෙනවා. අලුත් මත එනවා, පරණ මත බිඳෙනවා.
    ඒත් බුදු දහම කියන්නෙ අකාලික දහමක්. ඒ කියන්නෙ කාලයත් සමග වෙනස් නොවෙන දෙයක්. හරියටම ඉපදෙන සියල්ලෝ මැරෙනවා වගේ.

    විද්‍යාවේ දියුනුවත් සමග ලෝකයේ මෙතෙක් තිබූ ගොඩක් අගම් ධර්ම වල ගොඩක් දේවල් වැරදි තර්ක කරන්න පටන් ගෙන ඉවරයි.
    විද්‍යාව කාලයත් සමහ වෙනස් වෙනවා කියන්නේ කාලයත් සමග දියුනු වෙනවා.
    කලින් තිබ්බ මත experiments, research වලින් දියුණු කරන්න බලනවා සමහර මත වෙනස් වෙන්නත් පුලුවන්.. බුදු රජාණන් වහන්සේත් බුද්ධත්වයට පෙර අත්තකිලමතානු, කාමසුකල්ලානු යෝගය වගේ මාර්ග අතහදා බලලා තමයි මද්‍යම ප්‍රතිපදාව හරි කියලා හොයගත්තේ.
    අපිට බුදු දහමේ හැමදේම විද්‍යාවත් එක්ක ගලපන්න බැහැ.. නමුත් සමහර කරුණු විද්‍යාව සමග සාධනය කරන්න පුලුවන්.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    baudayo kianne sakkili people

    ඔබතුමාගේ ප්‍රකාශයට තුට්ටු 1. 1/2 වටිනාකමට මදක් අඩු වටිනාකමක් තක්සේරු වුනු නිසා නොසලකා හරිනවා. ප්ලෑන වැඩ කරන එකක් නැහැ. මොකද කවුරුවත් මෙතන මෝඩයෝ වගේ කුණුහරුප කියලා පසු කාලෙක මේවා කියවන්න එන මිනිස්සුන්ව දෙවනි පිටුව දැක්ක ගමන් නොකියව දාලා යන තත්ත්වයට පත්වෙන්න වලි අදින්නෙ නැති නිසා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    විද්‍යාවේ දියුනුවත් සමග ලෝකයේ මෙතෙක් තිබූ ගොඩක් අගම් ධර්ම වල ගොඩක් දේවල් වැරදි තර්ක කරන්න පටන් ගෙන ඉවරයි.
    විද්‍යාව කාලයත් සමහ වෙනස් වෙනවා කියන්නේ කාලයත් සමග දියුනු වෙනවා.
    කලින් තිබ්බ මත experiments, research වලින් දියුණු කරන්න බලනවා සමහර මත වෙනස් වෙන්නත් පුලුවන්.. බුදු රජාණන් වහන්සේත් බුද්ධත්වයට පෙර අත්තකිලමතානු, කාමසුකල්ලානු යෝගය වගේ මාර්ග අතහදා බලලා තමයි මද්‍යම ප්‍රතිපදාව හරි කියලා හොයගත්තේ.
    අපිට බුදු දහමේ හැමදේම විද්‍යාවත් එක්ක ගලපන්න බැහැ.. නමුත් සමහර කරුණු විද්‍යාව සමග සාධනය කරන්න පුලුවන්.
    විද්‍යාව කොච්චර දියුණු උනත් බුදු දහමේ වැරදි හොයන්න බැහැ මචන්. මොකද බුදු දහමෙ වැරදි තැන් නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    බුද්ධ ධර්මය ගැන අන්‍යාගමිකයෝ නොදන්නා දේ බොහොමයි. බුද්ධාගමේ මැවුම්වාදයක් පිළිගන්නේ නැහැ. ඔබලා මෙන් ලෝකය මැවූ පුද්ගලයෙක් සිටී යන්න පිළිගන්නේ නැහැ. ඇත්තේ ඇතිවෙමින්, පවතිමින් මොහොතින් මොහොත වෙනස් වෙමින් විනාශය කරා යන චක්‍රයක් බවයි අපගේ පිළිගැනීම. බුදුන් වහන්සේ මේ ක්‍රියාවලිය විස්තර කර ඇත.

    නමුත් මේ සියල්ලේ ආරම්භය ගැන දේශනා කිරීම ආරම්භ කළේ නම් එය දේශනා කර අවසන් කිරීමට උන්වහන්සේගේ සහ ශ්‍රාවකයන්ගේද ආයුෂ ප්‍රමාණවත් වන්නේ නැති බව සඳහන් වෙනවා සහ මනුශ්‍යයන්ට පෙර සඳහන් කළ නොනවතින චක්‍රයෙන් ගැලවී ශූණ්‍යත්වය කරා යෑමට ලෝකය ඇතිවූයේ කෙසේද යන්න කිසිසේත්ම ගැටළුවක් නොවන බව බුදු දහම පවසනවා.

    එය හරියට යමෙක් විත් පිහියෙන් ඔබට ඇන ගියා නම් ඔබ රුධිර වහනය නතර කරන්නේද නොමැතිව, බෙහෙත් දමාගනනේද නොමැතිව ඇති එම ගැටළුවට ලබා ගතයුතු විසඳුම පසෙක තබා ඔබට අණිනු ලැබූ පිහිය කිනම් ලෝහයක එකක්ද, එය කිනම් වර්ෂයේ නිෂ්පාදිතද, එය නිශ්පාදනය කළ රට කුමක්ද, කර්මාන්ත ශාලාව කුමක්ද යන්න සොයනවා වැනියි.

    මෙම පැහැදිලි කිරීම කළ විට සමහර අන්‍යාගමිකයන් උපහාසයෙන් පවසන්නේ බලන්න.. ඔබලා මෙවැනි කතාවක් විශ්වාස කරනවා යන්න අපට අදහා ගන්නත් අමාරුයි. ඔබලාට පිළිතුරු නැහැ. බලන්න ලොව මැවූවේ දෙවියන් වහන්සේ බවට අපගේ ආගමේ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා ඔබලාට නොමැතිවුනාට කියා.

    මේ නිසා මැවුම් කාරයෙක් නොමැතිනම්, එසේ නම් ලෝකය හැදුනේ කෙසේද යැයි මේ නිසා අන්‍යාගමිකයෙක් ඇසිය හැකියි. කෙසේද අපි මේ ආකාරයෙන් සිටින්නේ. ගස්වැල් මේවා ඇතිවුනේ කෙසේද යන්න ඇසිය හැකියි.

    එම ප්‍රශ්ණයට දිව පිළිතුරු දිය යුත්තේ ප්‍රශ්ණයකින්මයි. හොඳයි අප මැවීමක් පිළිගන්නේ නැහැ. ඔබේ මතයට අනුව ලෝකය ඇතිවූයේ කෙසේද ?

    පිළිතුර වන්නේ දෙවියන් වහන්සේ, අල්ලාහ් හෝ වෙනත් දේවියෙකුගේ හෝ දෙවියන්ගේ නම්.

    එසේ නම් ඒ දෙවියාගේ ආරම්භය සිදුවූයේ කෙසේද ? උන් වහන්සේ මැවූවේ කවුද ? උන්වහන්සේගේ ආරම්භය ඇතිවූයේ කවදාද කෙසේද ? මෙය අපගේ දෙවැනි ප්‍රශ්ණයයි.

    අන්‍යාගමිකයාගේ පිළිතුර වියයුත්තේ නොදනී, එය පවසා නැත, එය දෙවියන් වහන්සේගේ රහස්, දෙවියන් වහන්සේ ප්‍රශ්ණ කරන්නට අපට අයිතියක් නැත හෝ උන් වහන්සේ ආරම්භයේ පටන් සිටියා යන්න ආගමෙහි උගන්වා ඇති බවයි

    බලන්න මිත්‍යාවක තරම. ඒ පිළිතුර පැහැදිලි ලෙස පිළිතුරක් නොදන්නා ගැටළුවකට පැලැස්තරයක් ඇලවීමක් බව ඔවුන්ට නොදැනෙක ලෙස ඔවුන් හසු කරගෙන ඇති අන්දම.

    අන්‍යාගමික පුද්ගලයා විසින් මැවීම ගැන ඇසූ ප්‍රශ්ණයට බෞද්ධයා විසින් බුදු දහමට අනුව ලෝකය මැවූවෙක් නැති බව කී විට අන්‍යාගමිකයා උපහාසයෙන් සිනාසුනේ අපගේ ආගමේ මැවූවේ දෙවියන් වහන්සේ ලෙස පිළිතුරක් දී ඇති බව කියමින්.

    දෙවන වර බෞද්ධයා දෙවියන් වහන්සේ මැවූවේ කවුද ඇසූ විට අන්‍යාගමිකයා පසෙකට වන්නේ පිළිතුරු නොමැති බැවින්. ඔවුන්ගේ පෘතග්ජන මනසට වටේ ඇති සියල්ල මැවූ කෙනෙක් සිටී යන්න විශ්වාස කළ යුතු නිසා එක් දෙයකට සියල්ල පොයින්ට් කර පවසනවා ඒ එක් දෙය සියල්ල මැවූ බව. ඉන් පසුව ඒ එක් දෙය මැවූවෙක් නොමැති බව පවසමින් මග හැර යනවා.

    Differences and Similarities between the 3 Monotheistic Religions

    Abraham-13763656194_zps572862b1.jpg

    මේ අගම් තුනම විශ්වාස කරන්නේ ඒබ්‍රහම් පලවෙනි කියලා...
    ක්‍රිස්තියානි අය jesus, isaac සහ moses ගෙන් පැවෙතෙනවා කියලා විශ්වාස කරනවා...
    ඉස්ලාම් අය muhammed, ishmael ගෙන් පැවෙතෙනවා කියලා විශ්වාස කරනවා...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    bookmark කරා මචං...
    පස්සේ කියවන්නම්.
    ඒත් මුලින්ම මට කියන්න තියෙන්නෙ බුදු දහම විද්‍යාව එක්ක සසදන්න එපා කියන එක. මොකද විද්‍යාව කියන්නෙ සත්‍ය නෙවේ. කාලෙන් කාලෙට විද්‍යාව වෙනස් වෙනවා. අලුත් මත එනවා, පරණ මත බිඳෙනවා.
    ඒත් බුදු දහම කියන්නෙ අකාලික දහමක්. ඒ කියන්නෙ කාලයත් සමග වෙනස් නොවෙන දෙයක්. හරියටම ඉපදෙන සියල්ලෝ මැරෙනවා වගේ.

    බුදුහාමුදුරුවො හැමවිටමමුල්තැන දීලා තියෙන්නෙ තමන්ම හිතල සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමයටයි.
    විද්‍යාව කියන්නෙ මිනිස්සු තමන්ට වැටගෙන විදිහට හදාගත්තු දැනුම් පද්ධතියක්. ඒක නිසා බුදුදහම අපි දන්න විද්‍යාවත් එක්ක සසඳන එකේ කිසි වැරැද්දක් නැහැ. නමුත් ඒ දෙක දෙකක්. ඒක හරි.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බුදුහාමුදුරුවො හැමවිටමමුල්තැන දීලා තියෙන්නෙ තමන්ම හිතල සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමයටයි.
    විද්‍යාව කියන්නෙ මිනිස්සු තමන්ට වැටගෙන විදිහට හදාගත්තු දැනුම් පද්ධතියක්. ඒක නිසා බුදුදහම අපි දන්න විද්‍යාවත් එක්ක සසඳන එකේ කිසි වැරැද්දක් නැහැ. නමුත් ඒ දෙක දෙකක්. ඒක හරි.

    සියුස් කියන්නෙත් දේව සංකල්පයක් නොවේද ? නාමය විදිහට ඒ නම භාවිත කරන්නට ඇත්තේ ඒ කාරණය ගැන දන්නා නිසා විය යුතුයැ. විස්තර කළ හැකි නම් තුති.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සියුස් කියන්නෙත් දේව සංකල්පයක් නොවේද ? නාමය විදිහට ඒ නම භාවිත කරන්නට ඇත්තේ ඒ කාරණය ගැන දන්නා නිසා විය යුතුයැ. විස්තර කළ හැකි නම් තුති.

    කෙස්පැලෙන තර්ක කරල නෙවෙයි Herculis episode එකක බලල ඉවර උනහමයි EK එකේ register උනේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදුහාමුදුරුවො හැමවිටමමුල්තැන දීලා තියෙන්නෙ තමන්ම හිතල සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමයටයි.
    විද්‍යාව කියන්නෙ මිනිස්සු තමන්ට වැටගෙන විදිහට හදාගත්තු දැනුම් පද්ධතියක්. ඒක නිසා බුදුදහම අපි දන්න විද්‍යාවත් එක්ක සසඳන එකේ කිසි වැරැද්දක් නැහැ. නමුත් ඒ දෙක දෙකක්. ඒක හරි.
    ඔය කතාව හුඟක් අය කියනවා මචන්. ඒත් එකේ සත්‍යතාවය මම දන්නේ නැහැ. මොකද තමන්ට හිතල වටහාගන්න නම් බුදුකෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වන්නේ නැහැ. බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ මාර්ගය පෙන්වාදීමට. ඒ මාර්ගයේ යන නොයන එක අපේ වැඩක්. මං දන්න විදිහට බුදුන් දේශනා කරල තියෙන්නෙ. ඕනෑම දෙයක් තථාගත ධර්මය සමඟ සසදන්න කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    විද්‍යාව කොච්චර දියුණු උනත් බුදු දහමේ වැරදි හොයන්න බැහැ මචන්. මොකද බුදු දහමෙ වැරදි තැන් නැහැ.

    ඔය කතාව හුඟක් අය කියනවා මචන්. ඒත් එකේ සත්‍යතාවය මම දන්නේ නැහැ. මොකද තමන්ට හිතල වටහාගන්න නම් බුදුකෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වන්නේ නැහැ. බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ මාර්ගය පෙන්වාදීමට. ඒ මාර්ගයේ යන නොයන එක අපේ වැඩක්. මං දන්න විදිහට බුදුන් දේශනා කරල තියෙන්නෙ. ඕනෑම දෙයක් තථාගත ධර්මය සමඟ සසදන්න කියල.

    බුදු රජාණන් වහන්සේ වැරදි දේවල් වදාල නැති උනාට, ධර්මය ග්‍රන්ථාරූඩ කලේ බුදු රජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ තිබ්බ ධර්ම සංගායනාව පස්සේ.ඒ ලියවිලා තියන දේවල් එහෙන් පිටින් පිලිපදිනවට වඩා හොඳයි අවබෝධයෙන් පිලි පැදීම...

    බුදු දහමේ "ශ්‍රද්ධාව" කියන එක කොටස් දෙකකට බෙදන්න පුලුවන්....
    1. අමූලික ශ්‍රද්ධා
    2. ආකාරවතී ශ්‍රද්ධා

    අමූලික ශ්‍රද්ධා කියන්නේ එක අන්ධයෙක් පිටි පස්සේ යන තව අන්ධ පෙලක් වගේ... අවබෝධයකින් තොරව එලසින්ම පිලිපැදීම. නමුත් බෞද්ධ ධර්මය අනුමත කරන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ඒ කියන්නේ අවබෝධයකි ඇතිව පිලිපැදීම...

    මේ ශ්‍රද්ධාව ගැන හොඳ පාඩමක් තිබ්බා පරණ O\Ls syllabus එකේ...

    බුදුහාමුදුරුවො හැමවිටමමුල්තැන දීලා තියෙන්නෙ තමන්ම හිතල සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමයටයි.
    විද්‍යාව කියන්නෙ මිනිස්සු තමන්ට වැටගෙන විදිහට හදාගත්තු දැනුම් පද්ධතියක්. ඒක නිසා බුදුදහම අපි දන්න විද්‍යාවත් එක්ක සසඳන එකේ කිසි වැරැද්දක් නැහැ. නමුත් ඒ දෙක දෙකක්. ඒක හරි.

    අනිත් ආගම් එක පොතකට කොටු වෙලා ප්‍රශ්න සියල්ලම පොතකින් විසඳන්න හදද්දි, විද්‍යාව බුදු දහම මේ දෙකම මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දීල ඒ ප්‍රශ්ණ වලින් දැනුම අවබෝධ කරගන්න අවස්ථාවක් දීල තියනවා....

    ලෝකය වෙනස් වෙනවා බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ තිබුනු ලෝකය නෙමෙයි දැන් මේ තියෙන්නේ... අපි කල යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය වර්තමාන ලෝකයට යොදාගන්නේ කොහොමද කියලා නිරාකරණය කරන එක.