Mobile Projector එකක් හදමුද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔන්න එහෙනම් මම අද කියලා දෙන්න යන්නේ mobile projector එකක් හදන විදිහ..:P:P

    මෙන්න මේ වගේ පෙනෙයි හැදුවහම..:rolleyes::rolleyes:.


    furrtherrr_1000v3_600.jpg



    මේක හදන්න ඕන වෙන්නේ මෙන්න මේ දේවල්.:yes::yes:.


    ingredients_250.jpg



    1) අත් කාචයක්

    2) සපත්තු පෙට්ටියක්

    3) ජංගම දුරකථනයක් (ස්මාර්ට් ෆෝන් එකක්)

    4) කලු සෙලෝ ටේප්

    5) කාඩ් බෝඩ් කපන්න පුළුවන් පිහි තලයක්




    හරි එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු....:yes::yes:

    මුලින්ම කරන්න ඕන,අත් කාචයේ ප්‍රමාණයට මෙන්නේ මේ පින්තුරේ වගේ කාඩ් බෝඩ් පෙට්ටියේ රවුමක් පැත්තෙන් කපාගන්න..

    step1_250.jpg


    step2_250.jpg



    ඊට පස්සේ මේ පහල තියන පින්තුරේ විදිහට ඕගොල්ලෝ අත් කාචය අර කපපු රවුම ඇතුලේ රවුම් ඇතුලට ඇතුළු කරගෙන සෙලෝ ටේප් වලින් අලව ගන්න.

    step3_250.jpg



    දැන් ඉතින් කරන්න තියෙන්නේ සුළු දෙයක්,ඔයාගේ ෆෝන් එක පෙට්ටිය ඇතුලේ රදවාගන්න මෙන්න මේ වගේ ආධාරකයක් හදාගන්න paper clip එකක් නවාගෙන.


    clip.gif




    ඊට පස්සේ කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ rotate screen disable කරගන්න,නැත්තම් projector එකෙන් පෙන්නේ රූප අනිත් පැත්තට.O/L කරපු ඕන කෙනෙක් දන්නවනේ මොකක්ද හේතුව කියලා...


    bowie_250.jpg




    දැන් තමා පරිස්සමෙන් කරන්න ඕන වැඩේ තියෙන්නේ..ෆෝන් එක පෙට්ටිය ඇතුලට දාලා,පැහැදිලි රූපයක් එන විදිහට ෆෝන එක එහා මෙහා කරන්න (focusing),මේක කරන්න ඕන ඉතින් ආලෝකය අඩු තැනක තමා,විශේෂයෙන් රැට තමා මේක සාර්ථක.හොද ප්‍රතිපලයක් ලබා ගන්නනම් රැට තම මේ projector හදලා බලන්න ඕන...

    step6.jpg




    තව දෙයක් කියන්න තියනවා..ඔයාලා ෆෝන් එකේ brightness full දාගෙන මේ වැඩේ කරන්න..නැත්තම් ෆෝන් එකෙන් නිකුත් වන ආලෝක කිරණ එතරම් ප්‍රබල නෑ..:yes:

    step7_250.jpg





    ඔයාලා projector එක හදා ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට පෙනෙයි,හැබැයි ඉතින් ගොඩක් අදුරු කාමරේක තමයි මේක කරන්න ඕන..මොකද මේක ඉතින් Basic Projector එකක්නේ... මල්ටිමීඩියා projector එකක් තරම් advanced නැහැ :yes:


    furrtherrr_1000v3_600.jpg






    මේ තියෙන්නේ මං හදපු එක....මේකෙන් සාමාන්‍ය ගානට පේනවා..අවුලක් නෑ..හැබැයි හොදට focus කරගන්න ඕන..:yes:


    9q9z6v.jpg


    hvs3dc.jpg





    හරි ඉතින් ඕගොල්ලොත් මේවගේ එකක් හදලා බලලා කියන්නකෝ......හොදනම් දන්නවනේ ඉතින් කරන්න ඕන දේ :rolleyes:..මගේ පහුගිය මාසවල නැති වුන නම්බුව අපහු ගන්නත් එක්ක මම මේක දැම්මේ..හැම එකාම කිව්වේ මම වැදගත් thread දන්නේ නෑ කියලනේ..හෙහෙහෙ :rofl::rofl:





    SOURCE
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama iskole yanakale ape tv ekata ohoma heduwa hebi anith peththa ta penne .tv uda yata maru karala balanna one