රට මුදවා ගත් එක්‌සත් ජාතික පක්‍ෂය

kputha

Member
May 5, 2012
5,534
240
0
රට මුදවා ගත් එක්‌සත් ජාතික පක්‍ෂය

අදිරද බැම්මෙන් රට මුදවා ගත් එක්‌සත් ජාතික පක්‍ෂය

එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය 2013 සැප්තැම්බර් මස හයවැනි (06) දිනට යෙදී ඇති මේ අවස්‌ථාවේදී පසුගිය හැටහත් වසර පුරා එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසය තුළ විවිධ වූ දුෂ්කරතා බාධක ජයගෙන ඉදිරියට ගිය දුෂ්කර වූ ගමන තුළින් ලංකාවාසී සැමට දේශපාලන පක්‍ෂයක්‌ වශයෙන් කළ අමිල සේවය කිසිදු දේශපාලන පක්‍ෂයක නැති ජීව ගුණය සිහිපත් කිරීමට මෙය අවස්‌ථාව කර ගනිමු.

1941 සැප්තැම්බර් මස හයවැනි (06) දින කොළඹ - 07 ඇල්බට්‌ චන්ද්‍රවංකයේ එවකට පිහිටි පාම්කෝට්‌ මන්දිරයේදී සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් යන ජන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සැබෑවූත් එක්‌සත් වූත් එක්‌සත් ජාතික පක්‍ෂය බිහි කිරීමට ඉතිහාසයේත් වර්තමානයේත් යුග පෙරළියක්‌ කිරීමට සමත් වූ පෙරගමන්කරු ලෙස ක්‍රියා කර ඇත.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්‌ කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ රටට හඳුන්වා දුන් පක්‍ෂය ද එක්‌සත් ජාතික පක්‍ෂයයි. අදටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ආරක්‍ෂා කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ කැප කිරීම සුළුපටු නොවන අතර අප පක්‍ෂයේ නායකයන් අනුනායකයන් හා සාමාජිකයන් විශාල පිරිසක්‌ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට කටයුතු කර ජීවිත පූජා කළ අවස්‌ථා ගණන අනෙක්‌ පක්‍ෂවලට වඩා ඉතා ඉහළ අගයකි. අප පක්‍ෂයේ 67 වැනි සංවත්සරය සමරන මොහොතේ එම හැටහත් වසර පුරාම මියගිය නායකයන් සාමාජිකයන් සැමරීමද පක්‍ෂයේත් අප හැමගේත් වගකීමකි.

නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමා ඇතුළු ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග, රනිල් වික්‍රමසිංහ යන නායකයන් එක්‌සත් ජාතික පක්‍ෂයට කළ සේවයද සිහිපත් කළ යුතු අතර ඒ ඒ යුගවල යුගයට ගැලපෙන ජව සම්පන්න පක්‍ෂයක්‌ ලෙස නොනැසී ආරක්‍ෂා කිරීමට ක්‍රියා කිරීම 1941 ආරම්භ කළ පක්‍ෂයේ නිර්මාතෘවරුන්ට කරන ඉමහත් ගෞරවයක්‌ ලෙස දැක්‌විය හැක.

1952 මාර්තු මස 02 වැනි දින කෘෂිකර්මාන්තය මුල් කරගෙන ගොවි ජනපද ආරම්භ කර කෘෂි ආර්ථික විප්ලවයක්‌ රට පුරා ආරම්භ කළ අප පක්‍ෂයේ ආරම්භක නායකයා වූ මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිඳුන්ගේ හදිසි අභාවය කාගේත් සිත් කම්පාවට පත්වූ සිද්ධියක්‌ විය. ඩී. එස්‌. ගේ අභාවයෙන් හිස්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ඒ වන විටත් පක්‍ෂය හැර ගොස්‌ සිටීම නිසා ඩඩ්ලි සේනානායක මහතා පක්‍ෂයේ නායකත්වයට පත්විය. 1953 සෞඛ්‍ය හේතුන් නිසා ඩඩ්ලි සේනානායක මහතා පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්වීම නිසා කොතලාවල හා ඡේ. ආර්. ගේ නම් නායකත්වය සඳහා ඉදිරිපත් වුවත් ජෝන් කොතලාවල මහතාට එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හිමිවිය. 1956 පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට පත්ව මන්ත්‍රී ආසන 08 ක්‌ දක්‌වා අඩුවිය. මෙය එක්‌සත් ජාතික පක්‍ෂයේ අවසානය ලෙසත් මළගම ලෙසත් විරුද්ධ පාක්‍ෂිකයන් මෙන්ම පාක්‍ෂිකයන්ද විවිධ මත ප්‍රකාශ කරන්නට විය. නමුත් 1956 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමිවිය. නැවත ඩඩ්ලි සේනානායක මහතා පක්‍ෂයේ නායකත්වය භාරගෙන ඡේ. ආර්. ජයවර්ධන මහතා සමග පක්‍ෂයේ සියලු සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ බර කරට ගත්තේය.

1960 මාර්තු මස පක්‍ෂය නැවත ජනතාව අතරට ගෙන ගොස්‌ එක්‌සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තු බලය හිමිකරගත්තද පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පරාජය වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර 1960 ජූලි මස නැවත පැවැති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය පරාජයට පත්ව මන්ත්‍රී ආසන 30 ක්‌ පමණක්‌ පක්‍ෂයට හිමිවිය. 1965 දී පැවැති මැතිවරණයෙන් ආසන 66 ක්‌ දිනා නැවත පක්‍ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට එවකට පැවති රජය 1964 දී ලේක්‌හවුස්‌ ආයතනය රජයට පවරාගෙන මාධ්‍ය නිදහස නැති කිරීමට එරෙහිව රජයට විරුද්ධ සටන ප්‍රධාන තැනක්‌ ගන්නා ලදී.

1970 දී පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය නැවත අන්ත පරාජයකට පත්වී මන්ත්‍රී ආසන 17 දක්‌වාම අඩුවිය. මෙය පක්‍ෂයට දරාගත නොහැකි පරාජයක්‌ විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ රජයට 2/3 ක අසීමිත බලයක්‌ හිමිවිය. නමුත් 2/3 ක බලයෙන් ජනතාවට කිසිදු සේවයක්‌ නොවූ අතර සිදුවූයේ එම බලය ජනතාවට පීඩාවක්‌ බවට පත්වීමකි.

1973 අප්‍රේල් මස එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ හදිසි අභාවය තව තවත් පක්‍ෂයේ පසුබෑමට හේතු විය. පක්‍ෂයේ ඉහළ නායකයන් බෙදී වෙන්ව කණ්‌ඩායම් වශයෙන් කටයුතු කිරීම එයට තවත් හේතුවක්‌ විය. එසේ වුවත් ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ දේහය නැරඹීමට බොරැල්ලේ එතුමාගේ වුඩ්ලන්ඩ් මන්දිරයට පැමිණි ජන ගංගාව තවමත් බිඳ දැමීමට නොහැකි වූ ජනතාව ඒකරාශි වූ ස්‌ථානයක්‌ බවට ඉතිහාසයේ ලියෑවී ඇත. ඩඩ්ලිගේ මරණයත් සමග හිස්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට නිදහස්‌ ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා වූත් මීට පෙරද පක්‍ෂයේ නායකත්වයට ඉහළම සුදුස්‌සාවූත් ඡේ. ආර්. ජයවර්ධන මහතාට දේශපාලනයේ ඉවසීමේ ගුණය නායකත්වය සඳහා ඇති ඉහළම සුදුසුකම බවට තහවුරු කරමින් පක්‍ෂයේ නායකත්වය සඳහා වසර 30 ක අත්දැකීම් සහිතව පත්වීම සිදුවිය. මෙම නායකත්වය එක්‌සත් ජාතික පක්‍ෂයේ නව යුගයකට ද හේතු විය.

1975 දී සිරිමාවෝ මැතිණියගේ පාර්ලිමේන්තු නිල කාලය අවසන් වුවත් 2/3 පාර්ලිමේන්තු බලය අයුතු ලෙස යොදාගනිමින් 1977 දක්‌වා වසර දෙකක්‌ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගන්නා ලදී. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක ඡේ. ආර්. ජයවර්ධන, සිරිමාවෝගේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රියාවලියට එරෙහිව තමා නියෝජනය කළ දකුණු කොළඹ මන්ත්‍රී අසුනෙන් ඉල්ලා අස්‌වී එක්‌සත් ජාතික පක්‍ෂයේ විරෝධය දැක්‌විය. ඡේ. ආර්. පක්‍ෂයේ විනය හේතුන් මත පක්‍ෂයෙන් ඉවත්කල සියලු දෙනාම පාහේ ඡේ. ආර්. ජයවර්ධන මහතා පරාජය කිරීමට සිරිමාවෝ සමග එකතු විය. මෙම තත්ත්වය ඡේ. ආර්. ජයවර්ධන මහතාටත් පක්‍ෂයටත් විශාල අභියෝගයක්‌ විය. නමුත් ඡේ. ආර්. ජයවර්ධන මහතා අතුරු මැතිවරණයෙන් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත්පත් කර පක්‍ෂයේ නායකත්වය ආරක්‍ෂා කර ගනිමින් නායකත්වයේ සටන ආරම්භ කරමින් රටටත්, පක්‍ෂයටත් ආදර්ශයක්‌ ලබා දෙන්නට විය.

1977 මැතිවරණයෙන් ඡේ. ආර්. ජයවර්ධන රජයට තනි පක්‍ෂයක්‌ ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයට 5/6 ක පාර්ලිමේන්තු බලයක්‌ හිමිකරදී ආසන 140 ක්‌ දිනා ගැනීමට හැකිවිය. එතෙක්‌ පාර්ලිමේන්තුව තුළ ගොනු වුණ රාජ්‍ය නායකයා 1978 ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිධුරය දක්‌වා ඔසවා තබන ලදී. ඒ අනුව නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයාත්, 1978 ව්‍යවස්‌ථාවෙන් නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාත් බිහිවන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් බව සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

එතෙක්‌ සුළු පිරිසකට පමණක්‌ හිමිව තිබූ රටේ ආර්ථික බලය රටේ බොහෝ දෙනකුට විවෘත විය. සීනි, පිටි, හාල්, පරිප්පු, කරවල, ටින් මාළු, ජලය, විදුලිය, දුරකථන, නිවාස, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවාවන් ඡේ. ආර්. ජයවර්ධන රජය තුළ ජනතාවගේ සුභසෙත වෙනුවෙන් විවෘත කළේය. මහවැලිය, රන්දෙණිගල වැනි දැවැන්ත විදුලි බලාගාර බිහිකරමින් රටේ ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂයට හැකිවිය. රටේ ජනතාව ණය බරින් මුදා ගෙන යෝaධ සැලසුම් කෙටි කාලයකින් නිමකර රට බත බුලතින් ස්‌වයංපෝෂිත කළේ එක්‌සත් ජාතික පක්‍ෂය බව 67 වැනි සැමරුමේදී සිහිපත් කරන්නේ ඉතා සතුටිනි.

1988 පැවති ජනාධිපති මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහනය ලබා ගන්නේ රට තුළ දකුණෙත්, උතුරේත් පැවැති ත්‍රස්‌තවාදයට මුහුණ දෙමින් පාක්‍ෂිකයන්, නායකයන් බුරුතු පිටින් ඝාතනයට ලක්‌වෙද්දී වීම කැපී පෙනුණි. සාමාන්‍ය පන්තියේ අයෙකුට පවා හැකියාව දක්‍ෂතාවය මත එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්ව ගමනක්‌ යා හැකි බව රණසිංහ ප්‍රේමදාස ජයග්‍රහණයත් සමගම රටටත් එක්‌සත් ජාතික පක්‍ෂයටත් පණිවිඩයක්‌ හා ආදර්ශයක්‌ සපයන්නට විය.

1989 ජනවාරි 02 දින විධායක ජනාධිපතිවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති මැතිවරණ ජයග්‍රහණයත් සමග ජනාධිපති ධුරයෙන් හා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්ව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතෙක්‌ රටතුළ පැවැති දේශපාලනයට නුපුදුරු අත්දැකීමක්‌ එක්‌ කළේය. ඉන් අනතුරුව එක්‌සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්‌ථාවට අනුකූලව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්විය. දුගී දුප්පත්, පෑගෙන, පොඩිවෙන මිනිසුන් වෙනුවෙන් කැපී පෙනෙන ජන මෙහෙවරක්‌ කර වහලක්‌ නොමැති ජනතාව වෙනුවෙන් නිවාස දස ලක්‍ෂයක්‌ සෑදීමේ පුරෝගාමී මෙහෙවරක්‌ කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා නෙරපීමට එක්‌සත් ජාතික පක්‍ෂයේම මන්ත්‍රීවරු පිරිසක්‌ එතුමාට විරුද්ධව දොaෂාභියෝගයක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒම එක්‌සත් ජාතික පක්‍ෂය තුළ මෙතෙක්‌ 67 වර්ෂ පුරා දක්‌නට ලැබූ ෙ€දජනක හා පක්‍ෂයේ පසුබැසීමට ප්‍රධානතම හේතුව වූ අතර ඒ නිසාම පක්‍ෂයේ දස ලක්‍ෂයක්‌ පමණ සාමාජිකයන් හා නායකයන් විශාල පිරිසකගෙන්ම පක්‍ෂයට අභියෝගයන් එල්ලවන්නට විය. මේ නිසාම පක්‍ෂය පාලන බලයේ සිටියදීම පක්‍ෂය හැරගිය පිරිස ඉහළ අගයක්‌ ගන්නට විය.

1993 මැයි 01 දින කම්කරු පෙළපාලියේදී ත්‍රස්‌තවාදීන්ගේ රුදුරු බෝම්බයකට ප්‍රේමදාස ජනාධිපතිවරයා මහමගදී ඝාතනයට ලක්‌වීමෙන් එක්‌සත් ජාතික පක්‍ෂය තවත් පසුබෑමට ලක්‌විය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් හිස්‌වූ ජනාධිපති තනතුරට අනුප්‍රාප්තිකයා ලෙස ජනපති ඉතිරි කාලය සඳහා ව්‍යවස්‌ථානුකූලව ජනාධිපතිවරයා ලෙස ඩී. බී. විඡේතුංග මැතිතුමා පත්වූ අතර එම පත්වීමත් සමග පක්‍ෂය හැරගිsය පිරිසත්a නැවත පක්‍ෂයට එකතු විය. ඒ අතර ගාමිණී දිසානායක මහතාගේ නමට මුල් තැනක්‌ හිමිවිය.

1994 සිට පක්‍ෂයට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට එක්‌සත් ජාතික පක්‍ෂයේ වසර 67 ක ඉතිහාසය පුරා විශාලතම අභියෝග රැසකට මුහුණදීමට සිදුවිය. පක්‍ෂයේ ජන පදනම හීනවූ යුගයක, දකුණේ ත්‍රස්‌තවාදය හේතුවෙන් දකුණේ ජනතාව විශාල වශයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය හැර ගොස්‌ විකල්ප බලවේග සමග එකතු වූ තත්ත්වයක්‌ තුළත් උතුරේ ත්‍රස්‌තවාදය හේතුවෙන් උතුරේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය තහනමකට ලක්‌ වීමෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය හැමවිටම අහිමි විය. එසේම 1989 - 1994 යුගයේ පක්‍ෂය හැරගිsය දස ලක්‍ෂයක්‌ පමණ සාමාජිකයන් එක්‌සත් ජාතික පක්‍ෂයට නැවත එකතු කර ගැනීමේ අසීරු ක්‍රියාවලියට පක්‍ෂයට මුහුණ දීමට සිදුවිය. පක්‍ෂයේ විනය හා ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව මෙහෙයවූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු බලයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමිකර දීමට සමත් විය.

2002 දී නැවත එක්‌සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලයක්‌ හිමිකර ගත්තද චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිධුරයේ සිටි බැවින් ලංකා දේශපාලන ඉතිහාසයේ අසීරුම මැතිවරණය වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපතිවරයා වෙනත් පක්‍ෂයකින් පත්ව තිබියදී එක්‌සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට හැකිවිය. එසේ වූ දුෂ්කර ජයග්‍රහණය එක්‌සත් ජාතික පක්‍ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් හිමි කරගත්තද පාර්ලිමේන්තු කාලය වසර දෙකහමාරකට සීමා කර ජනාධිපතිනියට හිමි ව්‍යවස්‌ථානුකූල බලය උපයෝගී කරගෙන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

2013 ක්‌වූ සැප්තැම්බර් මස 06 වැනි දින එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ පවතින ආණ්‌ඩුව වෙනස්‌ කිරීමට දැවැන්ත ක්‍රියාදාමයක එක්‌සත් ජාතික පක්‍ෂය නිරතව සිටින අතර පක්‍ෂයේ කාන්තා, තරුණ ශාඛා සංවිධාන නැවත ප්‍රතිසංවිධාන කටයුතු පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙමින් පවතී.

2014 දී එක්‌සත් ජාතික පක්‍ෂ රජය බිහි කළ යුතුව ඇත. ජනතාවගේ සුභසිද්ධියට සහ යහපාලනයට ජනතාව ණය බරින් මුදාගෙන ජනතාවගේ කුසගින්නට තිත තබමින් යහපත් හෙට දවසක්‌ උදා කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ අපි සැමදෙනාම අදිටන් කරගෙන සිටිමු.

තිස්‌ස අත්තනායක - මහ ලේකම් එක්‌සත් ජාතික පක්‍
ෂය

 
  • Like
Reactions: tharakato

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ජාතියෙ තෙර්ඩ් එකක් හොය හොය හිටියෙ :P
    කොහොමද මේකට හොද කියන්ඩද නරක කියන්ඩද :rolleyes::rolleyes: mmmm

     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ ජාතියෙ තෙර්ඩ් එකක් හොය හොය හිටියෙ :P
    කොහොමද මේකට හොද කියන්ඩද නරක කියන්ඩද :rolleyes::rolleyes: mmmm

    ube kamaththak machan ubata ube mathe kiyanna ayithiyak thiyenawa
    mata mage mathe kiyanna ayithiyak thiyenawaa ithin pasnayak naha ona deyak kiyapan uththara denna ona ekaknam uththara dennam:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    2014 දී එක්‌සත් ජාතික පක්‍ෂ රජය බිහි කළ යුතුව ඇත. ජනතාවගේ සුභසිද්ධියට සහ යහපාලනයට ජනතාව ණය බරින් මුදාගෙන ජනතාවගේ කුසගින්නට තිත තබමින් යහපත් හෙට දවසක්‌ උදා කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ අපි සැමදෙනාම අදිටන් කරගෙන සිටිමු.

    තිස්‌ස අත්තනායක - මහ ලේකම් එක්‌සත් ජාතික පක්‍
    ෂය

    අත්තනායකට අමු කැවිල,2014 පාර්ලිමෙන්තු හො ජනාධිපතිවරනයක් පවත්වන්නෙ නැත. :P
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අත්තනායකට අමු කැවිල,2014 පාර්ලිමෙන්තු හො ජනාධිපතිවරනයක් පවත්වන්නෙ නැත. :P

    ආණ්ඩුව විසුරුවා හැරියොත්:Pකොහොමත් දැනටම කචල් ආණ්ඩුවෙ ඇතුලත වයඹ චන්දෙන්
    පස්සෙ එලි පිට කා ගනි චන්දිකා පිලත් ටික ටික නැගිටිනවා:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1978 ව්‍යවස්‌ථාවෙන් නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාත් බිහිවන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් බව සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

    දැන් ඉන්න ජනාධිපති එක්ක තියෙන්නෙ පුදුම ඉරිසියාවක් :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආණ්ඩුව විසුරුවා හැරියොත්:Pකොහොමත් දැනටම කචල් ආණ්ඩුවෙ ඇතුලත වයඹ චන්දෙන්
    පස්සෙ එලි පිට කා ගනි චන්දිකා පිලත් ටික ටික නැගිටිනවා:P
    :yes:
    unp එක කරන හැම ගොන් වැඩක්ම වාසිය යන්නේ විමුක්තිට,,,
    මිනිහා කවදා හරි ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වෙනවා...
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ආහ් කේ. පුතා... මටනම් ඔය මොන බල්ලෙක්වත් මෙලෝ රහක් නෑ බං... දැනට තිබ්බ එක චන්දෙකදිවත් ගැහුවේ නෑ මොන බල්ලෙක්ටවත්.. ඔක්කොම කරන්නේ අපිට අරින එක... වැඩක් කරන මිනිහෙක්ට ඔතන ඉන්න බැහැනේ.. හැබැයි දැන්නම් මිනිස්සුන්ට මේ ආණ්ඩුවනම් එපා වෙලා තියෙන්නේ... චන්දයක් තිබ්බොත් ප්‍රකාශ නොවූ චන්ද හා අවලංගු චන්ද ගාන වැඩියි ප්‍රකාශිත චන්ද වලට වඩා.... ඒත් මොනව කිව්වත් මහින්දගේ හොඳත් තියනවා නරකත් තියනවා.. ඒත් පරම් පරා පිටින් ගොඩගහගන්න බූරූ හැත්තක් දැකමයි.. ඒ කොහොම උනත් මහින්දට සට්ටම් රාල ජොබ් එක කරන එවුන් ඕනේ තරම් මේ කිරියෙත් ඉන්නවා බං...
     
    • Like
    Reactions: pody malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව විසුරුවා හැරියොත්:Pකොහොමත් දැනටම කචල් ආණ්ඩුවෙ ඇතුලත වයඹ චන්දෙන්
    පස්සෙ එලි පිට කා ගනි චන්දිකා පිලත් ටික ටික නැගිටිනවා:P
    ජනාධිපති දුර කාලයෙ අවමය සම්පුර්න වෙලා නැ,එක හින්ද ජනාධිපති වරනයක් නම් නැ.:yes: මහින්ද 2/3 බලේට කල් තියෙද්දි විසිරුවයිද නැ,කවදා වත් නැ.

    මොන කචල තිබ්බත් ජනාධිපති ගෙන්නල තේ එකක් පොවපු ගමන් ඔක්කොම හරි යනව :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දැන් ඉන්න ජනාධිපති එක්ක තියෙන්නෙ පුදුම ඉරිසියාවක් :P

    2013.09.06cartoon.jpg


    :lol::lol:
     
    • Like
    Reactions: tharakato

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:
    unp එක කරන හැම ගොන් වැඩක්ම වාසිය යන්නේ විමුක්තිට,,,
    මිනිහා කවදා හරි ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වෙනවා...
    :rofl::rofl:අනාගතයට ඉඩදීලා බලාගෙන ඉමු
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,560
    14,500
    113
    "අදිරද බැම්මෙන් රට මුදවා ගත් එක්‌සත් ජාතික පක්‍ෂය"

    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව කාටුන බන් ලන්කාවෙ මිනිස්සු තාමත් ජනාධිපති එක්ක,බලපන්කො පාරක යද්දි ජනතා ආකර්ශනය,:P

    ලමයෙක් දෙන්නෙක් වඩා ගත්තම හත් මුතු පරම්පරාවෙම ඡන්ද හම්බෙනව ,ඒවම මදිද :P
    :lol:
     
    • Like
    Reactions: tharakato

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1994 සිට පක්‍ෂයට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට එක්‌සත් ජාතික පක්‍ෂයේ වසර 67 ක ඉතිහාසය පුරා විශාලතම අභියෝග රැසකට මුහුණදීමට සිදුවිය

    මේකනම් සහතික ඇත්ත අත්තනායකටම අමතක ඇති පැරදුන චන්ද ගාන :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:
    මොනවා බලන්නද ,,,
    බලපන්කෝ මචෝ..
    උබේ සදාදර මහරජාට පුකෙන් යෑමට සිදුවෙන කාලය
    වැඩි ඈතක නොවේ ....
    තච අවුරුදු 10 ට පස්සෙනෙ හා :lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ඔව කාටුන බන් ලන්කාවෙ මිනිස්සු තාමත් ජනාධිපති එක්ක,බලපන්කො පාරක යද්දි ජනතා ආකර්ශනය,:P

    ලමයෙක් දෙන්නෙක් වඩා ගත්තම හත් මුතු පරම්පරාවෙම ඡන්ද හම්බෙනව ,ඒවම මදිද :P
    :lol:

    :D:yes: eka nam atta..lankawe chanda dayakayange sitana widiya gana kawara katada.:dull: