පළතුරු ගැන නොදත් කතා
පලතුරු ආහාරයට ගත්පසු උදරයේ වේදනා ඇතිවන්නේ ඇයි ?
පැපොල් කෑල්ලක් , කෙසෙල් ගෙඩියක් , ඇපල් , දොඩම් , මිදි වගේ පළතුරක් ආහාරයට එකතු කර ගත්තද
බොහෝ දෙනෙකු අනෙක් පලතුරු පිළිබඳ දක්වන්නේ අඩු කැමැත්තක්.
විශේෂයෙන් පලතුරු කෑමෙන් පසු උදරයේ වේදනා හට ගැනීම අසාත්මිකතා ඇතිවීම මේ තත්වයට හේතුවනවා .
මේ අතුරින් උදරයේ වේදනාව බහුලයි .
වැඩිහිටි නියමයකින් තොරව නමිනම් ගෙඩියක් , වෙරළු ගෙඩියක් , ලොවි ගෙඩියක් ආහාරයට ගත් දරුවකු “බඩ රිදෙනවා” යැයි පැවසු විට
“එපා කියල තියෙන දේවල් කෑවම ඔහොම වෙනවා”,
“ඕව මොන ජරාවද දන්නේ නෑ”, “හෝදලා නෑ පනුවොත් ඇති “ වැනි කතා කීමට වැඩිහිටියන් පුරුදුව සිටින්නේත් මේ නිසාමයි.
එහෙත් පලතුරු කෑමෙන් පසු ඇතිවන උදරයේ වේදනාවන්වලට මුලිකම හේතුව වන්නේ පලතුරු ආහාරයට ගත්පසු වතුර පානය කිරීමයි.
බොහෝවිට පලතුරු කෑමෙන් පසු වතුර පිපාසය ඇතිවීම ස්වභාවිකයි.
එසේ වන්නේ එම පලතුරුවල ඇති අධික කෙඳි බවයි.
මෙම කෙඳි ගතිය නිසා පලතුරු ආහාරයට ගත්පසු දිරවීමට කාලයක් ගතවන අතර
ඒ අතරතුර වතුර පානය කළහොත් උදරයේ වේදනා හටගැනීම ස්වභාවිකයි.
ඒ නිසා පලතුරු කෑමෙන් පසු අවම වශයෙන් පැයක් පමණ යනතුරු වතුර පානය නොකිරිමට වගබලා ගැනීම වැදගත්.
කහට සහිත පලතුරුවල වැදගත්කම තරුණකම දිගුකල් පවත්වා ගැනීමට සිහින දකින අයෙකුට නම් මෙවැනි පලතුරු දිව ඔසුවකි.
එයට හේතුව මෙම පලතුරුවල බහුල වශයෙන් ප්‍රතිඔක්සිකාරක පැවතීමයි.
මෙම ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරුවල ලක්ෂණය වන්නේ ඉක්මනින් කහට පිපිමයි.
උගුරැස්ස, අලිපේර, ඇපල් , මන්ගුස්, නමිනන්, ලොවි, වෙරළු එවැනි පලතුරුය.
මෙම ප්‍රතිඔක්සිකාරක යටතට ගැනෙන විටමින් A ,C ,D ,E සහ K මෙන්ම කැරොටීන්, පිනෝලික් අම්ලය, ලෙසතින්
වැනි බොහෝ විටමින් සහ හිතකර ශාකමය රසායනික ද්‍රව්‍ය මේවයේ අඩංගුවේ.
සිරුරේ ස්නායු ක්‍රියාකිරීමට අවශ්‍ය රසායනික ක්‍රියාදාමයට විශාල රුකුල් සපයන මෙම ප්‍රතිඔක්සිකාරක වයසට යාම වේගයෙන් පාලනය කිරීමටද සමත්ය .
ඒ අනුව සම රැළිවැටීම, වියලීම,හිසකෙස් සුදුවීම ආදී ගැටලු රැසක් පාලනය කරන අතර
පිළිකා, වකුගඩු,අධිරුධිර පීඩනය අදී රෝග රැසකට සුවය සලසයි.
තවද කහට සහිත පලතුරු නිසා කුසගින්නද අඩුවේ .
එවිට මේදය හා පිෂ්ටය අධික අහාර ගැනීම අවම වීමෙන් තරබාරු බව පාලනය කරගත හැකියි.
උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ (පලතුරු බෝග සංවර්ධන හා පර්යේෂණ )
සටහන : රණහන්සි රණවීර
උපුටාගත්තේ 2013.09.17 ලක්බිම සන්නස අතිරේකයෙන් .

Last edited: