සමුගන්නම් මා උන්මාදිනියේ.....
අපේ දෙම යාලුවෙක් එයාගෙ ජීවිතය ගොඩ නගන්නට උදව් කරපු ගෑණු ළමයාට ආදරේ කලා.
ඒත් එයා අපේ යාලුවගෙ ආදරේ පිලිගන්න සූදානම් නැහැ.
වසර කීපයක් උත්සහ කලත් කිසිදු ථලක් නොමැති තැන,
ඔහු තීරණය කරනවා ඇය අමතක කරන්නට
මෙය ඔහු වෙනුවෙන්
අභිමන් ලබනෙම් ඔබගේ සෙනෙහින්...
සිතු පැතු සැමරුම් පිළිම නෙලා.........
හැගුමන් පිබිදුනු කල ආදරයෙන්...
මගේ හිතත් මට අහිමි කලා........
සිය දහසක් ලොව ගැරහුම් ලබමින්...
සිටියෙමි දිවියම පසෙක හෙලා....
සැනසුම් සුසුමක් මට ලැබගන්නට..
ඔබගේ සෙනෙහස දුරස් වෙලා...
නොපෙනුනු සිතුවම් මැව්වේ ඔබමයි...
කැමරා කාචයෙ හැඩ දැකලා..
නොලැබුනු සවියක් දුන්නේ ඔබමයි...
වැටෙන විටදි සවිමත් කරලා...
දිගින් දිගට මේ මාවත යන්නට ...
මගෙ ජීවිතයට ජය පතලා.....
අවසන සමුගෙන යන්නෙත් ඔබමයි..
හද රූ ඡායා හැම ඉරලා...........
මා හිත බැදි ඔබ මට අහිමිය යයි...
වරද කොතැනකද නෑ පෙනුනේ.....
විමසන වරදට අරුත් සොයන්නට..
කෙදිනකවත් මට නොහැකි උනේ...
ඔබේ කැමැත්තට තවමත් ඉඩදී..
මා යලි පසෙකට වනු දැනුනේ...
එනමුත් අසරණ මගෙ ආදරයට...
ඔබ අනුකම්පා නෑ ලදුනේ.........
විකසිත විහිදුනු දීප්තිමත් එළි....
බැබලෙන රෑ නගරයේ මැදින්.....
සසලව කැළඹුනු හදවත සමගින්..
පදවන්නෙමි රිය සක වේගෙන්.......
නැතිමුත් ඔබෙ හඩ වැටෙමින් සවනට..
යලිත් කිසි දිනෙක පෙර නාදෙන්.....
අසුනෙහි ඔබ හිද සිටියා වාගෙයි..
තවමත් මතකයෙ ඡායාවෙන්.....
රැකගත් ආලය නොම වැටහේ නම්...
තවත් කිමද මා පසුතැවිලා.......
ඔබේ දෙපා මුල නොම ලතැවෙන්නෙමි...
සිහිනෙන්වත් නෑ එය හිතලා..........
සිතින් වචනයෙන් අදහන දහමින්....
නපුරක් ඔබ හට නොම පතලා......
සමුගන්නම් මා උන්මාදිනියේ.....
ඔබේ සිහිනයෙන් අවදි වෙලා......
සිතු පැතු සැමරුම් පිළිම නෙලා.........
හැගුමන් පිබිදුනු කල ආදරයෙන්...
මගේ හිතත් මට අහිමි කලා........
සිය දහසක් ලොව ගැරහුම් ලබමින්...
සිටියෙමි දිවියම පසෙක හෙලා....
සැනසුම් සුසුමක් මට ලැබගන්නට..
ඔබගේ සෙනෙහස දුරස් වෙලා...
නොපෙනුනු සිතුවම් මැව්වේ ඔබමයි...
කැමරා කාචයෙ හැඩ දැකලා..
නොලැබුනු සවියක් දුන්නේ ඔබමයි...
වැටෙන විටදි සවිමත් කරලා...
දිගින් දිගට මේ මාවත යන්නට ...
මගෙ ජීවිතයට ජය පතලා.....
අවසන සමුගෙන යන්නෙත් ඔබමයි..
හද රූ ඡායා හැම ඉරලා...........
මා හිත බැදි ඔබ මට අහිමිය යයි...
වරද කොතැනකද නෑ පෙනුනේ.....
විමසන වරදට අරුත් සොයන්නට..
කෙදිනකවත් මට නොහැකි උනේ...
ඔබේ කැමැත්තට තවමත් ඉඩදී..
මා යලි පසෙකට වනු දැනුනේ...
එනමුත් අසරණ මගෙ ආදරයට...
ඔබ අනුකම්පා නෑ ලදුනේ.........
විකසිත විහිදුනු දීප්තිමත් එළි....
බැබලෙන රෑ නගරයේ මැදින්.....
සසලව කැළඹුනු හදවත සමගින්..
පදවන්නෙමි රිය සක වේගෙන්.......
නැතිමුත් ඔබෙ හඩ වැටෙමින් සවනට..
යලිත් කිසි දිනෙක පෙර නාදෙන්.....
අසුනෙහි ඔබ හිද සිටියා වාගෙයි..
තවමත් මතකයෙ ඡායාවෙන්.....
රැකගත් ආලය නොම වැටහේ නම්...
තවත් කිමද මා පසුතැවිලා.......
ඔබේ දෙපා මුල නොම ලතැවෙන්නෙමි...
සිහිනෙන්වත් නෑ එය හිතලා..........
සිතින් වචනයෙන් අදහන දහමින්....
නපුරක් ඔබ හට නොම පතලා......
සමුගන්නම් මා උන්මාදිනියේ.....
ඔබේ සිහිනයෙන් අවදි වෙලා......

අපේ දෙම යාලුවෙක් එයාගෙ ජීවිතය ගොඩ නගන්නට උදව් කරපු ගෑණු ළමයාට ආදරේ කලා.
ඒත් එයා අපේ යාලුවගෙ ආදරේ පිලිගන්න සූදානම් නැහැ.
වසර කීපයක් උත්සහ කලත් කිසිදු ථලක් නොමැති තැන,
ඔහු තීරණය කරනවා ඇය අමතක කරන්නට

මෙය ඔහු වෙනුවෙන්

Last edited:



