කහ බතක් හදමු..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කහ බතක් හදමු..
අවශ්‍ය ද්‍රව්‍ය,
කීරි සම්බා කිලෝ 1,
පොල් මිටි කිරි කෝප්ප 1,
තලාගත් සුදු ලූනු බික් 4-5,
තලාගත් අමු ඉඟුරු කෑල්ලක්,
එනසාල් කරල් 4-5,
කරබු නැටි 4-5,
සේර,රම්පෙ,කරපිංචා,
ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150,
එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ,
ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ.
කහ කුඩු තේ හඳි 1/4ක් පමණ,
ලුනු කුඩු ස්වල්පයක්.


මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.

 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එල එල..
තව කෑම හදන හැටි දාන්න...මට නම් සෑහෙන්න වටිනවා :)

aasama kaama apima hadhamu thread eke pics ekkama thiyeyi...balannako...:)