බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

    මම මේ thread එක දාන්නේ බුදු දහමේ සමහර දේවල් සම්බන්දයෙන් අන්‍ය ආගමිකයන් දාන නිවැරදි නොවන දේවල් සම්බන්දයෙනි

    මෙහි අඩංගු සමහර කරුණු මම විසින් නොයෙක් thread වල තැනින් තැන දාලා තියෙනවා ,ඒවා ඔක්කොම එක තැනකට දැම්මාම වැඩේ ලේසි වෙනවා

    *කෙනෙක් දාලා තිබ්බා බුදුරජානන්වහන්සේ කෙනෙක් රියන් 80 උසයි කියලා ,මේ ඒ සම්බන්දයෙන්

    රියන කියන දේ අපි අර්ථ කථනය බලමු
    රියනක් කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දකුණු අතේ වැලමිට සිට මැද ඇගිල්ල දක්වා දුර ,එකියන්නේ දැන් තියෙන ඒකක වලින් ගත්තම 20 inches නැත්තම් 50.8 cm

    දැන් අපි බලමු මිටි රියන කියන්නේ මොකක්ද කියල
    සාමාන්‍ය පුද්ගලයෙක් අතේ මිට මෙලෙව්වම හැදෙන මිටේ දුර තමා මිටි රියන කියන්නේ
    මේක සාමානයෙන් අගල් 4, 10.16 cm

    දැන් අපි බලමු අටළොස් රියන කියන්නේ මොකක්ද කියල

    මෙතන අටළොස් කියන්නේ 18 කියන එක මිසක් 80 නෙමේ ,[16 සොළොස් කියලා කියන්නේ (සොලොස්මස්ථාන)]

    දැන් බලමු අගල් 4*18 =72
    අඩියක් = අගල් 12
    අගල් 72 = අඩි 6 = බඹ 1

    බුදුරජානන්වහන්සේ නිතරම බඹයක් පමණ වූ ශරීරය ගැන නිතරම දේශනා කර වදාළ බව අප සියලු දෙන දන්නවා

    * අවුරුදු 84000 මකාදේව රජතුමා ජීවත් වීම ගැන ජාතක පොතේ තියෙනවා කීම

    අපි කිහිප තැනකම අහල තියෙනවා 84000 ධර්ම්ස්කන්දය,84000 පහන් පුජාව වැනි දේවල් ගැන

    මේ 84000 කථාව ආවේ මෙහෙමයි

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුඅසුදහසක් ධර්ම්ස්කන්දය කියලා
    මේ පදය විග්‍රහ කරොත් එන්නේ සුව අසුව දහසක් ධර්ම්ස්කන්දය
    වෙන විදියකට කිව්වොත් මේ ධර්මයේ අඩංගු වන්නේ අපි කල යුතු දේවල් හෙවත් සුව දේවල් සහ අපි නොකළ යුතු දේවල් වන අසුව දහස් ගණනක් ගැන
    දැන් හිතන්න
    හොඳ ,නරක
    ද්වේශ,අද්වේශ
    ලෝබ,අලොබ
    මෝහ,අමෝහ
    ආසය,අනුසය
    ආණ,පාන
    පව්,පින්
    කුසල,අකුසල

    මේවගේ දේවල් බුදු දහමේ සැහෙන්න තියෙනවා ,අපිට සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර කියලා ඉගැන්නුවෙත් මේ වගේ දේවල්

    දැන් මෙහෙම හිතන්න

    රජකෙනෙක් ඉන්නවා ,මෙතුමාට පොඩි කාලේ ඉදන් හැමදේම ලැබෙනවා ,එයා දැකල තියෙන ලබාගන්න පුළුවන් සියලුම දේ එයාට තියෙනවා

    නිකන් හිතන්න මේ තත්වේ ඉන්නේ අපි ,අපි ඉගෙන ගන්නේ රැකි රක්ෂා කරන්නේ අපේ ගාව නැති දේවල් අපිට ලබාගන්න ,ඔක්කොම තියෙනවනම් අපිට අලුතෙන් එකතු කරගන්න දෙයක් නෑ ,ඉතින් අපි ගෙදරට වෙලා අපිට තියෙන සැප සම්පත් වලින් කාලා බීලා ඉන්නවා ,තව ලබා ගන්න දේකුත් ලෝකේ නෑ ,මෙහෙම ඉන්නකොට හිතෙනවා මේ දවස ,සතිය ,මාසය ,අවුරුද්ද දිගයි මට තව අවුරුදු ගානක් මෙහෙම මේවා විඳ විඳ ඉන්න වෙනවා ,

    ඉතින් හිතන්න මෙන්න මෙහෙම හිටපු මකාදේව රජතුමා ඔක්කොම අත හැරලා මහණ උණා,එතුමාට තේරුණා සුව අසුව කියන දේ

    දැන් හිතන්න අපිටත් තියෙන දේකින් සතුටු වෙන්න පුළුවන් නම් මේ කරදර මුකුත් නෑ ,ඊට වඩා හොඳ දේවල් කියන ඒවා පිටි පස්සේ යන එක තමා ප්‍රශ්නේ

    බුදු දහමේ තියෙන සැහෙන කරුණු අටුවාචාරීන් විසින් පරිවර්තනය කරනකොට සැහෙන්න වැරදි කරලා තියෙනවා,එම නිසා සුත්‍ර දේශනා වල ජාතක කථාවල සුළු සුළු වැරදි අඩංගු කරලා නිවැරදි ධර්ම කාරණා වැහිලා තියෙනවා

    *බුදුරජාණන් වහන්සේ සත්ව මස් අනුභව කරා යැයි කීම සහ එය අනුමත කර තිබේ යැයි කීම

    බුදු දහමට අනුව කව්රුහරි කෙනෙක් මරණ ලද මසක් අනුභව කිරීම පාපයක් ,ඒක වෙන්නේ මෙහෙමයි

    පන්සිල පද පහේම අඩංගු වෙන දේට තියෙනවා තිපරිවට්ටය කියලා දෙයක් ,මම මේ වෙලාවේ ඒක විස්තර කරන්නේ නෑ ,ඒකෙන් කෙටියෙන් කියන්නේ පෙනෙන දේට වැඩ ගැඹුරු දෙයක් තියෙන එක ගැනයි ,

    ඒ අනුව ප්‍රාණ ගාථය සම්පුර්ණ වෙන්න කාරණා ගණනක් සම්පුර්ණ විය යුතුයි

    ප්‍රාණී සතෙක් ,සතා මැරීමට සිතුවිල්ලක් ,සතා මැරීමට උපක්‍රමයක් සිතීම [මුගුරක් වැනි දෙයක් ,උගුලක් ],උපක්‍රමය ක්‍රියාත්මක වීම ,සතා එයින් මිය යාම

    මේ අනුව කියන්න පුළුවන් කාටහරි කඩේ තියෙන සතා [ කුකුළා] අපි වෙනුවෙන් මරලා නෑනේ ,අපි ගත්තේ නැත්තම් වෙන කෙනෙක් ගන්නවනේ කියලා

    මේක වැරදියි ,එක වෙන්නේ මෙහෙමයි ,කුකුල් ෆාර්ම් එකේ ඉන්න මිනිහ කුකුල්ලු මරන්නේ කාට හරි කන්නනේ,ඒ මිනිහා වෙන ආසාවකට ඒ දේ කරන්නේ නෑනේ ,ඉතින් අපි ඒ කුකුළා ගෙනල්ලා කෑවම ඒ කර්ම පථය සම්පුර්ණ වෙන්න අපිත් අය්තියි

    අපි තවත් පැහැදිලි කරගමු
    දැන් අපි ගමු පුංචි ගමක්, මේ ගමේ මිනිස්සු 100 ඉන්නේ ,එක මස් කඩ කාරයයි ඉන්නේ ,ඌ හැමදාම කුකුල්ලු 40-50 මරණවා,දැන් හිතන්න එක පාරට පිටින් ඇවිල්ලා තව 10 දෙනෙක් ගමේ පදිංචි උනා,දැන් කඩ කාරය තව කුකුල්ලු 3 විතර වැඩියෙන් මරණවා අර ආපු මිනිස්සු නිසා ,කඩ කාරය කුකුල්ලු මරණ ගමනුත් විකුණන එක ගැන හිතන්නේ ,ගමේ මිනිස්සුත් කුකුල්ලු ගන්නවා කඩ කාරය මරණවා,

    දැන් හිතන්න තමන් කඩෙන් ගන්න නිසා තමයි ඒ මිනිහා මරන්නේ ,ඒ චේතනාව නිසා ගන්න මිනිහට පවක් සිදු වෙනවා
    ඊලගට ගමේ මිනිස්සු එක්කෙනා දෙන්නා කුකුල්ලු ගන්න එක අඩු කරනවා ,ඉස්සර 50-60 මරපු මිනිහ දැන් මරන්නේ 10-20,ඊට පස්සේ ගමේ ඉන්න කිසිම කෙනෙක් කුකුල්ලු ගන්නේ නෑ ,කඩ කාරයා මරන්නේ තමන්ට කන්න විතරයි

    දැන් තත්වය හිතන්න ,

    දැන් ගමු පාරිශුද්ධ සීලය ගැන ප්‍රශ්ණය ,

    මේකෙන් කියන්නේ, අපි ගාව සතෙක් වැටිලා ඉන්නේ ,උගුලකට අහුවෙලා මැරිලා නෑ,කවුරුත් මරලත් නෑ ,ස්වභාවික හේතුවක් මත මැරිලා තියෙන්නේ

    මේ වගේ සතෙක් කෑවයි කියලා ප්‍රාණ ගාථය සිදු වෙන්නේ නෑ ,ඒවුනත් සත්ව මාංශ 10 එහෙමවත් අනුභව කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා

    දැන් කවුරුහරි අහයි COMPANY වල මරන්නේ මස් කඩ කාරයද ,අපි කුකුළා මරපු විදිය ඇහුවද දැක්කද කියලා ,එවුනට machine ක්‍රියාත්මක කරවන්න කෙනෙක් ඉන්නවා ,සතුන් මරන්න ඇති කරන්න කෙනෙක් ඉන්නවා ,ඉතින් එකේ වෙනසක් නෑ

    දැන් බලන්න ඉස්සර tv එකේ කිරිපිටි දැන්වීම් පැලෙන්න ගියා ,මිනිස්සු සැහෙන්න කිරි බිව්වා ,දැන් ඉල්ලුම අඩු උනා ,සමහර කඩවල කිරිපිටි නෑ ,ඒක තමා seen එක ,මස් මාළු කන එක මිනිස්සු නතර කරත් වෙන්නේ එම දේම තමා

    අනික් එක සමහර හාමුදුරුවරු පවා පාරිශුද්ධ සීලය විකුර්ති කරලා කියනවා ,ඒක සැහෙන්න පව් වැඩක්

    ඒවගේම තමා පුජාවලිය, සද්ධර්ම රත්නාවලිය වගේ ග්‍රන්ථ ඒ ඒ කාලේ හිටපු මිනිස්සුන්ට හරියන්න ලියපු දේවල් ,නමුත් ත්‍රිපිටකය විශේෂයෙන්ම උතුම් බුද්ධ දේශනාව තියෙන්නේ හැම කාලයකටම
    හරි යන ධර්මය පමණයි

    බයිබලය කුරාණය වැනි ග්‍රන්ථ කාලෙන් කාලෙට සැහෙන්න වෙනස් කරනවා

    එම නිසා කව්රුහරි කරුණු දක්වනවානම් නිවැරදි මුලාශ්‍ර අරගෙන ඒ දේ කරන්න ,ඒවගේම ඒවා නිවැරදි බුදු දහමේ එන හේතු පල වාදයට ගැලපෙන නිවැරදි කරුණු බව දැනගෙන දාන්න ,දාලා තියෙනවා වගේ මුසා මුලාශ්‍ර වලින් දාන්න එපා කියලා ඉල්ලා සිටිනවා ,

    ඒ වගේම සත්ව මාංශ අනුභව කිරීම අනුමත කරා නම් පර පණ නැසීමෙන් වලකිමි කියලා සිල් පදයක් අවශ්‍ය නැනේ

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "
    *බුදුරජාණන් වහන්සේ සත්ව මස් අනුභව කරා යැයි කීම සහ එය අනුමත කර තිබේ යැයි කීම

    බුදු දහමට අනුව කව්රුහරි කෙනෙක් මරණ ලද මසක් අනුභව කිරීම පාපයක් ,ඒක වෙන්නේ මෙහෙමයි

    පන්සිල පද පහේම අඩංගු වෙන දේට තියෙනවා තිපරිවට්ටය කියලා දෙයක් ,මම මේ වෙලාවේ ඒක විස්තර කරන්නේ නෑ ,ඒකෙන් කෙටියෙන් කියන්නේ පෙනෙන දේට වැඩ ගැඹුරු දෙයක් තියෙන එක ගැනයි ,

    ඒ අනුව ප්‍රාණ ගාථය සම්පුර්ණ වෙන්න කාරණා ගණනක් සම්පුර්ණ විය යුතුයි

    ප්‍රාණී සතෙක් ,සතා මැරීමට සිතුවිල්ලක් ,සතා මැරීමට උපක්‍රමයක් සිතීම [මුගුරක් වැනි දෙයක් ,උගුලක් ],උපක්‍රමය ක්‍රියාත්මක වීම ,සතා එයින් මිය යාම

    මේ අනුව කියන්න පුළුවන් කාටහරි කඩේ තියෙන සතා [ කුකුළා] අපි වෙනුවෙන් මරලා නෑනේ ,අපි ගත්තේ නැත්තම් වෙන කෙනෙක් ගන්නවනේ කියලා

    මේක වැරදියි ,එක වෙන්නේ මෙහෙමයි ,කුකුල් ෆාර්ම් එකේ ඉන්න මිනිහ කුකුල්ලු මරන්නේ කාට හරි කන්නනේ,ඒ මිනිහා වෙන ආසාවකට ඒ දේ කරන්නේ නෑනේ ,ඉතින් අපි ඒ කුකුළා ගෙනල්ලා කෑවම ඒ කර්ම පථය සම්පුර්ණ වෙන්න අපිත් අය්තියි

    අපි තවත් පැහැදිලි කරගමු

    දැන් අපි ගමු පුංචි ගමක්, මේ ගමේ මිනිස්සු 100 ඉන්නේ ,එක මස් කඩ කාරයයි ඉන්නේ ,ඌ හැමදාම කුකුල්ලු 40-50 මරණවා,දැන් හිතන්න එක පාරට පිටින් ඇවිල්ලා තව 10 දෙනෙක් ගමේ පදිංචි උනා,දැන් කඩ කාරය තව කුකුල්ලු 3 විතර වැඩියෙන් මරණවා අර ආපු මිනිස්සු නිසා ,කඩ කාරය කුකුල්ලු මරණ ගමනුත් විකුණන එක ගැන හිතන්නේ ,ගමේ මිනිස්සුත් කුකුල්ලු ගන්නවා කඩ කාරය මරණවා,"

    මෙක වැරදියි මචන්....
    එහෙනම් උඹෙ උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ.ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ.
    එක නිසා එහෙම වෙන්නෙ නෑ බන්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    "

    මෙක වැරදියි මචන්....
    එහෙනම් උඹෙ උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ.ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ.
    එක නිසා එහෙම වෙන්නෙ නෑ බන්.

    ඉතින් උඹ කියන විදියට මේ විශ්වයේ මරණ හැම සතෙක්ගේම පව් අපි කර ගහගන්න අවශ්‍යයි නේ,එහෙම නම් බුදු දහම තේරුමක් නැනේ ,අන්න එකයි මචන් හැම තිස්සෙම කියන්නේ ධර්මය කියන දේ නිවැරදිව තේරුම් ගත යුතුයි

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපි වෙනුවෙන්ම සතෙක් මරණවා නම් ඒකෙත් පවක් තියෙනවා,ඒ කියන්නේ අපි කඩේ නිති පතා මස් ගන්න කෙනෙක් නම් ඒ මිනිහා මරන්නේ අපි වෙනුවෙන් ,ඒක හරියට උඹ කාට හරි සල්ලි ගෙවනවා උඹේ හතුරෙක්ව මරපන් කියලා ,මිනිමරුවට විතරද පව් සිද්ධවෙන්නේ ?මස් කඩ කාරයාගේ චේතනාව මේක විකිණීම ,අපි ඒක ගන්න නිසා තමා උ විකුණන්නේ,අපි ගන්නේ නැත්තම් විකුණන්නේ නෑනේ

    ඇයි මචන් උඹට ඒ සරල දේ තේරුම් ගන්න බැරි,අපි නිකන් කඩේකින් මස් ගන්නවා,බඩේ අමාරුව හැදිලා කුකුළා ඒ මිනිහ ගන්නේ නෑනේ එහෙනම් පව් සිද්ධ වෙන්නේ නෑනේ ,මස් කඩ කාරයාගේ චේතනාව මේක විකිණීම ,අපි ඒක ගන්න නිසා තමා උ විකුණන්නේ,අපි ගන්නේ නැත්තම් විකුණන්නේ නෑනේ

    උදාහරණ දෙක වෙන වෙනම තේරුම් ගනින්
     
    උඹ ඔක්කොම පටලවගෙන ඉන්නෙ...
    දැන් මම කලින් ගත්ත උදාහරනය ගමුකො. මිනිහට එදා බඩේ අමාරුවක් නිසා කන්න බැරි වුනාට මින්හා වෙනුවෙන් සතෙක් මරලා . උඹ කියනෑහ්නම් කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ.එහම වෙන්නෙ නෑ බන්.
    උඹ දන්නවද දෙවදත්ත බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලපු වර 5.
    භික්ශුවක් දිවි ඇති තෙක් ආරන්ය මුලික,රුක්ශ මුලික,පින්ඩපාතික.පාන්ශකුලික සහ නිර්මාන්ශික විය යුතුයි කියල පනවන්න කියල දේවදත්ත ඉල්ලුවා.හැබැයි බුදු හාමුදුරුවො කිව්වෙ කමති කෙනෙක් එහෙම හිටපුවාවෙ, අකමති අය නොහිටියාවෙ කියල.
    එකෙන් තමයි දෙවදත්ත සන්ඝ භේදය කලේ.
    තව ඔනෙනම් ආමගන්ධ සුත්‍රය බලපන්. උඹ ඔය කියන නිර්මාන්ශික කතාව බුදු දහමෙ කොහෙවත් නෑ. හැබයි ප්‍රාණ ඝාතය අකුසලයක්.මස් මාලු නෙමෙයි මොනම දෙයක් වත් කෑදර කමින් ගන්නවනම් කෙලෙස් වැඩෙනව එකෙ දෙකක් නෑ. නිකම් බමුනු මත පතුරන්න එපා.
     
    මචන් උඹ තමයි සීන් එක පටලවාගෙන තියෙන්නේ ,කෑවා නොකෑව කියලත් පව් සිද්ධ වෙනවා යම්කිසි ආකාරයකට ,හැබැයි ඒක මෙහෙම වෙන්නේ

    අපි ගමු නිකන් chicken විකුණන කඩයක් ,එකේ තියෙන මස් උඹ වෙනුවෙන් මරපුව නෙමේ හැබැයි කාටහරි කන්න මරපුවා ,උඹ ඒක කාපුවම සතා මැරීමේ පාපයට සම්බන්දයක් ඇති වෙනවා,ඒක වෙන්නේ කොහොමද කියලා මම උඩ පැහැදිලි කරා

    දැන් අපි අර ගමේ කතාව ගමු ,එතකොට මස් කඩකාරය දන්නවා උඹ හැම දාම ගන්න බව ,එතකොට ඒ මිනිහ මරන්නේ උඹ වෙනුවෙන්මයි ,එතකොට පාපයේ ප්‍රමාණය වැඩියි

    ඒක හරියට මේ වගේ දෙයක් ,උඹ මදුරුවෝ මරණවා එකේ ගානක් නෑ ,ඒවුනාට මදුරුවෝ මරණ ගානට මිනිස්සු මැරුවොත් කොහොමද ? පව එකම ප්‍රමානේද ? නෑනේ

    ඒවගේම බුදු දහමේ එහෙම අනික් ආගම් වල වගේ දැඩි නීති රීති පනවලා නෑ ,අපි දන්නවා දේවදත්ත සංග බේද කරන්නයි බැලුවේ ,එකයි ඒ වගේ ඉල්ලීම් ඉල්ලුවේ ,බුදු බණ අනුව තමුන් කරන නොකරන දේවල් දැන ගන්න යුතුයි ,

    බමුණු ආගම බුදු දහමට වඩා පරණයි ,ඒවගේම සැහෙන නිවැරදි දේවල් තියෙනවා

    හරි දැන් උඹ කියන්නේ මස් කෑවම පව් නෑ කියන එකද ?
     
    මෙන්න මෙක කියවලා අවභොද කරගනින්
    http://www.google.com/search?client=ubuntu&channel=fs&q=nirmansha+prasnya+pdf&ie=utf-8&oe=utf-8
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මස් කන scene එකට ඉතින් ඔච්චර ලොකු arguments ඕනේ නැහැ ,ප්‍රාණ ඝාතය වැරදි ,ඒක පවක් ,එච්චරයි.
    කොහොම බැලුවත් ඉතින් මස් කඩේක කුකුල්ලු මරනකොට මේ කුකුළා අරයට මේ කුකුළා අනිත් කෙනාට කියල හිතාගෙන මරන්නේ නැහැනේ ,එහෙම එකේ කුකුලව මරණ එකේ සම්පුර්ණ පාපය කන එක්කෙනාට එන්නේ නැහැ නමුත් කුකුළා මැරීමට කඩේ අයිතිකාරයට ඇති උවමනාවට indirectly සම්බන්දයි ,
    අනේ මන්ද ,:confused::confused::confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මාංශ අනුභවය
    පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි.

    කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

    1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
    2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
    3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

    (පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.

    කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.

    මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

    ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

    මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

    උදාහරණයක් ගනිමු.

    1. ඔබ ජීවත් වේ.
    2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
    3. ඔබ පණ පිටින් බව මම දනිමි.
    4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
    5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

    කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.

    නමුත් සත්‍ය කතාව නම්,

    1. මුදලාලි ඔබව මරනවා.
    2. මට මස් කන්න හිතෙනවා.
    3. මම ඔබේ මළකුණ දකිනවා.
    4. මට මස් කන්න හිතෙනවා.
    5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

    ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.

    ඔබේ අල්ලේ වණ තිබේද?
    මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.

    මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.

    තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:

    බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

    වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."

    http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html

    අනික මචන් මැදුරුව මරණ එකයි මනුෂ්‍යයෙක් මරණ එකයි අතර වෙනසක් තියනවා තමයි. ඒ වෙනස ඇති වෙන්නේ උඹ ඔය හිතාගෙන ඉන්න විදිහ අනුව නෙමෙයි.

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෙන්න මෙක කියවලා අවභොද කරගනින්
    http://www.google.com/search?client=ubuntu&channel=fs&q=nirmansha+prasnya+pdf&ie=utf-8&oe=utf-8

    උඹත් අර හම්බය ගානටම වැටුනා ,උ මේක අරගෙන තමා ඔක්කොම කියලා තිබ්බේ ,මම හරිදේ දාන්න තමා ඔය thread එක දැම්මේ

    ඔය හාමුදුරුවෝ ගැන මගේ කිසිම පැහැදීමක් නෑ ,තැනින් තැන මාලිගා හදාගෙන ඉන්න එක බුදු දහමට එකගද කියන එකත් පොඩ්ඩක් බැලුවනම් හොඳයි
    ඔය මාලිගා හදන්න යන සල්ලි වලින් අසරණ දුප්පත් මිනිස්සු දහස් ගාණකට ගෙවල් දොරවල් හදලා දෙන්න තිබ්බා
    අනික් එක තමා ඔය හාමුදුරුවෝ කියන්නේ දිව්‍ය ලෝකේ ගියාම නිවන් දකින්න ලේසියි කියලා ,ඒ තරම් බොරුවක් මේ ලෝකෙම නෑ
     
    උඹ කියන්නේත් මස් කෑවම පව් නෑ කියන එකද ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ කියන්නේත් මස් කෑවම පව් නෑ කියන එකද ?
    ඔය ප්‍රශ්නෙට උත්තර දෙකක් තියනව. උත්තර දෙන්නෙ මට හිතෙන හැටියට අනුව නෙමෙයි. ත්‍රිපිටකයේ තිබෙන කරුණු අනුව.
    උඹ ඔය කියන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන නම් උත්තරේ නැහැ.
    උඹ ඔය කියන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අයිති වෙන්නේ නැති දෙයක් ගැන නම් උත්තරේ ඔව් (පව් සිදුවෙනවා).
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
    2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
    3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

    තමා නිසාම කැල්ලක් මෙතනට එන්නේ නෑ , අදිට්ඨ කියන්නේ නොදුටු කියන එක හරි ,ඒවුනාට තමා නිසා කියලා දේශනා කරලා නෑ ,අනික් එක අපි දන්නවා කඩේ තියෙන මස් ඔක්කොම මරපු මස් කියලා , ඒ සත්තු ස්වාබාවිකව මැරිච්ච එවුන් නෙමේනේ ,අර TNL එකේ ඉස්සර පෙන්නුවේ මරණ විදිය ,එහෙම තමා මරන්නේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැත්තම් මේ සීන් එකත් හරියට හලාල් සීන් වගේ වැඩක් නේ ,උන් කියන්නේ බෙල්ල කපලා මැරුවම උව කන්න පව් නෑ කියලා දැන් අපේ එවුන් කියනවා ත්‍රිකෝටික පරිශුධ්ධ සීලය අනුව මස් කන්න පුළුවන් කියලා ,මතක තියා ගනින් ඒ සතා ස්වභාවිකව මැරෙන්න ඕනේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැත්තම් මේ සීන් එකත් හරියට හලාල් සීන් වගේ වැඩක් නේ ,උන් කියන්නේ බෙල්ල කපලා මැරුවම උව කන්න පව් නෑ කියලා දැන් අපේ එවුන් කියනවා ත්‍රිකෝටික පරිශුධ්ධ සීලය අනුව මස් කන්න පුළුවන් කියලා ,මතක තියා ගනින් ඒ සතා ස්වභාවිකව මැරෙන්න ඕනේ
    විකිණීමේ චේතනාවකින් නැතිව කෙනෙක් සතෙක් මරනවා. ඒ සතා මරුනේ ස්වභාවිකව නෙමෙයි නේ? ඒ සතා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අයිති වෙනවනේ. බුදුහාමුදුරුවෝ බන කිව්වේ බෞද්ධයින්ට විතරක් නෙමෙයි. මේ ධර්මය විශ්වයටම පොදුයි. මුස්ලිම් කෙනෙක් උනත් මරල කෑවොත් / ඔහු නිසා මරණ ලද මසක් කෑවොත් පව් සිදුවෙනවා. නැතිනම් පව් සිදුවන්නේ නැහැ. හලාල් කියන දේ මෙතෙන්ට ගාවගන්න එපා.:)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    විකිණීමේ චේතනාවකින් නැතිව කෙනෙක් සතෙක් මරනවා. ඒ සතා මරුනේ ස්වභාවිකව නෙමෙයි නේ? ඒ සතා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අයිති වෙනවනේ. බුදුහාමුදුරුවෝ බන කිව්වේ බෞද්ධයින්ට විතරක් නෙමෙයි. මේ ධර්මය විශ්වයටම පොදුයි. මුස්ලිම් කෙනෙක් උනත් මරල කෑවොත් / ඔහු නිසා මරණ ලද මසක් කෑවොත් පව් සිදුවෙනවා. නැතිනම් පව් සිදුවන්නේ නැහැ. හලාල් කියන දේ මෙතෙන්ට ගාවගන්න එපා.:)

    පිස්සුද බන් කිසිම විදියකට මරණ ලද සතෙක් ඔය කියන සීලයට අයිති නෑ ,ඒක සීලයක් වෙන්නේ කොහොමද එහෙනම් , ඔය දේ උනේ කොහොමද

    අනික් එක දැන් උඹ පිළි අරන් තියෙනවා විකුණන චේතනාවකින් මැරුවොත් ඒ පව කන මිනිහටත් යම් කිසි කොටසක් අය්ති කියලා

    බුදුසමයේ වැද්දෝ වගේ මිනිස්සු මහණ වෙලා හිටිය ,ඒ මිනිස්සුන්ට මස් කෑම අත ඇර ගන්න බැරි තත්වයක හිටියේ ,ඒ මිනිස්සු මාර්ග පල වලට පත්වෙලා හිටියෙත් නෑ ,අන්න ඒ අයට තමා මේක දේශනා කරේ,ඒ වුනත් ඒ මිනිස්සුන්ට මස් සඳහා මරණ ලද හෝ නොලද සතුන් කන්න කියල නෑ ,ලෙඩ රෝගයක් නිසා හරි වයසට ගිහිල්ලා හරි මරුන සතෙක් කන්න පුළුවන් ,එකත් කිව්වේ වැද්දන්ට

    අනික් කාරණය තමා මෙහෙම දෙයක් දේශනා කිරීමෙන් පෙනෙන්නේ වෙන මොන ක්‍රමයට සතාව මරලා තිබ්බත් ඒ මස් කෑම පව් කියන එකයි

    උඹ කියනවා 'අදිට්ට' කියන්නේ නොදුටු කියන අර්ථය විතරයි කියල. 'තමා වෙනුවෙන්' කියන අර්ථයක් ගන්න බැහැ කියල. බෞද්ධ ග්‍රන්ථ වල තමයි තියෙන්නේ ' තමා වෙනුවෙන් ' කියල. තව උඹ කියනවා 'මෙහෙම දෙයක් දේශනා කිරීමෙන් පෙනෙන්නේ වෙන මොන ක්‍රමයට සතාව මරලා තිබ්බත් ඒ මස් කෑම පව් කියන එකයි' කියලා. ඒක උඹේ අදහසක් මිසක් බුද්ධ භාෂිතයක් නෙමෙයි. උඹේ අදහස් මෙතෙන්ට වැඩක් නැහැ.

    හරකෙක් කුඹුරට පැනල කුඹුර විනාශ කරනවා. කුඹුරේ අයිතිකරුට තරහ ගිහින් ක්ෂණික කෝපය නිසා හරක මරනවා. මේක දකිනවා පුද්ගලයෙක්. ඔහුගේ හිතේ හරකා මැරීම ගැන සතුටක් නැහැ. උපේක්ෂා සහගත සිතිවිල්ලක් පහල වෙන්නේ. බඩගින්න නිසා ඔහු හරකාගේ මස් ටිකක් අරන් ගිහින් උයල කනවා. ඒක පවක් වෙන්නේ කොහොමද කියල මට පැහැදිලි කරපන්?

    ඒ සිදුවීමම සිද්ධ උනාට පස්සේ එතනට දෙවන පුද්ගලයෙක් එනවා. ඔහු සිද්ධිය දන්නේ නැහැ. ඔහුත් මස් ටිකක් අරන් ගිහින් කනවා. උඹ කියන විදිහට මේ දෙවන පුද්ගලයාත් පව්කාරයෙක්. ඔහු පව්කාරයෙක් වෙනවද?

    තව සිදුවීමක්: හරක් දෙන්නෙක් පොරකනවා. එක හරකෙක් අනික් හරකව මරා දමනවා. මැරුණු හරකාගේ මස් මිනිසෙක් අරන්ගිහින් කනවා. ඔහු කර තිබෙන්නේ පවක්ද? ඒ මරණය ස්වාභාවිකද? එය ස්වභාවික නම් කුඹුරේ අයිතිකරු හරකා මැරීම ස්වභාවික නොවන්නේ කෙසේද?
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හරක් දෙන්නගේ කතාව වෙනම දෙයක් ,එකේදී මිනිහෙක්ගේ සම්බන්දයක් නෑනේ ,අනික් එක එක හරකෙක් අනික් එකාව මරන්නේ කාට හරි මස් කරලා ගෙනි යන්න නෙමේනේ ,කෝපයට හරකෙක් මරලා වෙන මිනිහෙක් ගෙනිච්චා කියන්නේ ඒ මිනිහට පව් මොකද ඒ මිනිහා අනිවාර්යෙන් දන්නවා හරකා මැරුණේ කොහොමද කියලා

    ඇයි උඹනේ කියලා තියෙන්නේ ඇහුවෙත් දැක්කෙත් නැත්තම් කියලා

    අනික් එක මේකයි උඹ හොඳටම දන්නවා කඩේ විකුණන්න තියෙන සත්තු මරලා තියෙන්නේ ක්ෂණික කොපයෙන්වත් වෙන සතෙක් ලව්වත් නෙමේ කියලා ,එතකොට අපිට පිළිගන්න වෙනවා නේද කඩේ තියෙන මස් කෑම පව් කියලා ?

    දන්නෙම නැතුව වැඩේ පිළි ගත්ත නේද ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෝපයට හරකෙක් මරලා වෙන මිනිහෙක් ගෙනිච්චා කියන්නේ ඒ මිනිහට පව් මොකද ඒ මිනිහා අනිවාර්යෙන් දන්නවා හරකා මැරුණේ කොහොමද කියලා
    මට කියන්න පුලුවන්ද ඔය පාපය නිසා කැඩෙන්නේ පන්සිල් වලින් මොන සිල්පදයද කියල?? පළමු සිල් පදය නම් ප්‍රනගාතයක් සම්පුර්ණ වෙන්න ඕනේ කරන කරුණු මොනවද කියල කියන්න පුලුවන්ද?