රථගායට පිළියම් ....

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රථගායට පිළියම් ....

    අදත් ආවා රථගාය තියෙන උන් වෙනුවෙන් නූලක් අරන්... පොඩි වැඩකට මේ ගැන හොයන්න පටන් ගත්ත.. හොයා ගත්ත දේවල් එළකිරි කොල්ලෝ කෙල්ලෝ එක්ක බෙදා ගන්න හිතුනා..

    අද කියන්න යන්නේ ටිකක් විතර වෙනස් මාතෘකාවක් ගැන.. අද මාතෘකාව "සමෝසා එන්ජිම". :oo::oo: මොකක්??????????? :oo::oo::oo:

    නෑ නෑ ....
    "වැන්කල් එන්ජිම"
    . :P:P

    හරි..මුලින් බලමු මොකාද මේ සමෝසා සතා කියලා. සාමාන්‍යයෙන් අපි හැමදාම දකින එන්ජිමේ තියෙන පිස්ටන් මේ එන්ජිමේ දකින්න නෑ. පිස්ටන් එන්ජින් අයිති වෙන්නේ Reciprocating Piston Engine කියන වර්ගයට. Reciprocating Motion කියන සංසිද්ධිය පාවිච්චි වෙන නිසා තමා ඕකට ඔය නම කියන්නේ. අපි අද කතා කරන වැන්කල් එන්ජිම අයිති වෙන්නේ Pistonless Rotary Engine කියන වර්ගයට. මේ වර්ගයට අයිති අනික් අපි දන්න එන්ජිමක් තමා Gas Turbine එහෙමත් නැත්තන් Jet එන්ජිම. ජෙට් එන්ජිම කියලා කිව්වට මේකට පාවිච්චි කරන්න සුදුසුම නම තමා gas turbine එන්ජිම කියන එක.:yes::yes:

    හ්ම්.. කියන්න ගියාම මතක් වෙන හැම එකම කියන්න හිතෙනවා.. අනේ මන්දා ලෙඩක්ද කොහෙද..:rolleyes: දැනට ලෝකේ තියෙන වඩාත්ම කාර්යක්ෂම එන්ජිම විදියට සලකන්නේ ගෑස් ටර්බයින් එන්ජිම.. එත් වැන්කල් එන්ජිම මෝටර් රථ වලට පාවිච්චි කරාට ගෑස් ටර්බයින් එන්ජිම වාහන වලට පාවිච්චි නොකරන්න හේතු කීපයක් තියෙනවා..හේතු කීපයක් කෙටියෙන් කියන්නම්..

    1. Noticeable Delay in Acceleration.
    2. Highly Expensive (ගෑස් ටර්බයින් එන්ජිම වැඩ කරන්නේ ගොඩාක් වැඩි වේගයක ( 150,000 rpm:shocked::shocked:) වගේම ඉහල උෂ්ණත්වයක.. ඒ නිසා නිෂ්පාදනයට යොදාගන්න වෙන අමුද්‍රව්‍ය ගොඩක් මිල අධිකයි. එ වගේම නිෂ්පාදන පිරිවැයත් වැඩියි.)

    වටේ ගිහින් දැන් එමු ආපහු මාතෘකාවට.

    සමෝසා එන්ජිම.

    ~ඉතිහාසය~
    වැන්කල් එන්ජිම ජර්මන් ජාතික Felix Wankel කියන ඉන්ජිනේරුවගේ සොයා ගැනීමක්.. 1929දි එයා මේකට පේටන්ට් බලපත්‍රයත් ලබා ගත්තා.. ඒ කාලේ ඉඳන්ම ගොඩක් එන්ජින් නිෂ්පාදකයෝ මේ එන්ජිම වාහන වලට පාවිච්චි කරන්න හැදුවත් වඩාත් සාර්ථක උනේ මැස්ඩා සමාගම. (ජපනා හපනා, සීතල ත්‍රස්තවාදියා කියන්නේ නිකන් නෙවෙයි..:P) දැනටත් මේ එන්ජිම පාවිච්චි කරන එකම නිෂ්පාදකයා මැස්ඩා සමාගම විතරයි. ඒ මැස්ඩා RX8 කාර් එකට. හැබැයි මේ එන්ජිම ගුවන් යානා වලට ඒ කාලේ පාවිච්චි කරා ගොඩක් සාර්ථකව. කලින් කිව්වා වගේ මෝටර් රථ වලට මේ එන්ජිම යොදාගෙන සාර්ථක උනේ මැස්ඩා සමාගම නිසා මෙතනින් එහාට අපි කතා කරන්නේ මැස්ඩා වැන්කල් එන්ජිම ගැන.

    ~ක්‍රියාකාරීත්වය~

    මේ ඇනිමේෂන් එක බැලුවම මේක කොහොමද වැඩ කරන්නේ කියන එක හැමෝටම තේරෙයි.
    Wankel_Cycle_anim_en.gif


    සාමාන්‍ය පිස්ටන් එන්ජිමක වගේම මේකත් සිව් පහර (4 Stroke) එන්ජිමක්. තනි සිලින්ඩරයේ එන්ජිමක් ගත්තම සිව් පහරේ එක එක පහර ඇති වෙන්නේ එකකට එකක් පස්සේ වශයෙන්..නමුත් වැන්කල් එන්ජිමේ මේ පහරවල් 4ම එක විට ඇතිවෙනවා. මුලින් අපි බලමුකෝ මේකේ තියෙන කොටස් මොනාද කියලා..
    Wankel_engine_diagram.png


    1. engine inlet
    2. exhaust outlet
    3. housing
    4. combustion chambers
    5. stationary gear
    6. rotor
    7. internal gear
    8. eccentric shaft\ Output Shaft
    9. spark plugs


    ඔය එන්ජිමක් අරන් මස් කරාම, හම ගැහුවම (අවවාදයයි. පොඩි උන් බැලීමෙන් වලකින්න.) මෙන්න මෙහෙමයි කෑලි තියෙන්නේ...
    rotary-engine-parts.jpg


    හරි...ඔය මැද තියෙන තුන්මුලස් සමෝසා එක තමා මේකේ පිස්ටන් එකේ වැඩේ කරන්නේ. ඇනිමේෂන් එක බැලුවම පේනවා ඇතිනේ කට්ටියටම මේ මැද තියෙන සමෝසා එකේ මුළු තුන හැම වෙලාවේම හවුසිමට හේත්තු වෙලා තියෙන බව. ඔය සමෝසා එකේ චලනය නිසා අංක 4 අලුපාටින් තියෙන තැන අඩු පීඩනයක් ඇතිවෙනවා. පීඩනය අඩු තැනක් දැක්කම වාතයටත් ඉන්න බෑනේ. ඒ නිසා අංක 1න් ලකුණු කරලා තියෙන Port එක හරහා ඉන්ධන-වායු මිශ්‍රණය අංක 4 අළුපාට කුටීරයට පිරෙනවා. ඒ තමා Intake Stroke එක.. සමෝසා එකේ චලනය නිසා ඒ පිරුණු මිශ්‍රණය අංක 4 රතුපාට කොටසට තෙරපෙනවා...එතැනදී අංක 9න් ලකුණු කරලා තියෙන spark plug එකෙන් මේ තෙරපුණු මිශ්‍රණය දහනය කරනවා. දහනයෙන් ඇති උන අධික පීඩනය හේතුවෙන් සමෝසා එක කැරකිලා දහනයෙන් පස්සේ ඉතුරු උන දේවල් අංක 2න් ලකුණු කරලා තියෙන exhaust port එකෙන් එලියට යනවා. ඔන්න ඕකයි මේකේ වෙන සිද්ධිය.. අංක 8න් ලකුණු කරලා තියෙන Output Shaft එක තමා මේකෙදි Crank Shaft එක විදියට භාවිතා වෙන්නේ.. එතනින් එහාට Gear Box, Final Drive, Fuel Supply System, Exhaust System, Ignition System වගේ හැම පද්ධතියක්ම සාමාන්‍ය එන්ජිමක වගේමයි.

    අවශ්‍යතාවය මත ඔය සමෝසා කෑලි 2ක් 3ක් 4ක් උනත් ඒකට පූට්ටු කරන්න පුළුවන්. එහෙම 2ක් එකතු කරපු එකක පොටෝ එකක් තමා ඔය උඩින් දාල තියෙන්නේ. ඩබල් සමෝසා එන්ජිම.

    දැන් බලමු මේකේ විශේෂත්වය මොකක්ද කියලා. උඩින් දාපු ඇනිමේෂන් එක බලාපියව්කෝ.මැද තියෙන Output Shaft (B) එක කැරකෙන හැම වටයකටම එක ගානේ Power Stroke එකක් ලැබෙනවා කියලා පේනවනේ බොලාට. සාමාන්‍ය එන්ජිමක නම් වට 2ක ට සැරයක් නේ Power Stroke එකක් ලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කතාවට කියන්නේ එකම සිලින්ඩර ධාරිතාවයක් තියෙන වැන්කල් සහ පිස්ටන් එන්ජිමක් ගත්තම වැන්කල් එන්ජිම පිස්ටන් එන්ජිම වගේ දෙගුණයක් බලය නිපදවනවා කියලා. ඇත්තටම දෙගුණයක් නොවුනත් පිස්ටන් එන්ජිමට සාපේක්ෂව වැඩි බලයක් නිපදවනවා මේ වැන්කල් කියන සමෝසා සතා.
    අනික් දේ තමා මූට වෑල්ව් පද්ධතියක් නැහැ. Crank එක කැරකෙන හැම වටයකදීම Intake Stroke එකක් යන නිසා අමුතුවෙන් අරින්න වහන්න වෑල්ව් ඕනේ නෑ මූට. හරියට නිකන් 2 stroke එන්ජිමක් වගේ. අනික මේ එන්ජිම තියෙන වාහනයක බීට්‌ එකෙන් බොහොම ලේසියෙන් මේ එන්ජිම හදුනා ගන්න ලේසියි.:cool::cool:

    ~වාසි~
    1. සමාන සිලින්ඩර ධාරිතාවයක්/ බරක් තියෙන පිස්ටන් එන්ජිමකට වඩා වැඩි බලයක් නිපදවයි.
    2. චලනය වෙන කොටස් ප්‍රමාණය අඩු නිසාත් (වෑල්ව් පද්ධතියක් නැහැ), චලනය වෙන කොටස් සෙමින් චලනය වන නිසාත් ( Rotor ය වටයක් කැරකෙනකොට Output Shaft එක වට 3ක් යනවා, ඒ නිසා පිස්ටන් එන්ජිමක එකම RPM ගණනක දී ඇතුලත කොටස් චලනය වෙනවට වඩා අඩු වේගයකින් තමා මේ එන්ජිමේ කොටස් චලනය වෙන්නේ.) මේ එන්ජිමේ Reliability කියන සාධකය ගොඩක් වැඩියි. ( වාහන සබ්ජෙක්ට් එකේදී මේ Reliability කියන ඒකට ගැලපෙන සිංහල වචනයක් හොයා ගන්න බැරි උනා තාම...)
    3. එන්ජිමට සම්බන්ද කොටස් ප්‍රමාණය අඩු නිසා බර අඩුයි.
    4. වැඩි RPM පරාසයකට ඔරොත්තු දීම. (වෑල්ව් නැති නිසා Valve Float වගේ ගැටළු මතු වෙන්නේ නෑ.. )
    5. අනික් දේ තමා මේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය ගොඩක් සුමටයි. ගැස්සීම් පැද්දීම් නැහැ. ඒ නිසා පිස්ටන් එන්ජිමක වගේ Vibrating ගැටළු ඇති වෙන්නේ නැහැ.
    6. ඇක්සලරෙටරය ට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා. (Higher Throttle Response)
    7. වෑල්ව් පද්ධතියක් නැති නිසා මේකේ පරිමාමිතික කාර්යක්ෂමතාවයත් වැඩියි. (Higher Volumetric Efficiency)

    ~අවාසි~
    1. නිෂ්පාදන වියදම/ නඩත්තු වියදම අධිකයි. මේකට හේතුව තමා මේ කොටස් සීල් කරන එක. එ කිව්වේ රෝටරයේ මුළු තුන සහ හවුසිම සීල් කරන්න ඕන. එ වගේම ඒවගේ මුහුණත් දෙකත් සීල් කරන්න ඕන. එක සෑහෙන අමාරු වැඩක්. ඒ නිසා මේ එන්ජිමක් Overhaul කරන්න ගියාම, ගෑස්කට් එකක් එහෙම දාන්න උනාම පස්සට හරි අමාරු වෙනවා.. මන් කිව්වේ පර්ස් එකට ගොඩක් දැනෙනවා.
    2. පෙට්රෝල් කෙරුවාව ගැන ඇහුවාම නම් උණ ගැනෙනවා. සාමාන්‍යයෙන් වැන්කල් 1.3L එහෙමත් නැත්තන් 1300CC එන්ජිමක් සාමාන්‍යයෙන් 2.6L (2600CC), 2.8L (2800CC) එන්ජිමක් වගේ තමා තෙල් කරන්නේ. එන්ජිම 1.3L උනාට 2.6L එකක බලය නිපදවනවනේ.
    3. Volumetric Efficiency වැඩි උනාට මොකෝ දහන කුටීරයේ තියෙන හැඩය නිසා මේකේ Thermodynamic Efficiency අඩුයි. ඔය දිගටි හැඩේ නිසා තමා බොහෝ විට එක රෝටරයකට Spark Plug 2ක්,3ක් පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙත්.
    4. මේකේ සම්පීඩන අනුපාතයත් අඩුයි.

    මේ කිව්ව දේවල් වලට අමතරව තව වාසි, අවාසි තියෙනවා..ඒවා පැහැදිලි කරන්න ටිකක් අමාරුයි සාමාන්‍ය කෙනෙක්ට (ඒ කියන්නේ මන් වගේ උන් අසාමාන්‍යයි කියලද..හුටා...හෙටම යන්න ඕන මනෝ වෛද්‍යවරයෙක් ලඟට...)..ඒ නිසා ඒවා නිසි බලධාරියා විසින් කපා හරින ලදී.

    දැන් බලමු මේ සතා ඇතුලට දාලා හදපු කෙල්ලෝ ගැන ටිකක්..

    -Mazda RX 7-
    ගාය තියෙන උන්ට නම් අමුතුවෙන් සතා ගැන කියන්න දෙයක් නෑ..නම කිව්ව සැනින් දන්නවා..

    Mazda-RX7-Veilside-600.jpg


    මේක 1978 ඉඳන් 2002 වෙනකල් නිෂ්පාදනය කරපු වාහනයක්.. FB\FC\FD කියලා මාදිලි 3ක් ආවා මේකේ. ලංකාවේ ඔය මාදිලි 3ම තියෙනවා. Turbo\ Non Turbo මාදිලි දෙකෙන්ම නිෂ්පාදනය වෙලා ටියෙනවා.. මන් කැමතිම වාහනයක් තමා මේකේ FD මොඩල් එකේ Twin Turbo මොඩල් එක. Hitachi ලා develop කරපු sequential twin turbo එන්ජිමක් තමා එකේ තියෙන්නේ..

    -Mazda RX 8-

    මේකත් හැමෝම දන්නා වාහනයක් නේ..එඅ නිසා වැඩි විස්තර ඕනේ නැහැ.. හැබැයි මේකේ Turbo මාදිලි නැහැ.. හරිම දුක හිතෙන සීන් එක...:(:(

    RX8_SE.jpg


    ඔය දෙකට අමතරව Mazda RX3, Mazda Eunos Cosmo වාහන වලත් තියෙන්නේ මේ කිව්ව සමෝසා එන්ජිමක්.. එකදාස් නමසිය හැත්තෑ ගණන් වල යමහා, සුසුකි ගොයියලා මෝටර් සයිකල් වලටත් මේ සමෝසා එන්ජිම දාල තියෙනවා..

    මෙන්න මේකේ තියෙන්නේ 4 rotor සමෝසා එන්ජිමක්.. ගිනි පිඹින විදිය පේනවනේ..



    අපෝ..කොටලා කොටලා මහන්සියි යකෝ... බලල උගුඩුවො වගේ යන්නේ නැතුව තව එකෙක්ට බලන්න බම්පියක් දාලා ගියොත් හොඳා.. එහෙම කරන්නේ නැති උන්ව කිඹුලම කාපිය.. ගල් මුල් එවපල්ලා.. ඒවා තමා වටින්නේ මට ...
    එහෙනම් අපි ගියා...
    ජය වේවා !!!

    කියන්න දෙයක් අමතක උනා.. GTRZ අයියේ පුලුවන්නම් අපිට රථ ගාය තියෙන උන්ට වෙනම section එකක් දෙන්නකෝ.. මොටෝ සයිකල් වලට දුන්න වගේ...:D
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකේ අකුරු වල , උක්ත ආක්‍යාත වල වැරදීම්, අතපසු වීම් ගොඩක් ඇති... ඒවට තරහ ගන්න එපා.. මොලේ විකාර වෙලා තියෙන වෙලාවක හැදුවේ....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කිබුල කයි කියල බම්ප් කලේ නැත්නම් කිසි වැඩක් නෑ ....- රෙප් දෙන්න බෑලු

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mata loku prashnayak thibba mokadda me rotary engine eka.. ayi meka use karanne karanne kiyala... umbe wisthara kirimen godak dewal danagaththa....
    thanks machan.... :)


    You must spread some Reputation around before giving it to mahesh1297 again.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පට්ට ත්‍රෙඩ් එක මචන්,, මාරම දේවල් තොගයක් ඉගෙනගත්තා, ලගදි දුන්න නිසා රෙප්නම් නෑලු

    කොහොම උනත් ලංකාවේ තියෙන RX8 ටිකත් අනාත වෙලා නේද බන් තියෙන්නේ??


    කියන්න දෙයක් අමතක උනා.. GTRZ අයියේ පුලුවන්නම් අපිට රථ ගාය තියෙන උන්ට වෙනම section එකක් දෙන්නකෝ.. මොටෝ සයිකල් වලට දුන්න වගේ...:D

    ලොක්කට මම කීපාරක් පුද්ගලිකවම කිව්වද බන් :(:(