මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . .

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . .

    මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . .
    අපේ‍්‍රල් 03 වැනිදාට යෙදෙන ගුණදාස කපුගේ අනුස්මරණය වෙනුවෙන් ජානක වික්‍රමසිංහ ලියූ සහෘද සටහනක්

    අන්දුක ගැන අසන
    අපට වැඩියෙන් හඬන
    දිගු ඇඟිලි අග රැඳුන –
    මියුරු සත්සර නොඑන
    සංගීත කාමරය පාළුයි . . .

    බණ්ඩාර ඇහැලියගොඩ ගීත රචකයා විසින් රචිත ගී පද වැලකින්ම මෙම සටහන තැබීමට මම අදහස් කළෙමි. ස්වර පුවරුවේ දිගු ඇඟිලි තබමින් සත්සර නිර්මාණය කරමින් කොළොම් පුරවරයට පැමිණි ගුණදාස කපුගේ සූරීන් නුවර කලාවියේ වැව් සිඳී පුපුරා ගිය රජරටට දඬුවම් මාරුවක් සමඟ පැමිණීම බොල් පොළොවට වන් පොද වැස්සක් බවට පත් විය.

    උතුරු මැද පළාතේ කලා වැව, පැරකුම් සමුදුර ජලයෙන් පිරී ගියා සේ සාහිත්‍ය ගුණ පිරි ගීත රචකයන්, සංගීතවේදීන් මෙන්ම ගායන ශිල්පීන් බිහි කිරීමට ද කපුගේ මහතා මහත් වෙහෙසක් ගත් අතර මා ද පුලතිසි පුරවරයෙන් බිහි වූ එක් ගායන ශිල්පියෙකි. මානව දයාවෙන් පිරිපුන් මේ මහා කලාකරුවා සිය සහෘදයන් සමඟ රජරට ගුවන් විදුලි සේවය ඔස්සේ උසස් රසකාමීන් පිරිසක් බිහි කිරිමේදී සිය අව්‍යාජත්වය මානව පිළිබිඹු කළේය.

    ඒ තමයි කපුගේ.

    ඉඳිකඩින් පැන එන්න – මග බලාගෙන ඉන්න
    අම්මාගේ ඇස්වලත් කඳුළුයි . . .

    තවමත් ඉඳිකඩ පැන අම්මාගේ තුරුළට කොයි මොහොතේ ඒදැයි කපුගේ මහතාගේ අම්මා කඳුළු පිරි දෑසින් මග බලා සිටිනු ඇතැයි මගේ හැඟීමයි. එතුමා මවට මෙන්ම, මව කපුගේ මහතාට ද ආදරය කළ අතර එතුමාගේ අකල් වියෝව ප්‍රේමා කපුගේ හා දූවරුන් දෙදෙනාට මෙන්ම කලාකරුවන් ලෙසින් මෙතක් දුර ආ මා මෙන්ම තවත් පිරිසකට ද දරාගත නොහැකි වේදනාවකි. එතුමා සමඟ අවසන් වසර 10 ක් පමණ ඉතා ළඟින් ඇසුරු කළ මා ඒ ඇසුරේදීී ගුණදාස කපුගේ යනු කෙතරම් නිහතාමානී මානව හිතවාදියෙක් ද යනු පසක් කරලීම උදෙසා සිදු වූ අපූරු සිදුවීම් කිහිපයක් මේ සමඟ සටහන් කිරීමට කැමැත්තෙමි.

    මින් වසර 12 කට පෙර පොළොන්නරුව විජයරාජ විද්‍යාලයේ ගුරුතුමියකගේ දියණියක අසාධ්‍ය හදවත් රෝගයකින් පෙළුණාය. එම විද්‍යාලයීය ගුරුවරුන්ගේ අදහස වූයේ මාගේ ගීත ප්‍රසංගයක් පවත්වා ඉන් ලැබෙන මුදලින් දැරියගේ හදවත් සැත්කම සිදු කිරීමයි. ඒ අවස්ථාවේ මේ පණිවිඩය දුරකථනයෙන් පොළොන්නරුවේ සිට මා කපුගේ මහතාට දැනුම් දුන් අතර එවෙලේම එතුමා පවසා සිටියේ ප්‍රසංගය සඳහා ගීත ගායනා කිරීමට දායක වනවා පමණක් නොව සංගීත කණ්ඩායම සඳහා යන වියදම ද දරණ බවයි. කෙසේ හෝ මෙම ප්‍රසංගය පවත්වා එතුමාගේත් මගේත් දායකත්වයෙන් දැරියගේ හදවත් සැත්කම වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ලබා දීමට හැකි විය. මීට මාස 02 කට පමණ පෙර මම මීරිගම ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ අවස්ථාවේ අවුරුදු 17 ක පමණ දියණියක් මගේ දෙපා ළඟ වැඳ වැටෙමින් පවසා සිටියේ ‘මාමෙ ඔයයි කපුගේ මාමයි උදව් කරලා බේර ගත්තේ මා තමයි’ යනුවෙනි. මේ මොහොතේ කපුගේ මහතා සිටියා නම් ඔහු කොතරම් සතුටු කඳුළු වගුරාදැයි මට සිතුණි.

    වරෙක මාතලේ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට කපුගේ මහතා සමඟ මම ද සහභාගි වීමි. මධ්‍යම රාත්‍රී 12 පසුවීත් අප දෙදෙනා ප්‍රසංගයට ඉදිරිපත් නොකළ සංගීත කණ්ඩායම දිගින් දිගටම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබිණ. මේ පිළිබඳව මම එම සංගීත කණ්ඩායමෙන් විමසා සිටියෙමි. සංවිධායකවරයා සංගීත කණ්ඩායමට මුදල් නොගෙවා පලා ගොස් ඇති බවත් අප දෙදෙනා ගීත ගායනා කළහොත් එකී ඉතිරි මුදල් කෙසේවත් ලබාගත නොහැකි වන බවත් කණ්ඩායම පැවසුවේ හෙමිනි.

    මා මේ පිළිබඳව කපුගේ මහතාට දැන්වීමි. ඒ අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව ‘මල්ලි උඹ ගාව සල්ලි කීයක් තියෙනවද?’ මගෙන් විමසා අප දෙදෙනාගෙන්ම මුදල් එකතු කොට සංගීත කණ්ඩායමේ හිඟ මුදල ලබා දී අප දෙදෙනා වේදිකාගත කරන ලෙස ඉල්ලීය. සිදු වු දෙය පිළිබද සංවිධායකවරයා සමඟ තරමක් කෝපයෙන් සිටි මා එක ගීතයක් පමණක් ගායනා කරන ලෙස කපුගේ මහතාගෙන් ඉල්ලා සිටියෙමි. නමුත් ගීත 07 ක් පමණ ගායනා කර වේදිකාවෙන් බැස මා අසලට පැමිණි ඔහු ‘මල්ලි මේ අහිංසක මිනිස්සු ඇවිත් ඉන්නේ අපේ සිංදු අහන්න. උඹත් සිංදු හතරක් පහක් කියලම බැහැපන්’.

    ඒ තමයි කපුගේ.

    දිනක් කපුගේ මහතා පොළොන්නරුවේ රැඳී සිටි මට දුරකථනයෙන් අමතා ටෙලි නාට්‍යයක ගීතයක් ගැයීමට වහාම කොළඹ පැමිණෙන ලෙස දැන්වීය. මේ වන විට මා ටෙලි නාට්‍ය සඳහා ගීත ගායනා කර නොතිබිණ. ගීතය පටිගත කිරීම සඳහා ශබ්දාගාරයට හඳුන්වා දුන් අතර එතුමා සංගීතවත් කරන එම ටෙලි නාට්‍යයේ ගීත ගායනය මා විසින් සිදු කරන බව ද පැවසීය.

    එහෙත් ටෙලි නාට්‍යයේ අදාළ ගීතය කපුගේ මහතා විසින් ගායනා කළ යුතුª බව අධ්‍යක්ෂවරයාගේ දැඩි තීරණය විය. එහෙත්, කපුගේ මහතා පවසා සිටියේ, මෙයා හරියට ගීතය ගායනා නොකළොත් ඒ වගකීම තමන් බාර ගන්නා බවයි. ගීතය ගායනා කිරීමෙන් පසු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා සතුටින් ඉහවහා ගොස් මා බදා ගත් අතර, ඒ මොහොතේ කපුගේ මහතාගේ දීප්තිමත් ඇස්වල තිබූ සතුටු කඳුළු බිඳු දෙකොපුල් දිගේ ගලා ගිය හැටි මට තාම මතකය.

    ඒ තමයි කපුගේ.

    ගම් නියම්ගම් පුරා - ඇවිද අපි දැන හැඳින
    අපට මග කියා දුන් – මහා ඇඳුරිඳු ඔබය . . .

    වත්මන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර කරුණාරත්න දිවුල්ගනේ මැතිතුමා මේ ගමන් මග දක්වා පැමිණීමේදී එහි පසුපස මහඟු මෙහෙයක් කපුගේ මහතා සතු වී යැයි මාගේ හැඟීමයි. එමතුද නොව පල්ලේගම හේමරතන නායක හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, රෝහණ දන්දෙණිය, වසන්ත ජයතිලක බණ්ඩාර, රංජිත් රූපසිංහ, කේ. එම්. ස්වර්ණසිංහ, පොඩිරත්න, අඟමලේ වැනි ගීත රචකයන් ද නාලක අංජන කුමාර, ප්‍රේම් රංජිත් විජේවික්‍රම, උපාලි ජයලත්, කුමාර එප්පාවල වැනි සංගීතඥයන්ද, කරුණාරත්න දිවුල්ගනේ, සේනානායක වේරලියද්ද, ක්‍රිශාන්ත එරන්දක, කුªසුම් රේණු, චාමික එදිරිසිංහ, ජානකී දිසානායක සහ මම ඇතුළු ශිල්පීන් විශාල පිරිසකට, මැනවින් යා යුතු නිවැරදි මග කියාදුන් මහා ඇදුරානන් ද කපුගේ මහතාමය.

    කරුණාරත්න දිවුල්ගනේ, ජානක සහ කපුගේ

    අපේ දුක ගැන අසනා - අපට වැඩියෙන් හඬන
    තමන්ටම ආදරය - නොකළ මිනිසා ඔබය . . .

    අපේ දුක සැප අසන අප වෙනුවෙන් කඳුළු සැලූ බව කපුගේ මහතා ළඟින් ඇසුරු කළ කවුරුත් හොඳින් දන්නා කරුණකි. මේ අපූරු මිනිසා මුළු මහත් සමාජයටම හදවතින්ම ආදරය කළ ද එතුමා, එතුමාට මොන තරම් ආදරය කළාදැයි අපට සිතාගත නොහැකිය.

    ‘සන්ෆ්ලවර් සමඟ කපුගේ’ ගීත ගායනා කිරීම මහත් ආන්දෝලනයකට මෙන්ම නොමඳ විවේචනයන්ට ද බඳුන් විය. කපුගේ මහතා ඉන් ලද මුදල් තවත් කළමනාකරුවකුගේ යහපත උදෙසා වැය කළ බව දන්නේ ප්‍රේමා කපුගේ මහත්මිය හා ළඟින් ඇසුරු කළ අතළොස්සක් පමණි.

    අපට යා නොහැකි මග - පහසුවෙන් ඇවිද ගිය
    වරෙක සුළි සුළඟ වූ - සොඳුරු මඳ නළ ඔබය
    අපේ පපු කුහර තුළ - නහර ඇට මිදුලුවල
    නින් නාද දී ඇසෙන – ගැඹුරු කටහඬ ඔබය

    කොටස් වශයෙන් මෙහි සටහන් තබන මෙම ගීතය එතුමාගේ අභාවය වෙනුවෙන් බණ්ඩාර ඇහැලියගොඩ හා රංජිත් බාසූරිය සමඟ පටිගත කිරීමට ගිය ද ඒ මොහොතේ අප තුළ වූ කම්පනය මත ගීතය නිසි පරිදි පටිගත කිරීමට පැය 6 ක පමණ කාලයක් ගත විය. එහෙත් කපුගේ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා කලා භවනේ තබා තිබූ අවස්ථාවේ යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් අවසන් මොහොතේ ගීතය ප්‍රචාරය කිරීමට අවස්ථාවක් නොදීම කනගාටුවට කරණකි. විශාරද ගුණදාස කපුගේ යනු දේශපාලන ගැත්තකු නොව, අහිංසක ජනතා හදවත් තුළ සදා ජීවත් වූ මානව හිතවාදියකු බව කවුරුත් දන්නා කරුණකි.

    සහෘද විශාරද ගුණදාස කපුගේ සොහොයුරාණනි,

    ඔබ අප සියල්ල අවාසනාවන්ත ලෙස අතහැර දමා කාලය ගෙවී ගියද, අපේ නහර ඇට මිඳුලු පපු කුහර තුළ තවමත් නින්නාද වන ගැඹුරු මිනිසා ඔබය . . . Sarasaviya News Paper http://www.sarasaviya.lk/news/?fn=sa13032813
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගුණදාස කපුගේ ගේ සින්දු අහල තිබ්බට මනුස්සය කව්ද කියල දැනගත්තේ මේ පොස්ට් එකෙන් තමයි !

    ++++
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    TFS
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගුණදාස කපුගේ කියන්නෙ ගායකයෙක් නෙමෙයි මනුස්සයෙක්. සල්ලි හෙව්ව මිනිහෙක් නෙමෙයි. සමාජයෙන් වාසි ගත්ත මිනිහෙක් නෙමෙයි. සමාජයට අහිංසක මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්. ගායකයෙක් විදියට සමාජයට කරන්න පුළුවන් උපරිම දේ කරල පෙන්නුවා. කපුගේ ගෙන් ගොඩක් මිනිස්සු වාසි ගත්තා. ඒත් අද කතා කරන්න හරි ඉන්නෙ ඇත්තටම කපුගේට ආදරය කරපු සංවේදී මිනිස්සු ටික දෙනෙක් විතරයි. මනුස්සකම ගැන සමාජය ගැන ආදරය ගැන තේරුම් කරල දුන්න මනුස්සයෙක් තමයි කපුගේ කියන්නෙ. ජංගි කොට ඇඳගෙන උන්ටවත් නොතේරෙන අන්ඩර දෙමල සිංදු කියන ගායකයො අතරෙ එතුමා ගැන අපට තියෙන්නෙ ආදරණිය මතකයක් විතරයි.
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ගුණදාස කපුගේ කියන්නෙ ගායකයෙක් නෙමෙයි මනුස්සයෙක්. සල්ලි හෙව්ව මිනිහෙක් නෙමෙයි. සමාජයෙන් වාසි ගත්ත මිනිහෙක් නෙමෙයි. සමාජයට අහිංසක මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්. ගායකයෙක් විදියට සමාජයට කරන්න පුළුවන් උපරිම දේ කරල පෙන්නුවා. කපුගේ ගෙන් ගොඩක් මිනිස්සු වාසි ගත්තා. ඒත් අද කතා කරන්න හරි ඉන්නෙ ඇත්තටම කපුගේට ආදරය කරපු සංවේදී මිනිස්සු ටික දෙනෙක් විතරයි. මනුස්සකම ගැන සමාජය ගැන ආදරය ගැන තේරුම් කරල දුන්න මනුස්සයෙක් තමයි කපුගේ කියන්නෙ. ජංගි කොට ඇඳගෙන උන්ටවත් නොතේරෙන අන්ඩර දෙමල සිංදු කියන ගායකයො අතරෙ එතුමා ගැන අපට තියෙන්නෙ ආදරණිය මතකයක් විතරයි.
    well said bro ... kapuge hamba hare tamanta newei.... me samajayata..
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    eda siti, ada apathara sitiya yuthu, anagathayata athyawashyama pudgalayek. thanks for the post macho

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැති
    පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැති
    තැවනේ දැව්නේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ගුණදාස කපුගේ කියන්නෙ ගායකයෙක් නෙමෙයි මනුස්සයෙක්. සල්ලි හෙව්ව මිනිහෙක් නෙමෙයි. සමාජයෙන් වාසි ගත්ත මිනිහෙක් නෙමෙයි. සමාජයට අහිංසක මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්. ගායකයෙක් විදියට සමාජයට කරන්න පුළුවන් උපරිම දේ කරල පෙන්නුවා. කපුගේ ගෙන් ගොඩක් මිනිස්සු වාසි ගත්තා. ඒත් අද කතා කරන්න හරි ඉන්නෙ ඇත්තටම කපුගේට ආදරය කරපු සංවේදී මිනිස්සු ටික දෙනෙක් විතරයි. මනුස්සකම ගැන සමාජය ගැන ආදරය ගැන තේරුම් කරල දුන්න මනුස්සයෙක් තමයි කපුගේ කියන්නෙ. ජංගි කොට ඇඳගෙන උන්ටවත් නොතේරෙන අන්ඩර දෙමල සිංදු කියන ගායකයො අතරෙ එතුමා ගැන අපට තියෙන්නෙ ආදරණිය මතකයක් විතරයි.
    :love::love:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    eda siti, ada apathara sitiya yuthu, anagathayata athyawashyama pudgalayek. thanks for the post macho

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැති
    පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැති
    තැවනේ දැව්නේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
    :yes::yes::yes::yes: