කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්න දේවල්...

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්න දේවල්...

    කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්න දේවල්...


    මේක නම් මම කියන දෙයක් නෙමේ ෆේස් බුක් පේජ් එකක තිබුන එකක්.....

    ඉතින් මේ කියන්නේ ඇත්තද කියලා කොල්ලෝ කෙල්ලෝ දන්නවා ඇතිනේ..

    1 කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

    2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

    3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

    4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.

    5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

    6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

    7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

    8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

    9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

    10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.

    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

    12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

    13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

    14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

    15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

    16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

    17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.

    18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

    19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා



    ඇත්ත නේද ඉතින් මේවා...............




    මේ කතාව නම් කෙල්ලෝ ගැන ගොඩාක් දුරට හරි නේද ;)


    evx.gif
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.
    :D
     
    • Like
    Reactions: 5tech

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    කොහෙද බොල රු10ට සබන් තියෙන්නෙ ? දැන් ඔකක් 30ක්ද කොහෙද. :angry::angry:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

    :yes:;):yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

    සිරාවට:lol:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සමහර ඒවා වැරදියි නමුත් ගොඩක් ඒවා පොදුවේ කොල්ලන්ට හරියනවා මිසක් හැම කොල්ලටම හරියන්නේ නෑ මොකද මිනිස්සු හැම එකාම එක වගේ නොවෙන නිසා. අතේ ඇගිලි පහම එක වගේ නෙවෙයි එකම අතේ තිබුනට ඒ වගේ කොල්ලෝ කියන category එකේ හිටපු පළීයට හැම කොල්ලම එක වගේ නෙවෙයි.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.:yes: