ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත
පරිගණක පාවිචි කරන අය හැටියට අපි දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි "ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත" මේක කියවල තියාගන්න එක ගොඩක් දේවල් වලට හොදයි,
"නිතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ" නිසා හොර වැඩ කරන්න ඉන්න එකෙක්ට උනත් මේක කියවල තිබ්බනම් Master Plan එකක් ගහන්න පුළුවන් ..
මේ කාලය වෙනකොට වැඩිවෙලා තියෙන පරිගණක අපරාධ රැල්ල උදාහරණයක් විදිහට පෞද්ගලික
දත්ත සොරා ගැනීම, අපචාර ක්‍රියා වැනි දේවල් වලට අපි කවූරු උනත් අහු වෙන්න පුළුවන්.
එහෙම උනොත් අපිට උදව් ගන්න වෙන්නේ මේ පනත් වලට අනුව .බය වෙන්න එපා මේවට උදව්
කරන්නේ පොලිස් බව්වෝ නෙමෙයි
මේ ගැන හොද දැනුමක් තියෙන අය. ඒ වගේම ලංකාවේ
ඉන්න white-hat hackers ලා පවා මේකට උදව් කරනලු..
මේ වනකොට ලංකාවේ තියෙන පරිගණක අපරාදවල වැඩි වීම නිවා මේ නිතිය බොහොම තදට ක්‍රියාත්මක වෙනවා
එකේනම් download කරගෙන තියාගන්න ..
ICT (Amendment) Act 33 - Sinhala (105.29 kB)
ICT (Amendment) Act 33 - Tamil (71.75 kB)
ICT (Amendment) Act 33 - English (27.19 kB)
Computer Crime Act - Sinhala (156.92 kB)
Computer Crime Act - Tamil (141.84 kB)
Computer Crime Act - English (48.69 kB)
e-Transactions Act Sinhala (157.46 kB)
e-Transactions Act Tamil (136.16 kB)
e-Transactions Act English (46.33 kB)
ICT Act No.27 of 2003 - Sinhala (282.42 kB)
ICT Act No.27 of 2003 - English (30.70 kB)

පරිගණක පාවිචි කරන අය හැටියට අපි දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි "ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත" මේක කියවල තියාගන්න එක ගොඩක් දේවල් වලට හොදයි,
"නිතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ" නිසා හොර වැඩ කරන්න ඉන්න එකෙක්ට උනත් මේක කියවල තිබ්බනම් Master Plan එකක් ගහන්න පුළුවන් ..

මේ කාලය වෙනකොට වැඩිවෙලා තියෙන පරිගණක අපරාධ රැල්ල උදාහරණයක් විදිහට පෞද්ගලික
දත්ත සොරා ගැනීම, අපචාර ක්‍රියා වැනි දේවල් වලට අපි කවූරු උනත් අහු වෙන්න පුළුවන්.
එහෙම උනොත් අපිට උදව් ගන්න වෙන්නේ මේ පනත් වලට අනුව .බය වෙන්න එපා මේවට උදව්
කරන්නේ පොලිස් බව්වෝ නෙමෙයි
මේ ගැන හොද දැනුමක් තියෙන අය. ඒ වගේම ලංකාවේ ඉන්න white-hat hackers ලා පවා මේකට උදව් කරනලු..

මේ වනකොට ලංකාවේ තියෙන පරිගණක අපරාදවල වැඩි වීම නිවා මේ නිතිය බොහොම තදට ක්‍රියාත්මක වෙනවා
එකේනම් download කරගෙන තියාගන්න ..
ICT (Amendment) Act 33 - Sinhala (105.29 kB)
ICT (Amendment) Act 33 - Tamil (71.75 kB)
ICT (Amendment) Act 33 - English (27.19 kB)
Computer Crime Act - Sinhala (156.92 kB)
Computer Crime Act - Tamil (141.84 kB)
Computer Crime Act - English (48.69 kB)
e-Transactions Act Sinhala (157.46 kB)
e-Transactions Act Tamil (136.16 kB)
e-Transactions Act English (46.33 kB)
ICT Act No.27 of 2003 - Sinhala (282.42 kB)
ICT Act No.27 of 2003 - English (30.70 kB)
වැඩි විස්තර http://www.icta.lk/ එකෙන් ලබාගන්න පුළුවන්පරිගණක අපරාධ
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැලැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස විධිවිධාන සපයයි. 2005 අගෝස්තු 23 වන දින පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරනු ලැබූ අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ‘බී’ ස්ථාවර කාරක සභාවේදී පුළුල් ලෙස ප්‍රතිශෝධනය කරන ලදී. 2007 මැයි මාසයේදී එය නීතියක් ලෙස පැනවූ අතර 2007 ජුලි 9 දින කථානායකතුමා විසින් සහතික කරන ලදී.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ පදනම වනුයේ පරිගණකයක්, පරිගණක වැඩසටහනක්, දත්ත හෝ තොරතුරු වෙත නිත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම අපරාධයක් ලෙස හඳුනා ගැනීමයි. එසේම පරිගණයක් වෙත ප්‍රවේශ වීමට වරදරකරුට අධිකාරි බලයක් තිබුණේද යන්න නොතකමින් නිත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ විධිවිධානයක්ද එහි ඇතුලත් වේ.
අධිකාරි බලයක් නොමැතිව අනවසරයෙන් දත්ත වෙනස් කිරීම, වෙනස් කිරීම හෝ මකා දැමීම මෙම පනත අනුව වරදක් වන අතර අධිකාරි බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්කර ගැනීම වැළැක්වීම පිණිස පරිගණකයේ වඩ සටහන් සකස් කිරීමද වරදකි. පරිගණක වෛරස් වැඩසටහන්වල නිශ්චිත කාර්ය වෙනස් කිරීම සඳහා කේත ඇතුලත් කිරීම මගින් පරිගණකයට හානි හෝ අලාභ කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අධිකාරී බලයක් නොමැතිව භාවිතා කිරීම සහ එක් පරිගණකයක සිට පරිගණකයකට පරිගණක වැඩ සටහන්, දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත් කර ගැනීමද මෙම පනත යටතේ අපරාධ වේ.
වැරදි විමර්ශනය සඳහා පනත නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. පරිගණක අපරාධ වැරදි විමර්ශනය කිරීමේදී පොලිසියට සහාය වීමට විශේෂඥ මණ්ඩලය පත් කිරීමට පනතේ විධිවිධාන සලස්වා ඇත.
දත්ත ආරක්ෂා කිරීම
පුද්ගලික දත්ත, විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ හසුරුවන්නා වූ දත්ත, බොහෝ සමාගම්වල වැදගත් වත්කමක් බවට පත්ව ඇති තොරතුරු යුගයක, දත්ත ආරක්ෂා කිරීමේ නීති අතිශයින්ම වැදගත් නීති තන්ත්‍රයක් බවට පත්ව තිබේ. එතුකුදු වුවත්, එකිනෙකා හා බැඳී ඇති ගෝලීය ආර්ථිකයක, ජාතික දත්ත ආරක්ෂකා කිරීමේ නීති පහසුවෙන් මග හැරිය හැකි අතර එක් අධිකරණ බලසීමාවකින් පිටතට දත්ත මාරු කිරීමේදී පුරවැසියන්ට ප්‍රදානය කර ඇති ආරක්ෂාවන් අහිමි වේ. එබඳු මගහැරීම් වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාව බඳු යුරෝපීය සංගමයට අයත් නොවන රටවලට පුද්ගලික දත්ත මාරු කිරීම පාලනය කරවමින් යුරෝපා සංගම් දත්ත ආරක්ෂණ තන්ත්‍රය විධිවිධාන අන්තර්ගත කර තිබේ.
වර්තමානයේ, පුද්ගලික අංශයද ඇතුලත් කරගනිමින් දත්ත ආරක්ෂණ භාවිත සංග්‍රහයක් මත පදනම් වූ ප්‍රතිපත්තියක් රජය පවත්වාගෙන යන අතර 2003 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ පනවන ලද රෙගුලාසි හරහා ව්‍යවස්ථාපිත පදනමක් ඒ සඳහා ඇති කිරීමේ හැකියාව ද පවතී. එබැවින්, මෙම ප්‍රවේශය ස්වයං හෝ සම-නියාමන ප්‍රවේශයක් ලෙස දැකිය හැක.
බුද්ධිමය දේපල අයිතිවාසිකම්
බුද්ධිමය දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් කළ, 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මගින් 1979 අංක 52 දරන බුද්ධිමය දේපල සංග්‍රහ පනත ප්‍රතිස්ථාපනය කරන ලදි. 2003 බු.දේ. පනතෙහි මෘදුකාංග, වෙළඳ රහස් සහ අනුකලිත පරිපථ ආරක්ෂාවට අදාල නව වගන්ත කිහිපයක් ඇතුළත් වේ.

Last edited: