ඔබෙන්-තොර-නැත-කිසිත්-ඕනේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබෙන්-තොර-නැත-කිසිත්-ඕනේ....

    උදා හිරු සේ ඈත බැබලී...
    යෙහෙලියක් හා ඇවිද එන්නී....
    සදත් උපමා කරනු කුමටද...
    රූ රැසින් සුරගුන් දරන්නී......
    සිනා බැල්මෙන් හදේ පෙලනා...
    දහස් දුක් සිද බිද හෙලන්නී....
    මගේ ලෝකයෙ පිපී දිලෙනා..
    රැජින වී අභිසෙස් ලබන්නී.....:love::love:

    අතින් ගත් බෑගයක් සමගින්..
    ඇගේ පා යුග එසවුනාවේ....
    මුදා වරලස සුලං රැල්ලට..
    මුසුව තාලෙට සෙලවුනාවේ.....
    ඉබේ මැවෙනා රූප රේඛා...
    උදෑසන මන්මත් කලාවේ.....
    සදා නොමියෙන සෙනේහයකට...
    මගේ හදවත කැප වුනාවේ.....:love::love:

    හීය අතකින් ගෙන සරා සද...
    අප වටේ නොවැ පියාඹන්නේ....
    මගේ දෑසින් දුටු නමුත්...ඔබ...
    තවම නෑ නේ .. එය දකින්නේ....
    සොදුරු යුවතිය ඔබේ ගැනමයි...
    සුසුම් ගානේ හිත කියන්නේ....
    දිනෙන් දින ගෙවි ගෙවී යන මුත්...
    තවත් නෑ විමසනු සිතෙන්නේ.....

    වනේ සරනා බඹරු ඇවිදින්..
    මලේ පහසට ලොබ බදින්නේ.....
    අගේ ඇති මල් සුවද විහිදා..
    එවන් බඹරුන් උමතු වෙන්නේ.....
    හිතේ දැවෙනා හැගුම් කෙලෙසද.
    ඔබේ ඔය සවනත තබන්නේ....
    නගේ නොම දෙන් හදේ නැවතුම්..
    මගේමයි ඔබ නැතිද දන්නේ........:love::love:

    උදෑසන සිට සවස් වනතුරු
    ඔබේ සිනහව ඇසෙන මානේ.....
    විරාමය ලද සැනින් පසු වෙමි..
    ඔබේ රූපය පෙනෙන මානේ....
    කෙසේ ඇසුනත් .. කෙසේ බැලුවත්..
    එපා නොවෙනා මගේ සිහිනේ.....
    සැබෑ වන්නට වරම් දෙනු මැන...
    ඔබෙන් තොර නැත කිසිත් ඕනේ....:love::love:

    im-in-love-36.jpg


     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    :P
    "ඔබෙන් තොර වෙන ලොවක් නැති" බව
    පැවසුවත් ඔය පුන්චි වයසට
    දිනක නුබ මුහුකුරා ගියපසු
    නොකියවනු ඇත එම වදන් පෙල,
    :yes::yes:
    ලස්සනයි නුබේ කවි වචන පෙල
    හදවතට දැනෙනා පරිදිකල
    තව තවත් රස පද ගොතන්නට
    වරම් ලැබෙවා යයි පතමි මම,
    :love::love::love::love:

    Rep 8+

    Rep Power eka 8 ක් උනාට පස්සෙ හා හාපුරා කියලා සංකපාල මල්ලිට 8ක් දෙන්න ගියේ,
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.

     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    උදෑසන සිට සවස් වනතුරු
    ඔබේ සිනහව ඇසෙන මානේ.....
    විරාමය ලද සැනින් පසු වෙමි..
    ඔබේ රූපය පෙනෙන මානේ....
    කෙසේ ඇසුනත් .. කෙසේ බැලුවත්..
    එපා නොවෙනා මගේ සිහිනේ.....
    සැබෑ වන්නට වරම් දෙනු මැන...
    ඔබෙන් තොර නැත කිසිත් ඕනේ....:love::love:

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    rep++++ bro :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කැත විදියම මට මගේ ඇඩ්වාන්ස් ලෙවල්
    ජීවිතේ මතක උනා..

    :yes::yes::yes::yes:
    ලස්සනට ලියලා තියෙනවා..
    ඒ කාලෙට නැවත ගියා

    ඒ කාලේ සුපිරි නැති උනත්
    නැවත ගිහින් එන්න පොටක් පාදපු මේ හුය පට්ට
    REP 6+
    දෙන්න බැරිවෙයි මම මොකකට හරි ළඟදී දුන්නා කියුවට ඔන්න දුන්නා
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැත විදියම මට මගේ ඇඩ්වාන්ස් ලෙවල්
    ජීවිතේ මතක උනා..

    :yes::yes::yes::yes:
    ලස්සනට ලියලා තියෙනවා..
    ඒ කාලෙට නැවත ගියා

    ඒ කාලේ සුපිරි නැති උනත්
    නැවත ගිහින් එන්න පොටක් පාදපු මේ හුය පට්ට
    REP 6+
    දෙන්න බැරිවෙයි මම මොකකට හරි ළඟදී දුන්නා කියුවට ඔන්න දුන්නා
    :rolleyes::rolleyes::baffled::baffled:
    අයියෝ කොරියාව :dull:
    2.gif