කරදරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ

    අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම් දෙපාර්තමේන්තුවේ පවා බැලුවා ,කිසිම සැකයක් තිබ්බේ නෑ ,අපි lawyer ඉස්සරහම සල්ලි ලක්ෂ 11 දුන්නා

    පහුවදාම අපි ඉඩම මනින්න කෙනෙක්ව යැව්වා ,ඒ වෙලාවේ එතනට මම තමයි මේ ඉඩමේ ඇත්ත අය්ති කරය කියලා කෙනෙක් ඉදිරිපත් වෙලා ,එවෙලාවේ අපිට විකුනපු එකාට කතා කරාම උ answer කරන්නෙත් නෑ ,උගේ number එක වැඩ කරන්නේවත් නෑ ,පස්සේ අපි ඇත්ත අය්ති කාරයා කියන මිනිහා ගාවට ගියා ,අපේ ගාව තියෙන ලිය කියවිලි ඒ මිනිහගේ ගාව ඒ විදියටම තියෙනවා ,වැඩිය කතා අවශ්‍ය නෑ අපිට විකුනපු එකා මේ මිනිහගේ හැඳුනුම්පත පවා හදලා ඒ නම දාලා ,පදිංචිය දීලා තියෙන්නෙත් ඇත්ත මිනිහගේ එක

    පස්සේ ඒ මිනිහ කිව්වා සුමාන 2 කලින් මිනිහෙක් ඇවිල්ලා ලියකියවිලි වල පිටපත් ගෙනිච්ච කියලා
    ඒවගෙන් තමා මේ ව්‍යාජ ඒවා හදලා තියෙන්නේ

    අපිට මේ ඉඩම ගැන කිව්ව කෙනා මේ වංචාකාරය හරියට අදුනන්නෙත් නැහැල්ලු ලු

    දැනට පොලිසියේ සහ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරා

    මේ මගේ තාත්තගේ විශ්‍රාම වැටුප් සල්ලි

    මම මේ ගණුදෙනුව වෙද්දී හිටියේ නෑ ,අම්මයි තාත්තයි හදිසියේම නෑදෑ කෙනාගේ විශ්වාසෙට තමා අරන් තියෙන්නේ

    දැනට මේ සිදුවීම වෙලා දවස් 3 ගිහිල්ලා තියෙන්නේ ,මේ සම්බන්දයෙන් දන්නා කෙනෙක් කරුණා කරලා කියන්න
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය වගේ එව්වා උනාම ඉතින් කාලයක් යනවා සහනයක් එන්න, දැන් හොදම දේ සල්ලි බලන එක නෙමෙයි, ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔහොම වැඩක් කරලා වැඩිකල් හැංගිලා ඉන්න බෑ....බය නැතුව ඉදපන්..
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :( අයියො ශික්
    හෙන ගහනවා ඔක කර බල්ලාට කොහොම හරි පොරව හොයා ගන්න බලන එක තම්යි කරන්න තියෙන්නෙ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    policiya haraha thamai mama hithanne kerena deyak karanna wenne. man wa alla gaththoth salli ganna lesi wei.

    civil law paththen nam lawyer ta wiruddawa wandi illanna puluwan neda professional liabilityak wage deyak. mokada umba salli deela thiyenne aththa aithi karayata nevei ne. eka nisa contract ekak form wenne nah neda eh idamata sambandawa.

    ahinsaka minissunta wena dewal :(
     
    • Sad
    Reactions: KAZPER

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    aththa ayithikaraya gen ahapan document copy deepu ekawa
    u dannawa ethi bun man wa
    nathinam minihek nikanma land document denne nane bun
    ubalata num 1 deepu relation dannawa ethi mminiha innna thena
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ ඉන්න පොරවල් ගැන අමුතුවෙන් කියන්න ඔන නැනෙ, පහුගිය කාලේ ජර්මන් සුද්දෙකුට ඔය ගාල්ල පැත්තෙ කනත්තක් විකුනුවේ හොටලයක් හදන්න කියලා, අන්තිමට සුද්දා බෙල්ලෙ වැල දාගෙන මලා, ඉවසගන්න බැරුව.
     
    • Wow
    Reactions: aneasarayana