ෆර්මාගේ අවසන් ගැටළුව

ෆර්මාගේ අවසන් ගැටළුව

මේක නම් ටිකක් විතර ප්‍රසිද්ධ කතාවක්. ගණිතය සම්බන්ධ කතන්දරවලදී මුලින්ම කියවෙන එකක්.

පියරේ ඩි ෆර්මා කියන්නේ 17වන ශත වර්ෂයේ විසූ ප්‍රංශ ජාතික ගණිතඥයෙක්. ෆර්මා ක්‍රි.ව 1665දී මිය යනවා. හැබ‍යි ඒ වෙද්දී ඔහු සිය අධ්‍යයන ප්‍රකාශයට පත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඔහුගේ පුතා වන ක්ලෙමන්ට් සැමුවෙල් ෆර්මා විසින් පියාගේ පොත්පත්, ලිපි, සටහන් ආදිය එකතු කරලා කියවලා බලනවා ප්‍රකාශයට පත් කරන්න. එවිට ඔහුට හමු වෙනවා තම පියා විසින් පරිශීලනය කරපු ඇලෙක්සැන්ඩ්‍රියානු ගණිතඥයෙක් වන ඩයිෆන්ටස්ගේ [Diophantus] ‘Arithmatica’ කියන පොතේ පිටපත. මේ පොතේ ෆර්මා තැනින් තැන සටහන් යොදලා තිබුණා. ගොඩක් වෙලාවට ඔහුගේ සටහන්වල තිබුණේ පොතේ එන ගැටළු අනුසාරයෙන් ඔහු ගොඩනංවපු ගැටළුත් ඒවයින් සමහරකට විසඳුමුත්.

1670දී සැමුවෙල් විසින් මෙම පොත නව සංස්කරණයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනවා පියරේ ඩි ෆර්මාගේ සටහන් එක්කම. පොතේ එක් ගැටළුවක් වශයෙන් ඩයිෆන්ටස්ගේ විස්තර කරනවා පරිමේය වර්ග සංඛ්‍යාවක් තවත් වර්ග සංඛ්‍යා දෙකක ඒකතුවක් විදියට ලියන හැටි. එනම් k2=u2+v2 සමීකරණයට විසඳුමක් k දන්නා විට. උදාහරණයක් වශයෙන් ඔහු ගන්නේ k= 4 අවස්ථාව. ඔහු කියනවා u=x හා v=(2x-4)වශයෙන් ගත්තාම අවශ්‍ය විසඳුම ගන්න පුළුවන් කියලා. මෙහිදී v තෝරා ගැනීමේදී සපුරාලිය යුතු කොන්දේසිය වන්නේ එය u [නැත්නම් x වල] ඕනෑම ගුණාකාරයකින් k අඩු කිරීමෙන් සෑදෙන සංඛ්‍යාවක වර්ගය විය යුතු බවයි. එතකොට

x2 + (2x-4)2 = 42

=> x2 + 4x2-16x+16 = 16

=> 5x2 -16x = 0

=> x(5x-16) = 0

=> x = 0 හෝ x = 16/5

මෙහි x=0 අවශ්‍ය උත්තරය නෙවෙයි. එය අර කලින් දවසක කිව්වා වගේ Trivial Answer එකක්. ඒ හින්දා අවශ්‍ය උත්තර දෙක වශයෙන් u=16/5 සහ v=12/5 ලැබෙනවා. එනම් (16/5)2 + (12/5)2 = 42 . පොතේ පියරේ ඩි ෆර්මා මේ ගැටළුව ළඟින් මෙහෙම සඳහනක් දානවා.

“මම ඉතාම අපූර්ව සොයා ගැනීමක් කළා. එනම් ඝනජ සංඛ්‍යාවක් තවත් ඝනජ සංඛ්‍යා දෙකක එකතුවක් වශයෙන් ලිවිය නොහැකියි. හතරවන බලයක් තවත් හතරවන බල දෙකක එකතුවක් වශයෙන් ලිවිය නොහැකියි. සාධාරණ වශයෙන් කියනවා නම් දෙකෙන් ඉහළ ඕනෑම බලයක් තවත් එම බලයේ සංඛ්‍යා දෙකක එකතුවක් වශයෙන් ලිවිය නොහැකියි. ඔප්පු කිරීම අන්තර්ගත කිරීමට මෙම ඉඩ ප්‍රමාණවත් නොවේ.”

වෙන විදියකින් කියනවා නම් ෆර්මා කියලා තිබ්බේ xn + yn = zn කියන සමීකරණයට බිංදුව නොවන x, y, z ධන නිඛිල උත්තර නෑ n දෙකට වඩා විශාල ධන නිඛිලයක් වෙන අවස්ථාවට. n=2 වෙන අවස්ථාවට උත්තර තිබෙන බව ඒ වන විටත් ගණිතඥයෝ දැනන් හිටියා. ඒ තමයි පයිතගෝරියානු ත්‍රිත්ව. උදාහරණයක් විදියට (3,4,5) දක්වන්න පුළුවන්. ඇත්තටම ඉහත විස්තර කළ ඩයිෆන්ටස් ක්‍රමයත් පයිතගෝරියානු ත්‍රිත්ව හොයා ගන්න යොදා ගන්න පුළුවන්.

කාලයත් එක්ක ෆර්මා ඉදිරිපත් කළ අනික් ගැටළු වලට විසඳුම් සොයා ගත්තත් ඉහත ගැටළුව විසඳන්න කාටවත් හැකිවුණේ නෑ. ඒ හින්දා තමයි මෙම ගැටළුව “ෆර්මාගේ අවසන් ප්‍රමේයය” [Fermat’s Last Theorem]වශයෙන් ප්‍රසිද්ධ වුණේ. අවසානයේදී බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් වන Andrew Wiles විසින් 1995 දී මෙයට සාධනයක් ඉදිරිපත් කරනවා.

ඇත්තටම මෙම ගැටළුවට ෆර්මා ළඟ සාධනයක් තිබ්බද කියන අදටත් කවුරුත් දන්නේ නැහැ. Andrew Wiles ගේ සාධනය නූතන ගණිත සංකල්ප මත පදනම් වුණු එකක්. ඒ දැනුම ෆර්මා සතුව තිබුණා කියලා හිතන්න අමාරුයි.

තමන්ගේ අධ්‍යයන ප්‍රකාශයට පත් නොකළත් තමන් විසඳූ සමහර ගැටළු ලිපි මඟින් සමකාළීන ගණිතඥයින් වෙත අභියෝග වශයෙන් යවන පුරුද්දක් ෆර්මා ළඟ තිබුණා. ආසන්න වශයෙන් ෆර්මා ‘Arithmatica’කියවපු කාලය වශයෙන් පිළි ගැනෙන්නේ ක්‍රි.ව 1630 යි. මෙයින් පසු n=3 සහ n=4 අවස්ථාවට ඉහත සමීකරණය ඔප්පු කරන්න අනික් ගණිතඥයන්ට යැව්වත් සධාරණ අවස්ථාව ඔප්පු කරන්න කියලා ෆර්මා ඔහු මිය යන තුරුත් කාටවත් කියලා නැහැ.

ඉතින් ඒ හින්දා බොහෝ දෙනා විශ්වාස කරනවා ෆර්මා සතුව මෙයට සාධනයක් තිබුණේ නැහැ කියලා. සමහර විට ඔහු තමන්ගේ සාධනයේ වැරැද්දක් පසුව සොයා ගන්න ඇති. එහෙමත් නැත්නම් ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලා අදහසක් හිතේ තියාගෙන සටහන් ලිව්වත් පසුව ඔහු තේරුම් ගන්න ඇති ඒ ආකාරයෙන් කරන්න බෑ කියලා. හැබැයි ඉතින් මේවා අදහස් විතරයි. හරිම සිද්ධිය කවුරුවත් දන්නෙත් නැහැ. ඉදිරියේදී දැන ගන්න හම්බ වෙයි කියලා හිතන්නත් අමාරුයි.

pierredefermat.jpg

images

flt.gif
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට post එක මචන්. මම හෙන ආසයි ඔය වගේ දේවල් ගැන දැන ගන්න. ගොඅක් ස්තුතියි බෙදා ගත්තට. තව මේ වගේ විස්තර තියෙනවා නම් දාපන්. නියමයි. :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Fermas last theorem prove karana kenekuta big money prize ekak ven kara thibuna. Mama hithanne eka 1995 di villies kiyana kena laba gattha kiyala.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama meka pituwakin wage prove karala colombo university ekata danum dunna. Maths professor kiwwa machan meka prove karala prize ekath deela ivarai kiyala. Aka nisa vade atha arala damma. A wage big prize ekak navatha donate karanawanam please mata danuma denna.
     
    :):) hm thani pituwakin denna nm oya daksheyek bawa awiwaden pilganna wenawa. mn ahala thiyana hetiyata thamath eka ganitha loketa wiwurthai.:) oya oya sadane ayeth balala. oka mehe maths department eka hari e adala ekakata pennanna.oyata suba pathanwa,
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නියමයි .මෙගේ අතීතය AL කරපු යුගයට ගියා නිකම්ම. ඒ කාලෙ ඔය වගේ සමීකරණ කාපු නැති එක විතරයි. අපරාදේ ඒ දැනුම නිකම්ම දිය වෙලා ගිහින්. දැන් කොම්පැනි වලට කඹුරනවා මිසක් ඔව්වා පාවිච්චි වෙන්නේ නෑ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    කාලයත් එක්ක ෆර්මා ඉදිරිපත් කළ අනික් ගැටළු වලට විසඳුම් සොයා ගත්තත් ඉහත ගැටළුව විසඳන්න කාටවත් හැකිවුණේ නෑ. ඒ හින්දා තමයි මෙම ගැටළුව “ෆර්මාගේ අවසන් ප්‍රමේයය” [Fermat’s Last Theorem]වශයෙන් ප්‍රසිද්ධ වුණේ. අවසානයේදී බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් වන Andrew Wiles විසින් 1995 දී මෙයට සාධනයක් ඉදිරිපත් කරනවා.
    මේ සාධනය කරන්ට මේ ගණිතඥයා අවුරුදු 7ක් විතර වෙනමම ලෝකෙකට වෙලා වගේ මහන්සි වෙච්ච හැටි,අන්තිමේදි එය සාධනය කරල ඉදිරිපත්කරල ඒක පිළිගෙන ටික කලකින් ඔහුගේ සමකාලීනයෙක් වැරැද්දක් පෙන්වාදීමෙන් පසු ආයෙමත් මුල ඉදල වැඩේ පටන් ගන්ට සිද්ද වෙච්චි හැටි,තමං ලබපු කීර්ති ප්‍රසංශා තමාටම බරක් වෙච්චි හැටි,අන්තිමේට සියල්ල ඉවරයි කියල අතඇරල ඉද්දි පොටක් පෑදිල දැනට තියන හරි සාධනය ඉදිපත් කරන හැටිත් ගැන මාර ලස්සන Documentaryයක් ගියා අවුරුදු 5ට විතර ඉස්සෙල්ලා Eye එකේ රෑ 10ට විතර..අන්තිමේට මේ professor අඬනව සන්තෝසෙට..ඉස්සෙල්ල පාර ඒ සාධනය කරල open lecture එකක් තියනව university එකේ දවස් 2ක..සාධනය ආය මුල ඉදල කරල පැහැදිල කරන,පටන් ගද්දි Lecture room එක පිරිල ඉන්නව studentල.අනතිමේට එක එකා හැලිල එකෙක්වත් ඉතිරි වෙන්නෑ..
    මට මතක හැටියට මෙයා සාධනය කරන්නෙ 50 ගනං වල ජපන් ජාතික ගණිතඥයෙක් මීට ඉදිරිපත් කරන උප ප්‍රමේයයක්(corollary).ජපන් ජාතිකයා stress වැඩිකමටද කොහෙද සියදිවි හානිකරගන්නව සාධනයක් හොයාගන්ට ඉස්සෙල්ල.උප ප්‍රමේයය ඔප්පු කරපු ගමන් මුල් ප්‍රමේයය සාධනය වෙනව ඉබේම ඒකෙන් මුල් ප්‍රමේයය ගම්‍ය වෙන හින්ද..
    නියම Documentaryයක් ඒක.EYE එකේ ඔය වගේ මරු ඒව යනව හිටපුගමන්.ආය යයි කවද හරි.නැත්තං net එකේ කොහෙ හරි ඒක ඇති.හොයන් බලන්ට..

    170px-Andrew_wiles1-3.jpg

    Andrew Wiles

    බොහොම ස්තුතියි මේ නූලට....!
     
    Last edited:

    Thanks bro,. tv documentary ekak hambuna . ekath mn danwa methanama,