ඉකිගසා හඬන අතීතයක

thomian

Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    ඉකිගසා හඬන අතීතයක

    මේක නෙට් එකේදි දැක්කෙ...කට්ටියට බලන්න copy past පාරක් දැම්මා...:baffled::rolleyes:


    "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" ගීතයේ පසුබිම් කතාව

    Amila.jpg


    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු සමග ගනදෙනු කරන
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    මේ ගීතය මේ දිනවල කා අතරත් ජනප්‍රිය ගීතයකි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "සමනල සන්ධව්නිය" චිත්‍රපටයේ තේමා ගීතය වන මෙය ගායනා කරන්නේ අමරසිරි පීරිස් විසිනි.

    චිත්‍රපටයට ප්‍රථම මෙම ගීතය නිෂ්පාදනයකොට තිබුනත් ජීවිතයේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන පොදු අත්දැකීමක් මෙම ගීතයට පාදක වන හෙයින් හා එම ගීතය විශේෂයෙන්ම සමනල සන්ධ්වනියේ තේමාව හා බැඳෙන හෙයින් ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් තමාගේ චිත්‍රපටය වෙත මෙම ගීතය එක්කොට තිබෙනවා.

    මෙම ගීතයේ ගී පද රචකයා වන අමිල තේනුවර එම ගීතය රචනාකොට තිබෙන්නේ ඔහුගේම අත්දැකීමක් පාදක කරගනිමිනි. මෙම ගීතයට සැබවින්ම පාදකවී ඇත්තේ අමිලගේ ප්‍රථම ප්‍රේමයයි. අමිල තේනුවර එම ගීතය නිර්මාණයට පාදකවූ පසුබිම් කතාව සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.

    එතකොට මගේ වයස අවරුදු දහ අටක් විතර ඇති. මම සම්න්යයපෙල විභාගය කරලා ඉවර උනා විතරයි. මට එක්තරා ගෑනු ළමයෙකු හමු උනා..ඇත්තටම එක හරිම සුන්දර හමුවීමක්. ඒ ගෑනු ළමයාගේ තිබුනා අපුරු සුන්දර කමක්..

    දැකපු ගමන් මගේ හිතේ ආදරයක් උපන්න..එත් ඒ ආදරේ වචන වලට පෙරලා ගන්න බැරි තරමට මම අසරණ වුනා. මට කවියක්වත් සින්දුවක්වත් ලියාගන්න බැරි අවස්තාවක් මේක. එත් මේ ළමයා ලඟදි මගේ හිත ලස්සන ගීතයක් බවට පත්වුනා..

    ඔය කාලෙත් මම මහගමසේකරගේ , රත්නස්රි විජේසිංහගේ කවි කියවනවා..මේ කවි වල සමහර තැන මගේම අධ්‍යාත්මය කියල මට හිතුනා..මම ඒ තැන්වල කවකටු තුඩින් ඉරි ගහනවා..හැබැයි බැලු බැල්මට මේ ඉරි පෙන්නේ නැහැ..

    සුක්ෂමව බැලුවොත් විතරයි පෙන්නේ..නොකියන ආදරය කියල සේකරගේ කවියක් තිබුනා..ඒ දවස්වල මගේ ප්‍රියතම කවිය ඒක.

    නොහැකිමුත් වචනයෙන් කියන්නට
    දරාගන්න නමුත් සිත යට
    දරාගන්න බැරිය එය මට
    දෙනෙත දෙනතින් ගැටී ගියවිට

    මම ඔය කවියට යටින් කවකටුවෙන් ඉරිගහුවා..ඊට පස්සේ ඒ පොත අරගෙන අර ගෑනු ළමයට දුන්න...එත් එයාට ඒ ආදරේ දැනුනේ නැහැ..

    ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
    හිත යටට වෙලා දුක් විඳින තරම්

    වගේ ආදරණීය ගීත පටිගත කරලා කැසට් පට එයාට දුන්න..එත් වැඩක් උනේ නැහැ...ඔය වේදනාව මගේ හිතේ හැමදාම තිබුනා..පුන්‍යා ගෙයි රේවතගෙයි ආදර කතාවේ (සමනල සංධ්වනිය චිත්‍රපටයේ) මගේ මේ ආදර කථාවෙයි වෙනසක් නෑ කියල මට හිතෙනවා.

    මේ අප්‍රකාශිත ආදරය මගේ හිත යට නිද්‍රාගත වෙලා තියෙනවා. ඒක අවදි උනේ අවරුදු දහයකට පස්සේ..

    අතින්වත් අත ඇල්ලුවේ නැහැ
    කිසිම කිළුටක් තිබුනේ නැහැ
    ආදරය හැර හීනයක්වත්
    කිසිම කිළුටක් තිබුනෙත් නැහැ

    අමරසිරි පීරිසිට ලියු මේ ගීතය වගේම

    කඳුළු වලින් කැනු මා හදවතේ
    මින් මැදුරේ පීන පීන සැරිසරනා
    හීන හීනයේ පෙනෙනා
    ප්‍රථම ප්‍රේමයයි මීනා

    ගීතයත් ලිව්වේ ඒ අප්‍රකාශිත ප්‍රේමයටයි.

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ගීතය

    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගණුදෙනු කරනා...
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා....

    හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
    නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
    මගේම ආදරයක් තිබුණා...

    රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
    උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
    මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
    මගේම ආදරයක් තිබුණා...



     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මට දෑනන විදියට මේක ප්‍රේමයේ හෝ විරහවේ එක පොදු භාවයක්. තමුන්ගේම වු හෝ තමන්ගේ කරගන්නට බෑරිවු හෝ තමන්ගේ වී තමන්ට නෑතිවු හෝ ආදරයක් නිසා ඉකි ගසා හඩන අතීතයක් උරුමකරගතුත්තු අය අනන්තයි.

    සමාජයේ ලස්ස්සනට ඈද පෑල්දලා හිනාවේලා හිටියත්, අන්දකාරයේ සිරවී කිසිදා සුව නොවන රිදුමක වේදනාව විදින, ඈස් වල කදුලු පුරවගේන හෑමදාම උදේට නෑගිටින ජීවිත කොච්චර ඈත්ද...