ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රෝඩාව ගැන Fitch Rating
පහත පළ වන්නේ Sunday Times පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි.
පරිවර්තනය උපුටාගැනීම: w3lanka.com වෙබ් අඩවියෙනි
Fitch Rating ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවා බව පවසමිනි.
බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි. එහෙත් විශ්ලේෂකයන් පෙන්වාදෙන පරිදි ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීමම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි. එමෙන්ම ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය.
එම අඩු කිරීම් මෙසේ ය.
රට >>>>>> 2011 ආර්ථික වර්ධන වේගය >> 2012 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය
චීනය >>>>> 9.3 % >>>>>>>>>>>>>> 8.5 %
ඉන්දියාව >>> 8 % >>>>>>>>>>>>>>> 7.8 %
සිංගප්පූරුව >>5.2 % >>>>>>>>>>>>>> 3%
මේ අතර ලංකාව 2011 8%ක් වූ ආර්ථක වර්ධන වේගය 2012 දී 8.3%ක් දක්වා වැඩි වන බවට ප්‍රක්ෂේපණය කර ඇත.
24-Oct-2013 නිකුත් කරන ලද ෆිච් රේටිං ආයතනයේ Asia Pacific Sovereign Credit Outlook නවතම වාර්තාව අනුව, ණය වර්ධනය හා ඉහළ යන වත්කම් මිළ හේතුවෙන් ලෝකයේ වඩාත් ම අනතුරුදායක මුල්‍ය පද්ධති 9න් 4ක් ම පිහිටා ඇත්තේ ආසියා පැසිෆික් කලාපයේ ය. වාර්තාව අනුව, Fitch විසින් වටිනාකම් නියම කරන ලද නැගී එන රවල් අතරින් මූලික ශේෂයේ හෙවත් ජංගම ගිනුමට ශුද්ධ ඍජු විදේශ ආයෝජන එකතුවෙහි අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකාව හා ඉන්දියාව විසින් පමණි.
විශ්ලේෂකයන් පවසන පරිදි ලංකාවේ අධික අනතුරුදායකකමට ප්‍රධාන හේතුව අධික වෙළඳ ශේෂයයි. ලංකාව ආනයන සඳහා US ඩොලර් බිලියන 16ක් වැය කරන අතර අපනයන ආදායම එයින් භාගයකි. ඍජු විදේශ ආයෝජන මේ වසරේදී ඩොලර් බිලියන 1ක් වූ බව ජනාධිපතිවරයා අයවැය විවාදය අවසාන කතාව පවත්වමින් පැවසී ය.
එහෙත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් රුපියල කෘත්‍රිමව ඉහළ අගයක තබා ගැනීම සඳහාද එපමණම මුදලක් වැය කළ බවයි. මහ බැංකුව ඊට අමතරව පොළී අනුපාතික ද කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගනියි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන පරිදි, එක් ප්‍රශ්නයක් වන්නේ ජංගම ගිණුමත්, ප්‍රාග්ධන හා මුල්‍ය ගිණුමත් නිසියාකාරව නොපැවතීමයි. නිදසුනක් ලෙස ජංගම ගිණුමේ පුධාන දායකයා වන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්ය. එහෙත් විය යුත්තේ අපනයන ආදායම වැඩිකර ගැනීමයි. ප්‍රාග්ධන හා මුල්‍ය ගිණුමේද ප්‍රධාන දායකයා වන්නේ රාජ්‍ය ණයයි, විය යුත්තේ ඍජු විදේශ ආයෝජනයි.
මහාචාර්ය අබේරත්න පවසන පරිදි, ලංකාව වැනි කුඩා රටවල වර්ධනය සිදු විය යුත්තේ අපනයනවලිනි. එහෙත් පසුගිය පස් වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශීඝ්‍රයෙන් පහත වැටිණි. එය මූලික ආර්ථික සංකල්පවලට පටහැණි කාරණයකි. මෙවන් පසුබිමක් තුළ වර්ධනය පැමිණෙන්නේ කොහෙන්ද යන්න පුදුමයට කාරණයක් බව හේ පවසයි.
මේ සම්බන්දයෙන් Fitch Ratings වෙබ් අඩවියේ 24 Oct 2013 පළවී ඇති ලිපිය: http://www.fitchratings.com/creditdesk/press_releases/detail.cfm?pr_id=805953
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රෝඩාව ගැන Fitch Rating හෙළිදරව්ව

Last edited: