හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

    ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා..
    එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්....

    ටිකක් අවුල් වගේද?
    නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...
    ​
    වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති.


    “ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.​
    වෙනදා වගේ තොරතුරු, ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්ම තමා...​
    සාමාන්‍යයෙන් හැදි ගැරුප්පු භාවිතයේ පිලිගත් ක්‍රම දෙකකි. එනම් American හා Continental (European) ක්‍රමයයි. මෙහිදී ගෝලීයකරණය සමඟ බොහෝම දෙනා Continental (European) හුරුවී ඇත.

    ​
    මෙම ක්‍රම දෙකේදී පටන් ගන්නා ක්‍රමය වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගැනීමයි.​
    එය එසේ වුවත් භාවිතා කරන ක්‍රමයේදී වෙනසක් ඇත.

    001_zpsf4dbc0cd.jpg

    002_zps93b0aa34.jpg


    ඇමරිකානු ක්‍රමය American Style

    ​
    Zig- Zag Style ලෙසද මෙය හදුන්වයි.වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන පිහිය පිගානේ ඉහල
    කෙලවර තබා වමතේ ඇති ගෑරුප්පුව දකුණතට මාරු කරගෙන අනුභව කිරීම මෙහි ප්‍රධානම වෙනසයි.(දකුනතින් ගැරුප්පුවෙන් කෑම)


    අනිත් ප්‍රධානම වෙනස්කම ලෙස දැක්විය හැක්කේ “විවේක ගන්නා ආකාරයේදී උපකරන තබන අයුරුත්, අවසාන වු බව හැගවීමේදී ගෑරුප්පු දැති ඉහලට සිටින සේ දැක්වීමත් වේ.“

    019_zps5eecbe9c.jpg
    යුරෝපීය ක්‍රමය - Continental (European) Style

    ​
    ඇමරිකානු ක්‍රමය මෙන්ම වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන වමත ඇති ගැරූප්පුවෙන්ම අනුභව කිරීමත් එම අවස්ථාවේ දකුණතේ පිහිය එලෙසම තබා ගැනීමත් කරනු ලබයි.
    (වමතට ගැරුප්පුව මාරු නොකරන අතර පිහිය එලෙසම තබා ගනී.)​
    තාවකාලික විවේකයකදී ගැරුප්පුවේ තුඩු ඉහලට සිටින සේ උපකරණ සකසන අතර අවසාන වු විට දී තුඩු පහලට තිබෙන සේ සකසයි.​

    020_zps1201ee74.jpg
    ඔබ යම් අයකුට කෑම වේලකට ආරාධනවක් කරනවානම්, ඔබ වේලාසනම එම ස්ථානයේ සිටිය යුතු අතරම පැමිණෙන අයගේ නිලය, තනතුර,වැදගත්කම අනුව ආසන පැනවීම පිලිබඳව කලින් සිතාගෙන සිටිය යුතුවේ.​

    022_zps137f6978.jpg


    හැදි,ගෑරුප්පු පිරුණු මේසයක ඔබ වාඩිවු විට බලපාන ප්‍රධාන ගැටලුවක් වන්නේ “මොනවද මගේ ටික??“ යන්නයි. ඔබ වාඩිවු විට ඔබේ වම් අත පැත්තේ ඉහලින්ම පාන් පිඟාන හා බටර් පිහිය ඇත. විදුරු ඔබේ දකුණු පසින් ඇත.


    007_zpsc60da88c.jpg

    ​

    එය මතක තබා ගැනීමට පහසු ක්‍රමයක් දක්වා ඇත. එනම් B M W ලෙසයි. කාර් එක නම් නෙවේ..
    (වමත) B –Bread -------
    M – Main Course (මැද) ----------
    W – Water (දකුණත) ලෙසයි.

    008_zps79c30b07.jpg


    023_zpse42e1fc6.jpg

    ​

    ආහාර අනුභවයට පෙර අත්පිස්නාව උකුල මත එලා ගැනීමට මතක තබා ගන්න.

    004_zps39605c69.jpg
    ඔබ තාවකාලිකව මේසය හැර යනවානම් අත්පිස්නාව ඔබ වාඩිවු පුටුව මත තබා යන්න. එමගින් ඔබ නැවත පැමිණෙන බව වේටර්වරයා අවබෝධ කර ගන්නවා ඇති.

    005_zpsf8422f25.jpg

    එය ඔබේ කට වට පමණක් පිසි දැමීමට භාවිතා කරන්න, නාසය,මුහුන පිසි දැමීමට භාවිතා නොකරන්න.

    003_zps3de21859.jpg


    ​
    ඔබ කෑම වේල අවසන් කල පසුව එය සරලව නවා ඔබේ මේසයේ දකුණු පසින් තබන්න.

    006_zps628a2fa1.jpg
    ව්‍යාපාරික ප්‍රිය සම්භාෂණයන් හි දී යොදා ගන්නා ආහාර වේල
    Four Course – Semi formal ලෙස හදුන්වයි. එනම් පළමුව සුප්, දෙවනුව සැලඩ්, ප්‍රධාන කෑම වේල තෙවනුවද, අවසානයේ අතුරුපස ලෙසයි.

    009_zps434807ad.jpg

    එහිදි සැලඩ් කන හැන්ද වමත පැත්තේ ප්‍රධාන පිගාන ලඟම ඇත්තේ නම් එයින් වටහා දෙන්නේ ප්‍රධාන ආහාරයට පෙර සැලඩ් එක ලබා දෙන බවයි.

    ​
    සමහර ප්‍රධාන උත්සව අවස්ථවන්හී ආහාර වේල Five Course වේ. එහීදි මුලින්ම Seafood Cocktail, දෙවනුව සුප්, මාලු සැලඩ්, ප්‍රධාන කෑම වේල, අතුරුපස යන පිළිවෙල ගනී.​
    ප්‍රිය සම්භාෂනයන් හි තැටියක හෝ භාජනයක තබා ඇති කුඩා ප්‍රමාණයේ පාන් ඔබත් දැක ඇති. එය කෑම වේලට පෙර අනුභවය සිරිතයි.​
    ඔබ ළගම පාන් භාජනය ඇත්නම් ඔබ එය ඔබේ වමත සිටින පුද්ගලයාට මුලින්ම පිලිගන්වයි.ඉන්පසුව ඔබගේ දකුණු අත සිටින පුද්ගලයා හරහා පිලිවෙලින් අතින් අත දකුණු පැත්තට යවනු ලබයි.

    011_zpsda3c1aa7.jpg

    ලබා ගත් පාන් - පාන් පිඟාන මත තබා ගෙන බටර් ආලේප කර ගනු ලබයි.​
    ගම්මිරිස් හා ලුණු ඔබ කිසිවෙකුට ලබා දෙනවානම් දෙකම එකවිට ලබා දෙන අතර තනි තනිව ලබා නොදේ.
    024_zps3c232277.jpg


    ​
    ඔබ ආහාර පිලිගන්වන්නේ නම් පිලිගැන්වීම වමතින්ද, අවසන් වු පිගාන දකුණු පසින්ද රැගෙන යා යුතුය.​

    013_zps5ae4a4ae.jpg


    ​
    සුප් බීමේදී හැකිතාක් සුප් භාජනය ඔබේ ශරීරයට ඈතින් තබා ගන්න. ඔබ බෙදාගන්න ලද සුප් කෝප්පය අතර මග දමා යනවානම් හැන්ද එම භාජනයේම තැබීමටත්, සුප් බී අවසන් බව පැවසීමට හැන්ද සුප් භාජනය තබා ඇති පිගානේ දකුණ පස තබන්න.​
    014_zps72769bc5.jpg

    ​
    ඔබ ගන්නා ලද අතුරුපස ඝණ හා දියර සහිත නම් වමතින් ගෑරුප්පුවද, දකුණතින් හැන්දද භාවිතා කරනු ලබයි.

    016_zpse6efc3d7.jpg


    ඝන දෙවල් නම් ගෑරුප්පුවද, දියර ජාති සඳහා හැන්ද ද වෙන වෙනම භාවිතා කල හැකිය. එය අවසාව බව හැගවීමට හැන්ද හා ගැරූප්පුව පිගානේ කෙලින් අතට තබන්න.

    ​
    ආහාර අනුභව කරන අතරේ නොකල යුතු දෑ පහලින් බලන්න...​
    018_zpse1802adc.jpg


    017_zps3a1d0119.jpg


    010_zps431cd74b.jpg


    ​
    දැන් බලන කොට නම් අතින්ම අනාගෙන කන එක හොදයි වගේ.... ඒ වුනත් මේ ගැන දැන ගෙන ඉන්න එකත් හොදයි නේ...!

    ​
    මේ ගැන ඔබ දන්න “ චාමිකයත් නොදන්න“ දේ ,අඩුපාඩු තියෙනවනම් හැමෝටම දැනගන්න අදහසක් දාලාම යන්න...

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]
    [/FONT]
    ​
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    40
    de_dust 2
    meke Sri lankan style ekata mokuth nane....mee okkoma padam karan yanna oneda ban kanna yaddi? ita hodai ban koththuwak kala gedara enawa..meka A/L liyanawa wage wadak ne..
     
    • Like
    Reactions: stasia