ම‍ගෙ‍ අප්පච්චි...

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ම‍ගෙ‍ අප්පච්චි...

    ම‍ම‍ චූ‍ටි‍කා‍ලෙ‍ ඉ‍ස්කෝ‍ලෙ‍ ය‍න්‍න‍ ක‍ලි‍න්‍ හැ‍ම‍දා‍ම‍
    රු‍පි‍ය‍ල්‍ දෙ‍කක්‍ ම‍ගෙ‍ සා‍ක්‍කු‍ව‍ට‍ දා‍පු‍,
    ම‍හා‍ ලො‍කු‍ව‍ට‍ පො‍ත‍ ප‍ත‍ ඉ‍ගෙ‍න‍ නො‍ග‍ත්‍ත‍ත්‍
    මට‍ ජී‍වි‍තේ‍ උ‍ග‍න්‍න‍න්‍න‍ ම‍හා‍ වෙ‍හෙ‍ස‍ක්‍ ද‍ර‍පු‍,
    ම‍හා‍ ලො‍කු‍ දෙ‍ය‍ක්‍ නො‍තේ‍රු‍න‍ත්‍
    ගො‍ඩ‍යෙ‍ක්‍ නො‍වී‍ ගැ‍මි‍යෙ‍ක්‍ වෙ‍න්‍න‍ ම‍ට‍ උ‍ග‍න්‍න‍පු‍,
    ම‍ම‍ ලෙ‍ඩ‍වෙ‍ලා‍ උ‍න්දැ‍ට‍ ක‍ර‍ කි‍යා‍ග‍න්‍නම‍ දෙ‍ය‍ක්‍ නැ‍ති‍ තැ‍න‍ට‍ වැ‍ටු‍න‍ම‍
    හෙ‍මි‍හි‍ට‍ අ‍යි‍න‍ක‍ට‍ ගි‍හි‍න්‍ කා‍ට‍ව‍ත්‍ නො‍පෙ‍නෙ‍න්‍න‍ ක‍ඳු‍ල‍ක්‍ ව‍ට්‍ට‍පු‍,
    ම‍ම‍ නි‍දා‍ගෙ‍න‍ ඉ‍ද්‍දි‍ අ‍ද‍ට‍ත්‍ ම‍ගෙ‍ ඔ‍ලු‍ව‍ අ‍ත‍ගා‍ල‍ ගි‍යා‍ට‍
    ක‍ව‍දා‍ව‍ත්‍ කා‍ට‍ව‍ත්‍ පේ‍න්‍න‍ ම‍ගෙ‍ ඔ‍ලු‍ව‍ අ‍ත‍ නො‍ගා‍පු‍,
    අ‍කු‍රු‍ කී‍ය‍ක්‍ අ‍මු‍න‍ලා‍ ව‍ච‍න‍ කී‍ය‍කි‍න්‍ ලි‍ව්‍ව‍ත්‍
    ගු‍ණ‍ ලි‍ය‍ල‍ ඉ‍ව‍ර‍ ක‍ර‍න්‍න‍ බැ‍රි‍ ත‍ර‍ම්‍ වු‍න‍,
    දා‍හ‍ක්‍ වැ‍ර‍දි‍ ති‍බු‍ණ‍ත්‍ ප‍ස්‍තැ‍න‍ම‍ බි‍ම‍ ගා‍ව‍ල‍
    හි‍රි‍කි‍ත‍ය‍ක්‍ නැ‍තු‍ව‍ ම‍ම‍ ව‍ඳි‍න ම‍නු‍ස්‍ස‍ ර‍ත්‍න‍ය‍,
    ම‍ගෙ‍ අප්පච්චි...



    අපේ අ‍ප්‍ප‍ච්චි ගැන ආදරණිය ලස්සනම ලස්සන සිංදුවක් ...





    අන්දර යායේ - වැව් තාවල්ලේ
    සක්මන්කරනා අප්පච්චි
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චි...

    වළාකුලේ දාබිඳු තවරා
    මහපොළවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම, කඳුමුදුනේ හිද
    පුතු සෙනෙහේ කඳුලැලි සලනා

    තුරුහිස මුදුනේ මල් පළදා
    කැකුළු මුවට පළවැල නෙළුවා
    ඒ දඩුමං බැද සත්කුළුපව් බිද
    සිදාදියට එන මං තැනුවා


    තව මේ වගේ අප්පච්චි ගැන ලස්සන සිංදු තියෙනම් දාන්න...
    මෙන්න මගේ ගානේ තව






    මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ....මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ.....පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ........අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ.......!!!!!!

    NFlirty_zps79f873da.gif
    NFlowers_zpsab8bfba5.gif
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇස් වලට කඳුලු ආවා මල්ලියා.thanks.මගේ තාත්තා ඇතුලු ලෝකේ හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්...

    පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
    දූදරුවන් හිනැහී ඇතිදෝ....
    උන්ගේ සිත තුල තනිය මකන්නට
    මවුනට කවදා හැකිවේදෝ...

    හිරු එලියක්සේ කිරන බෙදාදී...
    නුග සෙවනක් සේ සිසිල සදාදී...
    ජීවිතයේ බර උරින් දරා....
    පියවරුමයි ලොව මහසයුරක් වී පොලොව නිවාලන්නේ...

    මෙත් මුදිතා ගුණ සිතින් දරා...
    පෙරුම්පුරා එන සසර පුරා....
    අම්මාවරුමයි බුදුවන්නේ...
    පියවරුමයි ලොව බුදුවන මවුනට ඒ විවරණ දෙන්නේ....
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    තාත්තා කියන්නේ ඉපදුන දවසේ ඉඳලා අදටත් මගේ ජීවිතේ ලොකුම ශක්තිය :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පණමට හරවා
    අපේ කුසේ ගිණි නිවලා නුඹ කුසගින්නේ
    ඉඳ හිනැහෙන්නේ අපේ අප්පච්චී
    නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී

    අපා දෙපා සිව්පාවුන් ගෙන එන වින වළකන්නට
    සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී
    මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී

    ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ
    හිත හයියට තලවැල් පොට වරපොට වෙච්චී
    විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී

    ක්‍රිශාන්ත එරන්දක

    >>>>>>>>>>>>>>>>>>>

    නිල් අහස පුරා උණුසුම සදනා
    සැමදා මගේ තාත්තා
    සෙනෙහස වපුරා මහමෙර උතුරා
    සැමදා මගේ තාත්තා
    සිහිනයෙ සැබෑව මට පහදා
    සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා
    නිදි නැති කප්දුර බෝ සේ ගෙවුනා
    ඔබ හින්දා මන් ලෝකය දිණුවා

    සිනහව කැන්දා කඳුළැල් සඟවා
    නුඹ උන්නා මගේ තාත්තා
    දෙවිවරු පරදා නුඹ මට සැනසුම
    සැදුවා මගේ තාත්තා

    නෙතු වෙහෙසා මඟ බලමින් උන්නා
    මා දිනු ලෝකය දෝතට රන්දා
    දෙපා මුලින් තබන්න හිතුවා
    ආයෙත් නොඑන්න නුඹ දුර ඇඳුනා
    කොහිදෝ නුඹ ඈතක ඇඳුනා
    ඇඳුනා මගේ තාත්තා
    සැනසී ඉන්න මා දැන් දිනුවා
    දිනුවා මගේ තාත්තා

    රොමේෂ් - ලක්ෂාන්

    >>>>>>>>>>>>>>>>>>>

    මං පොඩි කාලේ කල නොමනාකම්
    දැක තරවටු කල අප්පච්චී
    වේවැල් පාරට පෑරුනු හදවත
    බිඳුනා සෙනෙහස අප්පච්චී

    මා තුරුළට ගෙන නැළැවිලි ගීයක්
    ගැයුවේ නෑ අපෙ අප්පච්චී
    නින්දට ගිය පසු මා තුරුළට ගෙන
    සිපගත්තා දෝ අප්පච්චී

    හිරු කිරණක් සේ ඔබෙ තේජස දැක
    වැරදි කලේ නෑ අප්පච්චී
    ඔබගේ සෙනෙහස දැනුණේ මට අද
    මමත් පියෙකි අද අප්පච්චී

    රොශාන් ප්‍රනාන්දු

    >>>>>>>>>>>>>>>>>>>

    සියක් උල්පත් මවා
    දී නිසලවම හිඳිනා
    නමක් නැති මහ කන්ඳ නුඹ
    අප්පච්චියේ.......

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනනා තරමින් සිනාසී
    නිසලවම හිඳිනා.. අප්පච්චියේ..

    මෙහෙවරට ආවයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සඟවා
    අකම්පිත වත පා.. අප්පච්චියේ..

    කසුන් කල්හාර

    >>>>>>>>>>>>>>>>>>>

    පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
    දූ දරුවන් හිනැහී ඇතිදෝ
    උන්ගේ සිත රැඳි තනිය මකන්නට
    මවුනට කවදා හැකිවේ දෝ

    හිරු මඬලක් සේ කිරණ බෙදා දී
    නුඟ සෙවනක් සේ සිසිල සදා දී
    ජීවිතයේ බර උරින් දරා
    පියවරුමයි ලොව මහ සයුරක් වී
    පොළොව නිවාලන්නේ

    මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
    පෙරුම් පුරා එන සසර පුරා
    අම්මාවරුමත් බුදු වන්නේ
    පියවරුමයි ලොව බුදුවන මවුනට
    ඒ විවරණ දෙන්නේ

    දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    >>>>>>>>>>>>>>>>>>>

    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ළඟ තනි වී
    රහසේ සැලෙනා කඳුළැලි තවරා
    සිහිකරමී මගෙ පියාණනී

    බාල වියේ ඔබ තුරුලේ
    නැළැවී සෙනෙහස් ඔරුවේ
    සිතුවිලි අතරේ මා තනිකෙරුවේ
    නැවත නොඑන්නට ගිය ගමනේ

    කැඩපත හමුවේ හිඳිමී
    නිරතුරු ඔබෙ රුව දකිමී
    කලා ලොවේ දොර අභියස සිටිමින්
    නුඹ සිටියා නම් සතුට දැනේ

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    >>>>>>>>>>>>>>>>>>>

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

    මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ?

    ටී.ඇම් ජයරත්න

    >>>>>>>>>>>>>>>>>>>

    පියාණනී මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සන්සාරේ
    ඔබේම පුතු වේවා

    ශිල්ප සතර දී සිහසුන හිඳුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා
    ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
    නැහැ ඔබවන් පියවරු හමුවන්නේ

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහි වී තනිවුණු මොහොතේ
    ඔබේ පැල නැත දොරඟුලු ලන්නේ
    ඔබේ සෙනෙහෙ ගඟ නැත මියැදෙන්නේ

    අබේවර්ධන බාලසූරිය

    >>>>>>>>>>>>>>>>>>>

    මහළුමඬමෙ කාන්සියට මමත් වුණා හුරු
    පපුව ඇවිලුණා තිස්සෙම පුතා ගැන සිතූ
    ටික දවසයි මමත් ඉන්නෙ හුස්ම යන තුරූ
    ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතූ

    අම්මා නැතිවුණත් නුඹට නැහැ අඩුවක් කලේ
    පුංචි කාලෙ නුඹව හැදුවෙ මහමෙරක් වගේ
    දිනෙන් දිනම ඉහළ ගිහින් වැඩි වුණාම අගේ
    හිතුවේ මම දිණුවා කියලා රත්තරන් පුතේ

    නුඹගෙ මනාපයට විවාහයක් සිදු වුණා
    එතැන් පටන් නුඹලා මට වෙනස්කම් කලා
    නුඹ හදන්න මා වින්ඳේ දුක් කඳුළු ඉමා
    දියණි කෙනෙක් හිටියා නම් සලකාවි එයා

    චාමර වීරසිංහ

    >>>>>>>>>>>>>>>>>>>

    පුතුනේ නුඹට තැලුවෙ නුඹ හදන්නට
    හිතුනේ ඇයි ගෙදිරින් පැන හිදින්නට
    රිදුනේ නුඹට නොවෙයි මටමයි විඳගන්න
    පුතුනේ ගෙදර එනවද දොර වහන්නට

    තැලුවා තමයි මට ආ සුළු කේන්තියෙන්
    හැඬුවා මමත් නුඹ නැති මේ කාන්සියෙන්
    දිව්රා කියයි අම්මා බැලු සාස්තරෙන්
    පුතුනා ඉන්නවලු තවමත් හරි කේන්තියෙන්

    මමනේ තැලුවේ මම වැරදියි සිතනවා නම්
    එන්නේ නැත්තේ මා හන්දයි කියනවා නම්
    පිටවී යන්න මට පුළුවන් ඕනා තරම්
    පුතුනේ අනේ නුඹ ආපහු ගෙදර එනවා නම්

    චාමර වීරසිංහ

    >>>>>>>>>>>>>>>>>>>

    තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
    කොළොම්පුරේ නුඹේ ගෙදර පහළ කාමරේ
    මාව තියාගන්න බැරිද රත්තරං පුතේ

    ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහො කල්
    එහෙ ඉන්නා හැමදෙනාට මාව ලොකු බරක්
    මැරෙන්න මොහොතකට කලින් නුඹේ ළඟ ටිකක්
    තියාගන්න පුළුවන් නම් පුතේ ලොකු පිණක්

    අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
    මං කැව්වම විතරයි පුතු කෑවෙ බත් ටික
    සාංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
    ගමට එන්න පුතාගෙ සුදු මූණ බලන්න

    චාමර වීරසිංහ

    >>>>>>>>>>>>>>>>>>>

    බත් කට කට මගේ පුතේ නුඹට කැව්ව ලස්සන
    මතක් වෙනවා අකුර අකුර කියලා දුන්න ලස්සන
    මහපාරට වැටෙන්න මට ගැහුවත් ඔබෙ අත්සන
    මහලු මඩම් ඇත පුතුනේ අපි වෙනුවෙන් ඉඳිවුන

    විස්කිරිඤ්ඤා, කහට එකේ පොඟවාගෙන කනකොට
    ගල් මෝලේ මහ කළුගල් කරේ තියන් යනකොට
    දුකක් හිතුනෙ නැහැ පුතුනේ නුඹත් යනවා ඉහළට
    දුක කියන්නෙ කොහොමද මම අම්මත් නැති දරුවට

    වංශය ගැන අංශකයක්වත් නොදන්න අපි වගේ
    පරම්පරා වරෙන්තු වුණ කොයි තරමක් ඇති රටේ
    නුඹ ඉඟිලුණෙ කිරිල්ලියක් අරගෙන නොම්මර එකේ
    ඒ හින්දයි තාත්තාට උන්නු තැනත් නැති වුණේ

    අජිත් මුතුකුමාරණ (බස් අජිත්)

    >>>>>>>>>>>>>>>>>>>

    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    ඕන දුකක් ඉහිළිය හැකි මහළු ජීවිතේ
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

    කුසගින්නට රසමසවුළු ලැබුණක් මොකටද
    මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
    මහළුමඩම දඟ ගෙයක්ය දඟගෙයි ලෑමට
    ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද

    පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට
    හිත දුවලා වැඳලා එයි මම හැඳු පිළිමෙට
    මගේ පුතේ මතු බුදුවෙයි එකක් කලොත් හෙට
    නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කො මට

    අසංක ප්‍රියමන්ත පීරිස්

    >>>>>>>>>>>>>>>>>>>

    බුදුබව අත්වෙයි මගේ පුතාට
    මම වැඳලා කියන්නම් පව් නෑ නුඹට
    කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න
    මං මැරුණු දාට එපා පුතේ බුදු ගේ නම් පාලු කරන්න

    ඉස්කෝලෙන් කට්ටි පැනලා කැලෑ පැන්නට
    දුම්වැටියයි මත් වතුරයි යාලු වුණාට
    නුඹේ තාත්තත් අමතක වුණත් පුතාට
    අමතක කරන්නෙපා අති උත්තම බුදු දහම

    සල්ලි මුදල් දුන්නත් මහ සිටුවරු නුඹට
    බුදු දහමට පිටුපාලා නුඹ ගිය දාට
    වැහි නැති හෙන පාත් වේවි මගෙ මිණි වලට
    නුඹ වැනි පාප පුතෙක් ලෝකෙට බිහි කෙරුවාට

    අසංක ප්‍රියමන්ත පීරිස්

    >>>>>>>>>>>>>>>>>>>

    උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ
    තාත්තා එනකල් මගෙ නෙතු ක්ෂිතිජ ඉමේ
    රජෙක් කරනවයි කීවත් මගෙ අනාගතේ
    ගියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ

    මගේ අම්මා මාව බඳන් අඬන තරමට
    තාත්තා නැති අඬුපාඩුව දැනෙයි සදහට
    මුහුද දිහා බලන් අම්මා අඬන තරමට
    මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට

    කුසගින්නට කඳුළු සලන සෝබර මුහුද
    මගේ පියා අරන් ගියා හුඟක් දුරකට
    කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට
    රජෙක් වෙන්න බෑ තාත්තෙ එන්න විඟහට

    ඉෂාන් ගමගේ (New Melody)

    >>>>>>>>>>>>>>>>>>>

    ජැන්ඩිපහට නොඇන්දාට ගෙදර චන්ඩිකම් කලාට
    මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයිතාත්තේ
    පැණි ඩිංගක් තොල ගෑවට කඬමන්ඩියෙ ඇලවුණාට
    මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ

    උදේ රැයින් පිටවුණාම හැන්දෑවට නුඹ නාවම
    මොකද මන්දා මේ හැටි හරියට දුක එනවා
    අතින් කටින් බඩු අරගෙන ගෙයි පඩියට නුඹ එනකොට
    මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා

    හරි සතුටුයි මට නුඹ ගැන මගෙ අතපය දැඩි කරගෙන
    ඒත් මදිද හීනෙන් මං ගැන දොඩවන්නේ
    තාමත් සලකන්න බැරිව නුඹ දුක්විදිනවා බල බල
    කඳුළුත් නෑ මැරෙන්නමයි මට හිත් දෙන්නේ

    චාමර රණවක (මාරිම්බා චාමර)

    >>>>>>>>>>>>>>>>>>>

    සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
    දහඬිය හෙලා මහ සාඟරය වගේ
    ඔවදන් දෙවා අඟනා මුතු මැණික් වගේ
    ඇති දැඩි කලා අප සමණල පැටව් වගේ

    අකණ්ඩියේ පොඩි කාලේ පොඩිකමට
    කල වරදකටවත් තැළුවේ නැත අපට
    සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
    පියෙකුගෙ කඳුළු මුතුකැට වුණි දරුකමට

    පියවරු සිටින දරුවන් හට තනි නැතුවා.. තනි නැතුවා
    මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා.. තනි නැතුවා
    මව්පියවරුන් ඉර හද මෙන් ළඟ හිඳුවා
    දරුවන් පාන හසරැලි අපහට නැතුවා

    මාලනී බුලත්සිංහල

    >>>>>>>>>>>>>>>>>>>

    තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
    ඒ ඇරපු සත්තං වලට කන් දෙක මගෙ පිරුණා
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

    ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත පත විසි කරලා
    කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
    අහුවුනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
    දුන්නෙ නැද්ද කණ පැලෙන්න කේන්තියෙන් බැනලා

    සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා
    පුරුදු පුහුණු කෙරුවෙ දරුණු නීති රීති දමලා
    අතපසුකම් වුණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා
    කෑගැසු හැටි මතකයි මට තරහෙන් ඔරවාලා

    කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා
    පේනවා ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
    කොයි ලෝකෙක හිටියත් ඔබ අප සැමගෙන් මිදිලා
    තාත්තෙ ඔබෙ පිහිට අදත් තියේ අපිට ලැබිලා

    සුනිල් පෙරේරා (ජිප්සිස්)

    >>>>>>>>>>>>>>>>>>>

    කිසි වෙහෙසක් නොබලා දිව රෑ දුක් විඳලා
    දැඩිකර දිවුණ අපෙ පතා
    වෙලාවට කෑම නොකා කුසගින්නත් නොතකා
    විදි දුක සැපක් යැයි සිතා
    ලෙඩදුක් පැමිණි කලේ වෙහෙසා ඔහුගෙ මොලේ
    බෙහෙත් හේත් අරගෙන දුන්නා
    ලග හිට සියලු වෙලේ ගැන දරුවන්ගෙ පලේ
    පණ සේ අප රැක උන්නා

    වීරියෙන් සොයා අප රක්ෂා කල පියා
    අත්මුදුන් තියා වදිනෙමු ගුණය කිය කියා

    දාඩිය මුගුරු හෙලා නිතරම වෙහෙස වෙලා
    අපෙ යහමග ඔහු සැලසෙව්වා
    පොත් පත් ගෙනදීලා අපෙ ඇස් පාදාලා
    හැසිරෙන විදියද කිව්වා
    අපට කන්න බොන්න ඇතී නමුත් ඊට නැහැ කැමතී
    කැම සොයා අපට කවන්නේ
    තියෙන දේ ඔහු අඳිතී පරණ ඇඳුම් ඔහු අදිතී
    ඒවා බලා ඔහු සැනසෙන්නේ

    වීරියෙන් සොයා අප රක්ෂා කල පියා
    අත්මුදුන් තියා වදිනෙමු ගුණය කිය කියා

    දෙමව්පියෝ ඔබගේ ගෙයි ඉටු දෙවියො වගේ
    මහළු මව්පියො රැකගන්න
    හිතට ගෙන බස් මාගේ පිහිට ලැබී උතුමන්ගේ
    එයම පමණි දෙලොව රැකෙන්න

    වොලී බැස්ටියන්
     
    Last edited: