Bitcoin අන්තර්ජාලයෙන් මුදල් ගනුදෙනු කරන අලුත් &#348

dishanwis

Well-known member
  • Bitcoin අන්තර්ජාලයෙන් මුදල් ගනුදෙනු කරන අලුත් &#348

    මුදල් වලට නව අර්ථයක් ගෙනෙන බිට්කොයින්

    Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 1, 2013

    බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි. ලොව කිසිම ආණ්ඩුවක පාලනයක් යටතට එය අයත් නැත. අන්තර්ජාලයේ පවතින, එක අයෙකුගේ ගිණුමකින් අඩුකර අනෙක් අයෙකුගේ ගිණුමට එකතු කරන බිට්කොයින් ගණුදෙනු ලොව සම්පූර්ණයෙන් විමධ්‍යගතව සටහන් තැබෙන පද්ධතියක පවතින්නකි.

    අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන අයට වීසා, මාස්ටර් කාඩ් හෝ පේපෑල් යනාදී අතරමැදියෙක් අවශ්‍ය වූ කාලය අවසන් කරමින් බිට්කොයින් කෙළින්ම එකිනෙකා සමඟ ගණුදෙනු කරන හැකියාව ලබා දී ඇත. ව්‍යාජ නාම වලින් අන්තර්ජාලයෙන් අනෙකා කවුදැයි නොදැන ගණුදෙනු කරන්නට මින් හැකියාව ලැබෙයි. ඒ නිසාම බදු වලින් ගැලවෙන්නට, කළු සල්ලි ජාවාරමට, හොර බඩු විකිණීමට හා අපරාධ කල්ලි වල පැවැත්මට ද මින් හැකියාවක් ලැබෙයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විනිසුරුවෙක් වන ඇමොස් මාසන්ට් දැනටමත් එය නීත්‍යානුකූල මුදල් වර්ගයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ජර්මනියේ මුදල් අමාත්‍යාංශය ද බිට්කොයින් පුද්ගලික මුදල් වර්ගයක් යැයි පිළිගති. නවතන්නට නොහැකි වූවක් රෙගුලාසිකරණයට පිවිසෙන ලෝක ආණ්ඩු දැන් බිට්කොයින් ආදායම් වලින් බදු කපා ගන්නේ කෙසේදැයි සොයමින් සිටිති.

    බිට්කොයින් නිර්මාතෘ ලෙසින් සැලකෙන්නේ සතොෂි නකාමොටෝ (Satoshi Nakamoto) නමින් 2008 අග දී පෙනී සිටිය අයෙකි. එහෙත් ඔහු ගැන සොයාගන්නට හැකි වූ විස්තර වලින් හා ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම අනුව ඔහු ජපානයේ වාසය කරන හෝ ජපන් අයෙක් යැයි සිතිය නොහැකි බව කියැවේ.

    බිට්කොයින් සඳහා සතොෂි කළ දැවැන්ත මෙහෙය වූයේ වගකීමක් ගන්නා ඒකීය පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් හෝ රෙගුලාසිකරණයේ යෙදෙන පුද්ගල පිරිසක් නොමැතිව එකම මුදලක් නැවත නැවත වැය කිරීමට හැකියාව අහෝසියයි. අච්චු ගැසූ මුදල් කොළයක් හෝ හදන ලද කාසියක් නොව බිට්කොයින් යනු අන්තර්ජාලයේ වොලට් එකක පවතින මුදලකි. එහි දී සතෝෂි විසඳුවේ අයෙක් තව අයෙකුට ගෙව්වා කියූ මුදලෙන් වෙනත් අයෙකුට ද ගෙවිය හැකියාව (double spending) තුන්වැනි වගකීමක් ගන්නා පක්ෂයක් නොමැතිව නැති කරන්නේ කෙසේදැයි මේ අය ඉදිරියේ වූ ගැටළුවයි.

    සතොෂි ඉදිරිපත් කළ open-source සොෆ්ට්වෙයාර් පද්ධතිය ඕනෑම අයෙකුට විවෘත කර නිරීක්ෂණය කළ හැකි වූවකි. සතොෂි එය ඉදිරිපත් කිරීමත් සමඟින් සිය ගණනින් ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ ක්‍රිප්ටොග්‍රැෆර්ස්ලා (cryptographers) එහි කෝඩ් කියවා තවත් දියුණු කරන්නට සහාය දුන්හ. අද පවතින්නේ සතොෂි ලියුවාට වඩා ඉතා ප්‍රථුල ලෙසින් වැඩි දියුණු වූ පද්ධතියකි.

    මුලින්ම ඔවුන් ඉදිරිපත් කළේ රන් රිදී ප්ලැටිනම් හාරනවා වැනි සංකල්පයකින් බිහි වූ මුදල් කනින අවස්ථාවක් ගණිත ගැටළු විසඳන්නට දක්ෂ අයට ලබාදීමයි. එන්න එන්න දුෂ්කර වෙන ආකාරයකින් හැදෙන ගැටළු විසඳීමෙන් බිට්කොයින් අයිතියට අවස්ථාව ලැබේ. ටෙනසි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියක වැඩියෙන්ම මුදල් කනින්නට සමත් වෙන පනස්දාහ ගැන ලැයිස්තුවක් යාවත්කාලීන වෙයි.

    ගණිත ගැටළු විසඳන්නට නොදන්නා අයට ඊට හපනුන් සතු බිට්කොයින්, වෙනත් භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ලොව ව්‍යවාහර වෙනත් මුදලක් දී ලබා ගන්නට හැකියි. අන්තර්ජාලයේ බිට්කොයින් විකුණන වෙබ් අඩවියක වොලට් එකක් (ගිණුමක්) ආරම්භ කර, තමන් සපයන භාණ්ඩ හෝ සේවාවකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවා බිට්කොයින් වොලට්ටුවක් පුරවා ගන්නට හැකියි.

    වොලට් එකක් වැඩ කරන හැටි, Demo ගිණුමක්, දැක බලාගන්නට කැමති අයට block chain.info/wallet වලින් වැඩි විස්තර සොයාගත හැකියි. බිට්කොයින් වලින් ගණුදෙනු කරන ලොව ඕනෑම තැනකින් භාණ්ඩ ලබා ගැනීමේ දී තුන්වැනි පාර්ශවයකට ගෙවන කොමිස් නැතිකම මෙහි වැදගත් ලක්ෂණයකි.

    වොලට්ටුවක් විවෘත කරන ඔබට බිට්කොයින් ඇඩ්‍රස් එකක් ලැබෙයි. එය සමඟ පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බිට්කොයින් සොෆ්ට්වෙයාර් එකෙන් නිර්මාණය කරයි. පුද්ගලික අගුල තමන්ගේය. තම වොලට්ටුවේ ඇති මුදල් ප්‍රමාණය දන්නේ තමන් පමණි. මහජන අගුල වෙනත් අයෙකුට යවන මුදල හෝ ලැබෙන මුදල ගැන සටහන් තබන්නයි. එය මහජනතාව දකින්නයි. එහෙත් තමන්ගේ නම, ගම, ලිපිනය හෝ ආදායම කිසිවෙකුට දැනගත හැකියාවක් නැත.

    මෙය open-source software විදියට පැවතීම මත එහි අනගිත්වය ද රඳයි. සීමිත බිට්කොයින් සංඛ්‍යාවක් පමණක් ව්‍යවහාරයේ පවතී. 2140 වසර දක්වා ලෝකයේ කැනිය හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 කි. මෙය හැකර් ප්‍රහාරයන්ට ලක් වූ අවස්ථා තිබුණි. එසේම බිට්කොයින් ගැන ප්‍රවෘත්ති නිසා එහි අගය ඉහළ පහළ යෑම ද දකින්නට ලැබේ.

    ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි.

    බිට්කොයින් ගැන කියන්නට විස්තර මහත් සම්භාරයකි. එහෙත් මේ බ්ලොගය පවත්වාගෙන යන වර්ඩ්ප්‍රෙස් සමඟ බිට්කොයින් වලින් ගණුදෙනු කළ හැකි යැයි කියමින් අද සටහන මෙතැනින් නවතමි.

    http://www.youtube.com/watch?feature=player_embedded&v=Um63OQz3bjo#t=0

    ඒලකිරියෙ දැනට බවිතා කරන අය ඉන්නවා නම් විස්තරක් දාමු
    ඒලකිරි ට බෙදා ගත්තෙ මෙතනින්

    Code:
    arunishapiro.wordpress
     
    • Sad
    • Like
    Reactions: THE-X and BlueBat

    dishanwis

    Well-known member
  • මේකෙ ලංකාවෙ එකෙකුත් ඉන්නවා නේද බං ?

    Chamath Palihapitiya Owns $5 Million In Bitcoins, Wants To Own $10-$15 Million

    http://techcrunch.com/2013/10/29/ch...llion-in-bitcoins-wants-to-own-10-15-million/

    දැන්ම internet online wallat ඒකක් තියෙන ඒක පාඩු නැ ඉස්සරහට ඉන්ටෙර්නෙට් money සර්ථක ගනුදෙනු ක්‍රමයක්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Bitcoin අන්තර්ජාලයෙන් මුදල් ගනුදෙනු කරන අලුත් &#348

    මුදල් වලට නව අර්ථයක් ගෙනෙන බිට්කොයින්

    Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 1, 2013

    බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි. ලොව කිසිම ආණ්ඩුවක පාලනයක් යටතට එය අයත් නැත. අන්තර්ජාලයේ පවතින, එක අයෙකුගේ ගිණුමකින් අඩුකර අනෙක් අයෙකුගේ ගිණුමට එකතු කරන බිට්කොයින් ගණුදෙනු ලොව සම්පූර්ණයෙන් විමධ්‍යගතව සටහන් තැබෙන පද්ධතියක පවතින්නකි.

    අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන අයට වීසා, මාස්ටර් කාඩ් හෝ පේපෑල් යනාදී අතරමැදියෙක් අවශ්‍ය වූ කාලය අවසන් කරමින් බිට්කොයින් කෙළින්ම එකිනෙකා සමඟ ගණුදෙනු කරන හැකියාව ලබා දී ඇත. ව්‍යාජ නාම වලින් අන්තර්ජාලයෙන් අනෙකා කවුදැයි නොදැන ගණුදෙනු කරන්නට මින් හැකියාව ලැබෙයි. ඒ නිසාම බදු වලින් ගැලවෙන්නට, කළු සල්ලි ජාවාරමට, හොර බඩු විකිණීමට හා අපරාධ කල්ලි වල පැවැත්මට ද මින් හැකියාවක් ලැබෙයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විනිසුරුවෙක් වන ඇමොස් මාසන්ට් දැනටමත් එය නීත්‍යානුකූල මුදල් වර්ගයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ජර්මනියේ මුදල් අමාත්‍යාංශය ද බිට්කොයින් පුද්ගලික මුදල් වර්ගයක් යැයි පිළිගති. නවතන්නට නොහැකි වූවක් රෙගුලාසිකරණයට පිවිසෙන ලෝක ආණ්ඩු දැන් බිට්කොයින් ආදායම් වලින් බදු කපා ගන්නේ කෙසේදැයි සොයමින් සිටිති.

    බිට්කොයින් නිර්මාතෘ ලෙසින් සැලකෙන්නේ සතොෂි නකාමොටෝ (Satoshi Nakamoto) නමින් 2008 අග දී පෙනී සිටිය අයෙකි. එහෙත් ඔහු ගැන සොයාගන්නට හැකි වූ විස්තර වලින් හා ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම අනුව ඔහු ජපානයේ වාසය කරන හෝ ජපන් අයෙක් යැයි සිතිය නොහැකි බව කියැවේ.

    බිට්කොයින් සඳහා සතොෂි කළ දැවැන්ත මෙහෙය වූයේ වගකීමක් ගන්නා ඒකීය පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් හෝ රෙගුලාසිකරණයේ යෙදෙන පුද්ගල පිරිසක් නොමැතිව එකම මුදලක් නැවත නැවත වැය කිරීමට හැකියාව අහෝසියයි. අච්චු ගැසූ මුදල් කොළයක් හෝ හදන ලද කාසියක් නොව බිට්කොයින් යනු අන්තර්ජාලයේ වොලට් එකක පවතින මුදලකි. එහි දී සතෝෂි විසඳුවේ අයෙක් තව අයෙකුට ගෙව්වා කියූ මුදලෙන් වෙනත් අයෙකුට ද ගෙවිය හැකියාව (double spending) තුන්වැනි වගකීමක් ගන්නා පක්ෂයක් නොමැතිව නැති කරන්නේ කෙසේදැයි මේ අය ඉදිරියේ වූ ගැටළුවයි.

    සතොෂි ඉදිරිපත් කළ open-source සොෆ්ට්වෙයාර් පද්ධතිය ඕනෑම අයෙකුට විවෘත කර නිරීක්ෂණය කළ හැකි වූවකි. සතොෂි එය ඉදිරිපත් කිරීමත් සමඟින් සිය ගණනින් ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ ක්‍රිප්ටොග්‍රැෆර්ස්ලා (cryptographers) එහි කෝඩ් කියවා තවත් දියුණු කරන්නට සහාය දුන්හ. අද පවතින්නේ සතොෂි ලියුවාට වඩා ඉතා ප්‍රථුල ලෙසින් වැඩි දියුණු වූ පද්ධතියකි.

    මුලින්ම ඔවුන් ඉදිරිපත් කළේ රන් රිදී ප්ලැටිනම් හාරනවා වැනි සංකල්පයකින් බිහි වූ මුදල් කනින අවස්ථාවක් ගණිත ගැටළු විසඳන්නට දක්ෂ අයට ලබාදීමයි. එන්න එන්න දුෂ්කර වෙන ආකාරයකින් හැදෙන ගැටළු විසඳීමෙන් බිට්කොයින් අයිතියට අවස්ථාව ලැබේ. ටෙනසි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියක වැඩියෙන්ම මුදල් කනින්නට සමත් වෙන පනස්දාහ ගැන ලැයිස්තුවක් යාවත්කාලීන වෙයි.

    ගණිත ගැටළු විසඳන්නට නොදන්නා අයට ඊට හපනුන් සතු බිට්කොයින්, වෙනත් භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ලොව ව්‍යවාහර වෙනත් මුදලක් දී ලබා ගන්නට හැකියි. අන්තර්ජාලයේ බිට්කොයින් විකුණන වෙබ් අඩවියක වොලට් එකක් (ගිණුමක්) ආරම්භ කර, තමන් සපයන භාණ්ඩ හෝ සේවාවකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවා බිට්කොයින් වොලට්ටුවක් පුරවා ගන්නට හැකියි.

    වොලට් එකක් වැඩ කරන හැටි, Demo ගිණුමක්, දැක බලාගන්නට කැමති අයට block chain.info/wallet වලින් වැඩි විස්තර සොයාගත හැකියි. බිට්කොයින් වලින් ගණුදෙනු කරන ලොව ඕනෑම තැනකින් භාණ්ඩ ලබා ගැනීමේ දී තුන්වැනි පාර්ශවයකට ගෙවන කොමිස් නැතිකම මෙහි වැදගත් ලක්ෂණයකි.

    වොලට්ටුවක් විවෘත කරන ඔබට බිට්කොයින් ඇඩ්‍රස් එකක් ලැබෙයි. එය සමඟ පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බිට්කොයින් සොෆ්ට්වෙයාර් එකෙන් නිර්මාණය කරයි. පුද්ගලික අගුල තමන්ගේය. තම වොලට්ටුවේ ඇති මුදල් ප්‍රමාණය දන්නේ තමන් පමණි. මහජන අගුල වෙනත් අයෙකුට යවන මුදල හෝ ලැබෙන මුදල ගැන සටහන් තබන්නයි. එය මහජනතාව දකින්නයි. එහෙත් තමන්ගේ නම, ගම, ලිපිනය හෝ ආදායම කිසිවෙකුට දැනගත හැකියාවක් නැත.

    මෙය open-source software විදියට පැවතීම මත එහි අනගිත්වය ද රඳයි. සීමිත බිට්කොයින් සංඛ්‍යාවක් පමණක් ව්‍යවහාරයේ පවතී. 2140 වසර දක්වා ලෝකයේ කැනිය හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 කි. මෙය හැකර් ප්‍රහාරයන්ට ලක් වූ අවස්ථා තිබුණි. එසේම බිට්කොයින් ගැන ප්‍රවෘත්ති නිසා එහි අගය ඉහළ පහළ යෑම ද දකින්නට ලැබේ.

    ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි.

    බිට්කොයින් ගැන කියන්නට විස්තර මහත් සම්භාරයකි. එහෙත් මේ බ්ලොගය පවත්වාගෙන යන වර්ඩ්ප්‍රෙස් සමඟ බිට්කොයින් වලින් ගණුදෙනු කළ හැකි යැයි කියමින් අද සටහන මෙතැනින් නවතමි.

    ඒලකිරියෙ දැනට බවිතා කරන අය ඉන්නවා නම් විස්තරක් දාමු
    ඒලකිරි ට බෙදා ගත්තෙ මෙතනින්

    Code:
    arunishapiro.wordpress

    මයිනින් කර්ලා අතැර්ලා දාපු මම! අයි ටි උගන්නලත් - මෙවා ගැන් දැනගෙනත් - හොරු-කුඩ්ඩො යුස් කරපු නිසා ගත්තෙ නැති මම,, අම්මෙහ්...