සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....


    මීන ලග්න හිමියනි.පරිස්සම් වෙයව්......

    මිථුන රාශිගතව සිටි ගුරු ග්‍රහයා ඊයේ දිනයේදී සිය වක්‍රගමන ආරම්භ කරන ලදී.එය නැවතත් 2014 /3 සිය ඉදිරි ගමන නැවත අරඹනු ඇත.ගුරු යනු එතරම් අසුභ ප්‍රතිපල දෙන ග්‍රහයෙක් නොවූවද වෘෂභ , ධනු සහ මීන ලග්න හිමියන් තරමක් කල්පනා කාරී විය යුතුය.

    පහතින් දැක්වෙන්නේ පොදු පලාපල කිහිපයක් පමණි.පුද්ගල කේන්දරවල ස්වභාවය අනුව පලාපල අඩු වැඩි වශයෙන් වෙනස්විය හැක.


    මේෂ

    මුදල් අතින් තැන්පත් ධනය වර්ධනය වැඩි කරගැනීමට හැකිවේ.

    රැකියාවේ ඉහලට හෝ පහලට යාමේ අවස්ථා එළඹෙනු ඇත.(turning point in d job)

    විවාහය සඳහා යම් බාධක , මතබේද තත්වයන් ඇති වුවද කටයුතු සාර්ථක කරගනී.

    අස්ස කුලප්පුව සෑදෙන කාලයක් බැවින් ඉවසීම ප්‍රගුන කලයුතු කාලයකි.

    ..............................................
    වෘෂභ

    ශරිර සෞඛ්‍ය නැවතත් ගැටලු ඇති කර හැක.
    රැකියාව සම්බන්ධ වගකීම් බාරගෙන ඉටුකිරීමෙන් අමතර ආදායම් ලැබිය හැක.

    කෙසේවෙතත් රැකියාව සම්බන්ධ මානසික පීඩා (වගකීම් )පිලිබඳව සිත තුල කරදර කරනු ඇත.

    මේ නිසාම ඉලක්ක නියමිත කාලය තුල අවසන් කිරීම අපහසු වනු ඇත.
    .......................
    මිථුන

    ආයෝජන කටයුතු සාර්ථක වේ.

    මඟුල් කටයුතු උදෙසා වියපැහැදම් වීම වැඩිවේ.

    පිටරට රැකියා වරම් තිබේ නම් ඒ සඳහා ඉල්ලුම් කර ඇතිනම් ඒවා සාර්ථක වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ප්‍රේම සම්බන්ධතා , ඤාති සම්බන්ධතා වල ගැටලු පැන නැගිය හැක.
    ...................
    කටක



    අදායම් මාර්ග වර්ධනය වේ.

    ආශාවන් ඉටුකරගැනීමේ පිනා චාන්ස් වැදේ.එම නිසා නියමිත ප්‍රමාණයට වඩා වියදම් කරයි.

    රැකියාවේ දශමෙක උසස් වීමක් ලැබිය හැක.

    ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ.
    ................................

    සිංහ

    සතුරා බලවත් වන කාලයක් වුවද රැකියාවේ දශම ගණනක උසස්වීමක් ලබාගත හැක .
    නව රැකියා අවස්ථා උදාවේ.
    විවාහ ජීවිතයේ හෝ ප්‍රේම සම්බන්ධ වල මතබේද හටගනී.

    සේවකයන් සමඟ ක්‍රියාකිරීමේදී ලබාගැනීමට අවශ්‍ය ඉලක්ක නියමිත කාලය තුලදී ලබා ගැනීමට අපහසු වනු ඇත.

    ...............................
    කන්‍යාව

    පසුගිය කාලයේ සිදුවූ පවුල් අසමගිය තරමක් දුරට පහවී යනු ඇත.විදේශ ගමන් සහ විදේශ සමඟ ගනුදෙනු කරන අයට යහපත් කාල වකවානුවකි.අසුභ මහ දශා අතුරු දශා දෝෂ නොමැති නම් රැකියාවේ යම් උසස් වීමක් බලාපොරොත්තු විය හැක.

    ලබන ජූනි වලින් පසු යම් මැතිවරණයකට ලොක්කා අතගසනු ඇත.
    දශා අදිපති 11 වැන්නේ ගෝචරය 2014 -2015 ලොක්කා ප්‍රයෝජනයට ගනු ඇත.


    ..............................

    තුලා

    තමාගේ තත්වයේ හැටියට ලැබෙන හදිසි ධන ලාබයක්.
    උදා රු 5000ක් පඩි ගන්න කෙනෙකුට රු 2000ක් වැඩිපුර ලැබීමද හදිසි ධන ලාබයකි.

    හදිසි අසනීප තත්වයන් නැවත මතුවිය හැක.ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වේ.ප්‍රේමය සම්බන්ධ ගැටලු,දරුවන් සම්බන්ධ සහ සහෝදරයන්ගේ පිරිහීම ඇතිවිය හැකි කාලයක් බැවින් තරමක් ප්‍රවේසම් වන්න.

    ..............

    වෘෂ්චික

    ජන්ම සෙනසුරු එරාෂ්ඨකයට අලුත් හිමිකරු වූ වෘෂ්චික ලග්න හිමියාගේ ගුරු 8 වැන්නේ වක්‍රය එතරම් සුබ නැති නමුත් හදිසි මංගල කටයුතු හෝ යෝජනා සිදුවිය හැක.අලුත් ව්‍යාපාර කටයුතු කෙරේ සිත යොමුවන අතර ඒවායින් ලාබ ලබා ගැනීම තරමක් අපහසුවනු ඇත.හදිසි අසනීප තත්වයන් ඇතිවනු ඇත.පිරිසිඳුවට සකස්කල ආහාර ගැනීමට සැළකිලිමත් වන්න.ෂුවර් නැති ආපනශාලා වලින් ආහාර ගැනීමෙන් වළකින්න.

    ........................

    ධනු

    දැනට තමා සිටිනා ස්ථානයෙ හෝ රැකියා ස්ථානයේ හෝ ස්ථාන මාරුවක් සිදුවිය හැක.උදා - තමා සිටිනා ස්ථානයේ යනු නිවසේ තමා සිටිනා කාමරයේ සිට වෙනත් කාමරයකට හෝ නිදා ගන්නා ඇඳ වෙනස් තැනකට හෝ මාරුවීමද ස්ථානය වෙනස් වීමක් ලෙස සැලකේ.මෙය තමා රැකියාව කරන තැන වුවද සිදුවිය හැක.

    නව රැකියා අවස්ථා එළඹේ.තමා සතු හෝ පවුලේ යම් දේපලක් වාසි සහිතව විකුණා ගත හැකි වුවද වංචා කාරයන්ට අසුවීමට ඉඩ ඇති හෙයින් ප්‍රවේසම් වන්න.ණයට දීමෙන් වළකින්න.

    ශරීර සෞඛ්‍යට බාදා ඇති කරයි.කොටු පැණීමෙන් වළකින්න.පවුල තුලදී තමාගේ නම කැතවිය හැක.

    ...................

    මකර

    වැල්ලේ බඹරය කැරකවුවහොත් අමාරුවෙන් හෝ කැරකෙන කාලයකි.පෙරේතකම තරමක් අත්හලහොත් සමාජයෙන් යම් ප්‍රශංසා ලැබෙනු ඇත.අලුතින් දරු සම්පත් බලාපොරොත්තු වන අයට සුභ කාලයෙකි.දරුවන්ට සුබයි.ආයතනික ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබේ.පරණ පෙම යලි සිහිවෙයි හෝ මතුවෙයි.
    කම්මැලි ස්වභාවය ඉදිරි කටයුතු වලට තරමක් හරහට හිටිනු ඇත.

    ...............

    කුම්භ

    අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.අලුත් ගේ දොර බඩු මුට්ටු යාන වාහන මිලදී ගැනීමට අවස්ථා සැලසේ.සුදු අලි මිලදී ගැනීමට සිත පහල වන බැවින් යමක් මිලදී ගැනීමට පෙර දෙපාරක් සිතන්න.

    හැමටම වාහන මිලදී ගත නොහැක.එහෙත් දැනට තමා හට තිබෙන්නේ යතුරු පැදියක් නම් එය ලස්සන කර ගැනීමට අලුත් ගැජමැටික් උපාංග සවි කිරීම,පේන්ට් කිරීම මේවාද ඉහත පලාපලයට අයත් බව සලකන්න.

    බලාපොරොත්තු වන ඉලක්ක කෙරේ ලඟා වීම සඳහා තරමක් දුරට බාදා ඇතිකරයි.එම නිසා සිත නොසන්සුන්වේ.කළකිරීම ඇතිවේ.

    ප්‍රේම සම්බන්ධතා වැටෞඩ තිබෙනු ඇත.

    .....................

    මීන

    දශම බින්දුවයි ගණනක රැකියාවේ ඉහලට පැමිණිය හැක.එහෙත් නව රැකියා අවස්ථා ඇතිවීම ප්‍රමාද සහිතය.පුද පූජා කටයුතු සාර්ථක වීමට කර ගැනීමේ අවකාශ සැලකේ.දෙමව්පියන් සමඟ ආරවුල් ඇතිකර ගැනීමට හෝ වැරදි අවබෝධයක පිහිටා කටයුතු කීරීමට කරුණු යෙදිය හැක.එසේම දෙමව්පියන්ගේ ශරීර සෞඛ්‍ය තරමක් දුරට පිරිහේ.ආලය පිළිබඳ කරුණු පල නොදරයි.ආලයක් අති වුවද එය තාවකාලික වනු ඇත.ශරීර සෞඛ්‍ය පිරිහීමට කරුණු යෙදේ.මානසික අසහනය දුරු කරගැනීමට ආගමික වතාවත් වල නිරත වෙන්න.මිතුරන් ඇසුර සහ ඔවුන් සමඟ හවුලේ කටයුතු කිරීමට යාම මේ කාලයේ සුභ නැත.
    ...............


    කතෲ සටහන.........

    ගෝචරය යනු සියුම් පලාපල ගණිනා ක්‍රම වේදයකි.එය කිසි ලෙසකවත් අත්නොහැරිය හැකිය.පලාපල ගැනීමේදී ජන්ම කේන්ද්‍රය මූලික වේ.එහෙත් ඉහත දැක්වූ පලාපල දශම ගණනකින් හෝ බලපෑම් එල්ල කරන බව කිව යුතුය.ජන්ම ඒරාෂ්ඨක , අෂ්ඨම සෙනසුරු එරාෂ්ඨකද ගෝචරයේ ප්‍රථිපල බව දත යුතුය.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෝ තුලා ...... ඉක්මනට දාපන් හරිද කියල බලන්න

    images