මෙයාගෙන් කවුරු හරි බෙහෙත් අරන් තියනවාද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මෙයාගෙන් කවුරු හරි බෙහෙත් අරන් තියනවාද ?

    mahanama-hapugoda-dr..jpg


    කවුරු හරි නැත්තන් දන්න කෙනෙක් හරි මහානාම හපුගොඩ කියලා වෙදෙක් ගෙන් පිළිකාවට බෙහෙත් එහෙම අරන් තියනවාද ? අද මම දන්න කෙනෙක් මේ මනුස්සයා ලඟට බෙහෙත් ගන්න ගිහින් තියනවා,මනුස්සයාව නියමට අන්දවලා තෙල් වගයක
    ටයි බොන බෙහෙත් වගයකටයි එකලොස් දාහක් අරන් තියනවා,කිව්වලු ලුණු,දෙහි,කිරි,මුදවපු කිරි,යොර්ගට් වගේ එවා කන්න එපා එත් මස් මාලු බිත්තර කන්න කියලා,හරක් මස් උනත් කමක් නැ කිව්වලු,පුළුවන් තරම් මස් මාංශ කන්න කිව්වලු මේ බෙහෙත් වලින් සුද්ද කරන හොඳ සෛල නැවත එන්න,එකෙන්ම පෙනවා මෙයා බොරු කාරයෙක් බව,මේ මනුස්සයා දහා දාහට එහා මුදල් තමයි කියනවා කියන්නෙ,සමහරුන්ගෙන් එක වතාවකට විසි දාහ,තිස් දාහ හිටන් ගන්නවලු,මේ පොඩි බෙහෙත් වට්ටොරු වලට,බැලුම්ගලින් ගිය වැඩසටහනක නම් මෙයා බොරු කාරයෙක් කියලා කිව්වා,එත් අපේ අය අහු වෙනවා නේ අනේ,එකනේ දුක.මෙයාට කිසිම උපාධියක් නැතිලු,අඩුමගානේ පාරම්පරික කිව්වට,පාරම්පරිකත් නෙමෙයිලු,මෙහෙම හොරුන්ට අහුවෙන්න එපා,අපරාදේ අර අහිංසක මනුස්සයාගේ සල්ලි ටික.

    මේ මනුස්සයා මේ තත්වයට ආපු එකේ සම්පුර්ණ විස්තරය බැලුම්ගලින් කියනවා,සමහරවිට ඔයගොල්ලොත් අහලා ඇති.

    බැලුම්ගල අනාවරණය


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ උන් නිසා තමයි දේශීය වෙදකම බල්ලට ගිහින් තියෙන්නේ...
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    එතකොට මිනිස්සු එච්චර යන්නේ හොයලා බලන්නේ නැතුවද?:oo::oo::baffled: