වේදනාවේ උපරිම සළකුනු™.‍නොමිනිසුන් මැද..

Jun 3, 2013
659
59
0
වේදනාවේ උපරිම සළකුනු™.‍නොමිනිසුන් මැද..

නොමිනිසුන් මැද මිනිසුන්

15(2).gif

අම්පාර මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් පොද්ගලික වියදමින් අසරණ මවකට සහ දියණියකට නිවසක් පිරිනැමුහ.
වෛද්‍ය අධිකාරී ලංකා තිලක ජයසිංහ මහතා විසින් එම නිවස ඔවුන්ට භාර දුන්නේය.
අම්පාර නවගම්පුර පැල්පතක ඉතා දුක්ඛිත ලෙස මවක් සහ දියණියක් කල් ගත කරන බව අශෝක විමල් ගුණසේන සහ සුරංග ඩී ජයරත්න වෛද්‍යවරුන් දැනගත්හ.
ඒ ඔවුන් දිවා ආහාරය ගන්නා බත් කඩේ සීලා සමරවික‍්‍රම මහත්මියගෙනි.
මෙම පුවත ඇසු මොහේතෙම මෙම නිවස බැලිමට ඔවුහු ගියහ. එදින කුඩා ටකරමක් සෙවිලි කළ මේ මව සහ දියණිය ගත කරන ජිවිතය දුටු ඔවුන්ගේ නෙත් කඳුලින් පිරී ගියේය.
පසු දිනම අත්තිවාරම් කැපීමෙන් නිවස ආරම්භ කරන්න කටයුතු කළේය.
මුලින්ම කාමරයක් හැදීමට අඩිතාලම දැමු අතරපසුව මෙ කටයුත්තට තවත් හිතවත් වෛද්‍යවරු සහ රෝහල් සේවකයෝ දායක වුහ.
මසක් ඇතුලත මවට සහ දියණියට නව නිවසක් සදා දීමට වෛද්‍යවරුන දෙදෙනා සමත් වුහ.
මෙම නිවස පමණක් නොව නිවසට අවශ්‍ය භාණ්ඩද දියණියට අවශ්‍ය පොත් පත් ඇදුම් පැළැදුම් ලබාදීමට ඔවුන් දෙදෙනා නොමසුරු වුහ.
වෛද්‍ය අධිකාරි ලංකා තිලක ජයසිංහ මහතා මෙම නිවසට වැසිකිලිය සදා දීමට ඉදිරිපත් විය.


වි.ජී.විනීතා (51) මව
අවුරුදු හතකට කළින් මහත්තයා වෙන් වුණා. කොළඔ පැත්තේ පොලීසියක වැඩ කරනවා. කුලී වැඩ රලා දරුවා බලා ගන්නවා . සුරංග දොස්තර මහත්තයයි අශෝක දොස්තර මහත්තයයි අපේ ගෙදරට ආවා.
ඊට පහුවෙනිදම ගේ හදන්න පටන් ගත්තා මාසයකින් ගේ හැදුවා. මේ මහත්වරු දෙන්නටයි සෙසු පිරිසටයි බුදු බව අත්වෙන්නඕනෑ. මගේ දුවටයි මටයි මේ ගෙය මාලිගාවක්.


තාරි ආකර්ශණි දියණිය(08)
අම්මයි මමයි හිටියේ අර තියෙන පුංචි ගෙදර සුරංග දොස්තර මාමායි අශෝක දොස්තර මාමායි දෙන්න අමිමටයි ඉන්න ලස්සන ගෙයක් හදල දුන්නා මට පොත් ගෙනත් දුන්නා ඇඳුම් දුන්නා මට හරි සතුටුයි


වෛද්‍ය අශෝක විමල් ගුණසේන
‘අපි දිවා ආහරය ගන්න කඩෙන් තමයි මෙම නිවස ගැන දැන ගන්න පුළුවන් වුණේ සුරංගයි මමයි ඇවිත් මේ ගේ බැලූවා අපේ හිතට ඇති වුණේ හරිම දුකක්.


වෛද්‍ය සුරංග ඩී ජයරත්න
අපි මේ නිවස ගැන දැනගෙන නිවසට එන වෙලාවේ මේ පොඩි දුව අම්මා තාත්තා කියල ඉංග‍්‍රිසියෙන් ලියමින් හිටියේ අපිට පුදුම හිතුණා. මේ අම්මයි දුවයි කොහොමද මෙතන හිටියේ කියලා අපි දෙන්නට පුදුම දුකක් හිතුනා. මේ කාර්යය සාර්ථක කර ගන්න සහෝදර වෛද්‍යවරුන් සහ අනෙක් කාර්්යය මණ්ඩලය උදව් කළා.
මේ දියණියගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනි යන්න අපි දිගටම උදව් කරනවා ‘

13(3).gif


12(7).gif
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න නියම මහත්වරු. ජාතියේම ප්‍රණාමය!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලෙඩ්ඩුන්ව නොමරා මරන ප්‍රයිවට් කඩවල දොස්තර මුදලාලිලට හොඳ ආදර්ශයක්.මේ මහත්වරුන්ට මේ වගේ යහපත් වැඩ දිගටම කරන්න ,මේ වගේ ත්‍රෙඩ් වැඩි වැඩියෙන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.:)