කෝ සෑර් බාගෙ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ස්ථානය : උසස් පෙළ පන්තියක්
    විෂයය : භ්ව්තික විද්‍යාව
    ගුරුතුමා : යම්කිසි ප්‍රසිද්ද ගුරු භාවතෙක්
    සිසුන් : යම්කිසි පුද්ගලයෙක් ඇතුළුව තවත් සිසු සිසුවියන්

    (ගුරුවර තෙම කෝපාවිෂ්ට වෙයි ...)
    " යකෝ දැන් ඉන්නේ මහා ගොන් තඩි . මුන් හොදයි රෙදි අපුල්ලන්න යවන්න . සල්ලි කන යක්කු .""

    සිසුහු : ( මරහඬ දෙති ...)
    "" ඇයි සෑර් ??? ""

    ගුරුතුමානෝ : ( වේදිකාවේ දුර කිහිප විටක් අඩි තබා මැන බලයි)
    ""තොපිට කියන්න , අද උදේ මන් revishion class එක කොලා . මේ බලපියවූ ..."(හැරී කළු ලෑල්ලේ යමක් ලියමින් ...) මෙන්න මේක සුළු කරන්න තිබුන ගානක මැද්දේ . ( සිසුහු ජිරාපයින් වී ලියූ දේ බලති ) ගුරු තෙම ලියූ දෙය පවසයි ..

    1/2 * 2 * 5 ( බාගය වැඩිකිරීම දෙක වැඩිකෙරීම පහ )

    සිසුහු : (තක්කු මුක්කු වී සිටිති )

    ගුරුතුමානෝ : " ඉතින් යකෝ මම ඊලග පේලියේ ලිව්වා උත්තරේ පහ . උබලට කියන්න ළමයි , එකෙක් මගෙන් ඇහුව නේ "කෝ සෑර් බාගේ " කියල .
    ( සිසුහු මහා හඩින් සිනා සෙති. ඩෙස්ක ගැට බෙර කර ගනිති . කෙල්ලෝ පොෂ් සිනහව දමා කට වසා ගනිති )
    ගුරුතුමා : ( සිනාසෙමින්) " ඉතින් ළමයි මුන්ව තියල වැඩක් ද? revision එකේ උන් ඒ මදිවට. තුක් ." (නැවත හැරී කළු ලියූ දේ මකයි.පන්තිය සිනා සී අවසන්.නිහඬයි ගුප්තයි .අද වෙනතුරු කව්දැයි නොදන්නා එකෙක් කට අරින්නේ මෙවිට ය )

    " ඇත්තට කෝ සෑර් බාගෙ ????? """"

    ගුරුතුමා : (විදුලිය සේ හැරී ) තොගේ !@#$%^&&*()
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න මචන්ලා බූරුවෝ දෙන්නෙක් චෑට් එකක් දාගෙන ඉන්නවලු..

    එක බූරුවෙක් : ෂික් විතරක් බලනවා තමුසෙගේ ඈගේ හෑටි..තමුසේගේ අයිතිකාරයා තමුසෙට කන්න බොන්න දෙන්නේ නෑද්ද?

    අනිත් බූරුවා :එකනේ ඕයි කියන්නේ මෙලෝ රහක් නෑ .අපේ එකා හරිම කුනා මට තියා ඌවත් හරියට කන්නේ නෑ.මටනම් අනාගතේ ගෑන කිසිම බලපොරොත්තුවක් නෑ ඕයි.තමුසෙගේ අනාගතේ කොහොමද?

    එක බුරුවෙක්: අපේ එකා කියලත් මහ ලොකු දෙයක් නෑ ඕයි.හෑබෑයි මටනම් ලොකු බලාපොරොත්තුවක් තියනවා ඕයි..

    අනිත් බුරුවා: නෑ කියපන් බලන්න

    එක බුරුවෙක්: මගේ අයිතිකාරයට ඉන්නවා ඕයි ලස්සනම ලස්සනම කෙල්ලක්,ඒකි මොකක් හරි අපත වෑඩක් කරපු ගමන් අයිතිකාරයා කියනවා"තෝ ආපහු පාරක් මේ වගේ අපත වෑඩක් කරපන් බලන්න.මම තෝව අන්න අර බුරුවට බන්දලා දෙනවා" කියලා.ඉතින් මම බලගෙන ඉන්නේ ඒකි අපත වෑඩක් කරනකන් බන්.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චුටී හුරතලී මූන නොරොක් කරගෙන සපත්තු කඩේට ආවලු,

    චූටි : මොනවද අයිසේ තමුසේලා විකුනන සෙරෙප්පු?හරිම බාලයි.

    කඩේ එකා :ඈයි නෝනා ඈයි? මොකද උනේ?

    චූටි : මොකද උනේ??එකෙන් දෙපාරයි ඕයි සුරාට කනට ගෑහුවේ කඩලා ගියා.
     
    • Like
    Reactions: hacker T

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න දවසක් ඔහොම යනකොට කෝච්චියට ටික්කො පෑන්නා.ටික්කෝ දෑන් එනවා පෙලියට ටිකට් චෙක් කර කරා.ඉන්න අනිත් ඩයල් ටික්කන්ට ටිකට් පෙන්නනවලු.

    දෑන් සුරා පර්ස් එක අරගෙන ටිකට් එක හොයනවලු,සාක්කුව අදිනවලු,එහෙ බලනවලු,මෙහෙ බලනවලු,සුරාගේ මේ ඈක්ෂන් එක දෑක්ක මිනිස්සු සුරා දිහා බලාගෙන හිනා වෙනවලු.හිනා වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි සුරා මචන්ලා කටේ ටිකට් එක ගහගෙන ඒක හොයනවලු හෑම තෑනම.මුගේ මේ සීන් එකට ලොකු පොඩි හෑම එකාම හිනා වෙනකොට ටික්කා ලගට ඈවිත් සුරාගේ කටේ තියන ටිකට් එක ඈදලා ගත්තලු..අරගෙන බලලා අනිත් පෙට්ටියට ගියාලු..

    දෑන් ඉතින් මිනිස්සු සුරා දිහා හෙන චාටර් විදිහට බලනකොට එක පොරක් ලගට ඈවිත් මෙහෙම ඈහුවලු..

    පොර : මාර නෝන්ඩිය නේ මල්ලී.ඔච්චරටම අමතක උනාද ටිකට් එක කටේ ගහ ගෙන ඉන්නේ කියලා..කෙල්ලොත් මාර නොන්ඩි විදිහට මල්ලිට හිනා උනා.ගනන් ගන්න එපා ඕවා ඔහොම තමයි ඔක්කොම වෙන්නේ මිනිස්සුන්ටනේ..

    සුරා : තමුසේ මගුලක් කියනවා මම ටිකට් එක කටේ දාගෙන හෑපුවේ එකේ ඩේට් එක හොයන්න බෑරි වෙන්න ඕයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න මචන්ලා දවසක් අපේ සුරන්ගයා වයිපරෙත් එක්ක පොඩි කෙස් එකක් දාගන ගෑනිත් එක්ක තරහ වෙලා පොඩි අඩියක් ගහනවා කියල හිතාගන අන්දමන්ද ටවුන් එකට ආවලු. ඔන්න සුරන්ගයා බාර් එකට කිට්ටු වෙලා පොඩි සර්ච් පාරක් දැම්මලු.

    බාර් එකේ එන්ට්‍රන්ස් එකේ වෙනදා දැකපු නැති විදිහේ නොර්ටිස් එකක් අපේ සුරා දැක්කලු. බාර් එකේ දාල තිබ්බ නොර්ටිස් එක සුරන්ගයා අමාරුවෙන් කියවගත්තලු . මොකද ඉතින් අපේ සුරා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැනේ. " අපි දෙන අභියෝග තුන බාරගත්තොත් මාසයක් විස්කි නොමිලේ" කියලලු නොර්ටිස් එක දාල තිබුනේ. මේක කියවපු සුරා පුරුෂ ශක්තිය අරගන බාර් එකට එන්ටර් උනාලු.

    ඔන්න අපේ සුරා බාර් එකට ඇවිත් අර නොර්ටිස් එක ගැන ඇහුවලු.

    සුරා: මොකක්ද හලෝ අර එලිය දාල තියන නොර්ටිස් එක, මොනවද ඔය කියන මහා ලොකු අබියෝග? (කියල අපේ සුරා ඇහුවලු.)

    බාර් මැනේජර් : මෙන්න මේකයි අබියෝග තුන " ඉස්සරලාම අරක්කු බෝතලයක් බොන්න ඕනේ, ඊට පස්සේ අර එළියේ තියන පොකුණේ ඉන්න කිබුලගෙන් දතක් ගලවන් එන්න ඕනේ. තුන් වෙනි එක තමයි අපි දෙන කන්‍යාවිය එක්ක අහවල් වැඩේ කරන එක. ඔව් ඔව් ඒ වැඩේ තමයි. (කියල අපේ බාර් මනේජෙර් කිව්වලු)

    ඔන්න අපේ සුරා අබියෝග තුන බාරගත්තළු. ඊට පස්සේ අපේ සුරා අරක්කු බෝතලේ අරගන ඒක එක හුස්මට බීල ඉවර කලාලු. පස්සේ සුරා දුවගන ගිහින් අර කිඹුලා ඉන්න පොකුනට ජබොස් ගාල පැන්නලු. ඔන්න එතන හිටපු මිනිස්සුන්ට ඇහෙනවලු දගලන පෙරලෙන කෙදිරිගාන සද්ද ගොඩාක්. ටික වෙලාවකින් අපේ සුරා මුළු ඇගේම ලේ පෙරාගන ඇවිත් බාර් මනේජෙර් ගෙන් අහනවලු " කෝ අර දතක් ගලවන්න තියෙනවා කිව්ව කන්‍යාවිය කියල....

    ඔන්න අපේ සුරා කරපු තවත් ආතල් වැඩක්...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සුරංග වැසිකිලියට යයි.. ටික වේලාවකින් යාබද වැසිකිලියට තවත් කෙනෙක් එයි...

    යාබද වැසිකිලියේ කෙනා : හලෝ කොහොමද..?

    සුරංග : (ෆුල් අප්සෙට් වී ඇත) ආහ්හ්.. හොඳයි....

    යාබද වැසිකිලියේ කෙනා : ඉතිං මොකද කරන්නේ....?

    සුරංග : (තවත් අප්සෙට් වී) ඔයා කරන වැඩේම තමයි...

    යාබද වැසිකිලියේ කෙනා : කොහොමද වැඩේ හොඳට යනවද..?

    සුරංග : (හොඳටම් බය වී ඇත) ඔව් අවුලක් නෑ.. පොඩි බඩේ අමාරුවක් තිබුනේ....

    යාබද වැසිකිලියේ කෙනා : හරි... හරි... එහෙනම් මම දැන් ඔතනට එන්නම්... ඔහොම්ම ඉන්න...

    සුරංග : මොකක් පිස්සුද තමුසෙට...

    යාබද වැසිකිලියේ කෙනා : අනේ ඩාලිං.. මම ඔයාට පස්සේ ගන්නම්... මේ එහා පැත්තේ ඉන්න බූරුවෙක් මම කියන ඒවට උත්තර දෙනවා....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක උනේ මම A/L ක‍රන කාලේ. බයෝ කරපු අය දන්නවා ඇතිනේ අපි ඉතින් ආසාවෙන්ම ඉගෙන ගන්න පාඩම 'ක්‍රියාකාරී සත්වයා' කියලා. ඒකෙත් ප්‍රජනනය කොටස තරම් උවමනාවෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න කොටසක් බයෝ වල වෙන නැති තරම්. මම ඒ පාඩම කොච්චර හොදට ඉගෙන ගත්තද කිව්වොත් අන්තිමේ මන් කොමස්, ආට් කරපු එවුන්ට වෙනම ක්ලාස් කරා ඒ ගැන. අපරාදෙ කියනන් බෑ මගෙන් ඒ පාඩම් ඉගෙන ගත්තු උවුන් මගේ උපදෙස් අනුව ගිහින් අද පවුලක් පන්සලක් වෙලා හොදට දරුමල්ලො හදාගෙන එහෙම ඉන්නවා. බලන්න ආසයි. උනට උගන්වපු මන් තාම මේ වේලෙනවා වැලේ වැල් නැතුව. ලෝකෙක හැටි. ඔන්න ඉතින් මේ කියනන් යන කතාව උනෙත් බයෝ ක්ලාස් එකකදි. මන් සර්ගෙ නම නොකියා ඉන්නම්. මොකද ඒක ඒ සර්ට හරි මදිනෙ. මොනවා උනත් ඒ කාලේ ගාල්ලේ හිටපු ජනපියම බයෝ සර් කෙනෙක්. ඇඟට දැනෙන්න උගන්වනවා. අහන ඕනම දෙයක් සර් දනන්වා. කියලා දෙන දේ බොක්කටම වදිනවා. මන් ඒ ඒහෙම සර් කෙනෙක් දැක්කමයි. ඔන්න මේ කියන දවස් වල අර ප්‍රජනනය පාඩම උගන්වන්නෙ. වෙනදට වගේ නෙවෙයි එදා සර්ට ප්‍රශ්ණ අහල එවන චිට් කෝටියයි. කට්ටියට එච්චරටම දේවල් තියෙනවා දැනගන්න. ඔන්න මටත් තිබ්බ ප්‍රශ්නයක් සර්ගෙන් අහන්න. මාත් ගත්තා කොල කෑල්ලක්. ලිව්වා බෝල අකුරින් මගේ ප්‍රශ්ණේ.
    සර්, පාපැදියක් පැදීමේදී කාන්තාවකගේ කන්‍යා පටලයට හානි සිදුවිය හැකිද?
    ටික වෙලාවකින් සර්ගෙ අතට ගියා කොලේ. සර් දුන්න උත්තරේ මෙන්න මෙහෙම.
    "බයිසිකලේ ශීට් එක තියෙද්දි පැද්දටනම් හානි වෙන්නෙ නෑ... ශීට් එක නතුව පැද්දොත් තමයි........"
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න මචන්ලා ලංකාවේ පොරක් ගියාලු අපායට.දෑන් මහ යමයා පොරට අඩ ගහලා කිව්වලු මෙහෙම.

    යමයා : අපි තමුසෙට දඩුවම් කරන්න ඉස්සේල්ලා දෙනවා අපායේ රවුමක් ගහලා දඩුවම් ටික බලන්න..

    අපේ බුවා : එහෙමයි එහෙමයි

    දෑන් ඉතින් පොර යනවලු අපායේ රවුමක් දාන්න.යනකොට එක තෑනක මිනුස්සුන්ගේ කටට ලොදිය දානවලු.තව තෑනක කකුල් පලනවලු,තවත් තෑනක නියපොතු ගලවනවලු..මෙහෙම යනකොට අපේ බුවා ඈහුවලු මෙච්චරද ඉතින් දඩුවම් තියෙන්නේ කියලා එතකොටම යමයා..

    යමයා :තව තියනවා ඕයි..අර බලනවා අර කපල් එක දිහා කියලා කපල් එකක් පෙන්නුවාලු.අපි ඒ දෙන්නව බෑන්දුවා.එතන හිටියේ මිස් වල්ඩ් උනු කෙල්ලෙක් එක්ක හෙන තඩි කෑත මහත පිරිමි එකෙක්ලු.මේක දෑකලා අපේ බුවා,

    අපේ බුවා : අයියෝ අර ඉන්න තඩි මහත කෑත එකා අපේ ලන්කාවේ දේශපාලනේ කරපු එකෙක් නේ.මොකද්ද අයිසේ තමුසේලා ඌට දීල තියන දඩුවම.ඕකා ඉන්නකම් කරේ බලු වෑඩ.ඕකා ගෑනු කී දෙනෙක් බෑන්දද?ගෑනුන්ට සෑලකුවේ බල්ලන්ට වගේ.ගෑනියෙක් තියා ඕකත් එක්ක තිරිසෙනෙකුටවත් ඉන්න බෑ.එහෙව් එකේ තමුසේලා ඌට එච්චර හරියක් කරලත් දුන්නනේ අර ලස්සන් ගෑනිව.කොහෙත් එකයි ඕයි.වෑරදිකරන ඒකාටමයි හොදම දේ හම්බෙන්නේ.ටොපිට හෙන ගහනවා..

    යමයා : හා හා කට කට.තමුසේ කොහොමද ඕයි අපේ දඩුවම් විවේචනය කරන්නේ..අනික අපි ඔය දඩුවම දීලා තියෙන්නේ අර මිස් වර්ඩ්ට නෑතුව තමුසෙලාගේ ඈමතියාට නෙවෙයි.
     
    • Like
    Reactions: prabo22

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිරිපාල : මොකෝ බන් උඹේ මුණ ඇදවෙලා, කන් රතු වෙලා?
    මරිසිපල : එළුවෙක්ව අල්ලන්න ගියා බන් !!
    සිරිපාල : එළුවා හරි අහිංසක සතෙක්නෙ බන්..
    මරිසිපාල : ඒ උනාට එළුවාගේ අයිති කාරය නපුරුයි බන්..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොල්ලෙක් ජිම් එකකට ගියා පුහුණුකරුගෙන් ඇහුව
    .
    .
    .
    .
    අන්න අර ලස්සෙන ගෑණුළමයගෙ හිත දිනා ගන්න ඕනෙ
    .
    .
    .
    .
    .
    මෙතනින් මොන මැශින් එකද මම භාවිතා කරන්න ඕනෙ
    .
    .
    .
    .
    .
    පුහුණුකරු කිව්ව : ඔයාට එයාගෙ හිත දිනා ගන්න නම් මේ ජිම් එක එහාපැත්තෙ තියන ATM මැශින් එක භාවිතා කරන්න.
    mr.K