රැශනල් ආගම්කාරයෝ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රැශනල් ආගම්කාරයෝ

    මට මෙක කියවනකොට හිනාගියා ඉතින් එකයි ඔන්න ශෙයර් කරේ.... මෙ කියන්නෙ උබලගෙ ආගම ගැන එහෙම නෙවෙයි ඔන් ,වරදව තෙරුම් ගන්න එපා හොදේ

    උපුටා ගැනිම : jamisbandasworld


    රැශනල් ආගම්කාරයෝ


    $(KGrHqIOKnEE2ZvdTEJdBNz+mdZ-bQ~~_35.JPG



    අපි ආගම් අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. උන් ආගම් කාරයෝ. අපි එහෙම නෑ. අපි ආගම් හදාරල, තර්ක කරල සොයාබලා තමා තීරණය කලේ අපේ ආගම (උපතින් ලැබුන) නිවැරදිම එක කියල. අපි රැශනල් ආගම් කාරයෝ !!

    අපි තර්කානුකූලව හිතල තීරණය කලේ අපේ එක තමා හරිම එක කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක කරන්නේ. අපිට ඒ ආගමෙන් ලැබෙන සැනසීම, ඒ ආගම වටා ගොඩ නැගී ඇති සමාජය, සමාජ ක්‍රියාකාරකම්, ආගමික වතාවත් වලට අපේ ඇති ඇල්ම, අපි ගරුකරන ආදරය කරන අපේ ආගමේ නායකයින්, එකම ආගමේ සහෝදර සහෝදරියන් එක්වූ විට එන කණ්ඩායම් හැඟීම, අපි ඒ ආගම වෙනුවෙන් වැය කල ශ්‍රමය, කාලය, මුදල් .. වැනි දේවල් අමතක කරල තමා ආගම් ගැන හිතන්නේ. නැතුව ආගම ගැන තර්ක කරද්දි ආගම අසත්‍ය බව තේරුම් ගොස් එය අත හරින්නට වුනොත් නැතුව යන්නේ ආගමේ ඉගැන්වීම් විතරක් නෙමේ ඒ ඔක්කොම කියන එක අපේ සිතීමේ ක්‍රමයට කොහෙත්ම බලපාන්නේ නෑ. යටිහිතින්වත් එය එසේ වෙන්නේ නෑ.

    අපි අපිට උපතින් ලැබුන නිවැරදිම ආගම හරිම එක කියල තෝරගනිද්දි වුනේ අපි ඒ ආගම වෙනුවෙන් පෙනී සිටින එක තමා. මේ ආගමේ තියෙන ඔක්කොම වගේ හරි නිසා අපි තිරණය කලා ඒ ආගම 100%ක් නිවැරදියි කියල. හරි ඉතින් මිනිස්සු පස්සෙ එකතු කරපු ඒව ටිකකුත් නැත්තේ නෑ. නමුත් ඒක අපි තේරුම් ගන්න ඕනෙ. මොනවද පස්සේ එකතු කලේ, මොනවද මුල ඉඳන්ම තිබ්බේ කියන එක අපි තීරණය කරන්නේ අපිට ඕන විදිහටයි. අපි රැශනල් ආගම්කාරයෝ නිසා අපිට නිකන් දැනෙනවා මුල ඉඳන් තිබ්බේ මොනවද, පස්සේ එකතු වෙන්න ඇත්තේ මොනවද කියල. ඕක ආගම් කාරයන්ට තේරෙන්නේ නෑ. උන් හිතන්නේ ඔක්කොම බයිල ඇත්ත කියල. රැශනල් නෑනෙ උන්.

    අපි තීරණය කලා අපේ ආගමේ නම (ටයිටල් එක) වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මොහොතේ ඉඳන් අපේ අදහස් ඒ නම යටතට වැටෙනවා. ලෝකයේ යථාර්තය ගැන, මනුස්ස සත්ත්ව ජීවිතගැන, හො‍ද නරක ගැන සියලුම හරි අදහස් තියෙන්නේ ඒ එක ටයිටල් එක යටතේ.

    දැන් අපි ටයිටල් එක තෝරගත්තනේ. අපිට ලෝකය ගැන, හොඳ නරක ගැන ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න තියෙන්නේ සුලු දෙයයි. ඉක්මනට දුවල ගිහින් අර අපේ ආගමේ පොත් අරන් පෙරලල උත්තරේ කියෝල ඒක ඇදබාන එකයි. ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොටම වගේ උත්තර තියෙනව ඒ පොත්වල. අකුරු කියවන්න විතරයි දැනගන්න ඕනෙ. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියල සෙට් එකක් ඉන්නෙ. උන්ට පිස්සු. උන් කරන්නේ එක එක ප්‍රශ්නය ගැන වෙන වෙනම හිතල, ඉතිහාසයෙ ඉදන් වෙච්ච සිදුවීම්, නවීන විද්යාවෙන් කල හොයාගැනීම් වැනි දේ ගැන සලකල බලල එක් එක් ප්‍රශ්නයට උත්තර හොයන එක. උන් සමහර විට උන් වැරදි බව පිලි අරන් ඒ අදහස් පවා වෙනස් කරනව. ඒත් අපිට එහෙම ඕනෙ නෑ. අපේ සිස්ටම් එක ලේසියි උන්ට සාපේක්ශව. කලින් කිව්ව වගේ අර පොත් සෙට් එක කියවන්න විතරයි තියෙන්නේ. ඒ පොත් ලියල තියෙන්නේ ඔක්කොම දන්න (මිනිස්සු, මනුස්සයෙක්, දෙවිකෙනෙක්, දෙවිකෙනෙක් කිව්ව දේ ලිව්ව ශුද්ධවූ මිනිහෙක් etc) නිසා. එනිසා ඒව වරදින්න විදිහක් නෑ. අපේ ටයිටල් එක යටතේ තියෙන එකක්වත් වරදින්නත් බෑ. එතකොට මුලු කන්සෙප්ට් එකම බිඳවැටෙනවනෙ. ඉතින් අපි මුලු ධෛර්යම දාල හැම එකක්ම හරියි කියල ඔප්පු කරන්න ඕනෙ. නැත්නම් ඔක්කොම අවුල් යනවා. ඔක්කොම හරි අපේ උපතින් ලැබුන ආගමේ. අපි රැශනල්..!

    හැබැයි ඊට පස්සේ තමා අමාරුම කොටස. රැශනල් ආගම්කාරයෝ වන අපි සහ නිකන් ආගම්කාරයෝ වෙන් වෙන්නේ ඔතනදි. දැන් ඒ පොත කියෙව්වනේ. දැන් ඒකෙ තියෙන ඒව හරියි කියල ඔප්පු කරන්න ඕනෙ කොහොම හරි. දන්න සාස්තර ඔක්කොම දාල. හැබැයි ඉතින් අපි කියන එක තේරුම් ගන්න පොඩි සාධක වගයක් තියෙන්න ඕනෙ.. (උදාහරණ- විශ්වාසය, ශ්‍රද්ධාව, සාක්ශි හෝ හේතු නැතුව තමාට කැමති දේවල් පිලිගැනීමේ හැකියාව etc ) ඒව නැතුව අපි කියන ඒව තේරුම් ගන්න බෑ. ඒ කතාව අර ශුද්ධවූ පොත් වලත් තියෙනව.

    අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියන්නේ ලෝකයේ තියෙන ඔක්කොම ආගම් බොරුලු. හරි මම එකඟයි. යම් තරමකට විතරයි හැබැයි, මම රැශනල් නේ. ඔව් ඔක්කොම ආගම් බොරු.. හැබැයි මට උපතින් ලැබුන එක හැර හරිද ?? ඒක හරි !! මම කිව්වනේ ඒක හරියි කියල දැනගන්න සිස්ටම් එක.

    හේතුවාදියෝ ටයිටල් තෝරගන්නේ තමාගේ අදහස් වලට අනුවලු. නැතුව ටයිටල් එක මුලින් තෝරගෙන ඒක යටතේ තියෙන අදහස් නෙමේලු හරියි කියල පිලිගන්නේ. ඒක මහ කරදර වැඩක්. උන්ගෙන් ඇහැව්වොත් ‘උබ මොකෙක්ද කියල’ මම මෙහෙමයි, මෙහෙමයි කියල නම් දහයක් විතර ඇදබානව. අපි නම් එක ටයිටල් එකයි, එක පොත් සෙට් එකයි (ශුද්ධවූ)..

    හැබැයි වැදගත්ම දේ. අපි ජීවත් වෙද්දි නම් ඒ පොත්වල තියෙන විදිහට ඉන්න බෑ හොඳේ. අපිට අමාරුයි එහෙම ඉන්න. ඒ විදිහට ඉන්න අය ඉන්නව, ඒගොල්ලො පේන්න එන්නේ නෑ, වැඩක් නැති නිසා..

    අපි සැබෑ ජීවිතයේ ඉද්දි මේ සිරා ආගමට පිටින් ඉතින් වැඩ කරන්නේ, කතා කරන්නේ. ආගමේ තියරි ආගම ගැන කතා කරද්දි විතරයි හොඳේ..

    ලෝකයේ එක් එක් කාලයන්හිදී තිබ්බ දහස් ගානක් ආගම් අතරින් මට උපතින් ලැබුන ආගම හරිම එක වීම නම් මාර අහබු සිද්දියක්…. අපි මාර ලකී ඕයි !

    (මේක කියන රැශනල් ආගම්කාරයින්ට කියන්න තියෙන්නේ මේකෙ කියල තියෙන්නේ ඔයාගේ ආගම ගැන නෙමේ, ඔයාට උපතින් නොලැබුන අනිත් වැරදි ආගම් ගැන හොඳේ.. ඔයාට උපතින් ලැබුන එක හරි එකනෙ නේද ? )
     
    Last edited: