ජාතීන් අතර සමගිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජාතීන් අතර සමගිය

    එක එක ජාතිවලට ආගම්වලට අයිති මිනිස්සු සහයෝගයෙන්, සමාදනෙන් ඉන්නවා දැකල තියේද? මම දැකල තියෙනවා. මම පුංචිකාලේ හිටපු පැත්තේ පන්සලයි, කෝවිලයි තිබ්බේ එක වැටෙන් වෙන් වෙලා. :yes: අපි පන්සල් යද්දී මුලින්ම යන්නේ කෝවිලට. ගිහින් ඒකෙ පූජාවට ඉඳලා, නළලේ මොට්ටු තියන් යන්නේ පන්සලට. දෙමල මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සු කෝවිලට ගිහින් පන්සලටත් එනවා. මේ කියන්නේ බොරු නෙමෙයි මචන්. ඇත්තම ඇත්ත.

    ඒ කාලේ මම සෙල්ලම් කලේ දෙමල ළමයි එක්ක. සමහර මිනිස්සු ගොඩාක් දුප්පත්. ලැයිම් වල ඉන්නේ ගොඩක් අය. ඒත් එහෙම කියලා නෑ. හැමෝම සමගියෙන් හිටියා.මිනිස්සු අතර ප්‍රශ්න තිබ්බ. ඒත් ඒ ප්‍රශ්නවලට ජාතිය හේතුවක් වුණේ නෑ. සමහර දෙමල මිනිස්සු කඩ කළා. අපේ අම්මල තාත්තලා බුලත්, පුවක්, දුම්කොළ, ගන්න යන්නේ දෙමල කඩවලට මයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගාන අඩුයි.

    ඒ කාලේ කෝවිලේ පූජාව තියෙන දවසට මාත් කෝවිලේ මයි. මට තාම මතකයි අපේ තාත්තගේ බයික් එකේ රෝදයක් පන්නපු දවසක ඒක අරන් මමයි තව දෙමල කොල්ලෙකුයි කෝවිල් වත්තෙයි, පන්සල් වත්තෙයි ඕක පද්දපු හැටි.

    අපේ වත්තේ දළු කඩන්න ආවා සුප්පම්මා කියලා ගෑනු කෙනෙක්.ඒ මනුස්සයා ගිය අවුරුද්දේ නැති වුනා කියල දැන ගත්තේ. මට තාම සුප්පම්මා කියද්දී මතක් වෙන්නේ මගේම අම්ම කෙනෙක් වගේ. එයා හිටියෙත් ලැයිමක. එයාගේ පුතා දම් කඩන්න කැලේ යද්දී current කම්බියක් පෑගිලා මැරුණා. :sorry::sorry::sorry::sorry:
    ඒ මනුස්සයා මට තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවා. දළු කඩලා ඉවර වෙලා හවස මාත් එක්කන් ගඟට ගිහින් මාවත් නාවල, මගේ රෙදිත් හෝදනවා. ඒ දවස්වලවත් අම්මලා ඉස්සරහ කලිසමක්වත් මාරු කරන්නේ නැති මම ඒ මනුස්සයා ගාවදී ඇඟේ නූල් පොටක් නැතුව අමු හෙළුවෙන් නානවා. ඒ මනුස්සයා තමන්ගේ දරුවෙක්ගේ වගේ මගේ ඇඟේ සබන් ගාල කුණු අතුල්ලනවා. නාල ඉවර වෙලා හෙම්බිරිස්සාව හැදෙයි කියලා විනාඩි 20ක් විතර ඔලුව පිහිදානවා. අපේ අම්මලත් ඒ මනුස්සයා ගැන විශ්වාසෙ තිබ්බ.මම 5 ශිෂ්‍යත්වේ ලියනකනුත් ඒ මනුස්සයා මාව බලා ගත්තා. මට මගේ තවත් අම්ම කෙනෙක් කියල දැනිච්ච මනුස්සයෙක් එයා. :(

    කෝවිල කියන්නේ අපි නිතරම යන තැනක්. දේවාලේ පූජාවට සින්හල මිනිස්සු හැමෝම වගේ යනවා. ඒ මිනිස්සුන්ගේ එක පූජාවක් දවසට පෙරහරෙන් සල්ලි එකතු කර කර ගම පුරාම යනවා. ඒ යන්නේ ඔක්කොම සිංහල ගෙවල් වලට. අපි නිදි මරන් ලැස්ති වෙලා ඉන්නවා පූජාවට සල්ලි දීල මොට්ටුවක් තියා ගන්න. ඒක මාර සුන්දර මතකයක් බන්. මේ ඔක්කොම වුනේ උතුරේ යුද්දේ තියෙන දවස්වල.

    දැන් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ජාති, ආගම් අල්ලගෙන මැරෙන්න හදනවා. දැන් මිනිස්සු වෙනත් ජාතියක මිනිහෙක් දිහා බලන්නේ හෙන අමුතු විදියට. ලංකාව සර්වාගමික රටක් නෙමෙයි. ඒත් හැම ආගමකම මිනිස්සුන්ට සහයෝගයෙන් ඉන්න පුළුවන් ජාතියක් තමයි සිංහල කියන්නේ.

    වෙනස් ජාතිවල, වෙනස් සංස්කෘතීන් ඇති මිනිස්සු සහයෝගයෙන් ඉන්න එක තරම් ලස්සන දෙයක් තවත් නෑ බන්. උඹලට මතකද ඉස්සර දොරමඩලාවට ආපු කවි කියපු මව්ලවිතුමා ? එතුමා හැම ආගමික නායකයෙක් එක්කම සාමයෙන් සමාදනෙන් කතා කළා. මම පට්ටම කැමති පුද්ගලයෙක්. අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ. වෙනස් මතවාද, අදහස්, තියෙන මිනිස්සුනට වුනත් හොඳ හදවතක් තියෙනවා නම් සහයෝගයෙන් ඉන්න පුළුවන් බන්. එහෙම වෙනස් ජාතීන්වල, ආගම්වල මිනිස්සු සහයෝගයෙන්, බැඳීමෙන් ඉන්න එක මාර සුන්දර දෙයක් බන්.

    මිනිස්සු මෙහෙම සමාදානෙන් ජීවත් වෙනවට දේශපාලනය කරන එවුන් කැමති නෑ. ඒකයි අංක එක. අනිත් එක සල්ලි තියෙන ආගමික අන්තවාදීන් එකතු වෙලා රට උන්ගේ ජාතියේ බූදලයක් කරන්න හදනවා.

    :yes::yes::yes::yes:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සහයොගය පෙන්නලා අරින එකනෙ ප්‍රශ්නෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සහයොගය පෙන්නලා අරින එකනෙ ප්‍රශ්නෙ

    ඔව් බන්. දැන් ජාතීන් එකිනෙකාට බයයි. එහෙම කරලා තියෙන්නේ දේශපලකයෝ. සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා වැඩක් නෑ බන්. ඒ මිනිස්සු බලන්නේ එදා වේල හොයා ගන්නේ කොහොමද කියලා.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කෝවිලට ගිහින් මොට්ටු තියාගෙන පන්සල් යන්න තරම් ඇම්මක් මට නැතත් මචං උඹ කියල තියෙන දේ මට තේරෙනවා. සහතික ඇත්ත බං. අපේ අම්මල තාත්තලගේ කාලේ ලංකාවේ මිනිස්සු බොහොම සමගියෙන් හිටියා. කොච්චර සිංහල මිනිස්සු යාපනේ හිටියද? දැන් කෝ?

    ඔයා කියන විදිහට මේ ලඟදි වෙනස් වෙලා කියන එකනම් මම දන්නේ නෑ මචං. දැන්නම් යුද්ද කාලෙට වඩා හොඳයි මම දන්නා තරමට. මරක්කල මිනිස්සු එක්ක ප්‍රශ්න ආවේ උන් අපිව හූරන් කන්න, ඉඩම් අල්ල ගන්න හදන එකට මිසක් වෙන සිංහල මිනිහගේ වරදකට නෙමෙයි නෙ?

    මටනම් සාමාන්‍ය දෙමල වත් මුස්ලිම් වත් මිනිස්සුත් එක්ක අවුලක් නෑ බං. හැබැයි අර ඔලුව නරක්කරගෙන කෑ ගහන, රට අල්ලන්න හදන. නානල දැනගන්න ඕනේ ඉන්නේ කොහෙද කියල.

    ඒවගේම ඕක සිංහලයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. දෙමල වගේම, මරක්කල මිනිස්සුන්ටත් පොදුයි. ගොඩක් වෙලාවට ලංකාවේ අසාධාරණයට ලක් වෙන්නෙ සිංහල මිනිස්සු. ජාතියක් වශයෙන්. මහා ජාතියට කොකා පෙන්නලා බං, සාමේ නෑ කියල කෑ ගහල වැඩක් නෑ.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මල්ලියා දෙමල කෝලහල කාලේ අපේ ගෙදර දෙමල පවුලක් හන්ගගෙන හිටියා.අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු අය.ඒත් දැන් මිනිස්සුන්ට විෂ පොවලා තියෙන්නේ.ඕවා රටේ අවස්ථාවාදී දේශපාලුවෝ කරපු දේවල්.දැන් ඕවා වෙනස් කරන්න අමාරුයි.හිතේ කොච්චර තරහක් නැතත් දෙමල මිනිහා දිහා සැකෙන් බලනවා නෙමෙයි බැලෙනවා.ඉස්සර හිටපු මුස්ලිම් වරු නෙමෙයි දැන් ඉන්නේ.වෙනස්ම ජාතියක්.ඉස්සර හිටපු ජාතිය එක්ක සහයෝගයෙන් ඉන්න පුලුවන් වුනත් දැන් ඉන්න බහුතරයක් එහෙම නෑ.අවංකවම කණගාටුයි.ඒත් මගේ අදහසනන් කාලාන්තරේකට ඕවා වෙනස් කරන්න බැරිවෙයි.
     
    බිඩින් ඇන්ඩ් ඒඩින් ටු ටෙරරිසම් යු ෆූල්.. ඇයි ඔකුන්ව හන්ගගෙන හිටියේ, පරික්ශනයක් ඔනා.. :sorry::sorry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බන්. දැන් ජාතීන් එකිනෙකාට බයයි. එහෙම කරලා තියෙන්නේ දේශපලකයෝ. සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා වැඩක් නෑ බන්. ඒ මිනිස්සු බලන්නේ එදා වේල හොයා ගන්නේ කොහොමද කියලා.

    අපි සමගියෙන් සයොගයෙන් ඉමු කියලා හලාල් වලින් අපෙ කියක් කොල්ල කනවාද?:(:(
    අපි සමගියෙන් සාමයෙන් ඉන්න ඔන සුලුජාතින්ට සමානව සලකන්න ඔන කියලා ඉන්න උන් වෙනම රටක් ඉල්ලනවා උතුරට කොලබ ඉන්න එකා උතුරට ගියාහම උට වෙනම රටක් ඔන
    දකුනෙදි සමාන අයිතිවාසිකම් ඔන එත් අපිට උතුරෙදි එ අයිතිවාසිකම් ලැබෙනවාද?
    මුස්ලිම් අයට වෙනම නිතියක් ඔනලු ඉස්කොලෙට රොහලට යන්න වෙනම ඇදුමක් ඔන

    මොන කොම්පැනියෙ වැඩ කරත් පස් වෙල වදින්න කියලා දවසකට පැයක් වැඩ නොකර මගහරිනවා
    නැත්නම් විවෙක ගන්නවා එතකොට අනිත් උන් එ වෙලාවෙ මුන්ගෙන් වෙන අඩුව පුරවන්න මැරෙන්න ඔන:(

    උලු ටිකක් කැම ටික රු 1000 ක් දිලා අපෙ ආගමට වරෙන් කියලා එක පැත්තකින් කුරුසයො කරනවා
    සමගියෙන් ඉමු කියලා ගොඩ වැඩි කර ගන්නවා පන්සල් වත්ත අල්ලගෙන පල්ලි ගහනවා /දෙගොල්ලොම/

    එතකොට සිංහලයාම තම්යි පාරට බැහැලා කියන්නෙ සමගියෙන් ඉමු කියලා අනිත් හැම එකාම
    අවාසි තැනෙදි සුදු පරවියො උඩ ගහනවා වාසි තැනදි දිය රෙද්දෙන් බෙල්ල කපනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15897637 said:
    බිඩින් ඇන්ඩ් ඒඩින් ටු ටෙරරිසම් යු ෆූල්.. ඇයි ඔකුන්ව හන්ගගෙන හිටියේ, පරික්ශනයක් ඔනා.. :sorry::sorry:

    :P api baya weyi.:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝවිලට ගිහින් මොට්ටු තියාගෙන පන්සල් යන්න තරම් ඇම්මක් මට නැතත් මචං උඹ කියල තියෙන දේ මට තේරෙනවා. සහතික ඇත්ත බං. අපේ අම්මල තාත්තලගේ කාලේ ලංකාවේ මිනිස්සු බොහොම සමගියෙන් හිටියා. කොච්චර සිංහල මිනිස්සු යාපනේ හිටියද? දැන් කෝ?

    ඔයා කියන විදිහට මේ ලඟදි වෙනස් වෙලා කියන එකනම් මම දන්නේ නෑ මචං. දැන්නම් යුද්ද කාලෙට වඩා හොඳයි මම දන්නා තරමට. මරක්කල මිනිස්සු එක්ක ප්‍රශ්න ආවේ උන් අපිව හූරන් කන්න, ඉඩම් අල්ල ගන්න හදන එකට මිසක් වෙන සිංහල මිනිහගේ වරදකට නෙමෙයි නෙ?

    මටනම් සාමාන්‍ය දෙමල වත් මුස්ලිම් වත් මිනිස්සුත් එක්ක අවුලක් නෑ බං. හැබැයි අර ඔලුව නරක්කරගෙන කෑ ගහන, රට අල්ලන්න හදන. නානල දැනගන්න ඕනේ ඉන්නේ කොහෙද කියල.

    ඒවගේම ඕක සිංහලයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. දෙමල වගේම, මරක්කල මිනිස්සුන්ටත් පොදුයි. ගොඩක් වෙලාවට ලංකාවේ අසාධාරණයට ලක් වෙන්නෙ සිංහල මිනිස්සු. ජාතියක් වශයෙන්. මහා ජාතියට කොකා පෙන්නලා බං, සාමේ නෑ කියල කෑ ගහල වැඩක් නෑ.

    මමත් දෙමල දෙවියන් සරණ ගිහින් නෑ මචන්. ඒත් පොඩි කාලේ ඕව ගැන දන්නේ නෑනේ බන්. ලංකාවේ සිංහල ජාතියට ලොකු අසාදාරනයක් වෙනවා. ඒක ඇත්ත. එහෙම වෙන්නෙත් අපේ තියෙන හිත හොඳකම ජාතිවාදී දෙමලු ප්‍රයෝජනයට ගත්තු නිසා. අහිංසක දුප්පත් දෙමල මිනිස්සු එහෙම නෑ බන් ගොඩක් අය. මුස්ලිම් අයත් එහෙමම තමයි. ඔය ඔක්කොම ලොකු තැන්වලින් මිනිස්සු අතරට හලපු අදහස්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් මල්ලියා දෙමල කෝලහල කාලේ අපේ ගෙදර දෙමල පවුලක් හන්ගගෙන හිටියා.අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු අය.ඒත් දැන් මිනිස්සුන්ට විෂ පොවලා තියෙන්නේ.ඕවා රටේ අවස්ථාවාදී දේශපාලුවෝ කරපු දේවල්.දැන් ඕවා වෙනස් කරන්න අමාරුයි.හිතේ කොච්චර තරහක් නැතත් දෙමල මිනිහා දිහා සැකෙන් බලනවා නෙමෙයි බැලෙනවා.ඉස්සර හිටපු මුස්ලිම් වරු නෙමෙයි දැන් ඉන්නේ.වෙනස්ම ජාතියක්.ඉස්සර හිටපු ජාතිය එක්ක සහයෝගයෙන් ඉන්න පුලුවන් වුනත් දැන් ඉන්න බහුතරයක් එහෙම නෑ.අවංකවම කණගාටුයි.ඒත් මගේ අදහසනන් කාලාන්තරේකට ඕවා වෙනස් කරන්න බැරිවෙයි.

    දෙමල සිංහල බෙද ඇති කරෙ කවුද? දෙමලා තම්යි. සුද්දාගෙ උවමනාවට සුද්දාගෙ කාලෙ තිබුන තාන්න මාන්න බලය 50/50 ඔන වෙලා:frown: මුස්ලිම් සිංහල බෙද ඇති කරෙ කවුද අශ්රොප්ලා
    සිංහලයා ඉවසුවානෙ අවු 60/ක්ම දැනුත් මිනිස්සු අවි අතට අරන් නැහැනෙ ජාතියකට ව්රුද්දව
    නමුත් දෙමලයි තම්බියයි දෙන්නාම අවි අතට අරන් කල්ලි හදලා තියෙන්නෙ සිංහලයාව මරන්න :(
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    අපි සමගියෙන් සයොගයෙන් ඉමු කියලා හලාල් වලින් අපෙ කියක් කොල්ල කනවාද?:(:(
    අපි සමගියෙන් සාමයෙන් ඉන්න ඔන සුලුජාතින්ට සමානව සලකන්න ඔන කියලා ඉන්න උන් වෙනම රටක් ඉල්ලනවා උතුරට කොලබ ඉන්න එකා උතුරට ගියාහම උට වෙනම රටක් ඔන
    දකුනෙදි සමාන අයිතිවාසිකම් ඔන එත් අපිට උතුරෙදි එ අයිතිවාසිකම් ලැබෙනවාද?
    මුස්ලිම් අයට වෙනම නිතියක් ඔනලු ඉස්කොලෙට රොහලට යන්න වෙනම ඇදුමක් ඔන

    මොන කොම්පැනියෙ වැඩ කරත් පස් වෙල වදින්න කියලා දවසකට පැයක් වැඩ නොකර මගහරිනවා
    නැත්නම් විවෙක ගන්නවා එතකොට අනිත් උන් එ වෙලාවෙ මුන්ගෙන් වෙන අඩුව පුරවන්න මැරෙන්න ඔන:(

    උලු ටිකක් කැම ටික රු 1000 ක් දිලා අපෙ ආගමට වරෙන් කියලා එක පැත්තකින් කුරුසයො කරනවා
    සමගියෙන් ඉමු කියලා ගොඩ වැඩි කර ගන්නවා පන්සල් වත්ත අල්ලගෙන පල්ලි ගහනවා /දෙගොල්ලොම/

    එතකොට සිංහලයාම තම්යි පාරට බැහැලා කියන්නෙ සමගියෙන් ඉමු කියලා අනිත් හැම එකාම
    අවාසි තැනෙදි සුදු පරවියො උඩ ගහනවා වාසි තැනදි දිය රෙද්දෙන් බෙල්ල කපනවා

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙමල සිංහල බෙද ඇති කරෙ කවුද? දෙමලා තම්යි. සුද්දාගෙ උවමනාවට සුද්දාගෙ කාලෙ තිබුන තාන්න මාන්න බලය 50/50 ඔන වෙලා:frown: මුස්ලිම් සිංහල බෙද ඇති කරෙ කවුද අශ්රොප්ලා
    සිංහලයා ඉවසුවානෙ අවු 60/ක්ම දැනුත් මිනිස්සු අවි අතට අරන් නැහැනෙ ජාතියකට ව්රුද්දව
    නමුත් දෙමලයි තම්බියයි දෙන්නාම අවි අතට අරන් කල්ලි හදලා තියෙන්නෙ සිංහලයාව මරන්න :(

    100% Agreed .:yes:
     
    Jun 19, 2013
    437
    104
    0
    කෝවිලට ගිහින් මොට්ටු තියාගෙන පන්සල් යන්න තරම් ඇම්මක් මට නැතත් මචං උඹ කියල තියෙන දේ මට තේරෙනවා. සහතික ඇත්ත බං. අපේ අම්මල තාත්තලගේ කාලේ ලංකාවේ මිනිස්සු බොහොම සමගියෙන් හිටියා. කොච්චර සිංහල මිනිස්සු යාපනේ හිටියද? දැන් කෝ?

    ඔයා කියන විදිහට මේ ලඟදි වෙනස් වෙලා කියන එකනම් මම දන්නේ නෑ මචං. දැන්නම් යුද්ද කාලෙට වඩා හොඳයි මම දන්නා තරමට. මරක්කල මිනිස්සු එක්ක ප්‍රශ්න ආවේ උන් අපිව හූරන් කන්න, ඉඩම් අල්ල ගන්න හදන එකට මිසක් වෙන සිංහල මිනිහගේ වරදකට නෙමෙයි නෙ?

    මටනම් සාමාන්‍ය දෙමල වත් මුස්ලිම් වත් මිනිස්සුත් එක්ක අවුලක් නෑ බං. හැබැයි අර ඔලුව නරක්කරගෙන කෑ ගහන, රට අල්ලන්න හදන. නානල දැනගන්න ඕනේ ඉන්නේ කොහෙද කියල.

    ඒවගේම ඕක සිංහලයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. දෙමල වගේම, මරක්කල මිනිස්සුන්ටත් පොදුයි. ගොඩක් වෙලාවට ලංකාවේ අසාධාරණයට ලක් වෙන්නෙ සිංහල මිනිස්සු. ජාතියක් වශයෙන්. මහා ජාතියට කොකා පෙන්නලා බං, සාමේ නෑ කියල කෑ ගහල වැඩක් නෑ.

    සමගියෙන් හිටිය, ඒ එතකොට අපි හැමෝටම පොදු හතුරෙක් හිටපු නිසා... අද ඒ හතුරා නෑ... ඉතින් අපි අපිම බෙදිලා... මොන ලබ්බක්ද බන්... හැම එකාම යාපනේ කොටි දෙමල්ලු ගැන කතා වෙන්නේ, ඇයි යකෝ ලංකාවේ තවත් මිනිස්සු ඉන්නවා... මේක සිංහල රටක්ද නැත්තම් පර දෙමල්ලුන්ගේ රටක්ද... මටනම් හිතෙන්නේ ලංකාවේ සිංහල හැමෝම මේකට උද්ගෝෂණය කරන්න ඕනේ... කොටින්ගෙන් අපේ නැතිවෙච්ච දේවල් ඉල්ලලා ඔය කාලකන්නින්ට බල කරන්න ඕනේ... අපි එකමුතු වෙන්න ඕනේ... මට හිතාගන්න බෑ මහින්දය මොන හිරවිල්ලක ඇතිද කියල... මොනා උනත් මේ වෙලාවේ අපි එකමුතු වෙන්න ඕනේ... කැමරන් පකයට මොන හයියක්ද කොටි මරපු එකට මානව හිමිකම් කඩ කරා කියල අපිට ඇඟිල්ල දික් කරන්න... අර ප්‍රභාකරන් මැරෙන්න කලින් කිව්වලුනේ... උඹලට මේකේ රිටර්න් එක හම්බ වෙයි කියල... එක යුද්ධයක් ඉවරයි. දැන් අනිත් යුද්ධේ පටන් අරගෙන. මේකට තනිකරම ඔලුවෙන් යුද්ධ කරන්න වෙලා තියෙන්නේ... වෙන දේවල් වලදී මොනා උනත්, මටනම් හිතෙන්නේ මේ දේදී අපි මහින්දගේ පැත්තේ ඉන්න ඕනේ කියල. මොකෝ නැත්නම්, මහින්ද පපුව ඉස්සරහට දාගෙන වෙඩි කෑවොත් පිටිපස්සේ එකෙක්වත් නෑ මේ එන හෙන ගෙඩිය නවත්වන්න.... ලංකාවේ සේරම මිනිස්සු එකමුතු වෙන්න ඕනේ... කාටවත් බැන බැන ඉදල, අපේම එවුන්ට ඇඟිල්ල දික්කර කර ඉඳල වැඩක් නෑ... එහෙන් BBC CNN එකයි, Channel 4 එකයි ඉගෙන අපේ රටට විරුද්ධව එක එක ඒවා කියනවා. ඒ පල්හෑලි බලන මිනිස්සුත් ලෝකේ ඉන්නවා. එහෙන් කොටි වෙනුවෙන් ස්මාරක හදනවා. කොටිත් යුධ අපරාධ කළා තමයි, එත් අපේ පත්තෙන්ලු වැඩියෙන්ම වෙලා තියෙන්නේ.. ඇයි යකෝ ඒ කාලේ අපි පන බයේ, ගෙදරින් එලියට බහින්න විදියක් නැතිව, පාරේ යනකොට තැන් තැන් වල බෝම්බ වලට බයේ හිටිය ඒවා රටෙන් පිට හිටපු එවුන් දැක්කේ නැද්ද...