එජාපය, CHOGM වියදම් හෙළි කරයි

kindheart

Member
Nov 6, 2013
36
7
0
එජාපය, CHOGM වියදම් හෙළි කරයි

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1400 ක පමණ මුදලක් රජය වැයකර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කරයි.

මෙම මුදල වැරදි නම් ඒ සඳහා වැයවූ නිවැරදි මුදල රටට හෙළි කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

චාල්ස් කුමරු සමග පොටෝ එකක් ගැසීම වෙනුවෙන් රුපියල් බිලියන 14 ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බවත්, සමුළුවට ගිය වියදම් මෙතෙක් ආණ්ඩුව හෙළි කර නැති බවත් හෙතෙම කීවේය.

බස්, මෝටර් රථ ඇතුළු ගමන් වියදම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4300ට වැඩි බවද තිස්ස අත්තනායක මහතා පැවසීය.

අමුත්තන්ට සංග්‍රහ වියදම රුපියල් මිලියන 3000ක්ද ඔවුන්ට ආරාධනා කිරීම සඳහා විදෙස් ගමන් ඇතුළුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 500ක් බවද මාධ්‍යවේදියෙකු සඳහා වියදම රුපියල් 100,000ක් බවද හෙතෙම කීවේය.

චොගම් සමුළුවේ සමාරම්භක උත්සවයට රුපියල් මිලියන 400ක් ද වැය කර ඇති බවත් ඒ අනූව සමස්තයක් ලෙස රුපියල් බිලියන 10 -14ත් අතර මුදලක් මේ සඳහා වැය කර ඇති බවත් එය ජනතාවගෙන් 'චොගම් ටැක්ස්' ලෙස බදු අය කර ගනු ඇති බවත් ඔහු පැවසීය.

රටවල් 54කින් රාජ්‍ය නායකයින් පැමිණියේ 21ක් බවත් එක් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් ආණ්ඩුව වැය කර ඇති මුදල රුපියල් කෝටි 70ට වැඩි බවත් මෙම ගණන් වැරදී නම් නිවැරදි ගණන් හෙළිකරන්නැයි ආණ්ඩුවට බල කරන බවද අත්තනායක මහතා කියා සිටියේය.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි, ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට නොහැකි, රෝහල්වලට බෙහෙත් පෙත්තක් ලබාදීමට නොහැකි ආණ්ඩුව මෙතරම් ධනස්කන්ධයක් චොගම් සමුළුවට වැය කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

චාල්ස් කුමාරයා සමග පොටෝ එකක් ගැසීමට මෙතරම් මුදලක් වැය කළ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරියේදී ජනතාවට 'චොගම් ටැක්ස්' ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕවා එලි කරා කියලා ආයෙත් අපි මහින්දට ජන්දේ නොදී ඉදියි. එහෙනම්
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය තියේන ඉලක්කම් 'හරි' නම් ආන්ඩුව වෑරදියි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල එල හොරා කන්නෙ නැතුව ඕකුන්ට කන්න බොන්න වත් දුන්න එක හොඳයි.
    එදා වේල කන්න නැති රටවල එවුන්නෙ ආවෙ වැඩිපුර :)
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕවා එලි කරා කියලා ආයෙත් අපි මහින්දට ජන්දේ නොදී ඉදියි. එහෙනම්

    ඔන්න ඕක තමයි මචන් ඕන දේශපාලකයෙක් බලාපොරොත්තු වෙන උපරිම ජයග්‍රහනය.. ජනතාවගේ ඔලුව නෙමෙයි, හිත දිනීම.
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    avatar404928_9.gif
     

    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    ඔය මිලියන ගනං වලින් මිල කියන්න එපා බන්. අපේ ගොන් හරක්ට තේරුමක් නෑ. පොඩි ගානක්නෙ , රජතුමා නිසා කමක් නෑ කියයි. මොනා නැතත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ බන්. ඇත්තෙන්ම ගෙදර යන්න විදියක් නෑ පාරට බැස්සාම. පාරෙම බුදියනවා නිදහසේ. :rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wade kiyanne muwa elawala genna kawruth na mko
    Ranil ta dennada. Deepu gaman managalai wickrabahui mano ganeshuni okkotoma keli.hari kenek awoth denna puluwan fonseka unat sure karana bane .kohomat mangala wickrabahu innakan mahinda dinanawa.mahinda dinanne uge hodata newe ara gon harak dennage wada nisa unta ewa karana dena ranil tama lokuma gona
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕවා එලි කරා කියලා ආයෙත් අපි මහින්දට ජන්දේ නොදී ඉදියි. එහෙනම්
    ආයෙත් එහෙනම් ..... හයිවේ එකට පාරේ බස් එකේ ගිහිල්ලා , බත් ගෙඩිය කාල බජව් දාපු අපි , වෙන කාට දෙන්නද ?:lol:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ආන්ඩුවෙ මේ හිතුවක්කාර නැටිල්ලට භාගයක් වගකියන්න ඕන රනිල් ප්‍රමුඛ එජාපය තමයි.ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් ආන්ඩුව ඔහොම හිතෙන හිතෙන දේ කරන්න බෑ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape country eka himin develop venna eka hethuwak thamai ape tradition ekenma ena menna mea yugala padaya. GANU-DENU. Ath developed country follow karanne venas vidiyakataya. DENU-GANU. Antha vadiva talk kirima varadiya. Ape country eka gana biyak sakak avisvasayak thibunanam mea chogam eka nisa ema avisvasaya thuran viya. A mokada sathuru set ekak ape country eka gana condemn karamin hitiye world eka pura. Namuth world leaders la saha businessmen la country ekata avilla traval kalama theruna ama varadi durmatha boru bava. Investors lata therenne athi mea country eka ayojanayata sudusu country ekak kiyala. A vagema tourism walath progress ekak athi vevi. Anna evage labuna deval gana buddhimathwa hithala balanna. Meeta amatharawa Australia walin Ships dekak labila thiyenava Srilanka wata.