නැවත එළකිරි එන්නේ නැතුව ඉන්නයි හිතුවේ හැබැයි වැදගත් දෙයක් නිසා ආයෙත් අවා දිගටම ඉන්න හිතන්නෙත් නැ ...
වේලාව සවස 2.30 ෆෝන් එක රින්ග් උනා "මචං හෝර්ටන් යනවා එනවද? එනවනම් රැ 7 ට කොටුවට වරෙන්," යාළුවෙක් කථා කලා. "ඕකේ මචෝ මං එනවා." කථා කලේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපතිතුමා, හරියටම හත වෙද්දී මම තවත් යාළුවෙක් එක්ක කොටුව ස්ටේෂන් එකට ගියා යනකොට අපි ඔක්කොම අට දෙනෙක් හිටියා
මේ ඉන්නේ කට්ටිය එකෙක් ඇවිත් නැ තාම අනිත් එකා තමයි ගත්තේ
අපේ චාරිකාව උනේ කොටුව සිට බදුල්ල දක්වා රාත්‍රී අටට පිටත් වන දුම්රියෙන් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රිය පොළ වන පට්ටිපොළ දක්වා ගොස් එතැන්සිට හෝර්ටන් පයින්ම ගමන් කිරීමයි හැබැයි ගියේ ඊටත් වඩා වැදගත් දේකට ඉස්සරහදි බලමු
ලංකාවේ කවදත් වගේ ඔන්න කෝචිචිය පරක්කු උනා එනකොට 8.30යි. යන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි. අපි යද්දී ගියේ තෙවන පංතියේ නිදන මැදිරියක කොටුවේ ඉදන් පට්ටිපොළට රු 400යි.
අපි පාන්දර 5.30 වෙද්දී පට්ටිපොළ දුම්රියපොළට ලගා උනා මෙහි විශේෂත්වය නම් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රියපොළ මෙය වීමයි මෙහි උස මුහුදුමට්ටමේ සිට අඩි 6204 කී හැබැයි මෙහි මුලින් සදහන් වෙලා තිබිල තියෙන්නේ අඩි 6203කි අඩියක් වැඩි වෙලා .. ලගදි.
අපි උදේ කෑම ගත්තේ ළග තිබුණු කඩේකින් අපිට යාලුවෙකුත් හම්බුනා.. මේ ඉන්නේ එයා අම්මයි පුතයි
මේ අපේ හෝර්ටන් ගමනේ ආරම්බය
ජාතික වනෝද්‍යානය පටන්ගන්න තැනට අපි කිලෝමීටර් 6ක් වගේ ඇවිද්දා
මේ ඉන්නේ කිතුල් ඇටයා කියලා සතෙක් මාත් එදාමයි දැක්කේ..
මේ වගේ සුන්දරත්වය වාහන වල ගිහින්නම් කවදාවත්ම විදින්න බැ යනවනම් පයින්ම යන්න
අපි උදේ නවය වගේ වෙද්දී ජාතික වනොදයනයට ඇතුළු උනා ..
අපි හෙව්ව නෙලූ අපිට හිතුවෙවත් නැති වෙලාවක අපිට හමු උනා ...මේ තියෙන්නේ නෙලූ
නෙලූ කිව්වේ මලක් ... හැබැයි නිකන්ම නිකන් මලක් නෙවෙයි ටිකක් ගණන් උස්සන මලක් මෙයාගේ ප්‍රරබේද 6ක් වගේ තියෙනවා මෙයා පිපෙන්නේ අවුරුදු 12කට සැරයයි. අවසාන වතාවට පිපිලා තියෙන්නේ 2001 වර්ෂයේදී මන් ඔයාලට පෙන්නුවේ නැති දෙයක් තමයි මේ .. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ 2001දි පිපුණු මල්වල පින්තුරයක් එල්ලලා තිබුනා ..
නෙලූ අපි හිතුවටත් කලින් හම්බුනා මහන්සිය කොහේ ගියාද කියලා හිතා ගන්න බැ
මෙතනින් ටිකට් අරන් තමයි යන්න වෙන්නේ ...
අපිනම් ගියා මොකද හැම අවුරුද්දෙම තොටුපළ කන්දට යන පාර සුද්ද කරන්නේ තරුණ සත්වවේදීන්ගේ සංගමෙන් නිසා අපිව දන්නවා තොටුපළ කන්ද ඉස්සරහට හම්බ වෙනවා ලංකාවේ උසින් තෙවැනි තැන ලැබෙන්නේ මෙයාට
ඔන්න තව යාළුවෙක් හම්බුනා මෙයා තමයි අන් කටුස්සා
අපි නෙලූ මල් අතරින් තොටුපළ කන්දට හැරෙන තැනටම ගියා
තොටුපළ කන්ද ගාව ඉදන් තමයි ඔන්න ගෙනාව බිස්කට් කෑවේ ...
ඔක්කොම ... ඉන්න පින්තුරය ගත්තේ මෙන්න මෙහෙම තමයි...
මගදී යාළුවෙක් හම්බුනා...
ලෝකාන්තය බලන්න ගියේ නම් නැ එහෙම ගියානම් මුළු ගමනම කිලෝමීටර් 31ක් ඇවිදින්න වෙනවා .. යනවනම් වැදගත් වෙයි ඔයාලට ...ආක්‍රමණශීලි ට්‍රෞට් මත්සයන් චිමිනි නදියේ බලන්න පුළුවන් අරංග පොකුණ බලන්න පුළුවන්...වැදගත් රාත්‍රී 9.30 තමයි කෝච්චිය එන්නේ කොටුවෙන් බුක් කරලම යන්න.
ආයේ නෙලූ පිපෙන්නේ 2025 ... ළමයි එක්ක තමයි මටනම් යන්න වෙන්නේ
වීඩියෝ එකක් කළා ලගදීම දාන්නම්.. ගත්ත පොටෝස් ඔක්කොම දාන්න බැ ගොඩක් තියෙනවා මෙතැනින් බලන්න https://www.facebook.com/nuwan.chaminda.9/media_set?set=a.10202421835689281.1073741843.1295284928&type=3

Last edited: