ඔබත් පිපිඤ්ඤා කන්න...

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔබත් පිපිඤ්ඤා කන්න...




    අපේ රටේ එතරම් වටිනාකමක් හෝ පාරිභෝගික උනන්දුවක් නොතිබුනත් දියුණු රටවල පාරිභෝගිකයින් ඉතාමත් ආශාවෙන් අනුභව කරන, එළවලු සලාද මෙන්ම හැම්බර්ගර් වැනි පහසු ආහාර (fast-food) වල පවා නිතර යොදන "සුපිරි ආහාරයක් - super food" ලෙස පෝශණ වේදීන් හඳුන්වන ඉතා ලාභදායි එළවළුවකි පිපිඤ්ඤා.

    පිපිඤ්ඤා අනුභවයෙන් ඔබේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් පහත දැක්වේ.

    1. පිපිඤ්ඤා විජලනයට ඉතා හොඳ ආහාරයකි. 90% ජලය අඩංගු පිපිඤ්ඤා අමුවෙන් ආහාරයට ගැනීම සිරුරට ජලය ලබාගත හැකි ඉතා හොඳ ක්‍රමයකි. ඔබේ දරුවන්ටත් නිතර අමුවෙන් පිපිඤ්ඤා කෑමට උනන්දු කරවන්න.

    2. පිපිඤ්ඤා සිරුරේ උශ්ණාධික බවට අත්දුටු ප්‍රතිකාරයක් බව බටහිර පෝෂණවේදීන් තහවුරු කරගෙන ඇත.

    3. විවිධාකාරයෙන් ශරීරගතවී පටකවල තැම්පත්වෙන විෂ (toxins) සිරුරෙන් ඉවත්කිරීමේ හැකියාව පිපිඤ්ඤා සතුබව සොයාගෙන ඇත. එමෙන්ම නිතර අනුභව කිරීමෙන් වකුගඩු ගල් (kidney stones) දියකර හැරීමේ හැකියාව පිපිඤ්ඤා සතුවේ

    4. පිපිඤ්ඤාවල විටමින් A, Bහා C විශාල ප්‍රමාණයක් අඩංගුව. පිපිඤ්ඤා පොත්තේ විටමින් C බෙහෙවින් අඩංගු බැවින් පොත්ත පිටින් ආහාරයට ගැනීම වැදගත්ය. ලංකාවේ සාමාන්‍ය පිසීම් ක්‍රමය හෙවත් හොඳින් තම්බා ගැනීමේදී මෙම විටමින බෙහෙවින් විනාශව යන බැවින් පිපිඤ්ඤා අමුවෙන් කෑම ඉතා වැදගත්ය

    5. පිපිඤ්ඤා වැදගත් ඛණිජ ලවණ විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයකි. පොටෑසියම් හා මැග්නීසියම් බෙහෙවින් අඩංගුය.

    6. පිපිඤ්ඤා ආහාර ජීර්ණය පහසු කරවන අතර එය තන්තුමය (fiber) ආහාරයක් බැවින් ආහාර මාර්ග පද්ධතිය හොඳ මෙහෙයක් ඉටු කරයි.

    7. විඩාබර, ඉදිමුණු දෑස් මත පිපිඤ්ඤා පෙති තබගැනීමෙන් ඒවා ප්‍රබෝධමත් වන අතර ඉදිමුණු ස්වභාව නැතිකල හැකි ප්‍රදාහ-නාශක (anti-inflammatory) රසායණිකයක් පිපිඤ්ඤා වල අඩංගුය.

    8. පිපිඤ්ඤා වල secoisolariciresinol, lariciresinol හා pinoresinol නම් පිළිකා නාශක රසායණික අඩංගු බව සොයාගෙන ඇත.

    8. පිපිඤ්ඤා සතුව අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව ඇති බව විද්‍යාත්මක පරීක්ශණවලින් හෙලිවී ඇත. අග්න්‍යාශයෙන් ඉන්සුලින් නිපැදවීම සඳහා අත්‍යාවශ්‍ය හෝමෝනයක් පිපිඤ්ඤාවල අඩංගු අතර පිපිඤ්ඤා සතුව ඇති ස්ටෙරෝල් (sterols) නම් රසායණිකය කොලෙස්ටරෝල් අඩුකිරීමට හේතුවන බවද සොයාගෙන ඇත. පිපිඤ්ඤා වල ඇති පොටෑසියම් හා මැග්නීසියම් රුධිර පීඩනය සමබරව තබාගැනීමට උපකාරීවේ.

    9. පිපිඤ්ඤා මුඛ සෞඛ්‍යයට ඉතා හොඳ බව සොයාගෙන ඇත. එහි අඩංගු phytochemcials නම් රසායණික විදුරුමස් වලට හානිකරන, මුඛයෙන් දුගඳ හැමීමට හේතුවන බැක්ටීරියා නසා දමයි.

    10. පිපිඤ්ඤා හිසකෙස් හා නියපොතු හොඳින් වැඩීමට හා නීරෝගීව පැවතීමට හේතුවන සිලිකා නම් රසායණිකය බෙහෙවින් අඩංගු ආහාරයකි.


    Source: http://www.fitnea.com/14-reasons-you-should-start-eating-cucumber/?utm_source=taboola


    මම ගත්තේ
    විද්‍යා ගවේෂණ blog එකෙන්
    Code:
    http://vidya-gaweshana.blogspot.com
    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න



     
    Last edited: