ඇමරිකානු ඉංග්‍රීසි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇමරිකානු ඉංග්‍රීසි

    ඔන්න නොදන්නා දෙයක් ඉගෙන ගන්න කැමති අයට හරියන ලිපි මාලාවක්ම හම්බ උනා, මෙ ලිපි මාලවෙ සම්පුර්න ගෞරවය හිමිවෙන්න ඔනි සත් සමුදුර කරන dinesh guruge සොහොයුරාට..එකින් එක එකෙන් හොයගන්න ගියාම මාර කට්ටක් කන්න වෙන නිසා එ ඔක්කොම එකතු කරල මෙතෙන්ට දාන්නයි හදන්නෙ ... ඔන්න පටන් ගත්තා එහෙනම් , අනිත් අයටත් බලා ගන්න බම්ප් එකක් දගෙනම යන්න

    Pages%20from%20Speak.English.Like.an.American-ebook_Page_1.jpg


    සින්හලෙන් විස්තර කරන්න යන්නෙ මෙන්න මෙ පොතයි .. අවශ්ය අයට මෙම පොතේ ebook එක download කරගැනීමට :
    SPEAK ENGLISH LIKE AN AMERICAN

    Pronounce කරන්න අමාරු වචනයක් Pronounce කරන්නෙ කොහොමද කියල අහගන්න පුලුවන් මෙන්න මෙ ලින්ක් එකෙන් :
    howjsay


    ඇමරිකානු ඉංග්‍රීසි - පාඩම් අංක 1


    Idioms and Expressions




    ඇත්තටම ඉංග්‍රීසි බසේ මෙම උපමා, යෙදුම් කියමන් යනාදිය (Idioms and Expressions) යනාදිය අපි ඩික්ශනේරියකින් වචනෙන් වචනය බලා තේරුම් කරගන්න ගියොත් නම් එන්නේ අර අදහස් කළ තේරුම නම් නෙමෙයි. හාත්පසින්ම වෙනස් තේරුමක්. ඉතින් විනෝදයටත් එක්ක වගේම මේ පොතේ පළමු පාඩමේ සමහර කොටස් දැන් ඔබටත් ඉදිරිපත් කරන්නම්.

    Break the news -

    මේක ඉතින් දැන් හුරු යෙදුමක්නේ. ‍මොකද අපේ රූපවාහිනී චැනල් ගණනාවකම හිටිය ගමන් දාන්නේ Breaking news කියලා (ඉස්සර නම් ඒවා ඇත්තටම වැදගත් ප්‍රවෘත්ති ගැන තමයි දැම්මේ. දැන්නම් වැදගම්මකට නැති ඒවටත් Breaking news කියලා දානවා. සමහර ඒවා "තමන්ගෙම පිට කහගන්න" ඒවා තමයිට අපිට බලෙන් Breaking news කරන්න හදන්නේ.)

    හොදයි, Break the news කියන්නේ ඇත්තටම විශේෂිතවූ එහෙමත් නැත්නම් තවකෙකුට යම් තිගැස්මක් ඇති කරලිය හැකි ‍හෝ විශේෂිතවූ අවධානයක් ලබාදීමට කරන්නාවූ කාරණා ප්‍රකාශයටයි. කණගාටුවට කාරණයක් වන්නේ බොහෝවිට මේ ආකාරයෙන් ලබාදෙන්නේ බොහෝවිට සුභවාදී නොවන තොරතුරක් හෝ සිද්ධියක් පිළිබදවයි (to tell someone some important news, usually bad news). උදාහරණයක් ලෙස මෙන්න මේ ආකාරයට එම Break the news කියන භාවිතා කරන බව පෙන්වන්න පුළුවන්.

    The doctor had to break the news to Jane about her husband's cancer. I hope that the doctor broke the news gently.
    Samantha and Michael are getting married, but they haven't yet broken the news to their parents
    You'd better break the news to your father carefully. After all, you don't want him to have a heart attack!



    Cost an arm and a leg -

    ගොඩක් මිල අධික දේවල් වලට තමයි මේ cost an arm and a leg කියන යෙදුම භාවිතා වෙන්නේ.

    These opera tickets cost us an arm and a leg!

    A college education in America costs an arm and a leg.
    ( අපේ රටෙත් බඩුමිල ඉහළ යන විදියට ඉස්සරහට මේකට an arm and a leg නෙමෙයි තව ඒවත් එකතු කරන්න වේවි).


    Dead-end job -
    ඉදිරියක් නැති, දියුණුවක් නැති රැකියාවන් සදහා මෙය භාවිතා කරනවා.


    Diane realized that working as a cashier was a dead-end job
    .


    Give one the creeps-
    මොකක් හරි සම්බන්ධයෙන් පිළිකුලක්, බියක් වැනි හැඟීමක් ගෙන එන දෙයකට මෙලෙස හදුන්වනවා.
    There was a strange man following me around the grocery store. He was giving me the creeps!


    (to) go back to the drawing board -
    ආපහු ගිහින් චිත්‍ර අදින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. යම් කාර්යයක් නැවත මුල සිට පටන් ගන්න කියන එක තමයි හරියටම මෙයින් අදහස් කරල තියෙන්නේ (to return to the planning stage, so that a failed project can be planned again).

    Frank's new business failed, so he had to go back to the drawing board.
    These plans have to go back to the drawing board. I thought these problems went back to the drawing board once already.


    Go belly-up -

    බංකොළොත් වෙන එකට තමයි (to go bankrupt) Go belly-up කියල කියන්නේ.
    Many people lost their jobs when Enron went belly-up.


    (to) give someone the ax -

    කවුරු හරි රස්සාවෙන් අස් කරන එකට තමයි (to fire someone) මෙලෙස භාවිතා වෙන්නේ (terminate the employment of; discharge from an office or position).
    Poor Paul! He was given the ax two days before Christmas (අනේ! අසරණ පෝලව නත්තලට දවස් දෙකකට කලින් රස්සාවෙන් අස්කරළනේ.)


    (to) lose one's temper -

    කාටහරි ගොඩක් තරහ යන එකට තමයි මෙහෙම කියන්නේ (to become very angry) (මට හිතෙන විදියට ඉවසීම සීමාව ඉක්මවා යන එකත් මෙයින් අදහස් වෙනවා ඇති.)
    Bob always loses his temper when his kids start talking on the telephone during dinner.
    Lisa lost her temper and began shouting at Bob. I hate to lose my temper at someone. I always end up feeling guilty.


    (to) make up one's mind -

    ම් තීරණයකට එළඹීම තමයි අදහස් වන්නේ (reach, make, or come to a decision about something).
    Stephanie couldn't make up her mind whether to attend Harvard or Stanford. Finally, she chose Stanford.
    Do you want an omelette or fried eggs? You'll need to make up your mind quickly because the waitress is coming



    no point in -

    හේතුවක් නැහැ එහෙමත් නැත්නම් අවශ්‍යතාවයක් නැහැ කියන එකට භාවිතා කරන්න පුළුවන්.
    There's no point in worrying about things you can't change.(ඔබට වෙනස් කරන්න බැරි දේවල් ගැන කම්පාවෙන එකේ තේරුමක්(අවශ්‍යතාවයක්/හේතුවක්) නැහැනේ?)
    There's no point in going on a picnic if it's going to rain.


    (to) put up with -

    ඉවසගෙන ඉන්නවාඔරොත්තු දෙනවා කියන එකට භාවිතා කරන්න පුළුවන්. අපි යම් දෙයක් හැකි තරම් ඉවසගෙන ඉවස ගෙන ඉන්න එකට මෙය ගැලපෙනවා.
    For many years, Barbara put up with her husband's annoying behavior. Finally, she decided to leave him. (අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ හිංසාකාරී හැසිරීම ඉවසගෙන හිටිය බාබරා අන්තිමේදී ඔහුව දාල යන්න තීරණය කළා).


    real flop or flop -

    අසාර්ථකත්වයට එහෙමත් නැත්නම් බිඳවැටීමට (a failure), පාඩුවකට මෙය යොදා ගන්න පුළුවන්.
    The Broadway play closed after just 4 days - it was a real flop!
    The company was in trouble after its new product flopped.


    (to) save the day -

    මේ දවස් ඉතුරු කරගත්ත එකක් ගැන කියනවා නෙමෙයි. යම් වෙන්නට ගිය කරදරයකින් ගැලවුන/ගලවා ගත්ත එකක් ගැන කීමටයි මෙය යොදා ගන්නේ (to prevent a disaster or misfortune).
    The Christmas tree was on fire, but Ted threw water on it and saved the day.


    (as) sharp as a tack -

    ඔන්න යමෙකුගේ දක්‍ෂතාවයකට, උගත්කමට එහෙමත් නැත්නම් නිපුණතාවයකට භාවිතා කරන්න පුළුවන් යෙදුමක් තමයි මේ.
    Jay scored 100% on his science test. He's as sharp as a tack.
    Anna got a scholarship to Yale. She's as sharp as a tack.


    (to) talk over -

    යමක් පිළිබදව සාකච්ඡා කිරීමට (to discuss) මෙය යොදා ගනු ලබනවා.
    Dave and I spent hours talking over the details of the plan.
    Before you make any big decisions, give me a call and we'll talk things over.


    top dollar -

    යමකට ඉහළ මිලක් ගෙවීම සම්බන්ධයෙන් තමයි මෙම top dollar කියන යෙදුම භාවිතා වෙන්නේ.
    (උදාහරණයක් විදියට මේ දවස්වල අපි හාල් ගන්න top dollar ගෙවනවා.)
    Nicole paid top dollar for a shirt at Banana Republic.
    Wait until those jeans go on sale. Why pay top dollar?


    ඔන්න එහෙනම් පළමු පාඩම ඉවරයි. දෙවනි එක බලාපොරොත්තු වන්න
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙන්න ඉංග්‍රීසි පාඩමේ දෙවැන්න

    (to) change one's mind -

    යමෙකුගේ තීරණය අදහස වෙනස් කිරීමට තමයි මෙය භාවිතා වන්නේ(to change one's opinion or decision)

    Brandon wasn't going to take a vacation this year, but then he changed his mind and went to Bora Bora for two weeks.
    (බ්‍රැන්ඩන් මේ අවුරුද්දේ නිවාඩුව ගත කරන්න කොහාටවත් යන්න හිතාගෙන සිටියේ නැහැ. ඒත් පස්සේ ඔහු සති දෙකකට බෝරා බෝරා යන්න හිත වෙනස් වුනා.)
    Why aren't you applying to medical school this year? Did you change your mind about becoming a doctor?
    (ඇයි ඔබ මේ අවුරුද්දේ වෛද්‍ය විද්‍යාලයට යන්න ඉල්ලුම් නොකරන්නේ? මොකද දොස්තර කෙනෙක් වෙන්න තිබුන අදහස වෙනස් කළාද?)


    (to) get canned -

    යම් අයෙකුගේ රැකියාව නැතිවෙන්නට යාමට හෝ නැතිවීම ගැන තමයි මෙයින් කියන්නේ (to lose one's job; to get fired)
    After Chris got canned, it took him a year to find a new job.
    (ක්‍රිස්ගේ රස්සාව නැතිවුනාට පස්සේ අවුරුදු දෙකක්ම ගියා අළුත් රස්සාවක් හොයා ගන්න).
    Lisa is a lousy secretary. She deserves to get canned!

    (to) hang in there -


    යමක් අත්නොහැර කෙසේ හෝ රැදී සිටින්න කියන්න තමයි භාවිතා කරන්නේ.
    I know you're four games behind, but you can still win the tennis match. Just hang in there!
    Hang in there, Don! Your invention will soon be a success.


    if worse comes to worst -


    වැඩේ නරකම අතට හැරුනොත්/ සිදුකරගෙන යනදේ හරියන්නෙම නැත්නම් කියන දේකට භාවිතා කරන්න පුළුවන්.
    Ted's car isn't running well. If worse comes to worst, he can take the bus to school.
    (ටෙඩ්ගේ කාර්එක ස්ටාර්ට් වෙන්නෙම නැති වුනොත් බස් එකෙන් හරි ඔහුට පාසටල යන්න පුළුවන්.)
    I know you're running out of money. If worse comes to worst, you can always sell some of your jewelry.


    (to) keep one's chin up -


    ධනාත්මකව සිටීම ‍එහෙමත් නැත්නම් කරදරයක් වෙලා තිබෙන වෙලාවෙත් කොහොම හරි එයට සාර්ථකව මුහුන දීමට ධෛර්යමත් කිරීමත් මෙයින් සිදුකරනවා.

    Even when he was unemployed and homeless, Bill managed to keep his chin up.
    Keep your chin up! You'll find your lost dog soon.

    Last resort -

    යමක් සම්බන්ධයෙන් ගන්නට තිබෙනා අවසානම විසදුම එහෙමත් නැත්නම් කරන්නටම දෙයක් නැත්නම් එයින් ගොඩඒමට ගතහැකි අවසානම පියවර සදහා මෙය භාවිතා කළ හැකියි (if there are no other alternatives left; the last solution for getting out of a difficulty)

    David was locked out of his house. He knew that as a last resort, he could always break a window.
    I don't like taking medicine. I'll only take it as a last resort.


    (to) live from hand to mouth -


    ඉතාම අවම මූල්‍යමය තත්ත්වයක් යටතේ ජීවත් වන්නට සිදුවීම හෝ දුප්පත් බව හැඟවීමට මෙසේ භාවිතා කරනවා (to barely have enough money to survive).
    Jenny was earning $5 an hour working at the store. She was really living from hand to mouth.
    George is really poor. He lives from hand to mouth.


    (to) look on the bright side -


    යමක් සම්බන්ධයෙන් අසුභවාදීවම නොසිතා/නොබලා යම් සුභවාදී ආකාරයකිනුත් එය දෙස බලන්න කියන එක තමයි කියන්නේ (to be optimistic; to think about the positive part or aspect of a situation)

    Leo was upset that his soccer game was canceled. His mother said, "Look on the bright side, now you can stay home and watch TV."
    You lost your job? Look on the bright side, now you'll have more free time!


    (to) make ends meet -

    යමෙකු සතුව තිබෙනා මුදල් ප්‍රමාණයෙන් තවදුරටත් ජීවත්වීමට හෝ ඔහු කරගෙන යනු ලබන කාර්යයක් කර ගත නොහැකි නම් යන අරුථ සදහා මෙය යොදා ගනු ලබනවා.
    Kimberly wasn't able to make ends meet so she had to ask her parents to pay her rent.
    (කිම්බර්ලි අතේ තිබෙන මුදල් වලින් ඇ‍යගේ නිවාස කුලිය ගෙවා ගත නොහැකි නිසා ඇය සිය දෙමව්පියන්ගෙන් එය ගෙවිය හැකි දැයි අසා සිටියා).
    If you can't make ends meet, you'll need to start spending less.
    (ඔබ සතුව තිබෙන මුදල් වලින් ඔබගේ වියහියදම් පියවා ගැනීමට නොහැකි නම් ඔබගේ වියදම් අඩු කිරීමයි කළ යුත්තේ).


    Out of work -

    රැකියාවක් ‍නොමැතිව සිටීමට මෙය භාවිතා කළ හැකියි.
    Gary was out of work for a year before finding a new job.
    Bob is out of work. Do you know anybody who might want to hire him?


    (to) set eyes on or lay eyes on-


    ‍යමෙකු හෝ යමක් කෙරේ ඇස ගහගෙනම සිටීමට (අවධානයෙන්ම සිටීටමට) වගේම යමෙකු හෝ යමක් පළමු වරට දැකීමටත් මෙය භාවිතා කළ හැකියි.
    Ted was in love from the moment he set eyes on Amber.
    (ටෙඩ්ට ඇම්බර්ව දැක්ක වෙලාවෙම ඇය ගැන ආදරයක් ඇතිවුනා).
    Susan knew from the moment she set eyes on Ted's friend Lucas that he would be trouble.
    (ටෙඩ්ගේ යාළුවා, ලූකස් ගැන සුසාන් දැනගත්ත වෙලාවේ ඉදලම ඔහු ගැන ඇහැ ගහගෙන හිටියේ ඔහුගෙන් කරදරයක් වෙයිද කියලා).
    I knew when I set eyes on that car that it was the car for me.
    Have you ever laid eyes on such a beautiful flower?


    (to) stab someone in the back -

    හොදට මිතුරුව ඉදල දන්නෙම නැතුව හතුරු කම් කිරීමට නිරූපනයට ‍මෙය යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අකෘත්‍ය වීමටත් භාවිතා කරන්න පුළුවන්.
    Jill and Heather were friends, until Heather stabbed Jill in the back by stealing her boyfriend.
    You're firing me after all I've done for this company? You're really stabbing me in the back!
    I wish you would not gossip about me. There is no need to stab me in the back.

    (to be) stressed out -

    යමෙකු යමක් කෙරේ දැඩි ආතතියෙන්/මානසික පීඩාවෙන් පසුවීමට මෙය යොදා ගන්න පුළුවන්.
    Al is so stressed out about his job that he can't sleep at night.

    (to) tell off -

    කියන්න තිබෙන දෙයක් දැඩිව කියා දැමීමට හෝ කියන්න බලාපොරොත්තුවීමට මෙය යොදා ගන්න පුළුවන්.
    When Ted showed up for chemistry class a half an hour late, his teacher really told him off.
    Patty is going to tell off the plumber because the pipes he said he fixed are still leaking.

    thank goodness -

    යමක් ගැන සිත කරදරයෙන් වෙලී තිබියදී එයින් මිදීමට හැකිවූ විට මෙලෙස භාවිතා කරන බව කියන්න පුළුවන්.
    When Ted came home at 4 a.m. last Sunday, his mother said, "Thank goodness you're home! I was so worried about you."
    Thank goodness you didn't go to California on Monday. It rained there every day this week.


    (to) think big -

    ඉහළම අභිමතාර්ථයක්/ ඉලක්කයක් තබා ගන්නට පැවසීමට යොදාගනී (to set high goals).
    Why run for Governor of New York? Think big: run for President of the United States!
    Ken and Sandra hope to sell their house for $3 million dollars.They always think big.


    When pigs fly! -

    කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන කියන කොට භාවිතා කරන්න පුළුවන්. හරියට අපේ ජනවහරේදී ඉබ්බන්ට පිහාටු ඇවිත් ඉ‍ගිලෙන දවසක වගේ කියමනක් තමයි.
    Will Ted teach Nicole how to play the guitar? When pigs fly!
    Sure, I'll give you my new laptop. When pigs fly!

    ‍එහෙමනම්...ඊලඟ පාඩමෙන් හමුවෙමු.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉංග්‍රීසි පාඩම 3


    beside the point -

    අදාල නොවන හෝ වැදගත් නොවන දේ හැඟවීමට භාවිතා කරනවා.
    The reason you're late is beside the point. The fact is, your dinner is now cold.
    (ඔයා ගෙදර එන්න පරක්කු වුන එක ගැන නිදහසට කාරණා අදාල නැහැ. මොකද දැන් ඔයාගේ රෑ කෑම හීතල වෙලා ඉවරයි).
    That's very interesting, but beside the point.


    (to) blow something -

    යමක් නරක අතකට එහෙමත් නැත්නම් අහිතකර තත්ත්වයකට පත් කර ගැනීම දැක්වීමට මෙය යොදා ගන්නවා (සාමාන්‍ය ව්‍යවහාරයට අනුව දෙයක් අවුල් කරගන්නවා කියන එකටත් ගැලපෙනවා).
    Brenda blew the interview and didn't get the job offer.
    Randy managed to get a date with the most popular girl in his class. Now I hope he doesn't blow it!


    (to) buckle down -


    යම් දෙයක් බොහොම උවමනාවෙන් ආරම්භ කිරීම දැක්වීමට යොදා ගනී.
    If Don buckles down now, he might be able to graduate from high school this year.
    Team, if we want to win this tournament, we're going to need to buckle down!


    can't stand -

    යම් දෙයකට හෝ කෙනෙකුට ඇති අකමැත්ත පැවසීමට යොදා ගනී.
    Bob can't stand bureaucrats, so he'd never do well working at a large corporation.
    Nicole can't stand broccoli. She simply refuses to eat it.


    Get real! -

    යථාර්ථය දකින්න. එහෙමත් නැත්නම් සැබෑ ලෝකයට දැන්වත් එන්න වගේ අර්ථයක් තමයි මෙයින් දෙන්නේ.
    You think you won't get a speeding ticket when you drive 85 miles per hour? Get real!
    You think you're going to win $1 million in the lottery? Get real!


    (to) have one's heart set on -


    යමක් කරන්න හෝ යමක් ලබා ගන්න දැඩි උවමනාවක් තිබේ නම් මෙලෙස භාවිතා කරනවා.
    Nicole has her heart set on going to New York this weekend.
    Did you really have your heart set on going to Harvard?


    (to) hit the books -

    මෙයින් කියවෙන්නේ පොත්වලට ගහන්න කියන එක නෙමෙයි. ඉගන ගැනීම එසේත් නැත්නම් පාඩම් කිරීම ආරම්භ කරන්න කියන එකයි.

    Ted parried all weekend. Finally, on Sunday night, he decided it was time to hit the books.
    (ටෙඩ් මුළු සති අන්තයම නාස්ති කළා. අන්තිමේදී ඉරිදා රෑ ඔහු තීරණය කළා දැන්නම් තමන්ගේ ඉගනීම පටන් ගන්න හොද වෙලාව ඇවිල්ලයි කියලා).
    Hit the books! I know you have a test tomorrow.


    lost cause -


    යමක් සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තුවක් තබා ගැන්න නොහැකි (නිෂ්ඵල දෙයක්) නම් මෙලෙස භාවිතා කරනවා.
    Cindy spent five years studying Russian. Finally, she realized it was a lost cause. She would never learn it.
    Jack needs to stop drinking so much coffee, but he's so addicted to caffeine that it's a lost cause.


    (to) not give a hoot -


    අනිත් අය මොනව හිතුවත් කමක් නැහැ කියන දේවල් වලට මෙය යොදා ගන්න පුළුවවන් (to not care about)
    Tom likes to walk around town in his pajamas — he doesn't give a hoot what people think.


    over one's head -


    යම් කෙනෙකු පවසන දෙයක් එහෙමත් නැත්නම් ලියපු දෙයක් උගන්වන දෙයක් තේරුම් ගැනීමට/වටහා ගැනීමට අපහසු නම් මෙලෙස භාවිතා කරනවා (beyond one's understanding).
    The professor was speaking over our heads. None of us could understand him.
    The article on cloning was written for scientists. It was over my head.


    (to) slack off-

    කාලය නිස්කාරනේ නාස්ති කිරීම හැදින්වීමට මෙය යොදා ගනී (to waste time).
    Amanda doesn't get much done at the office. She's too busy slacking off.
    I'd better stop slacking off. My essay is due in two hours.


    (to) stand a chance -

    ජයග්‍රහණයට හෝ සාර්ථකත්වයට අවස්ථාව ‍තිබෙන බව කීමට මෙය යොදා ගන්නවා (to have the possibility of success).
    Although the American figure skaters were good, they didn't stand a chance of winning a gold medal at the Olympics.
    Wilton High School has the best soccer team in the state. I'm afraid we don't stand a chance against them!

    ඔක්කොම කොටස් 8 / 10 තියනව ,අදට 3 දැම්ම ඔන්න ...අද පාඩම ඉවරයි.........ඉතුරු ටික හෙට :P ...
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Great work :) :)
    rep +++


    Nice work

    good post...+10

    Good work machoo :)


    Good Post


    rep

    Niyamaaaaaaaaaaaai

    Rep+

    patta keep it up bro....

    ela machan.......

    thank you thank you :):)

    Good work Rep++....... Ebook eka download kara ganna baha saho

    :oo: idapan wena link ekak hoyala balannam ..btw thank you machan