කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    [FONT=&quot]ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසූ කකුළු මසාල [/FONT](Spicy Crab Masala-Sri Lankan Style)


    [FONT=&quot]අවවාදය - කකුළුවන්, ඉස්සන්, දැල්ලන්, බෙල්ලන්, මුහුදු කැකැරියන් ආදී සාමුද්‍රික අපෘෂ්ඨවංශීන් අධික කොලෙස්ටරෝල් සහිත ආහාර වන බැවින් නිතර අනුභවය සදහා සුදුසු නොවන බව පළමුවෙන් ම දන්වනු කැමැත්තෙමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙවර එළකිරි සූප ශ්‍රාස්ත්‍ර පන්තියෙන් කියල දෙන්නට යන්නේ ලාංකික ක්‍රමයට, ටිකක් කට දැවිල්ලට සැසූ කකුළු මසාල එකක්. ඊට කළින් පොඩ්ඩක් කකුළුවා කියන හාදය ගැන දැන ගෙන ඉදිමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කකුළුවා කියන්නේ පිට සැකිල්ලක් සහිත සතෙක්. ජීව විද්‍යාවේ මේ වගේ හාදයන් හදුන්වන්නේ අපෘෂ්ඨවංශීන් කියල. ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ලක් නැති සතුන් කියන එක. ඇත්තට ම කකුළුවා කියන්නේ පෘෂ්ඨෝදරීයව පැතලි (ඒ කියන්නේ පිට සහ බඩ පැත්තෙන් පැතලි) ලොකු පොකිරිස්සෙක් කිව්වට වරදක් නෑ.[/FONT]


    20110619-lobster-roll-01.jpg


    [FONT=&quot]බලන්න ඔන්න ඔය ඉන්න හාදයට චප්ප වෙන්න දෙකක් ඇනලා, අර දිග ඇරල තියං ඉන්න වලිගෙ නවල බඩ යටට ගැහුව ම එන්නේ කකුළුවෙක් නෙවෙයි ද කියලා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කකුළු වර්ග අති විශාල ගණනක් ඉන්නවා. උන් අතරින් මනුෂ්‍ය පරිභෝජනයට ගන්නා වර්ගත් රැසක් පවතිනවා, විශේෂයෙන් අග්නි දිග ආසියාතික කලාපයේ. වඩාම ජනප්‍රිය ආහාරයට ගන්නා කකුළු විශේෂ වන්නේ
    [/FONT]



    MudCrabScylla_serrata.jpg
    [FONT=&quot]කළපු කකුළුවන්[/FONT] (Lagoon Crabs)[FONT=&quot] - මොවුන් බහුල කලපු වල. ගොම කොළ පාට, ග්‍රාහිකා අඩු මහත අය. පිට කටුව දෙපැත්තට දිග කණ්ඨක ඇත්තේ නෑ. මාංශයෙන් පිරී තිබෙන නිසා ජනප්‍රියයි. අනික ලංකාවේ කලපු කකුළුවන් කියන්නේ ලෝකෙම චිරප්‍රකට රසවත් කකුළුවන්. ඈ.......අනික මේ හාදයන් දියෙන් ගොඩ ගෙන තිබ්බට මැරෙන්නේ නෑ...ආතල් එකේ ඉන්නවා වතුර නටනකම් ම.....[/FONT]




    chili_crab+(3)_timestamp.JPG
    [FONT=&quot]මුහුදු කකුළුවන් [/FONT](Sea Crabs)[FONT=&quot]- මොවුන් ඉන්නේ අක්වෙරල ප්ලාවිතයෙන් මදක් එපිට මුහුදේ ඉන්න අය. නිල්-දම් පාටයි. කලපු බුවාලට සාපේක්ෂව කෙට්ටුයි. මස අඩුයි. පිට කටුව දෙපැත්තෙන් දිග කණ්ඨක දෙකක් පවතිනවා.ඒ එක්කම වතුරෙන් ගොඩ ඇන්න තිබ්බම ඔටෝමැටිකලි සෙත්තපෝච්චි වෙනවා.[/FONT]

    spider-crab-png.png
    [FONT=&quot]මකුළු කකුළුවන් [/FONT](Spider Crabs)[FONT=&quot]- මේ හාදයන් ලංකාවෙ එච්චර ම ආහාරයට ගන්නේ නෑ පොඩ්ඩක් අඩු පඩු දිග නිසා පෙනුම පොඩ්ඩක් අවුල් වගේ නිසා ද කොහෙද. මොවුන් බහුලයි ලංකාවේ ගිනිකොණ දිග මුහුදේ.[/FONT]

    [FONT=&quot]සාමාන්‍යෙයන් ගැහැණු කකුළුවන් සහ පිරිමි කකුළුවන් වෙන් කරල අදුන ගන්න පුලුවන්. නෑ..නෑ...නැට්ට උස්සල බලල නෙවෙයි,:baffled::baffled: නැට්ට-එහෙමත් නැතිනම් අන්ත්‍යය- කියන බඩ යටට රෝල් කරල හංගගෙන ඉන්න කෙළවරින්.
    [/FONT]

    images
    [FONT=&quot]මෙන්න මෙහෙම............
    [/FONT]


    [FONT=&quot]ඉතිං කකුළු මාසාලෙ...............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උවමනා ද්‍රව්‍ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    u6d1.jpg


    [FONT=&quot]සුද්ධ කරනා ලද කකුළුවන් (ඉතිං අඩන්නෙ නැතුව ඉදපියව්. :growl:කකුළුවන් සුද්ධ කරන විදිය පහල දාල ඇති:dull:;))[/FONT][FONT=&quot]
    [/FONT]

    1. [FONT=&quot]ස්වීට් සෝස් (තක්කාලි සහ අන්නාසි සෝස්)[/FONT]
    2. [FONT=&quot]වූස්ටර්ෂයර් සෝස්[/FONT]
    3. [FONT=&quot]හොට් පැප්රිකා සෝස් (අවශ්‍ය ම නැත, දැම්මොත් රහය!)[/FONT]
    4. [FONT=&quot]තල තෙල් සහ එළවළු තෙල් 1:1 මිශ්‍රණයක් (ඔය බෝතලේ එහෙම තියනව ඈ)[/FONT]
    5. [FONT=&quot]සෝයා සෝස්[/FONT]
    6. [FONT=&quot]ඔයිස්ටර් සෝස්[/FONT]
    7. [FONT=&quot]හතරැස් කැබලි ලෙස කැපූ ලොකුළූණූ ගෙඩි 2ක්[/FONT]
    8. [FONT=&quot]පෙති කැපූ තරමක සැල්දිරි කද කොටසක්[/FONT]
    9. [FONT=&quot]කත්තාලි පේස්ට්[/FONT]
    10. [FONT=&quot]සුද්ධ කළ ඉගුරු අගලක පමණ කැබැල්ලක්[/FONT]
    11. [FONT=&quot]සුද්ධ කල ලොකු සුදුළූණු බික් 7-8ක් පමණ[/FONT]
    12. [FONT=&quot]රම්පෙ අගල් 3ක පමණ කැබැල්ලක්[/FONT]
    13. [FONT=&quot]කරපිංච ඉති දෙකක්[/FONT]
    14. [FONT=&quot]ඔරිගානෝ වියළි කොල (අවශ්‍ය ම නැත)[/FONT]
    15. [FONT=&quot]කරබු නැටි 6ක් පමණ[/FONT]
    16. [FONT=&quot]එනසාල් කරල් 6ක් පමණ[/FONT]
    17. [FONT=&quot]ස්ටාර් අනීස් පොති 2ක් පමණ (අවශ්‍යම නැත, දැම්මොත් රසයි!)[/FONT]
    18. [FONT=&quot]තක්කාලි ගෙඩි 2-3 ක් පමණ (හතරැස් කැබලි කපා ගන්න)[/FONT]
    19. [FONT=&quot]සැල්දිරි කොළ කීපයක්[/FONT]
    20. [FONT=&quot]කොත්තමල්ලි කොළ කීපයක්[/FONT]
    21. [FONT=&quot]කුරුදු අගල් 2ක පමණ කැබැල්ලක්[/FONT]
    22. [FONT=&quot]අබ කුඩු තේ හැදි [/FONT]½[FONT=&quot] ක්[/FONT]
    23. [FONT=&quot]බැදපු තුනපහ කුඩු මේස හැදි 2ක්[/FONT]
    24. [FONT=&quot]ගම්මිරිස් කුඩු මේස හැන්දක්[/FONT]
    25. [FONT=&quot]කහ කුඩු තේ හැන්දක්[/FONT]
    26. [FONT=&quot]මිරිස් කුඩු මේස හැදි 2ක්[/FONT]
    27. ලු[FONT=&quot]ණු කුඩු රස පමණට[/FONT]



    [FONT=&quot]කකුළුවන් සුද්ධ කරන ආකාරය[/FONT]


    na7c.jpg


    [FONT=&quot]අ - කකුළුවන් ගේ පූර්ව ග්‍රාහිකා, චර පාද යුගල 3 සහ ප්ලවපාද යුගල කදට සම්බන්ධ වන තැනින් (රතු ඊතල මගින් පෙන්වා ඇති) ගලවා බදුනකට දමන්න (ඒව කනව ඈ)[/FONT]
    [FONT=&quot]ආ - කදට යටින් නමා ගෙන ඇති අන්ත්‍යය දිහරින්න[/FONT]
    [FONT=&quot]ඇ - අන්ත්‍යය දමග කටුවේ පිටුපස ඇගිල්ලෙන් වැර දමා ඔසවන්න. මෙවිට අන්ත්‍යය සමග කටුව ද ගැලවී එයි.[/FONT]
    [FONT=&quot]ඈ - A සහ B ලෙස දක්වා ඇති මෞඛ උපාංගය සහ ජලක්ලොම (කරමල්) ගලවා ඉවත් කරන්න.[/FONT]


    z2s2.jpg

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉ- කකුළුවා ගැලවූ පසු මෙසේ කොටස් දිස්වේ (ඔබේ පහසුව පිණිස පෙන්වීමකි)[/FONT]
    [FONT=&quot]ඊ- කකුළුවා ගේ ශරීරයේ මැද කොටසේ අන්ත්‍රය/ආහාර මාර්ගය ආදී කොටස් කහ/දුඹුරු පැහැයෙන් පෙනේ (ඊතල මගින් පෙන්වා ඇත). මේ වා වතුරෙන් සෝදා හැරීමෙන් ඉවත් කර ගන්න.[/FONT]
    [FONT=&quot]උ- කකුළුවා ගේ පූර්ව ග්‍රාහිකා අඩු පිහියක මොට පැත්තෙන් කැඩි නොයන පරිදි තරමක් තලා ගන්න. මේ ලුණු මිරිස් ආ දිය ඇතුලේ ඇති මාංශයට උරා ගැනීම පිණිසයි.[/FONT]
    [FONT=&quot]ඌ- ගලවා, පවිත්‍ර කර ගත් පිසීමට සුදුසු තත්ත්වයේ පවතින කකුළුවන් මෙසේ දිස්වනු ඇත.[/FONT]

    [FONT=&quot]සාදන ක්‍රමය -[/FONT]

    565r.jpg



    [FONT=&quot]A- [/FONT][FONT=&quot]ඉගුරු සහ සුදුළූණු මන්චරයකට ජලය ඉතා ස්වල්පයක් සමග දමා ගන්න.[/FONT]

    [FONT=&quot]B - [/FONT][FONT=&quot]ඉතා හොදින් පේස්ට් එකක් වන පරිදි ඉගුරු සහ සුදුළූණු මේ ලෙසට අඹරා ගන්න.[/FONT]

    [FONT=&quot]C - [/FONT][FONT=&quot]මදක් ගැඹුරු බදුනක් ලිප තබා එයට තලතෙල්/එළවළු තෙල් මිශ්‍රණය මේස හැදි 2ක් පමණ එක් කරන්න.තෙල් රත් වූ විට එයට කැබලි වලට කපා ගත් එනසාල්, කරබු නැටි සහ කුරුදු දමා බැදෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]D - [/FONT][FONT=&quot]ඉහත ඒවා බැදී සුවද එන විට රම්පෙ සහ කරපිංචා එක්කරන්න.[/FONT]

    [FONT=&quot]
    emx2.jpg

    [/FONT]


    [FONT=&quot]E - [/FONT][FONT=&quot]රම්පෙ සහ කරපිංචා බැදෙන සුවද එන විට මෙයට ලුණු කුඩු, කැපූ ලොකු ළූණු සහ පෙති කැපූ සැලිදිරි එක් කරන්න. බදුන වසා තැම්බෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]F - [/FONT][FONT=&quot]මෙය තරමක් බැදී ගෙන එන විට එයට කලින් අඹරා ගත් ඉගුරු-සුදුළූණු පේස්ට් එක එක් කර හැදි ගාගන්න.[/FONT]

    [FONT=&quot]G - [/FONT][FONT=&quot]එය බැදෙන විට මිරිස් කුඩු, කහ කුඩු, බැදලු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, අබ කුඩු සහ ඔරිගානෝ කොළ එක් කරන්න[/FONT]

    [FONT=&quot]H - [/FONT][FONT=&quot]මෙය හැදි ගාමින් බැදෙන්නට හරින්න. දුරු සුවද එන පමණට බැදුනු විට ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, වූස්ටර්ෂයර් සෝස් සහ පැප්රිකා සෝස් එක් කරන්න.[/FONT]

    [FONT=&quot]
    ml0v.jpg

    [/FONT]

    [FONT=&quot]I - [/FONT][FONT=&quot]මෙය තරමක් වේලා වසා තැම්බෙන්නට හරින්න. තැම්බුණු පසුව මෙයට කැපූ තක්කාලි එක්කර තැම්බෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]J - [/FONT][FONT=&quot]තක්කාලි තැම්බී ගිය පසු ස්වීට් සෝස් සහ තක්කාලි පේස්ට් එක්කර ගන්න. මෙය හොදින් හැදි ගාගන්න.[/FONT]

    [FONT=&quot]K - [/FONT][FONT=&quot]දැන් මෙයට කලින් සකස් කරගත් කකුළුවන් එක් කරන්න. බදුන වසා විනාඩි 20ක් පමණ තැම්බෙන්නට තබන්න. අතරින් පතර කකුළු කැබලි ඒමේ අත පෙරළීමට හැදි ගාන්න.[/FONT]

    [FONT=&quot]L - [/FONT][FONT=&quot]කකුළුවන් හොදින් තැම්බුණු විට රතු/තැඹිළි පැහැයක් ගනී. (කකුළු කට්ට තම්බා ඇත්තේ සැරසිළි පිණිසය)[/FONT]

    [FONT=&quot]
    t6lm.jpg

    [/FONT]

    [FONT=&quot]කකුලුවා මෙලෙස පිළිගන්වන්න. උඩින් සිහින් ව ලියා ගත් සැලිදිරි සහ කොත්තමල්ලි කොල ඉස කෑමට ගන්න.[/FONT]

    kxlz.jpg


    මේ කලින් දවසක හදපු මූදු කකුළුවො මසාල එකක්...........:baffled:

    [FONT=&quot]දැං ඉතිං කාපියව්............!!!!!![/FONT]:baffled::baffled: :D :D

    [FONT=&quot]ඔබ මෙය හදා මෙම හුයට ඡායාරූපයක් පල කිරිම ලබා දෙන උපරිම රෙප් එක බව සිතමි.[/FONT]
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අපිනම් ඉතින් වෙජිටේරියන්ලුනේ.. අවුලක් නෑ බොහොම හොඳ ත්‍රෙඩ් එකක් සෑහෙන්න මහන්සිවෙලා දාපු..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: මේක කෑමට සහභාගී ඌ එකෙක් වශයෙන්, කියන්න තියෙන්නේ....මේක නම් සුපිරි.... තව පොඩ්ඩෙන් දාලා දුන්න බාස්කට් එකත් කනවා...... :rofl: :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ බොල ඕකුන් පට්ට සැරයි නේද.? මම අහලා තියනවා අනික මස් දිය කරන කතාවක්.. :(:(

    :lol:කවුද බං කිව්වේ..ඕනෑම දෙයක් වැඩියෙන් කෑවොත් ඇගට හොද නැහැ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ada num kaden hari kanna oni kakuluwo .....kokath book mark karagatta ..;)

    thanku chef 7+
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. කිඹුලා අය්යේ ඕකට මුරුංග දළු ටිකක් දැම්මොත් මොකෝ... කැ@ උස්නයක් නොවැ තියෙන්නේ :eek: පට්ට ඇ පස්සේ හදල බලන්න ඕන .. අහ කියන්න බැරි උනා කියපන්කො ඊයේ ඔයාගේ හරි ශ්‍රී අය්යගේ හරි රෙසපි එකකට පිසා හැදුව .. ෆොටෝ කෑල්ලක් ගන්න බැරි උනා :( .. පට්ට සිරාවට ආව .. ආයිත් හදල බොට පෙන්න කන්නම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බොල ඕකුන් පට්ට සැරයි නේද.? මම අහලා තියනවා අනික මස් දිය කරන කතාවක්.. :(:(
    සැර කියන්නේ මම හිතන්නේ ප්‍රෝටීන බහුල නිසා කියන දෙයක්.....
    මස් දියලරනව කියන්නේ කන උන් ගේ නෙවෙයි බං......කකුළුවා මැරිලා ටික වෙලාවකින් ස්වංජීර්ණයකට ලක් වෙනවා (Autolysis එකක් වෙනවා). ඒ නිසා කල් ගියොත් ඉතිරි කටු ගොඩ පමණයි....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මෙන්න මූවත් මස් කරලා හදල ගනින්කෝ..
    3.gif