ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)

    Coscinium_fenestratum.jpg


    උද්භිද විද්‍යාත්මක නාමය : Coscinium fenestratum (Gaetrn) colber.

    කුලය : MENISPERMACEAE
    සිංහල නාමය - වෙනිවැල් ,බාන්වැල්
    දෙමල නාමය - මරමංජල්, මංජල් කොඩි
    වෙනිවැල් යනුවෙන් ජනයා අතර ප්‍රසිද්ධ මෙය බාන්වැල් ලෙසද හැදින්වේ.මෙ හරක් දිගෙලි කිරීමට හා ඇදිමට ගන්නා නිසා මෙය බාන්වැල් යන නමින් ද හැදින්වේ.

    රූපාකාරය

    සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ටමය වැලකි. ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවති
    සෙ. මි 10-20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය . අග්‍රය දෙසට තියුණු ලෙස සිහින්වේ.
    පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු වන අතර, පහල කොටසෙ කහ පැහැ බූවකින් ද වැසී පවතී.කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක්ද මෙම පත්‍ර සතු ය.
    ඉතා කුඩා පූරුෂ ශ ස්ත්‍රී මල් වෙන වෙනම ශාක දෙකක හට ගනී. පත්‍ර හට ගන්නා තැන් වලින් ඇති වන කෙටි මල් පොකුරු වල මෙම මල් හට ගනී.

    ඵලය දිගින් සෙ. මී 2ක් පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි.

    ඖෂධිය ගුණ

    උණට ඉඟුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට තැම්බු වතුර දිම. වෙනිවැල් පත්පාඩගම් තැම්බු වතුර දිම. උණට, හිසරදයට, සර්ප විෂට මෙන් ම උණෙන් හටගත් ශරීර අප‍්‍රාණිකතාවට හා අජීර්ණවලදී ද ගුණ දෙන ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතා කෙරේ. වෙනිවැල්, පත්පාඩගම් තැම්බූ වතුර පානය කිරීම උණ අවස්ථාවලදී කදිම විසැඳුමක් වන අතර ඉඟªරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුරට ද උණ සමනය කිරීමේ හැකියාව ඇත. එසේ ම හිසරදයක දී වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් සහනයක් ලැබේ. උණ නිසා ඇතිවන සිරුරේ අප‍්‍රාණිකතාවන්ට මෙන් ම අජීර්ණවලදී ද, වෙනිවැල් තැම්බූ වතුර පානය කිරීමෙන් අසීරුතාවන් මගහරවා ගත හැකි ය. විස නැසීමෙහිලා ද වෙනිවැල් සතුව ඇත්තේ කදිම හැකියාවකි. තුවාල සහ කුඩා බිබිලි පිරිසුදු කිරීමේ දී වෙනිවැල් මුල් තම්බාගත් ජලයෙන් සේදීම මෙන් ම කැසීම් සහිත බිබිලි ඇතිවිට වෙනිවැල් සහ කහ එකට අඹරා ගෑම ඒවාට කදිම ප‍්‍රතිකර්මවේ. සර්ප විසකදී නම් වෙනිවැල් තම්බා බීමෙන් යම් සහනයක් ලැබේ. කුඩා දරුවන් නෑවීමට වෙනිවැල් තැම්බූ වතුර යොදා ගැනීම ප‍්‍රචලිත ක‍්‍රමයක් මෙන් ම රූපාලංකාරය වඩවාගැනීමට ද වෙනිවැල් යොදා ගැනේ. තුවාල සහ කුඩා බිබිලි පිරිසිදු කිරිම .

    පත‍්‍ර හටගන්නා තැන්වලින් ඇතිවන කෙටි මල් පොකුරුවල ඉතා කුඩා පුරුෂ හා ස්තී‍්‍ර මල් වෙන වෙනම ශාක දෙකක හටගනී. මෙහි ඵලය දිගින් සෙ.මී. 2 ක් පමණ වන දුඹුරු පැහැති බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වේ. එහි ඇතුළත ගන ආවරණය ඉතා තදය. වෙනිවැල් ශාකයෙහි වැල්වල මහත්ව පවතින ගැටය, කඳ කොටස් හා මුල් ඖෂධ සඳහා යොදා ගනී. ශ‍්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වනාන්තරවලත්, අතරමැදි කලාපයේත් වැවෙන මේ ශාකය, ජනයා අත්බෙහෙතක් ලෙසින් භාවිතා කරන අවස්ථා ද එමට ය. වෙනිවැල් වගා කිරීම තරමක අපහසු කරුණක් වුවත් හොඳින් වියළාගත් බීජ ප‍්‍රරෝහණය සිදුවන බවත් පැන්සලක් පමණ ද¼ඬු කැබලි බෝ කර ගැනීමෙන් ව්‍යාප්ත කරගත හැකි බවත් කියැවේ. හොඳින් මේරූ වැල් කපා වේලා සුළං නොවදින සේ භාජනයන්හි අසුරා තැබූ වෙනිවැල්වලින් නිසි ගුණ ලබාගත හැක.
    - හර්ෂනී රුද්‍රිගු සකස් කළෝ රූපාන්ති බුලත්සිංහල සහ සුභද්‍රා දේශපි‍්‍රය silumina.lk/2008/12/28 http://ayurwedhicplants.blogspot.com/


    http://ayurwedhicplants.blogspot.com
     
    Last edited: